Doctrine and Covenants 2025
ජූලි 28–අගෝස්තු 3: “දේවත්වයේ බලය”: දහම සහ ගිවිසුම් 84


“ජූලි 28–අගෝස්තු 3: ‘දේව භක්තියේ බලය’: දහම සහ ගිවිසුම් 84,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 84,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ජෝසෆ් ස්මිත් මෙල්කිසදෙක් පූජකවරය ලබාගනිමින්

ලිස් ලෙමන් ස්වින්ඩ්ල් විසින්, The Restoration of the Melchizedek Priesthood [මෙල්කිසදෙක් පූජකවරයේ නැවත පිහිටුවීම]

ජූලි 28–අගෝස්තු 3: “දේවත්වයේ බලය”

දහම සහ ගිවිසුම් 84

1829 දී පූජකවරය නැවත පිහිටුවූ දා සිට, මුල් ශුද්ධවන්තයින්ට ස්වාමින්වහන්සේගේ පරිශුද්ධ බලයෙන් ආශිර්වාද ලැබී තිබෙනවා. අද දිනයේදී අපිව මෙන්ම, එදා ඔවුන්වත් බව්තීස්ම කර, තහවුරු කර, සේවය කිරීමට කැඳවනු ලැබුවේ පූජකවර අධිකාරිය මගින්. නමුත් පූජකවරයේ බලයට ප්‍රවේශය තිබීම එය සම්පුර්ණයෙන්ම අවබෝධ කර ගැනීම හා සමාන දෙයක් වන්නේ නෑ–ඒවගේම විශේෂයෙන්ම දේවමාළිගා නියෝග නැවත පිහිටුවීමත් සමඟ, දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයින් තේරුම් ගන්නවාට උන්වහන්සේ කැමති වූ තවත් බොහෝ දේ තිබුණා. 1832 දී ලැබුණු පූජකවරය පිළිබඳ එළිදරව්ව, දැන් දහම සහ ගිවිසුම් 84 තුළ, පූජකවරය ගැන ශුද්ධවන්තයින්ගේ දැක්ම පුළුල් කර තිබෙනවා. ඒවගේම අද අපටත් එලෙසම සිදුවෙන්න පුළුවන්. අවසානයේ, “දේවත්වයේ බලය” ප්‍රකාශ කරන එමෙන්ම පියාණන් වූ, “දෙවියන්වහන්සේගේ මුහුණ දැක, තවද ජීවත් වීමට” අපව සූදානම් කරන, “දෙවියන්වහන්සේගේ දැනුමේ යතුර” දරා සිටින එම දිව්‍යමය බලය ගැන ඉගෙනීමට බොහෝ දේ තිබෙනවා (19–22 පද).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 84:17–32

සෙමනේරි නිරූපකය
දෙවියන්වහන්සේගේ පූජකවර බලය සඳහා සහ ආශිර්වාද සඳහා මට ප්‍රවේශය ඇත.

ඔබ පූජකවරය යන වචනය ගැන සිතන විට, ඔබේ මනසට එන්නේ මොනවාද? දෙවියන්වහන්සේගේ පූජකවර බලය ඔබේ ජීවිතයට බලපෑම් කරන්නේ කෙසේද?

මෙම ප්‍රශ්න ගැන මෙනෙහි කිරීමෙන් පසු, ඔබට දෙවියන්වහන්සේගේ පූජකවර බලය ගැන ඔබ දැනගන්නවාට උන්වහන්සේ කැමති දේවල් ගැන සොයමින්, දහම සහ ගිවිසුම් 84:17–32 අධ්‍යයනය කළ හැකිය. යමෙකුට පූජකවරය සහ එහි අරමුණු විස්තර කිරීමට ඔබට මෙම පද භාවිතා කළ හැකි ආකාරය ගැන සලකා බලන්න.

පූජකත්වයේ නියෝග හරහා “දේවත්වයේ බලය ප්‍රකාශ” වන බව, ඔබට එයින් සොයා ගත හැකි එක් දෙයක් වෙනවා (බලන්න 19–21 පද). සමහර විට ඔබට ඔබ සහභාගී වූ පූජකත්ව නියෝග ලැයිස්තුගත කළ හැකිය (ප්‍රධාන අත්පොත, 18.1, 18.2, හි ඇති ලැයිස්තු උපකාරයක් විය හැකිය). මෙම නියෝග—සහ ඒ හා සම්බන්ධ ගිවිසුම්–දෙවියන්වහන්සේගේ බලය ඔබේ ජීවිතයට ගෙනවිත් තිබෙන්නේ කෙසේද? ඒවා නොමැතිව ඔබේ ජීවිතය කෙබඳු වේවිද?

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා: “දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගන්නා සහ එම ගිවිසුම් රකින, එමෙන්ම පූජකත්ව නියෝග වලට සුදුසු ලෙස සහභාගී වන සෑම කාන්තාවකටම සහ සෑම පුරුෂයෙකුටම දෙවියන්වහන්සේගේ බලයට සෘජු ප්‍රවේශයක් ඇත” (“ආත්මික වස්තුන්,” ලියහෝනා, නොවැම්බර් 2019, 77). ඔබට “ගැලවුම්කරුවාණන්ගේ බලය [ඔබේ] ජීවිතයට ඇද ගත හැකි” ක්‍රම සොයමින්, සභාපති නෙල්සන්ගේ පණිවිඩය අධ්‍යයනය කිරීම සලකා බලන්න.

තවත් බලන්න දහම සහ ගිවිසුම් 25:10, 13, 15; 121:34–37, 41–46.

දහම සහ ගිවිසුම් 84:31–44

පූජකවරය ලබාගන්නේ දිවුරුමක් සහ ගිවිසුමක් මගින්ය.

පූජකවරයේ දිවුරුම සහ ගිවිසුම තුළ (බලන්න දහම සහ ගිවිසුම් 84:31–44) පූජකවරයේ තත්වයකට නියම වූ ස්වර්ගික පියාණන්වහන්සේගේ පුත්‍රයන් සඳහා විශේෂ ආශිර්වාද තිබෙනවා, නමුත් මෙම පදවල පොරොන්දු වී ඇති බොහෝ ආශිර්වාද දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ලබා ගත හැකිය. මෙම පොරොන්දු මොනවාද, ඒවගේම දෙවියන්වහන්සේ කැමති අපි ඒවා ලබාගැනීමට කුමක් කරනවාටද?

වැඩිහිටි පෝල් බී. පීපර් මෙසේ ඉගැන්වුවා: “පූජකවරයේ දිවුරුම සහ ගිවිසුම තුළ [බලන්න දහම සහ ගිවිසුම් 84:31–44], ස්වාමින්වහන්සේ විසින් අයත්කර ගන්න සහ ලබාගන්න යන ක්‍රියා පද භාවිතා කිරීම සිත්ගන්නා කරුණකි. උන්වහන්සේ විසින් නියම කරන්න යන ක්‍රියා පදය භාවිතා කළේ නෑ. පිරිමින් සහ කාන්තාවන්—එක්ව—ආරෝනික සහ මෙල්කිසදෙක් පූජකවරයන් වල ආශිර්වාද සහ බලය අයත් කරගෙන ලබාගැනීම ගැන දේවමාළිගාවේදී සඳහන් කරනවා” (“Revealed Realities of Mortality,” Ensign, Jan. 2016, 21).

ඔබ දහම සහ ගිවිසුම් 84:31–44 අධ්‍යයනය කරන විට, පූජකවරය “අයත්කර ගැනීම” සහ “ලබාගැනීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි මෙනෙහි කරන්න. පූජකවරයේ තත්වයකට නියම වීමට වඩා මෙය වෙනස් වන්නේ කෙසේද? ස්වාමින්වහන්සේ මෙම පදවලින් ඔබට ලබාගැනීමට ආරාධනා කරන වෙනත් දේවල් මොනවාද? ඔබ එය කරන්නේ කෙසේද?

ගැලවුම්කරුවාණන්ව, උන්වහන්සේගේ පියාණන්වහන්සේව, උන්වහන්සේගේ සේවකයන්ව සහ උන්වහන්සේගේ පූජකවර බලය ලබා ගැනීමේදී වඩාත් ඇදහිලිවන්තව සිටීමට ඔබව පොලඹවන්නේ මොනවාද?

තවත් බලන්න දහම් සහ ගිවිසුම් 121:36–46.

දහම සහ ගිවිසුම් 84:43–61

දෙවියන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වීමෙන් මගේ ජීවිතයට ආලෝකය සහ සත්‍යය ගෙන එනවා.

ඔබ දෙවියන්වහන්සේගේ වචනය නිරතුරුව අධ්‍යයනය කළ යුත්තේ මන්දැයි තේරුම් ගැනීමට ඔබට උපකාර වන, ඔබ දහම සහ ගිවිසුම් 84:43–61 හි සොයා ගන්නා සත්‍යයන් මොනවාද? මෙම පදවල ආලෝකය සහ අන්ධකාරය අතර වෙනස සැලකිල්ලට ගන්න; ඔබේ “සදාකාල ජීවනයේ වචනයන්ට උද්යෝගිමත්ව ඇහුම්කන් දීම” ඔබේ ජීවිතයට ආලෝකය, සත්‍යය සහ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය” ගෙන ආවේ කෙසේද? (43, 45 පද).

තවත් බලන්න 2 නෙපී 32:3.

ශුභාරංචි මූලධර්ම හුරුපුරුදු දේවල් සමඟ සසඳන්න. 43–44 පද තුළ ඇති සත්‍යයන් නිදර්ශනය කරන ප්‍රතිසමයක් ගැන ඔබට සිතිය හැකිද? උදාහරණයක් ලෙස, “දෙවියන්වහන්සේගේ සෑම වචනයක්ම අනුව” ජීවත් වීම, ආහාර වට්ටෝරුවක සියලුම පියවර අනුගමනය කරනවා මෙන් වන්නේ කොහොමද?

කාන්තාවක් ශුද්ධලියවිලි කියවමින්

“සදාකාල ජීවනයේ වචනයන්ට උද්යෝගිමත්ව ඇහුම්කන් දෙන්න.”

දහම සහ ගිවිසුම් 84:62–91

මම ස්වාමින්වහන්සේගේ සේවයේ යෙදෙන විට, උන්වහන්සේ මා සමඟ සිටිනු ඇත.

ඔබ මෙම පද කියවන විට, ස්වාමින්වහන්සේ තම සේවකයන්ට උපකාර කරන බව පැවසූ ආකාර ඔබට හඳුනාගත හැකිය. ඔබට කරන ලෙස උන්වහන්සේ ඔබෙන් ඉල්ලා ඇති කාර්යයට මෙම පොරොන්දු අදාළ වන්නේ කෙසේද? උදාහරණයක් වශයෙන්, 88 වෙනි පදයේ ඇති පොරොන්දු ඔබේ ජීවිතය තුළ ඉටු වී ඇත්තේ කෙසේද?

දහම සහ ගිවිසුම 84:106–110

සෑම කෙනෙකුටම දෙවියන්වහන්සේගේ කාර්යයට දායක විය හැකිය.

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කාර්යය ඉටු කරගන්නා ආකාරය ගැන මෙම පදවලින් ඔබ ඉගෙන ගන්නේ මොනවාද? ඔබ සොයාගත් උපදෙස් සහ ආශිර්වාද මොනවාද? ඔබේ පවුලේ අය ඇතුළුව “ආත්මයෙන් බලවත්” කෙනෙකු සමඟ ඔබ සේවය කළ නිසා, ඔබ “සියලු මෘදුකමෙන්” දියුණු වී ඇති ආකාරය ගැනද ඔබට සිතිය හැකිය.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 02

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 84:4–5

නැවතත් ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ජීවත් වීමට සූදානම් වීමට දේවමාළිගා නියෝග මට උපකාර කරයි.

  • ඔබේ දරුවන්ට දේවමාළිගාවට යාමට බලාපොරොත්තුවෙන් සිටීමට උපකාර කිරීම සඳහා, ඔබට දේවමාළිගාවක පින්තූරයකින් ප්‍රහේලිකාවක් නිර්මාණය කළ හැකිය. මුතුන් මිත්තන් සඳහා බව්තීස්ම වීම, අපගේ පවුල්වලට මුද්‍රා තැබීම සහ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගැනීම වැනි අප දේවමාළිගාවේ කරන දෙයක් ඔබට ඒ සෑම එකකම පිටුපස ලිවිය හැකිය. ඔබේ දරුවන් සමඟ දහම සහ ගිවිසුම් 84:4–5 කියවා, ගොඩනගන ලෙස ස්වාමින්වහන්සේ ශුද්ධවන්තයින්ට ආඥා කළ දේට සවන් දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. ඔබ සහ ඔබේ දරුවන් මෙම ප්‍රහේලිකාව එකට එකතු කරමින් විසඳන විට, දේවමාළිගාවට ඇතුළු වීමට සූදානම් වීමට අපට කළ හැකි දේවල් එකිනෙකා සමඟ බෙදා ගන්න.

දහම සහ ගිවිසුම් 84:19–22

පූජකවර නියෝග තුළින් මට ස්වර්ගික පියාණන්වහන්සේගේ බලය ලබාගන්න පුළුවන්.

  • ඔබේ දරුවන්ට නියෝගයක් යනු කුමක්දැයි තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, ඔවුන් සමඟ මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව තුළ ඇති පූජකත්ව නියෝග කිහිපයක පින්තූර බැලීම ගැන සලකා බලන්න. ඒ එක් එක් පින්තූරයේ සිදුවන දේ විස්තර කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. ඉන්පසු ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 84:19–22 කියවිය හැකිය. අපි මෙම නියෝග ලබාගන්නවාට ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි? ඔබට ලැබුණු නියෝග නිසා සහ ඔබ ඇති කරගත් ගිවිසුම් නිසා ඔබට දෙවියන්වහන්සේගේ බලය දැනුණු ආකාරය ගැන ඔබේ දරුවන්ට කියන්න.

Young Couple Going to the Temple; GAK 609; GAB 120; Primary manual 2-32; Doctrine and Covenants 131:1-3; 132:4-7, 19-20
දරුවන් සක්‍රමේන්තුව ලබාගනිමින්

දහම සහ ගිවිසුම් 84:77

මම යේසුස්වහන්සේව අනුගමනය කරන විට මම උන්වහන්සේගේ මිතුරෙක් බවට පත්වෙනවා.

  • එකට එක් වී දහම සහ ගිවිසුම් 84:77 කියවීමෙන් පසු, මිතුරෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබේ දරුවන්ගෙන් විමසන්න. ඔබට සිටි හොඳ මිතුරන් ගැන ඔබට කතා කළ හැකිය. අපි යේසුස්වහන්සේගේ මිතුරන් වෙනවාට උන්වහන්සේ කැමති බව උන්වහන්සේ අපට පෙන්වන්නේ කෙසේද? අපටත් එය අවශ්‍ය බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

දහම සහ ගිවිසුම් 84:88

ස්වර්ගික පියාණන්වහන්සේ උන්වහන්සේගේ සේවකයන්ට උපකාර කරයි.

  • ඔබට, ඔබේ පවුලේ අයට හෝ ඔබේ මුතුන් මිත්තන්ට ශුභාරංචිය ලැබීමට ධර්මදූතවරුන් උදව් කළ ආකාරය ගැන ඇසීමෙන් ඔබේ දරුවන් සතුටු විය හැකිය. ඉන්පසු ඔබට දහම සහ ගිවිසුම් 84:88 තුළ ස්වාමින්වහන්සේ ධර්මදූතයින්ට දී ඇති විශේෂ පොරොන්දුව ගැන කියවිය හැකිය. සමහරවිට ඔබේ දරුවන්ට මෙම පදය සමඟ ගැලපෙන ක්‍රියාවන් ගැන සිතිය හැකිය. 88 වෙනි පදයේ විස්තර කර ඇති පරිදි, ඔබ ස්වාමින්වහන්සේට සේවය කරමින් සිටින අතර උන්වහන්සේ ඔබ සමඟ සිටින බව ඔබට හැඟුණු අවස්ථාවක් ගැන බෙදා ගැනීම ගැන සලකා බලන්න. ඔබේ දරුවන්ට දැන් ධර්මදූතයින් විය හැකි ආකාරය ගැන සිතීමට ඔබට උපකාර කළ හැකිය. අපි අනෙක් අය සමඟ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන විට කුමක් කිව යුතුද යන්න දැනගැනීමට, ස්වර්ගික පියාණන්වහන්සේ අපට උපකාර කරන බව සාක්ෂි දරන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

හිරු බැස යන විට දේවමාළිගාව

ඉතාලිය රෝමයේ, දේවමාළිගාව

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව