“ජූලි 21–27: ‘බොහෝ ලෙස දී ඇති විට බොහෝ ලෙස බලාපොරොත්තු වනු ලබන්නේය’: දහම සහ ගිවිසුම් 81–83,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 81–83,”එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
හේරිච් හොෆ්මන් විසින්, Christ and the Rich Young Ruler [ක්‍රිස්තුස්වහන්සේ සහ පොහොසත් තරුණ පාලකයා]
ජූලි 21–27: “බොහෝ ලෙස දී ඇති විට බොහෝ ලෙස බලාපොරොත්තු වනු ලබන්නේය”
දහම සහ ගිවිසුම් 81–83
1832 මාර්තු මාසයේදී, උත්තම පූජකත්වයේ (දැන් එය පළමු සභාපතිත්වය ලෙස හැඳින්වෙනවා) ජෝසෆ් ස්මිත්ගේ උපදේශකයෙකු වීමට ස්වාමින්වහන්සේ ජෙසේ ගෝස්ව කැඳෙව්වා. දහම සහ ගිවිසුම් 81 යනු ගෝස් සහෝදරයාගේ නව කැඳවීම පිළිබඳව ඔහු වෙත ලැබුණු එළිදරව් කිරීමයි. නමුත් ජෙසේ ගෝස් ඇදහිලිවන්තව සේවය නොකළ නිසා, ඔහු වෙනුවට ෆෙඩ්‍රික් ජී. විලියම්ස්ව කැඳවනු ලැබුවා. ගෝස් සහෝදරයාගේ නම වෙනුවට මෙම එළිදරව්ව තුළ සහෝදර විලියම්ස්ගේ නම ආදේශ වුණා.
එය සුළු විස්තරයක් ලෙස පෙනෙයි, නමුත් එය සැලකිය යුතු සත්‍යයක් ඇඟවුම් කරනවා: දහම සහ ගිවිසුම් තුළ බොහෝ එළිදරව් විශේෂිත පුද්ගලයන් වෙත යොමු කර තිබෙනවා, නමුත් අපට සැමවිටම ඒවා අපට අදාළ කර ගැනීමට ක්‍රම සෙවිය හැකිය (බලන්න 1 නෙපී 19:23). ෆ්‍රෙඩ්රික් ජී. විලියම්ස්ට “දුර්වල දණහිස් ශක්තිමත් කිරීමට” ස්වාමින්වහන්සේ දුන් උපදේශය කියවන විට, අපට ශක්තිමත් කළ හැකි පුද්ගලයන් ගැන අපට සිතිය හැකිය (දහම සහ ගිවිසුම් 81:5). එක්සත් සමාගමේ සාමාජිකයින්ට “නුඹලා මෙම ගිවිසුම මගින් බැඳී සිටින්න” යනුවෙන් ස්වාමින්වහන්සේ දුන් ආරාධනය අපි කියවන විට, අපට අපගේම ගිවිසුම් ගැන සිතිය හැකිය. එමෙන්ම උන්වහන්සේ අපට කතා කරනවා යැයි සිතාගනිමින්, “මම පවසන්නාවූ දේ නුඹලා කරන විට … මම බැඳී ඇත්තෙමි” යන උන්වහන්සේගේ පොරොන්දුව අපට කියවිය හැකිය (දහම සහ ගිවිසුම් 82:10, 15). “එක් අයෙකුට පවසන්නාවූ දේ මම සියල්ලන්ටම පවසන්නෙමි” යනුවෙන් ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළ නිසා, අපට එය කළ හැකිය. (5 වෙනි පදය).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
දහම සහ ගිවිසුම් 81:4–5; 82:18–19
“නුඹ නුඹගේ සහෝදර ජනතාවට ශ්‍රේෂ්ඨ වූ යහපතක් කරන්නෙහිය.”
දහම සහ ගිවිසුම් 81–83 හි ඡේද කිහිපයක, අප අවට සිටින අවශ්‍යතා ඇති පුද්ගලයින්ට උපකාර කරන ලෙස ස්වාමින්වහන්සේ අපට ආරාධනා කරනවා. ඔබ ඒවා සොයා ගන්නා විට එම ඡේද සලකුණු කිරීම ගැන සලකා බලන්න. වඩාත්ම විස්තරාත්මක උදාහරණවලින් එකක් දහම සහ ගිවිසුම් 81:4–5 තුළ ඇත. මෙන්න මෙම පද මෙනෙහි කිරීමට ඔබට උපකාරී වන ප්‍රශ්න කිහිපයක්:
-
පුද්ගලයෙකුට “දුර්වල” විය හැකි සමහර ක්‍රම මොනවාද? ඔවුන්ට “උපකාරී වීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මට දුර්වල බවක් දැනුණු විට අනෙක් අය මට ලබාදුන් ක්‍රිස්තුස්වහන්සේගේ වැනි සේවය මට උපකාර කර ඇත්තේ කුමන අවස්ථා වලදීද?
-
පුද්ගලයෙකුගේ දෑත් දුර්වලව “පහතට වැටී තිබීමට” හේතු විය හැක්කේ මොනවාද? මම ඒ දෑත් “ඔසවන්නේ” කොහොමද?
-
“දුර්වල දණහිස්” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒවා ශක්තිමත් කරන්නේ කොහොමද?
ගැලවුම්කරුවාණන් ඔබ වෙනුවෙන් මේ දේවල් කරන්නේ කොහොමද?
සමහරවිට මේ පදය අධ්‍යයනය කරන විට ඔබට “උපකාරී වීමට” “එසවීමට” හෝ “ශක්තිමත් කිරීමට” හැකි කෙනෙකු පිළිබඳව මතකයට පැමිණෙන්නට ඇත. ඒ පුද්ගලයාට දේවසේවය කිරීමට ඔබ කරන්නේ කුමක්ද?
දහම සහ ගිවිසුම් 82:18–19 හි අන් අයට සේවය කිරීම ගැන ඔබ ඉගෙනගත් තවත් දේවල් මොනවාද?
Teachings of Thomas S. Monson: Rescuing Those in Need
තවත් බලන්න යාකොබ් 2:17–19; මොසායා 18:8–9.
Works of God
කාල් හෙන්රිච් බ්ලොච් (1834–1890), 1883 Christ Healing the Sick at Bethesda [බෙතෙස්ඩා හිදී ක්‍රිස්තුස්වහන්සේ රෝගීන් සුව කිරීම], කැන්වසය මත තෙල්, අඟල් 100 ¾ x 125 ½. බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ කලා කෞතුකාගාරය, ජැක් ආර්. සහ මේරි ලොයිස් වීට්ලි විසින් 2001 දී ලබා දුන් අරමුදල් වලින් මිලදී ගන්නා ලදි.
ගැලවුම්කරුවාණන් මට බොහෝ දේ ලබා දී ඇති අතර මගෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙයි.
මෙම පදය කියවීමෙන් දෙවියන්වහන්සේ ඔබට ලබා දී ඇති, භෞතික ආශිර්වාද සහ ආත්මික ආශිර්වාද යන දෙවර්ගයම ගැන සමාලෝචනය කිරීමට ඔබට පෙලඹවීමක් ලැබෙයි. ඔබ 82 වෙනි කොටසෙහි ඉතිරිය කියවන විට මෙය මතකයේ තබා ගන්න. ඔබට හැඟෙන ආකාරයට දෙවියන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද?
දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන බවට ආඥා සාක්ෂි වේ.
ස්වාමින්වහන්සේ මෙතරම් ආඥා ලබා දෙන්නේ මන්දැයි ඔබ හෝ ඔබ දන්නා අයෙක් කවදා හෝ කල්පනා කර ඇත්නම්, දහම සහ ගිවිසුම් 82:8–10 උපකාරී විය හැකිය. ඔබ ආඥා පිළිපැදින්නේ ඇයි කියා යමෙකුට පැහැදිලි කිරීමට, මෙම පද වල කුමන අදහස් ඔබට උපකාරී වෙයිද? ඔබට උපකාරී විය හැකි, ආඥා සමඟ සැසඳිය හැකි දේවල් මොනවාද? ඔබට දහම සහ ගිවිසුම් 1:37–38; 130:20–21 තුළ අමතර අවබෝධයක් සොයාගත හැකිය. ආඥා ආශිර්වාද ලෙස දැකීමට ඔබට ඉගැන්වූ අත්දැකීම් මොනවාද?
Blessed and Happy Are Those Who Keep the Commandments of God
දෙවියන්වහන්සේ ඔබට දී ඇති සමහර ආඥා ගැන සිතන්න. මෙම ආඥා ඔබට උන්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ කැමැත්ත ගැන උගන්වා ඇත්තේ මොනවාද? (බලන්න 8 වෙනි පදය). මෙම ආඥා පිළිපැදීමෙන් එය ඔබේ ජීවිතයට බලපා ඇත්තේ කෙසේද?
10 වෙනි පදයෙන් ඔබ ස්වාමින්වහන්සේ ගැන ඉගෙන ගන්නේ කුමක්ද? ඔබ සිතන ආකාරයට, ස්වාමින්වහන්සේ “බැඳී සිටීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (තවත් බලන්න 15 වෙනි පදය).
ස්වාමින්වහන්සේ ඔබේ ජීවිතය තුළ උන්වහන්සේගේ පොරොන්දු තබා ඇත්තේ කෙසේද? ඔවුන් බලාපොරොත්තු වූ ආශිර්වාද නොලැබුණු නිසා, ආඥා පිළිපැදීමට උද්යෝගයක් දැනෙන්නේ නැති කෙනෙකුට ඔබට කුමක් කිව හැකිද? වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්ගේ “දෙවියන් වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය” යන පණිවිඩයේ ඔබට කිසියම් ප්‍රයෝජනවත් අවබෝධයක් තිබේද? (ලියහෝනා, මැයි 2022, 78–80).
ස්වාමින්වහන්සේ අපට උන්වහන්සේගේම පුදුමාකාර මාර්ගවලින් ආශිර්වාද කරන සේක.
තරුණ ගැහැණු ළමුන්ගේ සභාපතිත්වයේ හිටපු සාමාජිකාවක් වන වර්ජිනියා එච්. පියර්ස් සොයුරිය, අධර්මිෂ්ඨ තේරීම් කරන තම දරුවන් ගැන දැඩි ලෙස කනස්සල්ලට පත් වූ කාන්තාවක් ගැන කතා කළා. ඇය කලබලයට පත්වෙමින්, ඒ දරුවන් වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට අපේක්ෂාවෙන්, ඇයට සිතිය හැකි සෑම දෙයක්ම උත්සහ කළා . උද්යෝගිමත් යාච්ඤාවට අමතරව, ඇය දේවමාළිගාවට සහභාගී වීම වැඩි කිරීමේ අභිලාෂකාමී ඉලක්කයක් තැබූ අතර, ඇගේ දරුවන්ගේ හදවත් වෙනස් කිරීමෙන් ස්වාමින්වහන්සේ මෙම සැලකිය යුතු පරිත්‍යාගයට ගෞරව කරාවි කියා ඇය විශ්වාස කළා. එම කාන්තාව මෙසේ වාර්තා කළා:
“අවුරුදු දහයක් පුරාවටම දේවමාළිගාවට සහභාගී වීම සහ නිරන්තර යාච්ඤාවෙන් පසුත්, මගේ දරුවන්ගේ තේරීම් වෙනස් වී නැති බව කීමට මට කණගාටුයි. …
“ඒත් මම වෙනස් වුණා. මම වෙනස් කාන්තාවක්. … මට වඩාත් මෘදු හදවතක් තිබෙනවා. මම අනුකම්පාවෙන් පිරී සිටිනවා. මට ඇත්ත වශයෙන්ම බොහෝ දේ කරන්න පුළුවන්, ඒවගේම මම බිය, කාංසාව, වරදකාරිත්වය, අපවාද සහ බියෙන් නිදහස්. මම මගේ කාල සීමාවන් අත්හැර දැමුවා, මට දැන් ස්වාමින්වහන්සේගේ වේලාව එනකම් බලා සිටින්න පුළුවන්. ඒවගේම මම ස්වාමින්වහන්සේගේ බලයේ ප්‍රකාශනයන් නිතර නිතර අත්දකිනවා. උන්වහන්සේ මට සහ මගේ දරුවන්ට ඇති ආදරය පෙන්වන මුදු මොළොක් කරුණාව සහ කුඩා පණිවිඩ ලබාදෙනවා. මගේ අපේක්ෂාවන් වෙනස් වෙලා. මගේ දරුවන් වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරනවා වෙනුවට, මම මෙම නිරන්තර මුදු මොළොක් කරුණාව අපේක්ෂා කරනවා, ඒවගේම ඒවා වෙනුවෙන් කෘතඥතාවයෙන් පිරී සිටිනවා. …
“මගේ යාච්ඤා වෙනස් වී තිබෙනවා. මම වැඩි ආදරයක් ප්‍රකාශ කරනවා, ඒවගේම මම බොහෝ සේ ස්තූතිවන්ත වෙනවා. … ස්වාමින්වහන්සේ ක්‍රියා කරන්නේ පුදුමාකාර ආකාරවලින්, ඒවගේම සියලු අවබෝධය ඉක්මවා යන සාමයෙන් මම සැබවින්ම පිරී සිටිනවා” (in “Prayer: A Small and Simple Thing,” At the Pulpit [2017], 288–89).
“වැන්දඹුවන් සහ අනාතයින් රැකබලාගත යුතු වන්නේය.”
1832 අප්‍රියෙල් මාසයේදී, ස්වාමින්වහන්සේගේ උපදෙස් පරිදි, මිසුරි හි රැස්ව සිටි ශුද්ධවන්තයින් බැලීමට ජෝසෆ් ස්මිත් සැතපුම් 800කට ආසන්න දුරක් ගමන් කළා (බලන්න දහම සහ ගිවිසුම් 78:9). ඔහු එහි සිටියදී, වැන්දඹුවන් කිහිප දෙනෙකු තනිවම තම දරුවන් ඇති දැඩි කරන ප්‍රජාවකට ඔහු ගියා. ඔවුන් අතර අනාගතවක්තෘවරයා පෞද්ගලිකව දැන සිටි, ෆීබි පෙක් සහ ඇනා රොජර්ස් සිටියා. 1830 ගණන්වල මිසුරි හි, වැන්දඹුවන්ට ඔවුන්ගේ මියගිය ස්වාමිපුරුෂයාගේ දේපළ සඳහා රජය විසින් ලබාදී තිබුණේ සීමිත අයිතිවාසිකම් ප්‍රමාණයක්. වැන්දඹුවන් සහ අනාථයන් ගැන ස්වාමින්වහන්සේට හැඟෙන ආකාරය ගැන ඔබ 83 වෙනි කොටසින් ඉගෙන ගන්නේ මොනවාද? ඔබේ ආදරය හෝ සැලකිල්ල අවශ්‍ය වන, මේ තත්වයේ සිටින අයව ඔබ දන්නවාද? වැන්දඹුවන්, අනාථයින්, තනිකඩ මව්වරුන් සහ අවශ්‍යතා ඇති වෙනත් අය සමඟ ඔබට ඇති දේ බෙදාගත හැකි ක්‍රම මොනවාද?
තවත් බලන්න යෙසායා 1:17; යාකොබ් 1:27.
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
මට දෙවියන්වහන්සේට “වචනයෙන් සහ [මගේ] හදවතින්” යාච්ඤා කළ හැකිය.
-
ඔබ ඔබේ දරුවන් සමඟ දහම සහ ගිවිසුම් 81:3 කියවන විට, ඔවුන්ට යාච්ඤා කළ හැකි විවිධ “පොදු” සහ “පෞද්ගලික” ස්ථාන ගැන සිතීමට ඔවුන්ට උපකාර කරන්න. ස්වර්ගික පියාණන්වහන්සේට ගෞරවාන්විතව කතා කිරීම ගැනද ඔබට කතා කළ හැකිය.
-
ඔබේ දරුවන්ට ඔවුන්ගේ හදවත් තුළ යාච්ඤා කිරීමට දිරිගැන්වීම සඳහා, ඔබට ඔවුන්ට කඩදාසි වලින් කපාගත් හදවත් ලබා දී, ඔවුන්ට ස්වර්ගික පියාණන්වහන්සේට යාච්ඤා කිරීමට අවශ්‍ය යමක් එහි ඇඳීමට හෝ ලිවීමට ආරාධනා කළ හැකිය. අපට සිතෙන සහ හැඟෙන දේ ස්වර්ගික පියාණන්වහන්සේ දන්නා බවත්, අප ශබ්ද නඟා නොකීවත් අපගේ යාච්ඤාවලට උන්වහන්සේට සවන් දිය හැකි බවත් සාක්ෂි දරන්න. ඔබ ඔබේ සිතින් ස්වර්ගික පියාණන්වහන්සේට යාච්ඤා කළ විට, උන්වහන්සේ ඔබට ඇහුම්කන් දුන් අවස්ථාවක් ගැන අත්දැකීමක් ඔබට ඔවුන් සමඟ බෙදා ගත හැකිය.
මම අවශ්‍යතා ඇති අයට උදව් කරනවාට ස්වාමින්වහන්සේ කැමතියි.
-
ඔබේ දරුවන් සමඟ, අත් සහ දණහිස්වල පින්තූර අඳින්න, දහම සහ ගිවිසුම් 81:5 හි මෙම ශරීර කොටස් සොයා ගැනීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න. මෙම පද තුළින් ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ කුමක් කරන්නටද? ඔබට “දුර්වල” හෝ “බෙලහීන” බවක් දැනුණු විට යම් පුද්ගලයින් ඔබව ශක්තිමත් කළ ආකාරයන් කිහිපයක්, ඔබට එකිනෙකා සමඟ බෙදා ගත හැකිය. මේ සතිය තුළ, අඩුම තරමින් අවශ්‍යතා ඇති එක් පුද්ගලයෙකුට හෝ උපකාර කිරීමට ඔබේ දරුවන්ට සැලැස්මක් සැකසීමට උපකාර කිරීම ගැන සලකා බලන්න.
2:18Pass It On
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අනෙක් අයට සේවය කළ ආකාරය පෙන්වන පින්තූර හෝ වීඩියෝ හෝ කතාන්දර ඔබට භාවිතා කළ හැකිය (මෙම දළ සටහනේ ඇති පින්තූර බලන්න.) අන් අයට උපකාර කිරීමේ ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අපට අනුගමනය කළ හැක්කේ කෙසේද?
ගැලවුම්කරුවාණන් කළාක් මෙන් අපටත් අවශ්‍යතා ඇති මිනිසුන් වෙත ළඟා විය හැකිය.
ඔබේ දරුවන්ට ඔවුන්ගේම පෙළඹවීමක් ලබා ගැනීමට උදව් කරන්න. ඉගැන්වීම යනු සත්‍යය බෙදාගැනීමට වඩා වැඩි දෙයකි–එයින් විය යුත්තේ ස්වාධීන ඉගෙන ගන්නන් වීමට අන් අයට උපකාර කිරීමයි. නිදසුනක් වශයෙන්, ඔබේ දරුවන්ට අන් අයට සේවය කළ හැකි ආකාරය සරලව පැවසීම වෙනුවට, ඔවුන්ට උපකාර කළ හැක්කේ කාටදැයි දැන ගැනීමට ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම ලබා ගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න.
මම ස්වර්ගික පියාණන්වහන්සේට කීකරු වීමට උත්සහ කරන විට උන්වහන්සේ මට ආශිර්වාද පොරොන්දු වන සේක.
-
ඔබට සහ ඔබේ දරුවන්ට “ස්වර්ගික පියාණන්වහන්සේ අපට ආඥා දෙන්නේ ඇයි?” යන ප්‍රශ්නයට පිළිතුරු සොයාගැනීම සඳහා. දහම සහ ගිවිසුම් 82:8–10 කියවන්න පුළුවන්. උන්වහන්සේගේ ආඥා වලට උදාහරණ ගැන සිතීමට ඔබට ඔබේ දරුවන්ට උපකාරී විය හැකිය (උදාහරණ ලෙස බලන්න, නික්මයාම 20:4–17; මතෙව් 22:37–39; දහම සහ ගිවිසුම් 89:5–17). ඒවායින් සමහරක් නියෝජනය කිරීම සඳහා ඔබට ඔබේ දරුවන් සමඟ එකතු වී පින්තූර සොයා ගැනීම හෝ ඇඳීමට හැකිය. ස්වර්ගික පියාණන්වහන්සේගේ ආඥා මගින් උන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය පෙන්වන්නේ කෙසේද?
-
දෙවියන්වහන්සේගේ ආඥාවන් බරක් නොව ආශිර්වාද ලෙස දැකීමට උපකාර වන සරල ක්‍රීඩාවක් සමහරවිට ඔබේ දරුවන්ට උපකාරී විය හැකිය. ඇස් බැඳ සිටින පුද්ගලයෙකුට සැන්ඩ්විච් සෑදීමට හෝ චිත්‍රයක් ඇඳීමට වැනි දෙයක් කිරීමට උපදෙස් දෙමින් තවත් පුද්ගලයෙකුට උපකාර කළ හැකිය. විනෝදජනක හා නිර්මාණශීලී දෙයක් ගැන සිතන්න! එවිට දෙවියන්වහන්සේගේ ආඥා මෙම ක්‍රීඩාවේ උපදෙස් මෙන් වන ආකාරය ගැන කතා කරන්න.
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.