“ජූලි 7–13: ‘ඔවුන්ගේ විපාකය ශ්‍රේෂ්ඨ වන්නේය, තවද ඔවුන්ගේ මහිමය සදාකාලික වන්නේය’: දහම සහ ගිවිසුම් 76,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 76,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
ෂෙලින් ආබෙල් විසින්, Refuge [රක්ෂාස්ථානය]
ජූලි 7–13: “ඔවුන්ගේ විපාකය ශ්‍රේෂ්ඨ වන්නේය, තවද ඔවුන්ගේ මහිමය සදාකාලික වන්නේය”
දහම සහ ගිවිසුම් 76
“මම මැරුණට පස්සේ මට මොකද වෙන්නේ?” සෑම කෙනෙකුම පාහේ මෙම ප්රශ්නය යම් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් අසනවා. සියවස් ගණනාවක් පුරා, බොහෝ ක්‍රිස්තියානි සම්ප්‍රදායන්, බයිබලානුකුල ඉගැන්වීම් මත විශ්වාසය තබා, ස්වර්ගය සහ නිරය, ධර්මිෂ්ඨයන් සඳහා පාරාදීසය සහ දුෂ්ටයන් සඳහා වධහිංසා පැමිණවීම පිළිබඳව උගන්වා තිබෙනවා. නමුත් මුළු මිනිස් පවුලම මෙතරම් දැඩි ලෙස බෙදන්න පුළුවන්ද? 1832 පෙබරවාරි මාසයේදී, ජෝසෆ් ස්මිත් සහ සිඩ්නි රිග්ඩන් විසින් මෙම කාරණය පිළිබඳව තවත් දැන ගැනීමට තිබේදැයි කල්පනා කළා (බලන්න දහම සහ ගිවිසුම් 76, කොටස් ශීර්ෂය).
අනිවාර්යයෙන්ම තවත් දැන ගැනීමට තිබුණා. ජෝසෆ් සහ සිඩ්නි මේ දේවල් ගැන මෙනෙහි කරමින් සිටියදී, ස්වාමින්වහන්සේ “[ඔවුන්ගේ] අවබෝධයේ ඇස් ස්පර්ශ කළ අතර ඒවා විවෘත වුණා” (19 වෙනි පදය). ශුද්ධවන්තයින් විසින් සරලවම “දර්ශනය” ලෙස හදුන්වන ඉතා විශ්මයජනක, ඉතා පුළුල්, ඉතා ආලෝකමත් වූ එළිදරව්වක් ඔවුන්ට ලැබුණා. එය ස්වර්ගයේ කවුළු විවෘත කළ අතර දෙවියන්වහන්සේගේ දරුවන්ට සදාකාලිකත්වය පිළිබඳ මනස්කාන්ත දර්ශනයක් ලබා දුන්නා. බොහෝ මිනිසුන් කලින් සිතුවාට වඩා, ස්වර්ගය යනු ශ්‍රේෂ්ඨ සහ පුළුල් සහ බොහෝ දේවල් ඇතුළත් එකක් බව එම දර්ශනය හෙළි කළා. දෙවියන්වහන්සේ අපට තේරුම් ගත හැකි ප්‍රමාණයටත් වඩා දයාවන්තයි හා සාධාරණයි. ඒවගේම දෙවියන්වහන්සේගේ දරුවන්ට අපට සිතාගත නොහැකි තරම් තේජාන්විත සදාකාලික ඉරණමක් තිබෙනවා.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ගැලවීම පැමිණෙන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාර්ගයෙනි.
76 වෙනි කොටස අපගේ සදාකාලික ඉරණම පිළිබඳ වැදගත් සත්‍යයන් හෙළි කරනවා, නමුත් මෙම එළිදරව්ව මහිමයේ රාජධානි තුන ගැන හෝ ගැලවීමේ සැලැස්ම ගැන පමණක් වන බව පැවසීම අසම්පූර්ණයි. වඩාත් නිවැරදිව පවසනවා නම්, 76 වෙනි කොටස කතා කරන්නේ අපගේ ගැලවීම සහ සදාකාලික මහිමය සඳහා දෙවියන්වහන්සේගේ සැලැස්ම යතාර්ථයක් බවට ගෙන එන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනයි. ඔබ එය කියවන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ මහිමයේ විවිධ රාජ්‍යයන්ට උරුමකම් කියන මිනිසුන් අතර ඇති සම්බන්ධය විස්තර කරන වචන හෝ වාක්‍ය ඛණ්ඩ ඔබට සෙවිය හැකිය. සමහරවිට ඔබ සොයා ගන්නා දේවල් වාර්තා කිරීමට පහත දැක්වෙන ආකාරයේ වගුවක් ඔබට උපකාරී විය හැකිය.
|
මහිමයේ රාජධානිය |
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති සම්බන්ධය |
සදාකාලික ආශිර්වාද |
|---|---|---|
මහිමයේ රාජධානිය | යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති සම්බන්ධය
| සදාකාලික ආශිර්වාද
|
මහිමයේ රාජධානිය | යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති සම්බන්ධය | සදාකාලික ආශිර්වාද |
මහිමයේ රාජධානිය | යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති සම්බන්ධය | සදාකාලික ආශිර්වාද |
ඔබට පෙළඹවීමක් දැනෙන්නේ ගැලවුම්කරුවාණන් සමඟ ඇති ඔබේ සබඳතාව ශක්තිමත් කරගැනීම සඳහා මොනවා කරන්නද?
විල්ෆර්ඩ් වුඩ්රෆ් මෙම දර්ශනය කියවූ විට, ඔහු මෙසේ පැවසුවා, “මගේ ජීවිතයේ වෙන කවරදාකටත් වඩා ස්වාමින්වහන්සේට ප්‍රේම කිරීමට මට දැනුණා” (බලන්න “නැවත පිහිටුවීමේ හඬවල්: ‘දර්ශනය පිළිබඳ සාක්ෂි’”). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ආදරය වැඩි කරගැනීමට, 1–5, 20–24, 39–43, 107–8 පද වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද?
තවත් බලන්න 1 පේත්‍රැස් 3:18–19; 4:6; ඩැලන් එච් ඕක්ස්, “අපගේ ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?,” ලියහෝනා, 2021 මැයි, 75–77.
ස්වර්ගික පියාණන්වහන්සේ ගැන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන, සහ උන්වහන්සේලාගේ දහම ගැන අවධානය යොමු කරන්න. ශුද්ධලියවිලිවල අපට ඉගෙන ගත හැකි සෑම දෙයකින්ම, වඩාත්ම වැදගත් සත්‍යයන් අපට ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනගා ගැනීමටත්, පසුතැවිලි වීමටත්, උන්වහන්සේලා සමඟ ගිවිසුම් ඇති කර ගැනීමටත්, ශුද්ධාත්මයාණන්වහන්සේව ලැබීමටත් අපට උපකාර කරනවා. මහිමයේ විවිධ රාජ්‍යයන් ලබන මිනිසුන්ගේ ආකල්ප හෝ හැසිරීම් සංසන්දනය කිරීම හෝ විශ්ලේෂණය කිරීම සිත්ගන්නා සුළු කරුණක් විය හැකි වුවද, ස්වර්ගික පියාණන්වහන්සේ, සහ ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කිරීම ඊට වඩා වැදගත්. එම මහිමය සඳහා අපව සූදානම් කිරීමට උන්වහන්සේලා කරන සෑම දෙයක්ම අපව උන්වහන්සේලා වෙතට හරවනවා.
ජෝසෆ් ස්මිත්, මෙම කාමරයේදී, දහම සහ ගිවිසුම් 76 හි සටහන් කර ඇති දර්ශනය දුටුවා.
දහම සහ ගිවිසුම් 76:5–10, 114–18
මට “ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන්” දෙවියන්වහන්සේගේ කැමැත්ත තේරුම් ගත හැකිය.
සභාවේ සියලුම සාමාජිකයන් 76 වෙනි කොටසෙහි ඇති එළිදරව්ව පහසුවෙන් පිළිගත්තේ නැත, මොකද ඒ එය සෑම කෙනෙකුටම පාහේ ගැලවීම සහ යම් තරමක මහිමයක් ලැබෙන බව ඉගැන්වූ නිසයි. නිදසුනක් වශයෙන්, බ්‍රිගම් යන්ග් මෙසේ පැවසුවා: “මගේ සම්ප්‍රදායන් කෙබඳුද යත්, මෙම දර්ශනය ගැන මම මුලින්ම දැනගත් විට, එය මගේ පෙර අධ්‍යාපනයට සෘජුවම පටහැනි වුණා සහ විරුද්ධ වුණා. මම කිව්වා, පොඩ්ඩක් ඉන්න. මම එය ප්‍රතික්ෂේප කළේ නෑ; නමුත් මට එය තේරුම් ගැනීමට හැකි වුණේ නෑ. “මම එය මා විසින්ම දැන ගන්නා තෙක් සහ සම්පූර්ණයෙන් තේරුම් ගන්නා තුරු, සිතීමට සහ යාච්ඤා කිරීමටත්, කියවීමට සහ සිතීමටත්,” අවශ්‍ය වුණු බව ඔහු පැහැදිලි කළා (in “The Vision,” in Revelations in Context, 150). ඔබේ වර්තමාන අවබෝධයට වඩා වෙනස් දේවල් දෙවියන්වහන්සේ විසින් හෙළි කරන විට, ඔහුගේ අත්දැකීමෙන් ඔබට ඉගෙන ගත හැකි, ඔබට උපකාරවත් විය හැකි දේවල් මොනවාද? දහම සහ ගිවිසුම් 76:5–10, 114–18 හි ඔබ දෙවියන්වහන්සේ ගැන ඉගෙන ගන්නේ මොනවාද? “[දෙවියන්වහන්සේගේ] කැමැත්තේ ප්‍රීතිය” ඔබට තේරුම්ගත හැකි ආකාරය ගැන මෙම පදවලින් උගන්වන්නේ කුමක්ද? (7 වෙනි පදය).
දහම සහ ගිවිසුම් 76:39–44, 50–70
උත්කර්ෂය යනු ගැලවීමේ උසස්ම තත්වයයි.
දහම සහ ගිවිසුම් 76:39–44 තුළින් ගැලවීම ගැන පොදුවේ විස්තර කරනවා. 50–70 පද තුළින් ගැලවීමේ විශේෂිත තත්වයක් වන, උත්කර්ෂය ගැන විස්තර කරනවා. ඔබ ගැලවීම සහ උත්කර්ෂය අතර වෙනස පැහැදිලි කරන්නේ කෙසේද? මේ දෙකෙහි ගැලවුම්කරුවාණන්ගේ කාර්යභාරය කුමක්ද? ඔබ මෙම පදවල සොයා ගත්, උත්කර්ෂය ලඟා කරගැනීමට ඔබව පොළඹවන දේවල් මොනවාද?
තවත් බලන්න යොහාන් 3:16–17; දහම සහ ගිවිසුම් 132:20–25.
දහම සහ ගිවිසුම් 76:50–70, 92–95
මම සෙල්ස්ටියල් රාජ්‍යයේ සදාකාල ජීවනය ලබාගන්නවාට මගේ ස්වර්ගීය පියාණන්වහන්සේ කැමතියි.
දහම සහ ගිවිසුම්76:50–70, 92–95 හි විස්තර කර ඇති පරිදි; ස්වර්ගීය මහිමය ලබන ආකාරයේ පුද්ගලයෙකු බවට ඔබට පත්විය හැකිද යන්න ගැන ඔබ කවදා හෝ කල්පනා කර තිබේද–නැතිනම් ඒ ගැන කනස්සල්ලට පත්ව තිබේද? දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න දැන ගැනීම වැදගත් වන අතරම, දෙවියන්වහන්සේ මෙන් වීමට උන්වහන්සේ අප වෙනුවෙන් කර ඇති සහ කරමින් සිටින දේවල් සොයාගැනීම සඳහා මෙම පද කියවීම ගැන සලකා බලන්න. ඔබ සිතන ආකාරයට, ඔබේ උත්සාහයන් උන්වහන්සේට වැදගත් ඇයි?
ඔබට ඔබේ දෛනික ජීවිතය ගත කිරීමට අවශ්‍ය ආකාරය කෙරෙහි, සෙලෙස්ටියල් මහිමය පිළිබඳ මෙම දර්ශනය බලපාන්නේ කෙසේද?
තවත් බලන්න මෝසෙස් 1:39.
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ දරුවෝ වෙමු.
-
ඔබේ දරුවන්ට ඔවුන්ගේ දිව්‍යමය හැකියාවන් තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට දරුවන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ පින්තූර ඔවුන්ට පෙන්විය හැකිය. ඉන්පසු ඔබට දහම සහ ගිවිසුම් 76:24 කියවා අප සියල්ලන්ම “දෙවියන්වහන්සේට පුතුන් සහ දූවරුන්” බව දැන ගැනීම ගැන ඔබ සතුටු වන්නේ මන්දැයි ඔබට එකිනෙකා සමඟ බෙදා ගත හැකිය.
දහම සහ ගිවිසුම් 76:5, 41–42, 69
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු මාගේ ගැලවුම්කරුවාණන් වේ.
-
“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා වෙනුවෙන් කළේ කුමක්ද?” යනුවෙන් යමෙකු අසන අවස්ථාවක් ඔබේ දරුවන් සමඟ රඟ දැක්වීම ගැන සලකා බලන්න. ඔබට සහ ඔබේ දරුවන්ට, 76 වෙනි කොටසේ 5, 41–42 69 පද තුළින් පිළිතුරු සෙවිය හැකිය. ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇති දේ සඳහා අපට අපගේ කෘතඥතාව පෙන්විය හැක්කේ කෙසේද?
ජේ. කර්ක් රිචඩ්ස් විසින්, Suffer the Children [දරුවන්ට මා ලඟට එන්න ඉඩ දෙන්න]
සදාකාලයටම ජීවත් වීමට මම නැවතත් ස්වර්ගික පියාණන්වහන්සේ වෙතට එනවාට උන්වහන්සේ කැමතියි.
-
සෙලෙස්ටියල් රාජ්‍යයේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ජීවත් වීම ගැන ඔබේ දරුවන්ගේ සිතුවිලි සහ හැඟීම් බෙදාගැනීමට ඔවුන්ට ඉඩදෙන්න.
4:7Chapter 26: The Three Kingdoms of Heaven: 16•February 1832
-
ඔබට දහම සහ ගිවිසුම් 76:62 කියවා සෙලෙස්ටියල් රාජ්‍යයේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔවුන්ගේ පින්තූර ඇඳීමට ඔබේ දරුවන්ට ආරාධනා කළ හැකිය (මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව බලන්න) .
දහම සහ ගිවිසුම් 76:12, 15–19, 114–16
“දෙවියන්වහන්සේගේ දේවල් තේරුම් ගැනීමට” ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම මට උපකාරයක් විය හැකිය.
-
ජෝසෆ් ස්මිත් සහ සිඩ්නි රිග්ඩන් දහම සහ ගිවිසුම් 76 හි දර්ශනය දකිද්දි, ඔවුන් කරමින් සිටියේ කුමක්දැයි දැන ගැනීමට 15–19 පද කියවීමට ඔබට ඔබේ දරුවන්ට ආරාධනා කළ හැකිය. ශුද්ධලියවිලි කියවන අතරතුර ඔබට පෙළඹවීමක් දැනුණු අවස්ථාවක් ගැන ඔබේ දරුවන්ට පවසන්න, ඔබේ දරුවන්ටත් ඒ හා සමාන අත්දැකීම් තිබේදැයි විමසන්න.
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.