Doctrine and Covenants 2025
ජූලි 14–20: “මම නුඹලාට මගපෙන්වන්නෙමි”: දහම සහ ගිවිසුම් 77–80


“ජූලි 14–20: ‘මම නුඹලාට මගපෙන්වන්නෙමි’: දහම සහ ගිවිසුම් 77–80,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 77–80,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එඬේරෙකු ලෙස

යොන්ග්සන් කිම් විසින්, Going Home [නිවස බලා යාම]

ජූලි 14–20: “මම නුඹලාට මගපෙන්වන්නෙමි”

දහම සහ ගිවිසුම් 77–80

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව පිහිටුවීමෙන් වසර දෙකකටත් අඩු කාලයකට පසුව, එහි සාමාජිකයින් 2,000කට වඩා සිටි අතර එය ඉක්මනින් වර්ධනය වෙමින් තිබුණා. 1832 මාර්තු මාසයේදී, එළිදරව් කිරීම් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය, එකතුවීමට ඉඩමක් මිලදී ගැනීම සහ දුප්පතුන්ට සැලකීම වැනි “සභාවේ කාර්යයන් ගැන සාකච්ඡා කිරීමට” ජෝසෆ් ස්මිත් සභාවේ අනෙකුත් නායකයින්ව හමුවුණා. (බලන්න දහම සහ ගිවිසුම් 78, කොටස් ශීර්ෂය). මෙම අවශ්‍යතා සපුරාලීම සඳහා, මෙම අංශ වල ස්වාමින්වහන්සේගේ “මෙම කාරණය දියුණු කිරීම” සඳහා (4 වෙනි පදය) තම උත්සහයන් සමඟ එක්වන කණ්ඩායමක්, එනම් එක්සත් සමාගමක් පිහිටුවන ලෙස ස්වාමින්වහන්සේ සභාවේ නායකයින් කුඩා සංඛ්‍යාවක් කැඳවමින් ඉල්ලා සිටියා. නමුත් එවැනි පරිපාලන කටයුතුවලදී පවා, ස්වාමින්වහන්සේ අවධානය යොමු කළේ සදාකාලික දේවල් ගැනයි. අවසාන වශයෙන්, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ අනෙකුත් සියලු දේ මෙන්ම–මුද්‍රණාලයක හෝ ගබඩාවක පරමාර්ථය වුණේ–උන්වහන්සේගේ දරුවන්ව “සෙලෙස්ටියල් රාජ්‍යයේ ස්ථානයක්” සහ “සදාකාලික පොහොසත්කම” ලැබීමට සූදානම් කිරීමයි (7, 18 පද). එමෙන්ම එදිනෙදා ජීවිතයේ කාර්යබහුලත්වය මධ්‍යයේ, එම ආශිර්වාද මේ මොහොතේ තේරුම් ගැනීමට අපහසු නම්, උන්වහන්සේ අපිට මෙසේ සහතික වෙනවා, “ධෛර්යමත්ව සිටින්න, මක්නිසාද මම නුඹලාට මගපෙන්වන්නෙමි” (18 වෙනි පදය).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 77

දැනුම සොයන පුද්ගලයින්ට දෙවියන්වහන්සේ දැනුම ලබාදෙන සේක.

ජෝසෆ් ස්මිත් සහ සිඩ්නි රිග්ඩන් ඔවුන්ට පෙළඹවීම් ලැබුණු ලෙස බයිබලය පරිවර්තනය කිරීමට කටයුතු කරද්දී, බොහෝ මිනිසුන්ට තිබෙනවා මෙන්, ඔවුන්ටත් එළිදරව් පොත ගැන ප්‍රශ්න පැන නැගුණා. ජෝසෆ් හොඳින් දැන සිටි පරිදි, ඔහුට ප්‍රඥාව නොමැති විට, ඔහුට දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. ඔහු ලබා ගත් අත්දැකීම් දහම සහ ගිවිසුම් 77 තුළ තිබෙනවා. ඔබ මෙම කොටස කියවන විට, එළිදරව් පොතේ එම අදාළ පරිච්ඡේද ගැන ඔබේ හැඟීම් වාර්තා කිරීම ගැන සලකා බලන්න. එළිදරව් ලැබීම ගැන ඔබේ අධ්‍යයනයෙන් ඔබ ඉගෙන ගත්තේ මොනවාද?

ජෝසෆ් ස්මිත් සහ සිඩ්නි රිග්ඩන් බයිබලය කියවමින්

ලිස් ලෙමන් ස්වින්ඩ්ල් විසින්, Translation of the Bible [බයිබලයේ පරිවර්තනය]

දහම සහ ගිවිසුම් 78

එක්සත් සමාගම යනු කුමක්ද?

ඔහායෝ සහ මිසුරි හි සභාවේ ප්‍රකාශන සහ ව්‍යාපාරික කටයුතු කළමනාකරණය කිරීම සඳහා එක්සත් සමාගම පිහිටුවා තිබුණා. එය සභාවේ තාවකාලික අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ සම්පත් ඒකාබද්ධ කළ, ජෝසෆ් ස්මිත්, නිව්වෙල් කේ. විට්නි සහ අනෙකුත් සභා නායකයින්ගෙන් සමන්විත වුණා. අවාසනාවකට මෙන්, ණය කළමනාකරණය කරගැනීමට නොහැකි වීම නිසා, 1834 දී මෙම එක්සත් සමාගම ණය බරට වැටී එය විසුරුවා හරිනු ලැබුවා.

දහම සහ ගිවිසුම් 78:1–7

ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ සභාවේ “කාරණය දියුණු කිරීම සඳහා” මට උපකාර කළ හැකිය.

ගබඩාවක් සහ මුද්‍රණාලයක් කළමනාකරණය කිරීම, “නුඹලා කැපකර ඇති මෙම කාරණය දියුණු කිරීම සඳහා” උපකාර වන බව ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත්ට සහ සභාවේ අනෙක් නායකයින්ට පැවසුවා (දහම සහ ගිවිසුම් 78:4). ඔබ පවසන ආකාරයට ගැලවුම්කරුවාණන්ගේ සභාවේ “අරමුණ” කුමක්ද? ඔබ දහම සහ ගිවිසුම් 78:1–7 කියවන විට මේ ගැන මෙනෙහි කරන්න. එම අරමුණ ඉදිරියට ගෙන යාමට ඔබට ඔබේ පවුල තුළදී සහ වෙනත් ආකාර වලින් උපකාර කළ හැකි විවිධ ක්‍රම මොනවාද?

තවත් බලන්න ප්‍රධාන අත්පොත, 1.2.

දහම සහ ගිවිසුම් 78:17–18

ස්වාමින්වහන්සේ මා ඉදිරියට ගෙන යනු ඇත.

ඔබ සිතන ආකාරයට, ස්වාමින්වහන්සේ සමහර අවස්ථා වලදී තම අනුගාමිකයින්ව “කුඩා දරුවන්” ලෙස හඳුන්වන්නේ ඇයි? (දහම සහ ගිවිසුම් 78:17). සමහර විට ඔබ “තවමත් තේරුම්ගෙන නොමැති නිසා” හෝ ඔබට “දැරිය නොහැකි” දෙයක් නිසා, ඔබට කුඩා දරුවෙකු ලෙස හැඟී ඇත්තේ කුමන අවස්ථා වලදීද? (17–18 පද). ඔබ මෙම පදවලින් සොයාගන්නා, එවැනි අවස්ථා වලදී ඔබට “ධෛර්යමත්ව සිටීමට” (18 වෙනි පදය) උපකාර කළ හැකි දේවල් මොනවාද? ඔබ කුඩා කාලයේදී ගත් ඔබේ පින්තූරයක් සොයා ගැනීම ගැන සලකා බලන්න, ඒ කාලයේ සිට ඔබ අධ්‍යාත්මිකව වර්ධනය වී ඇති ආකාරය ගැන මෙනෙහි කරන්න. එසේත් නැතිනම් ඔබ කුඩා වියේදී ඔබට අපහසු වූ නමුත් දැන් පහසු දෙයක් ගැන සිතන්න. ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ කුමන ආකාරවලින් තවමත් කුඩා දරුවෙකු මෙන් වෙනවාට ද? (බලන්න මොසායා 3:19). උන්වහන්සේ “නුඹලාට මගපෙන්වන්නේ” කෙසේද?

දහම සහ ගිවිසුම් 78:19

සෙමනේරි නිරූපකය
මට සෑම දෙයක්ම කෘතඥතාවයෙන් ලබා ගත හැකිය.

දහම සහ ගිවිසුම්78:19 අධ්‍යයනය කිරීමට සූදානම් වීමට, ඔබට අද දිනයේදී සිදුවූ යහපත් දේවල් සහිත ලැයිස්තුවක් සෑදිය හැකිය. ඉන්පසු ඔබට ආශිර්වාද ලෙස පෙනෙන්නේ නැති දේවල් ලැයිස්තුවක් සාදන්න. ඔබ දහම සහ ගිවිසුම් 78:19 කියවන විට මෙම ලැයිස්තු ගැන මෙනෙහි කරන්න. ආශිර්වාද ලෙස නොපෙනෙන දේවල් පවා, ඔබ ඒ “සියල්ල” කෘතඥතාවයෙන් යුතුව ලබා ගන්නේ නම්, එය ඔබේ ජීවිතයේ කුමන ආකාරයේ වෙනසක් ඇති කරයිද?

දෙවියන්වහන්සේට කෘතඥ වීම ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද කියා වැඩිදුර දැන ගැනීමට, මෙම ශුද්ධලියවිලි අධ්‍යනය කර ඔබ සොයාගත් සත්‍යයන් ලැයිස්තුවක් සාදන්න: ගීතාවලිය 107:8–9; ලූක් 17:11–19; පිලිප්පි 4:6–7; මොසායා 2:19–24; ඇල්මා 34:38; 37:37; දහම සහ ගිවිසුම් 46:32; 59:7, 15–21.

කෘතඥතාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබේ සම්බන්ධතාවයට බලපාන්නේ කෙසේද?

11:38

President Russell M. Nelson on the Healing Power of Gratitude

සොයන්න සහ බෙදාගන්න. ඔබට ඉගැන්වීමට පැවරී ඇත්නම්, එම පුද්ගලයින්ට—තනි තනිව හෝ කුඩා කණ්ඩායම් වශයෙන්—ශුද්ධලියවිලි හෝ අනාගතවක්තෘවරුන්ගේ වචන සෙවීමට සහ ඔවුන් ඉගෙන ගන්නා දේ බෙදාගැනීමට උපකාර කිරීමට ක්‍රම සොයන්න.

දහම සහ ගිවිසුම් 79–80

මම සේවය කරන ස්ථානයට වඩා දෙවියන්වහන්සේට සේවය කිරීමේ කැඳවීම වැදගත්.

දහම සහ ගිවිසුම් 80 සම්බන්ධයෙන්, වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වුවා, “සමහරවිට ගැලවුම්කරුවා අපට මෙම එළිදරව්වෙන් උගන්වනන එක් පාඩමක් තමයි, නිශ්චිත ස්ථානයක සේවය කිරීමට පැවරීම අත්‍යවශ්‍යයි ඒවගේම වැදගත්, නමුත් සේවය කිරීමේ කැඳවීමක් ලැබීමට එය දෙවනි වෙනවා” (“කාර්යයට කැඳවනු ලැබේ,” ලියහෝනා, මැයි 2017, 68). වැඩිහිටි බෙඩ්නර්ගේ වචන සත්‍ය බව දැනගැනීමට ඔබට උපකාර වූ අත්දැකීම් මොනවාද? දහම සහ ගිවිසුම් 79–80 තුළ ඔබට සොයා ගත හැකි මෑතකදී කැදවීමක් ලැබුණු කෙනෙකුට උපකාර කළ හැකි අමතර පාඩම් මොනවාද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 03

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 77:2

දෙවියන්වහන්සේ පොළවේ සෑම ජීවියෙකුවම මැව්වා.

  • ඔබ සහ ඔබේ දරුවන් එක්ව දහම සහ ගිවිසුම් 77:2 කියවන විට, ඔබට කෘමීන් සහ පක්ෂීන් ඇතුළු සතුන්ගේ පින්තූර දෙස බැලිය හැකිය. ඔබ “මෘගයන්,” “ බඩගා යන සතුන්” සහ “ පක්ෂීන්” යන වචන කියවන විට, ඔබේ දරුවන්ට ඒවාට අදාළ පින්තූර පෙන්වන්න පුළුවන්. දෙවියන්වහන්සේගේ මැවීම උන්වහන්සේගේ ප්‍රේමය දැනීමට ඔබට උදව් වන ආකාරය එකිනෙකා සමඟ බෙදාගන්න.

සමනලයෙක්

දෙවියන්වහන්සේ පොළවේ සෑම ජීවියෙකුවම මැව්වා.

දහම සහ ගිවිසුම් 78:4

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ “මෙම කාරණය දියුණු කිරීම සඳහා” මට උදව් කළ හැකිය.

  • අප බව්තීස්ම වූ විට, අප “කැප වූ” (පිළිගත් හෝ සහාය දීමට තෝරා ගත්) “කාරණය” හඳුනා ගැනීම සඳහා, ඔබේ දරුවන් සමඟ දහම සහ ගිවිසුම් 78:4 කියවීම ගැන සලකා බලන්න. ඒ සඳහා පිළිතුරු සොයාගැනීම සඳහා මෙවැනි ශුද්ධලියවිලි ඡේද කියවීමට ඔවුන්ට උදව් කරන්න: මොසායා 18:8–10; දහම සහ ගිවිසුම් 20:37; මෝසෙස් 1:39. ස්වාමින්වහන්සේගේ කාර්යයට උපකාර කළ හැකි ආකාරය රඟ දැක්වීමෙන් ඔබේ දරුවන්ට සතුටු විය හැකිය. නිදසුනක් වශයෙන්, “එකිනෙකාගේ බර ඉසිලීම” හෝ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය [අප මත] ගැනීම” කොයි වගේද? මෙය ක්‍රිස්තුස්වහන්සේගේ “මෙම කාරණය දියුණු කරන්නේ” කෙසේද?

දහම සහ ගිවිසුම් 78:6

මට මා සතුව ඇති දේ අන් අය සමඟ බෙදා ගත හැකිය.

  • “පොළොවේ දේවල් තුළදී සමාන වීම” (6 වෙනි පදය) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ඉගැන්වීමට, ඔබට ඔබේ දරුවන්ට (බඩගිනි, තුවාල හෝ සීතල) වැනි අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ පින්තූර සහ ඔවුන්ට උපකාර වන (ආහාර, වෙළුම් පටියක් හෝ පොරවනයක් ලෙස) යම් යම් දේවල් ලබා දිය හැකිය. ඉන්පසු ඔබේ දරුවන්ට එම පින්තූර සමඟ එම භාණ්ඩ ගැලපිය හැකිය. අවශ්‍යතා ඇති පුද්ගලයින්ට උපකාර කිරීමට අපට බෙදාගත හැක්කේ මොනවාද?

  • 2:39

    Chapter 28: The Prophet Joseph Goes to Missouri Again: March–May 1832

දහම සහ ගිවිසුම් 78:18

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට මගපෙන්වන සේක.

  • නායකයෙකු වීම යන්නෙන් අදහස් කරන දේ ගැන කතා කිරීම සහ ඉන්පසුව ක්‍රියාකාරකමකට නායකත්වය දීම ඔබේ දරුවන්ට විනෝදජනක විය හැකිය. එකට එකතු වී දහම සහ ගිවිසුම් 78:18 කියවීමෙන් පසු, යේසුස්වහන්සේ අපව මෙහෙයවනවාට අපි කැමති අවස්ථා ගැන ඔබට සාකච්ඡා කළ හැකිය.

දහම සහ ගිවිසුම් 78:19

මට “සියලු දේවල් ස්තූතිවන්තව ලබාගන්න” පුළුවන්.

  • ස්තූතිවන්ත වන පුද්ගලයින්ට ස්වාමින්වහන්සේ පොරොන්දු වන දේවල් සොයා ගැනීමට ඔබේ දරුවන් සමඟ දහම සහ ගිවිසුම් 78:19 කියවන්න. කුඩා දෙයක් පෙන්වීමෙන් සහ එවැනි දේවල් 100ක් පෙන්වීමෙන්, “සිය ගුණයක්” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. සමහරවිට ඔවුන් “ස්තූතිවන්ත” වන ඔවුන්ට දෙවියන්වහන්සේගෙන් ලැබුණු දේවල් වල චිත්‍ර අඳින්න ඔවුන්ට පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

සතුන් සමඟ උයනක්

සෑම් ලෝලර් විසින්, God’s Garden [දෙවියන්වහන්සේගේ උයන]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව