Doctrine and Covenants 2025
ජුනි 30–ජූලි 6: “නුඹලාට විරුද්ධව සාදන ලද කිසිඳු ආයුධයක් සමෘධිමත් නොවන්නේය”: දහම සහ ගිවිසුම් 71–75


“ජුනි 30–ජූලි 6: ‘නුඹලාට විරුද්ධව සාදන ලද කිසිඳු ආයුධයක් සමෘධිමත් නොවන්නේය’: දහම සහ ගිවිසුම් 71–75,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම්71–75,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ධර්මදූතයින් කෙත්වල ඇවිද යමින්

එන්රික් මැනුවෙල් ගාර්ෂියා විසින්, I Will Remember the Covenant [මම ගිවිසුම මතක තබා ගන්නෙමි]

ජුනි 30–ජූලි 6: “නුඹලාට විරුද්ධව සාදන ලද කිසිඳු ආයුධයක් සමෘධිමත් නොවන්නේය”

දහම සහ ගිවිසුම් 71–75

ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේගේ කාර්යය කිරීමට උත්සාහ කරන විට, ඔහු කුඩා කල සිටම විවේචකයින්ට සහ සතුරන්ට පවා මුහුණ දුන්නා. නමුත් 1831 අගභාගයේදී එස්රා බූත් විසින් සභාවට ප්‍රසිද්ධියේ බැණ වැදීමට පටන් ගත් විට එය විශේෂයෙන් දුෂ්කර වෙන්නට ඇති, මන්ද ඒ අවස්ථාවේ මේ විවේචකයා සභාවේ හිටපු ඇදහිලිවන්තයෙක් වුණා. කාන්තාවක්ව සුව කිරීමට ජෝසෆ් දෙවියන්වහන්සේගේ බලය භාවිතා කරන අයුරු එස්රා දැක තිබුණා. මිසුරි හි සයොන දේශයේ පළමු සමීක්ෂණයට ජෝසෆ් සමඟ යාමට ඔහුට ආරාධනා කර තිබුණා. නමුත් ඔහු ඔහුගේ ඇදහිල්ල නැති කරගෙන, දිවැසිවරයාව අපකීර්තියට පත්කිරීමේ උත්සාහයක් ලෙස ඔහායෝ පුවත්පතක ලිපි මාලාවක් පළ කළා. එම ප්‍රදේශයේ “සභාවට විරුද්ධව ගොඩනැගෙමින් තිබුනාවූ එදිරිවාදී හැඟීම් වර්ධනය වෙන්නට පටන් ගෙන” තිබූ නිසා, ඔහුගේ ප්‍රයත්නයන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබුණා (දහම සහ ගිවිසුම් 71, කොටස් ශීර්ෂය). එවැනි අවස්ථාවක ඇදහිලිවන්තයන් කළ යුත්තේ කුමක්ද? සෑම අවස්ථාවක් සඳහාම නිවැරදි පිළිතුර මෙය නොවුනත්—1831 සිදු වූ මේ කාරණයේදී ඇතුළුව—යම් අවස්ථා වලදී, ස්වාමින්වහන්සේගේ පිළිතුර වන්නේ “ශුභාරංචිය දේශනා කිරීම” මගින් සත්‍යය ප්‍රකාශ කරමින් වැරදි නිවැරදි කිරීමයි (1 වෙනි පදය). ඔව්, ස්වාමින්වහන්සේගේ කාර්යයට සැමවිටම විවේචකයන් සිටිනු ඇත, නමුත් අවසානයේදී, “[එයට] එරෙහිව සාදන ලද කිසිම ආයුධයක් සමෘද්ධිමත් නොවනු ඇත” (9 වෙනි පදය).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 71

සෙමනේරි නිරූපකය
මම ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචිය ප්‍රකාශ කරන විට ආත්මයාණන් මට මගපෙන්වයි.

ගැලවුම්කරුවාණන් කෙරෙහි, උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි හෝ උන්වහන්සේගේ සභාව කෙරෙහි ඔබේ ඇදහිල්ල මිනිසුන් විවේචනය කරන විට හෝ සමච්චලයට ලක් කරන විට එය කරදරකාරී විය හැකිය. එසේ සිදු වූ විට, ඔබ කරන්නේ කුමක්ද? 1831 දී ඔහායෝ හි එවැනිම දෙයක් සිදු වුණා (දහම සහ ගිවිසුම් 71 කොටස් ශීර්ෂය බලන්න). දහම සහ ගිවිසුම් 71 හි ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත් සහ සිඩ්නි රිග්ඩන්ට පැවසුවේ ඒ පිළිබඳව කුමක් කරන ලෙසද? ස්වාමින්වහන්සේ ඔවුන්ට දුන් උපදෙස් සහ උන්වහන්සේ පොරොන්දු වූ ආශිර්වාද ලැයිස්තුගත කිරීමට ඔබට පුළුවන්.

71 වෙනි කොටස අධ්‍යයනය කිරීමට අමතරව, ගැලවුම්කරුවාණන් තම ලෞකික දේවසේවයේදී උන්වහන්සේගේ විවේචකයන්ට ප්‍රතිචාර දැක්වූ ආකාරයද ඔබට ගවේෂණය කළ හැකිය. මෙන්න උදාහරණ කිහිපයක්: මතෙව් 22:15–22; 26:59–64; යොහාන් 10:37–38. ඔබ උන්වහන්සේගෙන් ඉගෙනගන්නේ මොනවාද? මතෙව් 18:15; එපීස 4:31–32; 2 තිමෝති 3:12; යාකොබ් 1:19 වෙතින් ඔබට ලැබෙන අමතර අවබෝධයන් මොනවාද?

අද ඔබ මුහුණ දෙන තත්වයන්ට උන්වහන්සේගේ උපදෙස් අදාළ විය හැක්කේ කෙසේද? ඔබේම වචනවලින් සාමකාමීව ඒ අසත්‍යයන් නිවැරදි කිරීමට ක්‍රම සලකා බැලිය හැකිය. නිදසුනක් වශයෙන්, ඔබ අනෙක් පුද්ගලයාගේ අදහස්වලට ගරු කරන බව ප්‍රකාශ කිරීමෙන් ඔබට ආරම්භ කළ හැකිය, ඉන්පසු ඔබට ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විශ්වාස කරන දේ නිහතමානීව සහ කාරුණික ආකාරයකින් බෙදා ගත හැකිය. මෙම අවස්ථාවන් සඳහා සූදානම් වීම සඳහා, සමහරවිට ඔබට මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් සමඟ එය කරන ආකාරය පුහුණු විය හැකිය.

තවත් බලන්න ජෝර්ජ් ක්ලෙබින්ගට්, “පසුදවස් වල නිර්භීත අනුගාමිකත්වය,” ලියහෝනා, 2022 මැයි, 107–10.

දහම සහ ගිවිසුම් 72

සභානායකවරුන් වැනි නායකයින්ගේ දේවසේවය තුළින් ස්වාමින්වහන්සේ මට ආශිර්වාද කරනවා.

සභානායකවරයෙකු ලෙස සේවය කිරීමට නිවෙල් කේ. විට්නිව කැඳවන විට, ඔහුට පැවරුණු රාජකාරි වර්තමාන සභානායකවරුන්ගේ රාජකාරි වලින් ටිකක් වෙනස් වුණා. නිදසුනක් වශයෙන්, දේපළ කැපකිරීම සහ මිසුරි හි සයොන දේශයේ පදිංචි වීමට අවසර දීම සභාපති විට්නි විසින් අධීක්ෂණය කළා. නමුත් ඔබ දහම සහ ගිවිසුම් 72 හි ඔහුගේ කැඳවීම ගැන කියවන විට, විශේෂයෙන් ඔවුන්ගේ රාජකාරි පිළිබඳව නොවුනත්, ආත්මික ආකාරයෙන් සලකා බලන විට, අද සභානායකවරුන් කරන දේට එහි යම් සම්බන්ධයක් ඇති බව ඔබට පෙනෙනු ඇත.

නිදසුනක් වශයෙන්, ඔබ ඔබේ සභානායකවරයාට “භාරකාරත්වය ගැන වාර්තාවක්” ලබාදෙන්නේ කුමන ආකාරවලින්ද? (5 වෙනි පදය). අපේ කාලයේදී, “ස්වාමින්වහන්සේගේ ගබඩාගෙයට” සාමාජිකයින්ගේ පරිත්‍යාග, සේවය සහ කුසලතා ඇතුළත් විය හැකිය (බලන්න 10, 12 පද). ඔබට එම ගබඩාගෙයට දායක විය හැක්කේ කෙසේද?

සභානායකවරයෙකුගේ සේවය තුළින් ස්වාමින්වහන්සේ ඔබට සහ ඔබේ පවුලට ආශිර්වාද කර ඇත්තේ කෙසේද?

තවත් බලන්න ක්වින්ටින් එල්. කුක්, “සභානායකවරුන්—ස්වාමින්වහන්සේගේ රැළෙහි එඬේරුන්,” ලියහෝනා, මැයි 2021, 56–60.

දහම සහ ගිවිසුම් 73

ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචිය බෙදා ගැනීමට බොහෝ අවස්ථාවන් මට තිබේ.

ජෝසෆ් ස්මිත් සහ සිඩ්නි රිග්ඩන් ඔවුන්ගේ ධර්මදූත පැවරුමෙන් ආපසු පැමිණි විට (බලන්න දහම සහ ගිවිසුම් 71), ඔවුන්ගේ බයිබල් පරිවර්තනය දිගටම කරගෙන යන ලෙස ස්වාමින්වහන්සේ ඔවුන්ට පැවසුවා. නමුත් එයින් අදහස් කළේ ඔවුන් ශුභාරංචිය බෙදාගැනීම නැවැත්වීමට උන්වහන්සේට අවශ්‍ය වූ බව නොවේ. සියල්ලට පසු, එය ගෝලයෙකුගේ ජීවිතයේ කොටසක්.

ඔබ දහම සහ ගිවිසුම් 73 කියවන විට, ශුභාරංචිය බෙදාගැනීම; අඛණ්ඩ, “ප්‍රායෝගික” (4 වෙනි පදය)—හෝ යථාර්ථවාදී—ඔබේ වෙනත් වගකීම් අතර ජීවිතයේ කොටසක් බවට පත් කරගන්නේ කෙසේදැයි සලකා බලන්න.

මිතුරන් ශුභාරංචිය ගැන කතා කරමින්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීම සාමාන්‍ය සහ ස්වභාවික විය හැකිය.

දහම සහ ගිවිසුම් 75:1–16

“නුඹලාගේ ශක්තිය සමඟින් වෙහෙස වෙමින් … සත්‍යය ප්‍රකාශ කරන්න.”

75 වෙනි කොටසේ එළිදරව්ව ආමන්ත්‍රණය කර ඇත්තේ “පෙරට ගොස් [ගැලවුම්කරුවාණන්ගේ] ශුභාරංචිය ප්‍රකාශ කිරීමට [ඔවුන්ගේ] නම් ලබා දී ඇති” පුද්ගලයන්ට සඳහායි (2 වෙනි පදය). (1) ශුභාරංචිය ඵලදායී ලෙස බෙදා ගන්නේ කෙසේද සහ (2) එසේ කරන විට ස්වාමින්වහන්සේ අපට ආශිර්වාද කර සහය ලබාදෙන ආකාරය ලෙස ලැයිස්තු දෙකක් සෑදීම මෙම එළිදරව් ගැන අධ්‍යයනය කිරීමට එක් ක්‍රමයකි.

ඔබ සිතන ආකාරයට ශුභාරංචිය බෙදාගැනීමේදී “ප්‍රමාද නොවීම” හෝ “අලස නොවීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? “නුඹලාගේ ශක්තිය සමඟින් වෙහෙස වීම” යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? (3 වෙනි පදය).

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 02

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 71

මගේ සාක්ෂිය බෙදාගැනීමෙන් මට සත්‍යය ආරක්ෂා කළ හැකිය.

  • 71 වෙනි කොටස ලිවීමට හේතු වූ තත්වයන් පිළිබඳව ඔබේ දරුවන්ට ඉගැන්වීමට ඔබට දහම සහ ගිවිසුම් 71 හි කොටස් ශීර්ෂය භාවිතා කළ හැකිය. සභාව කෙරෙහි තිබූ “එදිරිවාදී හැඟීම්” සම්බන්ධයෙන් ජෝසෆ් සහ සිඩ්නි කුමක් කරනවාට ස්වාමින්වහන්සේ කැමති වූයේද කියා 1 වෙනි පදයෙන් සොයාගැනීමට ඔවුන්ට උපකාර කරන්න. උන්වහන්සේ ඔවුන්ට උදව් කරන බව උන්වහන්සේ පැවසුවේ කෙසේද? අපිට ජෝසෆ් සහ සිඩ්නි වගේ වෙන්න පුළුවන් කොහොමද?

    0:45

    Chapter 25: Joseph Smith and Sidney Rigdon Go on a Mission: December 1831–January 1832

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔවුන් දන්නා දේ බෙදාගන්නා ආකාරය පුහුණු වීමට ඔබේ දරුවන්ට උදව් කරන්න.

දහම සහ ගිවිසුම් 72:2

මට උදව් කිරීමට ස්වාමින්වහන්සේ සභානායකවරයෙකුව කැඳවා තිබෙනවා.

  • එකට එකතු වී දහම සහ ගිවිසුම් 72:2 කියවීමෙන්, ස්වාමින්වහන්සේ අපට සභානායකවරුන්ව ලබා දෙන්නේ ඇයි දැයි සාකච්ඡා කිරීමට අවස්ථාවක් නිර්මාණය කළ හැකිය. ඔබට සහ ඔබේ දරුවන්ට, සභානායකවරයෙකුගේ වගකීම් නියෝජනය කරන පින්තූර හෝ භාණ්ඩ සොයාගත හැකිය. මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය සහ ක්‍රියාකාරකම් පිටුව සමහර අදහස් සපයයි. ඉන්පසු ඔබට ඔබ දන්නා සභානායකවරුන් ගැන සහ ඔවුන්ගේ සේවය තුළින් ස්වාමින්වහන්සේ ඔබේ පවුලට ආශිර්වාද කර ඇති ආකාරය ගැන එකට එක්ව සාකච්ඡා කළ හැකිය.

    1:45

    Chapter 17: The First Bishops of the Church: February and December 1831

සෑමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වන්න. “ඔබ කුමක් උගන්වමින් සිටියත්, ඔබ සැබවින්ම උගන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේ හා සමාන වන්නේ කෙසේද යන්න ගැන බව මතක තබා ගන්න” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 6). නිදසුනක් වශයෙන්, ඔබ ඔබේ දරුවන්ට සභානායකවරුන් ගැන උගන්වන විට, ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාර්යය කිරීම සඳහා උන්වහන්සේ විසින් කැඳවා ඇති, උන්වහන්සේගේ නියෝජිතයන් බව අවධාරණය කරන්න (බලන්න 1 පේත්‍රැස් 2:25).

ස්වාමින්වහන්සේගේ ගබඩාගෙයෙහි ඇති ආහාර සහ සැපයුම්

අවශ්‍යතා ඇති පුද්ගලයින්ව රැකබලා ගන්නා ලෙස ස්වාමින්වහන්සේ සභානායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

දහම සහ ගිවිසුම් 75:3

මට මගේ උපරිම උත්සාහය ස්වාමින්වහන්සේට දෙන්න පුළුවන්.

  • “අලසකම” සහ “[අපගේ] ශක්තියෙන් වෙහෙස වීම” අතර වෙනස ගැන කතා කිරීම සඳහා, ඔබට සමහර සේවා ක්‍රියාකාරකම් හෝ ගෙදර දොරේ වැඩ තෝරාගෙන, ඒවා අලසව කරන ආකාරය සහ ඔවුන්ගේ සියලු ශක්තියෙන් ඒවා කරන ආකාරය පෙන්වීමට, ඒ ආකාරයෙන් රඟ දැක්වීමට ඔබට ඔබේ දරුවන්ට ආරාධනා කළ හැකිය. ඔබ දහම සහ ගිවිසුම් 75:3 හි “අලස නොවී” කියා කියවන විට, ඔබේ දරුවන්ට ඔවුන් කම්මැලි ලෙස වැඩ කරන ආකාරය පෙන්විය හැකිය. ඔබ “එහෙත් නුඹලාගේ ශක්තිය සමඟින් වෙහෙස වීම” කියා කියවන විට ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරය ඔවුන්ට පෙන්විය හැකිය. අපි ස්වාමින්වහන්සේට සේවය කරන විට අපේ උපරිමය කිරීම වැදගත් වන්නේ ඇයි?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

සභානායකවරයෙකු තරුණ පිරිමි ළමයෙකුට උපදෙස් දෙමින්

කීත් ලාර්සන් විසින්, Recognizing the Tender Mercies in Your Life [ඔබේ ජීවිතයට ලැබී ඇති මෘදු කරුණාව හඳුනා ගැනීම]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව