Doctrine and Covenants 2025
ජුනි 23–29: “මුළු පොළොවේම ධනයටත් වඩා වටියි”: දහම සහ ගිවිසුම් 67–70


“ජුනි 23–29: ‘මුළු පොළොවේම ධනයටත් වඩා වටියි’: දහම සහ ගිවිසුම් 67–70,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 67–70,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ආඥා පොතේ අත්පිටපත

ජුනි 23–29: “මුළු පොළොවේම ධනයටත් වඩා වටියි”

දහම සහ ගිවිසුම් 67–70

1828 සිට 1831 දක්වා, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට ස්වාමින්වහන්සේගෙන්, පුද්ගලයන් සඳහා දිව්‍යමය උපදෙස්, සභාව පාලනය කිරීම පිළිබඳ උපදෙස්, අවසාන දිනවල දර්ශන සහ සදාකාලිකත්වය ගැන ආනුභාව සම්පන්න සත්‍යයන් ඇතුළු බොහෝ එළිදරව් ලැබුණා. නමුත් ශුද්ධවන්තයින් බොහෝ දෙනෙක් ඒවා කියවා තිබුණේ නෑ. එම එළිදරව් කිරීම් ඒ වෙනකොටත් ප්‍රකාශනය කර තිබුණේ නෑ, ඒවගේම ලබාගැනීමට හැකිව තිබූ පිටපත් කිහිපයක් අතින් ලියන ලද ලිහිල් පත්‍රවල තිබූ අතර ඒවා සාමාජිකයින් අතර අතින් අත ගියා, ඒවගේම ධර්මදූතයින් විසින් ඒවා ගෙන ගියා.

ඉන්පසු 1831 නොවැම්බර් මාසයේ, එම එළිදරව් ප්‍රකාශනය කිරීම ගැන සාකච්ඡා කිරීමට ජෝසෆ් විසින් සභා නායකයින්ගේ මන්ත්‍රණ සභාවක් කැඳවනු ලැබුවා. ස්වාමින්වහන්සේගේ කැමැත්ත සෙවීමෙන් පසු, අද දින දහම සහ ගිවිසුම් ලෙස හඳුන්වන පොතේ පුරෝගාමී පොත වන, ආඥා පොත ප්‍රකාශයට පත් කිරීමට මෙම නායකයින් සැලසුම් කළා. “අපගේ ගැලවුම්කරුවාණන්ගේ රාජ්‍යයේ අභිරහස් වල යතුර නැවතත් මනුෂ්‍යයන් හට පවරා දී ඇති” බවට සජීවී සාක්ෂියක් වන, ජීවමාන අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් එළිදරව් කරන ලද දෙවියන්වහන්සේගේ වචනය සෑම කෙනෙකුටම කියවීමට ඉක්මණින්ම හැකි වෙනවා. මෙම හේතූන් නිසා, එදා සහ අද ශුද්ධවන්තයින් මෙම එළිදරව් “මුළු පොළොවේම ධනයටත් වඩා වටින” බව සලකනවා (දහම සහ ගිවිසුම් 70, කොටස් ශීර්ෂය).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 67:1–9; 68:3–6

ස්වාමින්වහන්සේගේ සේවකයින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ අනුභාවය ලබමින් උන්වහන්සේගේ කැමැත්ත ගැන කතා කරනවා.

ජෝසෆ් ස්මිත්ට ලැබුණු එළිදරව් ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණය පහසු එකක් සේ පෙනෙන නමුත් සභාවේ සමහර මුල් නායකයන් එය හොඳ අදහසක් බව විශ්වාස කළේ නෑ. ජෝසෆ් ස්මිත් විසින් එම එළිදරව් ලියා තිබූ ආකාරයේ අසම්පූර්ණ ස්වභාවය එයට එක් හේතුවක් වුණා. 67 වෙනි කොටසේ එළිදරව්ව පැමිණියේ එම ප්‍රශ්නයට ප්‍රතිචාරයක් වශයෙන්. 1–9 පද තුළින් ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන් සහ එළිදරව් කිරීම් ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද? 68:3–6 වෙතින් ඔබ ලබා ගන්නා අමතර අවබෝධයන් මොනවාද?

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සේවකයින්ට ලබාදෙන එළිදරව් සත්‍ය බව ඔබ, ඔබ වෙනුවෙන්ම දැනගත්තේ කෙසේද? ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සේවකයෙකු මාර්ගයෙන් ඔබට කතා කරන බව ඔබට හැඟුණු අවස්ථා ගැන අත්දැකීම් පිළිබඳව ඔබට මෙනෙහි කළ හැකිය (බලන්න දහම සහ ගිවිසුම් 68:4). යමක් පැවසීමට ඔබට “ශුද්ධාත්මයාණන් මගින් මෙහෙයවන” (3 වෙනි පදය) බව දැනුණු අවස්ථාවක් තිබේද? ස්වාමින්වහන්සේ “නුඹලා සමඟ සිටියේ” කෙසේද? (6 වෙනි පදය).

ආඥා පොත මුද්‍රණය කිරීමට පෙර, මෙම පොතේ අන්තර්ගත එළිදරව් සත්‍ය බව පවසමින් සභාවේ නායකයන් කිහිප දෙනෙක් ලිඛිත සාක්ෂියකට අත්සන් කළා.

දහම සහ ගිවිසුම් 67:10–14

“දිගටම ඉවසිල්ලෙන් සිටින්න.”

ඊර්ෂ්‍යාව, බිය සහ උඩඟුකම යන දේවල් අපව ස්වාමින්වහන්සේට සමීප වීමෙන් වළක්වන්නේ කෙසේද? අපි “[උන්වහන්සේව] දැක [ඒ උන්වහන්සේ බව] දැනගන්නා පිණිස” “ස්වභාවික මනුෂ්‍යයා” හෝ “ලෞකික මනස” අප ජයගන්නේ කොහොමද? (12 වෙනි පදය; තවත් බලන්න මොසායා 3:19). ඔබ මෙම පද වලින් සොයාගන්නා “නුඹලාව පරිපූර්ණ කරනු ලබන තුරු දිගටම ඉවසිල්ලෙන් සිටීමට” ඔබට පෙළඹවීමක් ලැබෙන දේවල් මොනවාද? (13 වෙනි පදය).

දහම සහ ගිවිසුම් 68:25–31

සෙමනේරි නිරූපකය
මගේ නිවස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත කේන්ද්‍රගත කිරීමට උදව් වෙන්න මට පුළුවන්.

දහම සහ ගිවිසුම් 68:25–31 හි ස්වාමින්වහන්සේගේ වදන් විශේෂයෙන් දෙමාපියන්ට යොමු වෙනවා, නමුත් ඔබ දෙමාපියෙකු වුවත් නැතත්, ඔබේ නිවස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම මත කේන්ද්‍රගත කිරීමේ ඔබේ කොටස කිරීමට ඔබට උන්වහන්සේගේ උපදෙස් භාවිතා කළ හැකිය. පහත දැක්වෙන්නේ නිවස තුළ ඉගැන්විය යුතු බව ස්වාමින්වහන්සේ පවසන ප්‍රතිපත්ති කිහිපයකි. ක්‍රිස්තුස්වහන්සේව කේන්ද්‍ර කරගත් නිවසක අත්තිවාරමේ මේ සෑම කොටසක්ම ඔබට–ඔබ දැන් ජීවත් වන නිවස හෝ ඔබේ අනාගත නිවස තුළ–නිර්මාණයක කරගත හැකි ආකාරය ගැන සලකා බලන්න. ලබා දී ඇති මෙම සම්පත් සහ ප්‍රශ්න ඒ සඳහා උපකාරයක් විය හැකිය.

  • පසුතැවිලි වීම: ඇල්මා 36:17–20 අධ්‍යයනය කරන්න, එමෙන්ම ඇල්මාගේ පියා ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ ධර්මදූතය ගැන ඇල්මාට උගන්වා තිබූ නිසා, තීරණාත්මක අවස්ථාවකදී ඔහු ආශිර්වාද ලැබූ ආකාරය ගැන සලකා බලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරී පසුතැවිලි වීමට ඔබේ පවුලට පෙලඹවීමක් ලබා දීමට ඔබට උපකාර කළ හැක්කේ කෙසේද? (තවත් බලන්න 2 නෙපී 25:26).

  • ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල: ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක; උන්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල කඳු චලනය කරයි” (ලියහෝනා, මැයි 2021, 103) යන පණිවිඩයේ සභාපති රසල් එම්. නෙල්සන් විසින් ඇදහිල්ල වර්ධනය කරගැනීම සඳහා ලබාදෙන යෝජනා පහ ගැන කියවන්න. මෙම යෝජනා මගින් ඔබේ පවුල තුළ ඇදහිල්ලේ සංස්කෘතියක් ඇති කරගන්නේ කෙසේදැයි සිතා බලන්න.

  • බව්තීස්මය: මොසායා 18:8–10, 13 හි විස්තර කර ඇති පරිදි බව්තීස්ම ගිවිසුම් සමාලෝචනය කරන්න. මෙම ගිවිසුම තබාගැනීමට ඔබ දරන වෑයම මගින් ඔබේ පවුල ශක්තිමත් කළ හැක්කේ කෙසේද?

  • ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව: යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීමට මගපෙන්වීමක් හි ඇති ආරාධනයන් අධ්‍යයනය කරන්න. ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිත්වයට ඔබගේ නිවස තුළට ආරාධනා කිරීම සඳහා කුමක් කිරීමට ඔබට පෙළඹවීමක් දැනෙනවාද?

  • 3 නෙපී 18:15–21 හි ගැලවුම්කරුවාණන් පොරොන්දු වන ආශිර්වාද මොනවාද?

  • දහම සහ ගිවිසුම් 68:25–31 හි ඔබ සොයා ගන්නා වෙනත් මූලධර්ම:

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ගොඩනගා ගැනීමට දරන උත්සාහයට පවුලේ සාමාජිකයගේ සහය නොලැබෙන කෙනෙකුට, ඔබ දිය හැකි උපදෙස කුමක්ද?

තවත් බලන්න “පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ශුභාරංචි පුස්තකාලය; ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙමාපියන්ගේ ශක්තියයි,” ලියහෝනා, 2023 මැයි, 55–59.

පවුලක් එකට එක්ව ඉගෙනගනිමින්

දහම සහ ගිවිසුම් 69:1

“සත්‍යය සහ ඇදහිලිවන්ත” මිතුරන් මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට උපකාර කරනවා.

මෙම පදයේ විස්තර කර ඇති පැවරුමේදී ඔලිවර් කවුඩ්‍රි සමඟ “සත්‍ය සහ විශ්වාසවන්ත” කෙනෙකු යැවීම, ඔබ සිතන ආකාරයට “[ස්වාමින්වහන්සේ] තුළ ප්‍රඥාව” වූයේ ඇයි? මෙම මූලධර්මය ඔබට අදාළ වන්නේ කෙසේද?

ඉගෙන ගන්නන්ට එකිනෙකාව අධ්‍යාත්මිකව එසවීමට උදව් කරන්න. ඔබේ පන්තියේ හෝ පවුලේ සිටින සෑම පුද්ගලයෙකුම ශුභාරංචිය අනුව ජීවත් වීමේ සාක්ෂි, අවබෝධයන් සහ අත්දැකීම්වල වල පොහොසත් මූලාශ්‍රයකි. එකිනෙකා සමඟ බෙදා ගැනීමට සහ ඔවුනොවුන්ව අධ්‍යාත්මිකව ඔසවා ගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න.

දහම සහ ගිවිසුම් 70:1–4

ස්වාමින්වහන්සේ ලබා දුන් එළිදරව් වලට මම වගකිව යුතුය.

මෙම එළිදරව් ප්‍රකාශයට පත් කිරීම අධීක්ෂණය කිරීමේ වගකීම ස්වාමින්වහන්සේ විසින් ඇතැම් වැඩිහිටියන්ට පවරා දුන්නා. ඔබට එම නිශ්චිත වගකීම නොමැති වුවද, “එළිදරව් සහ ආඥාවන් සම්බන්ධයෙන්” ඔබගේ භාරකාරත්වය හෝ වගකීම කුමක්ද? (3 වෙනි පදය).

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 67

දහම සහ ගිවිසුම් මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වනවා.

  • ජෝසෆ් ස්මිත්ට ලැබුණු එළිදරව්, පොතක මුද්‍රණය වූ ආකාරය ගැන ඔබේ දරුවන්ට කියන්න. මේ වසරේ මේ දක්වා, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දහම සහ ගිවිසුම් පොතෙන් ඉගෙන ගත් සමහර දේවල් මතක් කර ගැනීමට ඔවුන්ට උදව් කරන්න. දහම සහ ගිවිසුම් පොතේ ඔබේ ප්‍රියතම පද කිහිපයක් එකිනෙකා සමඟ බෙදා ගැනීමට වුවද ඔබට පුළුවන්.

    2:2

    Chapter 23: The Doctrine and Covenants: August–November 1831

  • ඔබට ඔබේ දරුවන්ට බයිබලය, මොර්මොන්ගේ පොත, දහම සහ ගිවිසුම්, සහ අනගි මුතු ඇටය යන පොත් පෙන්වා, ඒවා වෙනස් වන්නේ කෙසේද සහ ඒවා සමාන වන්නේ කෙසේද යන්න ගැන ඔවුන් සමඟ කතා කළ හැකිය. ශුද්ධලියවිලි සත්‍ය බව අපට දැනගත හැක්කේ කෙසේද? ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත්ට දුන් එළිදරව් පිළිබඳව දහම සහ ගිවිසුම් 67:4, 9 වෙතින් අප ඉගෙන ගන්නේ මොනවාද?

දරුවන් ශුද්ධලියවිලි කියවමින්

දහම සහ ගිවිසුම් 68:25–31

මට වයස අවුරුදු අටේදී බව්තීස්ම වෙන්න පුළුවන්.

  • දහම සහ ගිවිසුම් 68:27 හි, ස්වාමින්වහන්සේ බව්තීස්ම වීමට පුද්ගලයෙකු කොපමණ වයසක සිටිය යුතුද යන්න නියම කළා. උන්වහන්සේ පැවසූ දේ සොයා ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. අපි බව්තීස්ම වෙනවාට යේසුස්වහන්සේ කැමති ඇයි? පින්තූර හෝ 25–31 පද (හෝ ඒ දෙකම) භාවිතා කරමින්, දරුවන් ඉගෙනගන්නවාට ස්වාමින්වහන්සේ කැමති දේවල් සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න.

  • දහම සහ ගිවිසුම් 69 හි කොටස් ශීර්ෂයේ ස්වාමින්වහන්සේ ඔලිවර් කවුඩ්‍රිට දුන් පැවරුම ගැන ඔබේ දරුවන් සමඟ කියවන්න. 1 වෙනි පදයේ ස්වාමින්වහන්සේ දුන් උපදෙස කුමක්ද? “සත්‍යය සහ ඇදහිලිවන්ත” මිනිසුන් සමඟ සිටීම වැදගත් වන්නේ ඇයි? සමහරවිට ඔබේ දරුවන්ට ඔවුන් දන්නා “සත්‍යය සහ ඇදහිලිවන්ත” කෙනෙකු ගැන පැවසිය හැකිය. අපි ස්වාමින්වහන්සේට සත්‍යය සහ ඇදහිලිවන්ත බව අපි සහතික කරගන්නේ කෙසේද? අපි සත්‍යය සහ ඇදහිලිවන්තව සිටින විට අන් අයට ආශිර්වාද කිරීමට උන්වහන්සේ අපව යොදා ගන්නේ කෙසේද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

මුද්‍රණාලය

දහම සහ ගිවිසුම් පොතේ පුරෝගාමී පොත වන ආඥා පොත මුද්‍රණය කර ඇත්තේ මෙවැනි මුද්‍රණාලයක ය.

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව