“ජුනි 9–15: ‘ඇදහිලිවන්තයන් සමඟ මම නිරතුරුව සිටින්නෙමි’: දහම සහ ගිවිසුම් 60–63,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 60–63,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
බ්‍රයන් මාර්ක් ටේලර් විසින්, Campfire on the Missouri [මිසුරි හි කඳවුරු ගිනිගොඩ]
ජුනි 9–15: “ඇදහිලිවන්තයන් සමඟ මම නිරතුරුව සිටින්නෙමි”
දහම සහ ගිවිසුම් 60:–63
1831 අගෝස්තු මස මුලදී, ජෝසෆ් ස්මිත් සහ සභාවේ අනෙකුත් වැඩිහිටියන් “සයොන දේශය” වෙත ගිය කෙටි සංචාරයකින් පසු නැවත කර්ට්ලන්ඩ් වෙත යාමට සූදානම් වෙමින් සිටියා (දහම සහ ගිවිසුම් 59:3). ඔවුන්ගේ සංචාරය අතරතුරදී ඔවුන් ශුභාරංචිය දේශනා කරනවාට ස්වාමින්වහන්සේ කැමති වුණා (දහම සහ ගිවිසුම් 52:10 බලන්න), ඔවුන්ගෙන් සමහරෙක් එය ඉතා උනන්දුවෙන් කළා. නමුත් අනෙක් අය පසුබට වුණා. ස්වාමින්වහන්සේ ඒ ගැන මෙහෙම පැවසුවා, “ඔවුහු මා විසින් ඔවුන් හට දුන් එම තලෙන්ත, මනුෂ්‍යයන්ට ඇති බිය නිසා සඟවන්නෝය” (දහම සහ ගිවිසුම් 60:2). මේ වැඩිහිටියන්ට දැනුණේ කොහොමද කියලා අපි බොහෝ දෙනෙක් දන්නවා. අපි ශුභාරංචියට ආදරය කළත්, බිය සහ සැකය එය බෙදාගැනීමෙන් අපව වළක්වන්න පුළුවන්. නමුත් ස්වාමින්වහන්සේ දයාවන්තයි. උන්වහන්සේ “මිනිසාගේ දුර්වලකම් සහ [අපට] කෙසේ උපකාර කරන්නේදැයි [දන්නවා]” (දහම සහ ගිවිසුම් 62:1). අපගේ බිය සහ අඩුපාඩු ජයගන්නට අපට උපකාර කළ හැකි සහතික කිරීම්, මුල් ධර්මදූතයින්ට දුන් මෙම එළිදරව් පුරාවටම තිබෙනවා: “මට නුඹලාව ශුද්ධවන්ත කිරීමට හැකිය.” “සියලු මංශයන් මාගේ හස්තයෙහි වන්නේය.” “ඇදහිලිවන්තයන් සමඟ මම නිරතුරුව සිටින්නෙමි.” තවද “එනම් ඇදහිලිවන්තව සහ දරාසිටින්නා වූ ඔහු ලෝකය ජයගන්නේය.” (දහම සහ ගිවිසුම් 60:7; 61:6; 62:9; 63:47.)
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වූ මගේ ආදරය සහ සාක්ෂිය මට බෙදාගන්න පුළුවන්.
ශුභාරංචිය පිළිබඳ ඔබේ සාක්ෂිය “දීමනාවක්” හෝ දෙවියන්වහන්සේගෙන් ලද වස්තුවක් වගේ වෙන්නේ කොහොමද? සමහර අවස්ථාවලදී අපි “[අපේ] දීමනා සඟවන්නේ” කුමන ආකාරවලින්ද? (තවත් බලන්න දහම සහ ගිවිසුම් 60:2; මතෙව් 25:14–30).
60 සහ 62 යන කොටස් තුළ ඔබ සොයාගන්නා ස්වාමින්වහන්සේගෙන් ලැබෙන දිරිගැන්වීමේ පණිවිඩ මොනවාද? මෙම පණිවිඩ මගින් ශුභාරංචිය බෙදාගැනීමේ ඔබේ විශ්වාසය ගොඩනගන්නේ කෙසේද?
ශුභාරංචි පුස්තකාලයේ “ශුභාරංචිය බෙදාගැනීම” එකතුව ද බලන්න.
ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මගේ ඇදහිල්ල බෙදාගැනීම ගැන මට විවෘත විය හැකිය.
දහම සහ ගිවිසුම් 60:2–4; 61:1–2, 20, 36–38; 62:1, 6
ශුද්ධලියවිලි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වනවා.
ස්වාමින්වහන්සේ තම ධර්මදූතයින්ට උපදෙස් දෙන විට, උන්වහන්සේ තමන් ගැන වැදගත් සත්‍යයන් හෙළි කළා. දහම සහ ගිවිසුම් 60:2–4; 61:1–2, 20, 36–38; 62:1, 6 තුළ මෙම සත්‍යයන් සොයන්න. ගැලවුම්කරුවාණන්ගේ භූමිකාවන් සහ ගුණාංග නිදර්ශනය කරන ඔබ සොයාගත් ශුද්ධලියවිලි වාර්තා මොනවාද? (උදාහරණ සඳහා බලන්න, යොහාන් 8:1–11; ඊතර් 2:14–15).
මගේ තීරණ “විනිශ්චය සහ ආත්මයාණන්ගේ මගපෙන්වීම” සමතුලිත කළ යුතුය.
සදාකාලික සත්‍යයන් සහ ප්‍රතිපත්ති පිළිබඳව ස්වාමින්වහන්සේ මගපෙන්වීම ලබා දෙනවා, නමුත් මෙම ප්‍රතිපත්ති මත ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු තීරණය කිරීමට උන්වහන්සේ බොහෝ විට අපටම බාර දෙනවා. දහම සහ ගිවිසුම් 62 හි නිදර්ශනය කර ඇති මෙම මූලධර්මය ඔබ දකින්නේ කොහොමද? (තවත් බලන්න දහම සහ ගිවිසුම් 60:5; 61:22). මෙම මූලධර්මය ඔබ ඔබේ ජීවිතයේ දැක ඇත්තේ කෙසේද? අප කළ යුතු දේ දෙවියන්වහන්සේ අපට නිශ්චිතවම කියාවි යන අපේක්ෂාවෙන් තොරව යම් යම් තීරණ ගැනීම අපට යහපත් වන්නේ ඇයි?
තවත් බලන්න ඊතර් 2:18–25; දහම සහ ගිවිසුම් 58:27–28.
සංකේත පැමිණෙන්නේ ඇදහිල්ලෙන් සහ දෙවියන්වහන්සේගේ කැමැත්ත මතයි.
මෙම පාඩම අවසානයේ, එස්රා බූත්ගේ සිත් ගත් ප්‍රාතිහාර්යයක් පිළිබඳ නිදර්ශනයක් තිබෙනවා: එල්සා ජොන්සන්ගේ අත ආශ්චර්යමත් ලෙස සුව වුණා. එය දැකීමෙන් පසු, එස්රා ඉතා ආශාවෙන් බව්තීස්ම වුණා. එහෙත්, මාස කිහිපයක් ඇතුළත එස්රාට ඔහුගේ ඇදහිල්ල නැති වී ඔහු දිවැසිවරයාව විවේචනය කළා. ඔහු දුටු ආශ්චර්යය සලකා බලන විට, මෙය කෙසේ විය හැකිද?
ඔබ දහම සහ ගිවිසුම් 63:7–12 කියවන විට මේ ගැන මෙනෙහි කරන්න. සංකේත සහ ඇදහිල්ල ගැන ඔබ ඉගෙන ගන්නා සත්‍යයන් මොනවාද?
තවත් බලන්න මතෙව් 16:1–4; යොහාන් 12:37; මොර්මොන් 9:10–21; ඊතර් 12:12, 18.
මට මගේ සිතුවිලි සහ ක්‍රියාවන් හි පවිත්‍ර විය හැකිය.
ගැලවුකරුවාණන් දහම සහ ගිවිසුම් 63:16 හි, උන්වහන්සේ අලුත් ගිවිසුමේ ඉගැන්වූ දෙය නැවත තහවුරු කළා—පවිත්‍රබවේ නීතිය මගින් පාලනය විය යුත්තේ අපගේ ක්‍රියාවන් පමණක් නොව අපගේ සිතුවිලි ද එයින් පාලනය විය යුතුයි (බලන්න මතෙව් 5:27–28). ඔබ දහම සහ ගිවිසුම් 63:16 කියවන විට, කාමුක සිතුවිලි ගැන ගැලවුකරුවාණන් ලබාදෙන අනතුරු ඇඟවීම් සටහන් කරගන්න. ඒ එක් එක් අනතුරු ඇඟවීමේ අනෙක් පැත්ත ගැනද ඔබට සිතා බලන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, බිය යන වචනයට ප්‍රතිවිරුද්ධ වචන හෝ වාක්‍ය ඛණ්ඩ මොනවාද? පවිත්‍ර සිතුවිලි සහ ක්‍රියාවන් නිසා ලැබෙන වෙනත් ආශිර්වාද මොනවාද?
සිතුවිලි සහ ක්‍රියා වලින් පවිත්‍රව සිටීමට ස්වාමින්වහන්සේ දී තිබෙන ප්‍රමිතීන් පැරණි තාලයේ ඒවා නැත්නම් පීඩාකාරී බව බොහෝ අය සිතනවා. දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් මෙම නීතිය අනුව ජීවත් වීමට වෑයම් කළා නම් කුමන ආකාරයේ වෙනසක් සිදුවෙයිද? ඔබේ ශරීරය පූජනීයයි” (යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීමට මාර්ගෝපදේශයක්, 23–26) තුළින් ඔබට මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවිය හැකිය. ඔබ සොයාගත් බලාපොරොත්තුවේ පණිවිඩ මොනවාද?
අපගේ සිතුවිලි සහ ක්‍රියාවන් තුළ පවිත්‍ර වීමේ ආශිර්වාද අප දැන සිටියත්, එයින් අදහස් කරන්නේ එය කිරීම පහසු බව නොවේ. ගැලවුම්කරුවාණන්ගේ පවිත්‍රබව පිළිබඳ මෙම ප්‍රමිතිය තබා ගැනීමට අපහසු වන්නේ කුමක් නිසාද සහ එය පහසු කරන්නේ මොනවා මගින්ද යන්න ගැන මෙනෙහි කිරීමට ඔබට යම් කාලයක් ගත විය හැකිය. නුසුදුසු සිතුවිලි සමඟ ඔබ පරික්ෂාවට ලක්වන විට කළ යුත්තේ කුමක්ද කියා ඔබට අන් අය සමඟ බෙදාගත හැකි උපදෙස් මොනවාද?
එකිනෙකාට සහයෝගය දක්වන්න. සභාවේ රැස්වීම් සහ පන්ති වලදී එකට හමුවීමේ එක් මහත් ආශිර්වාදයක් වන්නේ, ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීමට අපගේ උත්සාහයන් සඳහා සෙසු ශුද්ධවන්තයින්ගෙන් සහාය ලබා ගැනීමේ අවස්ථාවයි. අපගෙන් බොහෝ දෙනෙකුට ඒ හා සමාන අභියෝගවලට මුහුණ දීමට සිදු වන අතර, අපගේ පොදු අත්දැකීම් ඒ සඳහා විශාල ශක්තියක් විය හැකිය. ඔබට අභියෝග ඇති බව පිළිගැනීමට බිය නොවන්න. දෙවියන්වහන්සේගේ නීති අනුව ජීවත්වීමට සහ පරීක්ෂාවෙන් ජයගැනීමට ඔබට උපකාර වන දේවල් එකිනෙකා සමඟ බෙදාගන්න.
තවත් බලන්න දහම සහ ගිවිසුම් 121:45.
Standards: Sexual Purity and Modesty - True Confidence
පූජනීය දේවල් වලට ගෞරවයෙන් සැලකිය යුතුය.
දහම සහ ගිවිසුම් 63:58–64 හි ඇති ප්‍රතිපත්ති ස්වාමින්වහන්සේගේ නාමය නිකරුණේ භාවිතා කිරීමට වඩා වැඩි දෙයක් ගැන කතා කරයි. “ඉහළින්” හෝ දෙවියන්වහන්සේගෙන් පැමිණෙන වෙනත් පරිශුද්ධ දේවල් මොනවාද? මේ දේවල් ගැන “පරෙස්සමෙන්” කතා කිරීම යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
දහම සහ ගිවිසුම් 60:4; 61:1–2, 36; 62:1
ශුද්ධලියවිලි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වයි
-
සමහර විට ඔබට දහම සහ ගිවිසුම් 60–62 හි සොයාගත හැකි ගැලවුම්කරුවාණන් පිළිබඳ සමහර ප්‍රකාශ කුඩා කඩදාසි කැබලි මත ලිවිය හැකිය. එවිට ඔබේ දරුවන්ට මෙම ප්‍රකාශයන් සමඟ මෙම ගුණාංග විදහා දක්වන යේසුස්වහන්සේගේ ලෞකික දේවසේවයේ පින්තූර ගැලපිය හැකිය. උන්වහන්සේ අද අපට උන්වහන්සේ ගැන දැනගන්නට සලස්වන්නේ කොහොමද?
යොන්ග්සංග් කිම් විසින්, For This Purpose [මෙම අරමුණ සඳහා]
දහම සහ ගිවිසුම් 60:7; 61:1–2; 62:1
මම පසුතැවිලි වුවහොත් ක්‍රිස්තුස්වහන්සේ මට සමාව දෙනු ඇත.
-
ඔබ ඔබේ දරුවන් සමඟ දහම සහ ගිවිසුම් 60:7; 61:2 කියවන විට, මෙම පදවල ඇති පොදු වචන සොයා ගැනීමට ඔවුන්ට උදවු කරන්න. මෙම එළිදරව් ලබාදී ඇත්තේ ජෝසෆ් ස්මිත්ට සහ සභාවේ අනෙකුත් නායකයින්ට බව ඔබේ දරුවන්ට මතක් කරන්න. ස්වාමින්වහන්සේට අවශ්‍ය වුණේ ඔවුන් මොනවා දැනගන්නවාටද? අප වැරදි කරන විට ගැලවුම්කරුවාණන්ට අප ගැන දැනෙන ආකාරය සහ පසුතැවිලි වීම යනු කුමක්ද කියා ඔබට සාකච්ඡා කළ හැකිය. දහම සහ ගිවිසුම් 62:1 ට අනුව, අප පරීක්ෂාවට ලක් වූ විට යේසුස්වහන්සේට අපට උපකාර කළ හැක්කේ කෙසේද?
මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගන්නවාට උන්වහන්සේ කැමතියි.
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ සභාව ගැන ආදරය කරන දේවල් ගැන යමෙක් ඔබගේ දරුවන්ගෙන් ඇසුවොත්, ඔවුන් කුමක් කියනවාද කියා ඔබට ඔබේ දරුවන්ගෙන් අසන්නට පුළුවන්. ඉන්පසු ඔබට දහම සහ ගිවිසුම් 62:3 කියවා, අප අපගේ සාක්ෂි බෙදා ගන්නා විට සිදු වන දේට සවන් දෙන ලෙස ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. අපට චකිතයක් දැනේ නම් 9 වෙනි පදයේ ඇති පොරොන්දුව උපකාර වන්නේ කෙසේද?
මට ගෞරවනීය විය හැකිය.
-
ඔබට ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ගෞරවය දැක්වීමට හැකි විවිධ ක්‍රම ගැන කතා කළ හැකිය.
-
ප්‍රියතම සෙල්ලම් බඩුවක්, පොතක් හෝ පොරවනයක් වැනි ඔවුන්ට විශේෂ වූ අයිතමයක් ගැන ඔවුන් සමඟ කතා කිරීමෙන් ගෞරවය පෙන්වීම යනු කුමක්දැයි ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට ඔබට උපකාර කළ හැකිය. ඔවුන්ට විශේෂ වූ දේවල් ඔවුන් රැකබලා ගන්නේ සහ ආරක්ෂා කරන්නේ කෙසේදැයි ඔවුන්ගෙන් විමසන්න. ඉන්පසු ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 63:64 කියවිය හැකිය. ස්වර්ගික පියාණන්වහන්සේට විශේෂ හෝ පරිශුද්ධ දේවල් මොනවාද? (උදාහරණයක් ලෙස, 61 වෙනි පදය සහ මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව බලන්න). අපේ වචනවලින් සහ ක්‍රියාවෙන් අපි මේ දේවල්වලට සැලකිය යුත්තේ කෙසේද?
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.