“ජුනි 2–8: ‘යහපත් කාරණා වල උද්‍යෝගයෙන් යෙදීම’: දහම සහ ගිවිසුම් 58–59,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 58–59,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
අල් රවුන්ඩ්ස් විසින්, Independence, Missouri, 1831 [මිසුරි හි, ඉන්ඩිපෙන්ඩන්ස්, 1831]
ජුනි 2–8: “යහපත් කාරණා වල උද්‍යෝගයෙන් යෙදීම”
දහම සහ ගිවිසුම් 58:–59
සභාවේ වැඩිහිටියන් සයොන නගරය—එනම් මිසුරි, ඉන්ඩිපෙන්ඩන්ස්—මුලින්ම දුටු විට, එය ඔවුන් අපේක්ෂා කළ ආකාරයට තිබුණේ නෑ. ශක්තිමත් ශුද්ධවන්තයින් පිරිසක් සිටින සමෘද්ධිමත්, කඩිසර ප්‍රජාවක් ඔවුන්ට සම්භ වේවි කියා සමහරු සිතුවා. ඒ වෙනුවට ඔවුන්ට හමු වුණේ, ඔවුන්ට හුරුපුරුදු ශිෂ්ටාචාරයක් නොතිබුණු, ශුද්ධවන්තයින්ට වඩා රළු දේශසීමා පදිංචිකරුවන් වාසය කළ, විරල ජනාකීර්ණ මුරපොලක්. ස්වාමින්වහන්සේ ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ සයොනය වෙත පැමිණෙන ලෙස පමණක් නොවන බව පෙනී ගියා—උන්වහන්සේට අවශ්‍ය වුණේ, ඔවුන් සයොනය ගොඩනැගීමයි.
අපගේ අපේක්ෂාවන් යථාර්ථයට නොගැලපෙන විට, 1831 දී ස්වාමින්වහන්සේ ශුද්ධවන්තයින්ට පැවසූ දේ අපට මතක තබාගන්න පුළුවන්: “නුඹගේ දෙවියන්වහන්සේගේ එම සැලසුම සහ මහත් පීඩාවෙන් පසුව පැමිණෙන එම මහිමය, නුඹට නුඹගේ ස්වභාවික ඇස් වලින්, වර්තමාන කාලය තුළදී බැලිය නොහැකිය” (දහම සහ ගිවිසුම් 58:3). ඔව්, ජීවිතය පීඩාවලින්, දුෂ්ටකමෙන් පවා පිරී තිබෙනවා, නමුත් අපට තවමත් “බොහෝ ධර්මිෂ්ඨ කාරණා සිද්ධ කළ යුතුවේ; මක්නිසාද බලය [අප] තුළ ඇත්තේය” (27–28 පද).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
“මහත් පීඩා වලින් පසු ආශිර්වාද පැමිණෙන්නේය.”
ඔවුන්ගේ ජීවිත කාලය තුළ ජැක්සන් ප්‍රාන්තය සයොනය බවට, එනම් එය සියලු ශුද්ධවන්තයින්ට එක්රැස් විය හැකි ස්ථානයක් බවට පත් වනු ඇතැයි ශුද්ධවන්තයින් බලාපොරොත්තු වුණා. කෙසේවෙතත්, ඔවුන් ජැක්සන් ප්‍රාන්තයේ ගත කළ කාලය දුෂ්කරතාවලින් පිරී තිබුණා. වසර කිහිපයක් ඇතුළත, ඔවුන්ට පිටව යාමට සහ “සයොනයේ මිදීම උදෙසා කෙටි කාලයකට බලාසිටීම” බල කෙරුණා (දහම සහ ගිවිසුම් 105:9).
දහම සහ ගිවිසුම් 58:1–5 හි ස්වාමින්වහන්සේගේ වචනවලින් පීඩා හෝ අභියෝග ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද? ඔබ සිතන ආකාරයට පීඩා වලින් පසුව පමණක් සමහර ආශිර්වාද ලැබෙන්නේ ඇයි? පීඩා වලින් පසු ඔබට ලැබී ඇති ආශිර්වාද මොනවාද?
ඔබ දහම සහ ගිවිසුම් 59:23 වෙතින් ඉගෙනගන්නා ඔබට බලාපොරොත්තුවක් ලබාදෙන දේවල් මොනවාද?
මාගේ “සිය කැමැත්තෙන්” මට “බොහෝ ධර්මිෂ්ඨ කාරණා සිද්ධ කළ” හැකිය.
මෙම පද පිළිබඳ ඔබේ අධ්‍යයනයේ කොටසක් ලෙස, ඔබ “උද්‍යෝගයෙන් යෙදී සිටින” දේවල් ලැයිස්තුවක් ඔබට සෑදිය හැකිය. ඒ සියල්ල “යහපත් කාරණා” ද? “බොහෝ ධර්මිෂ්ඨ කාරණා සිද්ධ” කිරීමට ඔබට කළ හැකි දේවල් මොනවාදැයි මෙනෙහි කරන්න—ඉන්පසු ඒවා කිරීමට ඉලක්ක තබාගන්න.
ඔබ සිතන ආකාරයට, ඔබ “[ඔබගේම] ස්වකීය නිදහස් කැමැත්තෙන් බොහෝ දේ” කිරීම ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි? ඔබට “සියලු කාරණා වලදී බලකරනු” ලැබුවහොත් ප්‍රතිඵලය කුමක් වෙයිද? මෙම මූලධර්මය පිළිබඳ 2 නෙපී 2:27 තුළින් ඔබේ අවබෝධයට එකතු කරන්නේ මොනවාද?
තවත් බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “ඔබ මෙදිනම තෝරාගන්න,” ලියහෝනා, 2018 නොවැම්බර්, 104–6.
මම පසුතැවිලි වන විට ස්වාමින්වහන්සේ මට සමාව දෙන සේක.
පසුතැවිලි වන අයට සම්පූර්ණයෙන්ම සමාව දෙන බවට දහම සහ ගිවිසුම් 58:42 හි ස්වාමින්වහන්සේගේ පොරොන්දුව ආශ්වාදජනකය, නමුත් එය සමහර ප්‍රශ්න මතු කරනවා: පසුතැවිලි වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මම පසුතැවිලි වී ඇත්දැයි මම දැන ගන්නේ කොහොමද? වාසනාවකට මෙන්, ස්වාමින්වහන්සේ තවදුරටත් මෙසේ පවසනවා, “මෙයින් නුඹ දැනගන්නෙහිය …” (43 වෙනි පදය).
පසුතැවීම ගැන සමහර අවස්ථා වලදී මිනිසුන්ට ඇති අමතර ප්‍රශ්න කිහිපයක් මෙන්න. ඔබ පහත සපයා ඇති යෝජිත සම්පත් අධ්‍යයනය කරන විට ආත්මයාණන් ඔබට උගන්වන්නේ කුමක්ද?
මගේ පව් පාපොච්චාරණය කිරීම, මට පසුතැවිලි වීමට උපකාර කරන්නේ කෙසේද? බලන්න ගීතාවලිය 32:1–5; හිතෝපදේශ 28:13; මොසායා 27:34–37; ඇල්මා 39:12–13.
මම මගේ පව් අත්හැරීමට උත්සාහ කරනවා, නමුත් මගේ අතින් තවමත් වැරදි සිදුවෙනවා. මගේ පසුතැවිල්ල තවමත් වලංගුද? බලන්න බ්රැඩ්ලි ආර්. විල්කොක්ස්, “සුදුසුබව යනු දෝෂ රහිතබව නොවේ,” ලියහෝනා, නොවැම්බර් 2021, 61–67.
Daily Restoration
ගැලවුම්කරුවාණන් මට සමාව දී ඇති බවට මට සහතික කරගත හැක්කේ කෙසේද? ටැඩ් ආර්. කැලිස්ටර්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම,” ලියහෝනා, මැයි 2019, 85–87, විශේෂයෙන්ම “2” ලෙස සඳහන් කොටස බලන්න. පාප.”
ඔබට යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීමට මග පෙන්වීමක් හි “ප්‍රශ්න සහ පිළිතුරු” තුළ පසුතැවීම පිළිබඳ තවත් අවබෝධයන් සොයාගත හැකිය.
පොලී නයිට් යනු කවුද?
පොලි නයිට් සහ ඇයගේ සැමියා වන ජ්‍යේෂ්ඨ ජෝසෆ් නයිට් යනු, ජෝසෆ් ස්මිත්ගේ අනාවැකිමය කැඳවීම ගැන මුලින්ම විශ්වාස කළ අය වුණා. මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීමේ කාර්යයේදී, පොලී සහ ජෝසෆ් විසින් අනාගතවක්තෘවරයාට අත්‍යවශ්‍ය සහයෝගයක් ලබා දුන්නා. මෙම නයිට් පවුල ඔහායෝ හි ශුද්ධවන්තයින් සමඟ රැස් වීමට නිව් යෝර්ක් හි කෝල්ස්විල් හැර ගිය අතර පසුව මිසුරි හි ජැක්සන් ප්‍රාන්තයට යාමට ඔවුන්ට අණ කෙරුණා. ඔවුන් ගමන් කරන විට, පොලීගේ සෞඛ්‍යය පිරිහෙන්නට පටන් ගත් නමුත්, මිය යාමට පෙර සයොනය දැකීමට ඇය අදිටන් කරගත්තා. ඇය මිය යන විට ඇය මිසුරි හි වාසය කොට තිබුණේ දින කිහිපයක් පමණයි (බලන්න Saints, 1:127–28, 132–33). දහම සහ ගිවිසුම් 59 ලැබුණේ ඇය අභාවප්‍රාප්ත වූ දිනයේ දී වන අතර, 1 සහ 2 පද විශේෂයෙන් ඇය ගැන කතා කරනවා.
ආඥාවන් යනු ආශිර්වාද වේ.
ඔබ සිතන ආකාරයට “ආඥා සමඟ … කිරුළු පළඳවනු ලැබීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (4 වෙනි පදය). 5–19 පද තුළ ඇති එක් එක් ආඥාවලට කීකරු වීමට ඔබ උත්සාහ කරන විට, ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන ආකාරය ගැන සලකා බලන්න.
ඔබ ඉගෙන ගන්නා දේ බෙදා ගන්න. බොහෝ අවස්ථාවලදී, ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට ඔබට ලැබෙන අධ්‍යාත්මික පෙලඹවීම් මගින්, ඔබේ පවුලේ අයගේ, මිතුරන්ගේ සහ කොට්ඨාශ සාමාජිකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කළ හැකිය. ඔබේ අත්දැකීම්, හැඟීම් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂිය ඔවුන් සමඟ බෙදාගන්න.
සබත් දවස යනු ස්වාමින්වහන්සේගේ දවසයි.
“ආඥාවන් ස්වල්පයක් සමඟින් නොව” බොහොමයක් සමඟින් සයොනයෙහි ශුද්ධවන්තයින්ට ආශිර්වාද කරන බවට ස්වාමින්වහන්සේ පොරොන්දු වූ පසු, උන්වහන්සේ එක් ආඥාවකට විශේෂ අවධාරණයක් ලබා දුන්නා: ඒ තමයි උන්වහන්සේගේ “ශුද්ධ වූ දිනයට” ගෞරව කිරීම. (දහම සහ ගිවිසුම් 59:4, 9). ඔබ දහම සහ ගිවිසුම් 59:9–19 අධ්‍යයනය කරන විට, මෙම ශුද්ධවන්තයින් සයොනය ගොඩනැගීමට උත්සාහ කරන විට, සබත් දිනයට ගෞරව කිරීම එතරම් වැදගත් වී ඇත්තේ මන්දැයි සිතා බලන්න. එය ඔබට වැදගත් වන්නේ ඇයි?
ඔබ සබත් දවස භාවිතා කරන්නේ ස්වාමින්වහන්සේ අදහස් කළ ආකාරයටම දැයි ඔබට සිතා බැලිය හැකිය. සබත් දවස ශුද්ධව තබාගැනීම “ලෝකයෙන් කිළුටු නොවන ලෙස” සිටීමට ඔබට උපකාර කරන්නේ කෙසේද? (9 වෙනි පදය). ඔබේ “මහෝත්තම වූ තැනැන්වහන්සේට නුඹලාගේ ස්තූති යාගයන්” පූජා කරන්නට ඔබට කළ හැක්කේ කුමක්ද? (10 වෙනි පදය).
සබත් දවස ගැන ඉගැන්වීමට ස්වාමින්වහන්සේ “ප්‍රීති ප්‍රමෝදය”, “ප්‍රීතිමත්” සහ “සතුට” වැනි වචන භාවිතා කළ බව ඔබට පෙනෙනු ඇත. සබත් දවස ඔබට ප්‍රීතිමත් වන්නේ කුමක් නිසාද? ස්වාමින්වහන්සේගේ දවසට ඔබ ගෞරව කිරීමට තෝරාගන්නේ ඇයි කියා ඔබ යෙමෙකුට පැහැදිලි කරන්නේ කොහොමද?
තවත් බලන්න උත්පත්ති 2:2–3.
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
ස්වර්ගික පියාණන්වහන්සේ මට තෝරා ගැනීමට බලය දී ඇත.
-
එකට එක්ව දහම සහ ගිවිසුම් 58:26–28 කියවීමෙන් ඔබටත් ඔබේ දරුවන්ටත් යහපත් දේ කිරීමට තෝරා ගැනීමට ස්වර්ගික පියාණන්වහන්සේ අපට දී ඇති බලය ගැන කතා කිරීමට අවස්ථාවක් ලබාගත හැකිය. ඔබ සිදු කර ඇති විවිධ තේරීම් සහ ප්‍රථිපල ලෙස සිදු වූ දේවල් ගැන ඔබට එකිනෙකාට පැවසිය හැකිය. ඔවුන්ගේ අත්දැකීම්වල පින්තූරයක් ඇඳීමට සමහරවිට ඔබේ දරුවන් කැමති විය හැකිය.
-
ඔබට කඩදාසි කැබැල්ලක එක් පැත්තක තේරීම සහ අනෙක් පැත්තෙන් ප්‍රතිවිපාකය ලෙස ලිවිය හැකි අතර, අපගේ තේරීම් සහ ඒවායේ ප්‍රතිවිපාක වෙන් කළ නොහැකි බව නිදර්ශනය කිරීමට මෙම කඩදාසි කැබැල්ල භාවිතා කළ හැකිය. සමහරවිට ඔබේ දරුවන්ට තේරීම් කිහිපයක් ලැයිස්තුගත කර ඒවායින් ඇති වන ප්‍රතිවිපාක ගැන කතා කළ හැකිය. ඉන්පසු ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 58:27–28 කියවා “බොහෝ ධර්මිෂ්ඨ කාරණා ගෙනෙන” හෝ යහපත් ප්‍රතිඵල ගෙන දෙන තේරීම් ගැන කතා කළ හැකිය. අප යහපත කිරීමට වෑයම් කරන විට ස්වර්ගීය පියාණන්වහන්සේ අපට “ප්‍රතිලාභ” හෝ ආශිර්වාද ලබාදෙන්නේ කෙසේද? (28 වෙනි පදය).
“ඔබේ දෙවිපියාණන්වහන්සේට සියල්ලේදීම ස්තූති කරන්න.”
-
ඔබ සහ ඔබේ දරුවන් ඇවිදීමට යන විට හෝ සොබාදහමේ පින්තූර දෙස බලන විට “ඇස ප්‍රසන්න කරන සහ හදවත සතුටු කරන” (18 වෙනි පදය) දේවල් දකින අතරතුර, මෙම පද කියවීම ගැන සලකා බලන්න. එසේත් නැතිනම් ඔබේ දරුවන් ස්තූතිවන්ත වන දේවල චිත්‍ර ඇඳීමට ඔවුන්ට ආරාධනා කර ඔවුන්ගේ චිත්‍ර ගැන ඔබට පැවසීමට ඔවුන්ට ඉඩ දෙන්න. මේ දේවල් සඳහා අපට අපගේ කෘතඥතාව පෙන්විය හැක්කේ කෙසේද?
අපට ප්‍රීතිය ගෙන ඒම සඳහා ස්වාමින්වහන්සේ බොහෝ අලංකාර දේවල් නිර්මාණය කළ සේක.
සබත් දවස යනු ස්වාමින්වහන්සේගේ දවසයි.
-
ස්වාමින්වහන්සේට නමස්කාර කර ප්‍රීතිය සොයා ගැනීමට ඉරිදා දිනයේදි අපට කළ හැකි දේවල් මොනවාද? දහම සහ ගිවිසුම් 59:9–12 සහ මේ සතියේ ක්‍රියාකාරකම් පිටුව තුළ අදහස් සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. සමහර විට ඔවුන්ට අප සබත් දිනයේ කරන දේවල් නියෝජනය කරන පින්තූර හෝ භාණ්ඩ සොයා ගත හැකිය (මෙම දළ සටහනේ ඇති සක්‍රමේන්තුවේ පින්තූර වැනි). ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප වීමට මේ දේවල් අපට උපකාර කරන්නේ කෙසේද?
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.