“මැයි 26–ජුනි 1: ‘ඇදහිලිවන්ත, සාධාරණ, තවද ප්‍රඥාවන්ත භාරකරුවෙක්’: දහම සහ ගිවිසුම් 51–57,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 ( 2025)
“දහම සහ ගිවිසුම් 51–57,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
ජේම්ස් ටේලර් හාර්වුඩ් විසින්, First Furrow [පළමු සීසෑම]
මැයි 26–ජුනි 1: “ඇදහිලිවන්ත, සාධාරණ, තවද ප්‍රඥාවන්ත භාරකරුවෙක්”
දහම සහ ගිවිසුම් 51–57
1830 ගණන් වල සභාවේ සාමාජිකයින්ට ශුද්ධවන්තයින් එක් රැස් කිරීම සහ සයොන නගරය ගොඩනැගීම කියන්නෙ ආත්මික වගේම ලෞකික කාර්යයක්, ඔවුන්ට විසඳන්න බොහෝ ප්‍රායෝගික කාරණා තිබුණා: එකක් තමයි කවුරුහරි කෙනෙක් ශුද්ධවන්තයින්ට නවතින්න අවශ්‍ය ඉඩමක් මිලදී ගන්න අවශ්‍ය වුණා. තවත් කෙනෙක් පොත් සහ අනෙකුත් ප්‍රකාශන මුද්‍රණය කරන්න අවශ්‍ය වුණා. ඒවගේම තවත් කෙනෙක් සයොනයේ සිටින මිනිසුන්ට භාණ්ඩ සපයන්න වෙළඳසැලක් පවත්වාගෙන යාම අවශ්‍ය වුණා. දහම සහ ගිවිසුම් 51–57 හි වාර්තා කර ඇති එළිදරව් කිරීම්වලදී, මෙම කාර්යයන් හැසිරවීමට ස්වාමින්වහන්සේ මිනිසුන්ව පත් කර ඔවුන්ට උපදෙස් ලබාදුන්නා.
මෙවැනි දේවල් සඳහා සයොනයේ කුසලතා අවශ්‍ය වුණා වගේම, උන්වහන්සේගේ ශුද්ධවන්තයින්ව—සයොනයේ ජනතාව, නැතිනම් උන්වහන්සේගේ ජනතාව ලෙස හැඳින්වීම සඳහා ඔවුන් ආත්මිකව සුදුසු වෙනවාට ස්වාමින්වහන්සේ කැමති බව මේ එළිදරව් උගන්වනවා. අපට පවරා ඇති වගකීම් තුළ “ස්ථිරව සිටිමින්” බිඳුණු ආත්මයක් ඇතිව “ඇදහිලිවන්ත, සාධාරණ සහ ඥාණාන්විත භාරකරුවෙක් වීමට” උන්වහන්සේ අප සෑම කෙනෙක්වම කැඳවනවා (බලන්න දහම සහ ගිවිසුම් 51:19; 52:15; 54:2). අපගේ තාවකාලික කුසලතා නොසලකා—අපට එය කළ හැකි නම්—සයොනය ගොඩනැගීමට ස්වාමින්වහන්සේට අපව භාවිතා කරන්න පුළුවන්.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ මම ඇදහිලිවන්ත, සාධාරණ සහ ප්‍රඥාවන්ත භාරකරුවෙකු වීමයි.
ඔබ 1831 දී සභාවේ සාමාජිකයෙකු වී සිටියා නම්, සභානායකවරයා හරහා ඔබේ දේපළ සභාවට ලබාදී, අත්සන් කිරීමෙන් කැප කිරීමේ නීතිය අනුව ජීවත් වීමට ඔබට ආරාධනා කරනු ලැබෙන්නට තිබුණා. බොහෝ අවස්ථාවලදී ඔබ පරිත්‍යාග කළ දේ, සමහර විට අතිරික්තයක් සමඟ ඔහු ඔබ වෙත ආපසු ලබාදෙන්නටත් ඉඩ තිබුණා. නමුත් එය තවදුරටත් ඔබේ සන්තකයක් තිබෙන්නේ නෑ—ඒ තමයි ඔබේ භාරකාරත්වය.
අද තිබෙන ක්‍රියාපටිපාටි වෙනස්, නමුත් ඒ ප්‍රතිපත්ති තවමත් ස්වාමින්වහන්සේගේ කාර්යයට අත්‍යවශ්‍ය වෙනවා. ඔබ 51 වෙනි කොටස කියවන විට, දෙවියන්වහන්සේ ඔබට භාර දී ඇති දේ ගැන සිතන්න. “භාරකාරත්වය” (19 වෙනි පදය) සහ “කැපකිරීම” (5 වෙනි පදය) යන මෙම වචන දෙවියන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන දේවල් ගැන අඟවන්නේ මොනවාද?
සභාපති ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල් මෙසේ පැහැදිලි කළා: “සභාවේදී භාරකාරත්වය යනු, වගවීමක් ඇති, අධ්‍යාත්මික හෝ ලෞකික පරිශුද්ධ විශ්වාසයකි. සෑම දෙයක්ම ස්වාමින්වහන්සේට අයිති බැවින්, අපි අපගේ ශරීරය, මනස, පවුල් සහ දේපළ කෙරෙහි භාරකරුවන් වෙනවා. (බලන්න දහම සහ ගිවිසුම් 104:11–15.) ඇදහිලිවන්ත භාරකරුවෙකු යනු ධර්මිෂ්ඨ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන, තමාගේම දෑ ගැන සැලකිලිමත් වන සහ දුප්පතුන් හා අගහිඟකම් ගැන සැලකිලිමත් වන අයෙකි” (“Welfare Services: The Gospel in Action,” Ensign, Nov. 1977, 78).
The Law of Consecration
දහම සහ ගිවිසුම් 52:9–11, 22–27
මම යන සෑම තැනකදීම, ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන ලෙස අන් අයට ආරාධනා කිරීමට මට පුළුවන්.
ස්වාමින්වහන්සේ සභාවේ නායකයන් කිහිප දෙනෙකුව මිසූරි වෙත යැවූ විට, සංචාරය කිරීමට ගත කරන කාලය ප්‍රයෝජනයට ගෙන “යනෙන අතරතුර දේශනා” කරන ලෙස උන්වහන්සේ ඔවුන්ට පැවසුවා (25–27 පද). “යනෙන අතරතුර” හෝ ඔබගේ ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් වලදී ඔබට ශුභාරංචිය බෙදා ගත හැක්කේ කෙසේද?
රැවටීමෙන් වැළකීමට ස්වාමින්වහන්සේ මට උපකාර කරයි.
බොහෝ අය අධ්‍යාත්මික ප්‍රකාශනයන් ප්‍රකාශ කිරීමත් සමඟ, ඔවුන් රැවටීමට ලක් වේ යැයි මුල් ශුද්ධවන්තයින් සැලකිලිමත් වුණා. දහම සහ ගිවිසුම් 52:14 හි ස්වාමින්වහන්සේ ඔවුන්ට දුන් අනතුරු ඇඟවීම කුමක්ද? උන්වහන්සේ ලබාදුන් විසඳුම කුමක්ද? (බලන්න 14–19 පද).
රටාවක් යනු නිතිපතා, පුරෝකථනය කළ හැකි ආකාරයෙන් පුනරාවර්තනය වන දෙයකි. උදාහරණ වලට ඉරට්ටේ සංඛ්‍යා වලින් ගණන් කිරීම හෝ සෑම දිනකම ඉර උදාවීම සහ බැසීම ඇතුළත් වේ. ඔබට සිතිය හැකි වෙනත් උදාහරණ මොනවාද? ඔබ දහම සහ ගිවිසුම් 52:14–19 උවමනාවෙන් කියවන විට, රැවටීමෙන් වැළකීම සඳහා ස්වාමින්වහන්සේ ලබා දී ඇති රටාව හඳුනාගන්න. “බිඳුණු” යන්නෙන් අදහස් වන්නේ නිහතමානී සහ පසුතැවිලි වීමේ හැඟීමක් බවත්; “මෘදුබව” යන්නෙන් අදහස් වන්නේ සෞම්‍ය සහ ස්වයං පාලනයක් බවත්; එමෙන්ම “පෝෂණය කිරීම” යන්නෙන් අදහස් කරන්නේ උපදෙස් දීම, වැඩිදියුණු කිරීම හෝ ගොඩනැගීම බවත්; සැලකිල්ලට ගැනීම උපකාරවත් විය හැකිය. ඔබට සිතෙන ආකාරයට, ස්වාමින්වහන්සේගේ රටාවට මෙම ගුණාංග මෙන්ම කීකරුකමද ඇතුළත් වන්නේ ඇයි? රැවටීමෙන් වැළකී සිටීමට ඔබට මෙම රටාව අදාළ කරගත හැක්කේ කෙසේද?
දුෂ්කර වචන නිර්වචනය කරන්න. ශුභාරංචි පුස්තකාලය යෙදුම තුළ, ඔබට වචනයක් මත ඔබාගෙන සිටීමෙන් පසුව “නිර්වචනය කරන්න” යන විකල්පය තේරිය හැකිය. එවිට ඔබව එම වචනයේ නිර්වචනයකට ගෙන යනු ඇත. ඔබට නුපුරුදු වචන හමු වූ විට සහ ඔබ තේරුම්ගත් නමුත් තව දුරටත් තේරුම් ගැනීමට කැමති වචන හමු වූ විට මෙය උත්සාහ කරන්න.
අපේ කාලයේ රැවටීම් සඳහා උදාහරණ මොනවාද? අප රැවටීමට ලක්වන විට අපි එය දැනගන්නේ කොහොමද?
නිදසුනක් වශයෙන්, යෞවනයේ ශක්තිය සඳහා: තෝරා ගැනීම් සඳහා මගපෙන්වීමක්, 16–21 තුළ “දෙවියන්වහන්සේගේ ආලෝකයේ ඇවිදින්න” හි ඇති ප්‍රමිතීන් මත පදනම්ව, චිත්‍රපට, සංගීතය සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඔබේ තේරීම් ඇගයීම ගැන ඔබට සලකා බැලිය හැකිය.
තවත් බලන්න ගැරී ඊ ස්ටීවන්සන්, “මාව රවට්ටන්න එපා,” ලියහෝනා, නොවැම්බර් 2019, 93–96.
අන් අයගේ තේරීම් වලින් මට රිදෙන විට, ස්වාමින්වහන්සේ වෙත හැරෙන්නට මට පුළුවන්.
ඔබ යමෙක් මත විශ්වාසය තබා සිටි අවස්ථාවක, එම පුද්ගලයා ඒ වගකීම ඉටු නොකළ අවස්ථාවක ඔබ කලකිරීමකට පත් වී තිබෙනවාද? ඔහායෝ හි, ලිමන් කෝප්ලිගේ ඉඩමෙහි පදිංචි වීමට අපේක්ෂා කළ නිව් යෝර්ක්, කෝල්ස්විල් හි ශුද්ධවන්තයින්ට එසේ සිදු වුණා. මෙම අත්දැකීමෙන් ඉගෙන ගැනීමට, 54 වෙනි කොටසේ ශීර්ෂය සමාලෝචනය කිරීම ගැන සලකා බලන්න. ඔබට කෝල්ස්විල් ශුද්ධවන්තයින් අතර මිතුරෙකු සිටියේ නම්, ඔවුන් සමඟ බෙදා ගැනීමට ඔබට 54 වෙනි කොටසින් සොයා ගත හැකි උපදෙස් මොනවාද?
ලිමන් කෝප්ලිගේ ගොවිපල
නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය.
මෙම පදවල, ස්වාමින්වහන්සේ ධනවතුන්ට සහ දුප්පතුන්ට යන දෙගොල්ලන්ටම කතා කළා; උන්වහන්සේ මෙම කණ්ඩායම් දෙකට ලබාදුන් උපදෙස් සංසන්දනය කිරීම සිත්ගන්නා කරුණක් විය හැකිය. මෙම පදවල ඔබට පෞද්ගලිකව අදාළ වන දේවල් මොනවාද?
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
මට අවංක වෙන්න පුළුවන්.
-
ඔබේ දරුවන්ට අවංක වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 51:9 කියවා අවංක වීම පිළිබඳ තීරණවලට මුහුණ දෙන දරුවන්ගේ කතන්දර බෙදා ගත හැකිය. මෙම කතන්දර වඩාත් රසවත් කිරීමට ඔබට පින්තූර, මේස් රූකඩ, හෝ කඩදාසි බෝනික්කන් භාවිතා කළ හැකිය. අපි අවංක වීමට උත්සාහ කරන විට ස්වාමින්වහන්සේ අපට ආශිර්වාද කරන්නේ කෙසේද?
-
ඔබේ දරුවන් සමඟ ක්‍රීඩාවක් කිරීම ගැන සලකා බලන්න. පසුව, යමෙකු වංචා කළේ නම් ඒ ක්‍රීඩාව වෙනස් වන්නේ කෙසේදැයි සාකච්ඡා කරන්න. එකිනෙකා සමඟ “අවංකව කටයුතු කිරීම” වැදගත් වන්නේ ඇයි?
දහම සහ ගිවිසුම් 52:10; 53:3; 55:1
මට ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලැබෙන්නේ හිස මත අත් තැබීමෙන්.
-
හිස මත අත් තැබීමෙන් ශුද්ධාත්මයාණන්වහන්සේව ලබා ගැනීම ගැන දහම සහ ගිවිසුම් 51–57 හි කිහිප වතාවක්ම සඳහන් වෙනවා. මෙම නියෝගය ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීමට මෙය හොඳ අවස්ථාවක් විය හැකිය. නිදසුනක් වශයෙන්, ඔවුන්ට තහවුරු වන දරුවෙකුගේ පින්තූරයක් දෙස බලා පින්තූරයේ සිදුවන දේ විස්තර කළ හැකිය. ඔබ දහම සහ ගිවිසුම් 52:10; 53:3; 55:1 කියවන අතරතුර “අත් තබමින්” හෝ “අත් තැබීම” යන වචන ඇසෙන විට අත්පුඩි ගසන ලෙස ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්න.
-
නොරැවටී සිටීමට මට උපකාර කිරීම සඳහා දෙවියන්වහන්සේට රටාවක් ඇත.
-
රැවටීමෙන් වැළකීම සඳහා ස්වාමින්වහන්සේගේ රටාව ගැන ඉගැන්වීමට, ඔබට ස්වභාවධර්මය තුළ, වර්ණවත් ඇඳ ඇතිරිලි වල හෝ ඇඳුම් පැළඳුම් වල හෝ එදිනෙදා ජීවිතයේදී හමුවන රටා පිළිබඳ උදාහරණ සොයා ගැනීමට දරුවන්ට උපකාර කිරීමෙන් ආරම්භ කළ හැකිය. දහම සහ ගිවිසුම් 52:14–15 හි ස්වාමින්වහන්සේ දුන් ආදර්ශය සොයා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න. මෙම පදවල නුහුරු නුපුරුදු වචන ඔවුන් තේරුම් ගෙන ඇති බවට වග බලා ගන්න. සත්‍යය හඳුනාගැනීමට අපට මෙම රටාව භාවිත කළ හැක්කේ කෙසේද?
මම සෑමවිටම මගේ ගිවිසුම් තබා ගත යුතුයි.
-
ලිමන් කෝප්ලිගේ ඉඩමේ ජීවත් වීමට පැමිණි ශුද්ධවන්තයින්ට සිදු වූ දේ ඔබේම වචන වලින් ඔබේ දරුවන් සමඟ බෙදා ගන්න (54 වෙනි කොටසෙහි ශීර්ෂය බලන්න). ඔබේ දරුවන්ට ඔහායෝ වෙත පැමිණි සභාවේ සාමාජිකයෙකු ලෙස පෙනී සිටිය හැකිය. ලිමන් ඔහුගේ ගිවිසුම කඩ කළ පසු ඔවුන්ට කෙසේ හැඟෙන්නට ඇත්ද? අපගේ ගිවිසුම් හෝ පොරොන්දු ඉටු කිරීම ගැන මෙයින් අපට උගන්වන්නේ කුමක්ද? තම ගිවිසුම් තබන පුද්ගලයින්ට ලැබෙන ආශිර්වාද සොයාගැනීම සඳහා, එකට එකතු වී දහම සහ ගිවිසුම් 54:6 කියවන්න.
මට අනෙක් අයට ආශිර්වාද කිරීම සඳහා දෙවියන්වහන්සේ මට දී ඇති ආශිර්වාද භාවිතා කිරීමට පුළුවන්.
-
55 වෙනි කොටස හඳුන්වා දීම සඳහා, විලියම් ඩබ්ලිව්. ෆෙල්ප්ස් යනු ශුභාරංචිය ගැන ඉගෙන ගෙන සභාවට සම්බන්ධ වූ පුවත්පත් ප්‍රකාශකයෙකු බව පැහැදිලි කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය. ඔබේ දරුවන් සමඟ දහම සහ ගිවිසුම් 55:1–4 කියවන්න, එමෙන්ම විලියම් කරනවාට දෙවියන්වහන්සේට අවශ්‍ය වූ දේ සොයා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න. විලියම්ගේ දක්ෂතා භාවිතා කිරීමට උන්වහන්සේ සැලසුම් කළේ කෙසේද? මෙය දෙවියන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කිරීම සඳහා අපගේ දක්ෂතා භාවිතා කිරීමට අපට ආරාධනා කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකට තුඩු දිය හැකිය.
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.