“මැයි 19–25: ‘දෙවියන්වහන්සේගෙන් පැමිණෙන සෑම දෙයක්ම ආලෝකය වේ’: දහම සහ ගිවිසුම් 49–50,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 49–50,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
මැයි 19–25: “දෙවියන්වහන්සේගෙන් පැමිණෙන සෑම දෙයක්ම ආලෝකය වේ”
දහම සහ ගිවිසුම් 49–50
ගැලවුම්කරුවාණන් අපගේ “යහපත් එඬේරාණෝය (දහම සහ ගිවිසුම් 50:44). සමහර අවස්ථාවලදී බැටළුවන් ඉබාගාතේ යන බවත් ඒවගේම පාළුකරයේ බොහෝ අනතුරු ඇති බවත් උන්වහන්සේ දන්නවා. එබැවින් උන්වහන්සේ ප්‍රේමයෙන් යුතුව උන්වහන්සේගේ දහමේ ආරක්‍ෂාව වෙත අපව ගෙන යනවා. “ලෝකය රවටාලමින්, පොළොව තුළ ඉදිරියට යන බොරු ආත්මයන් වූ ආත්මයන් බොහෝමයක්” (දහම සහ ගිවිසුම් 50:2) වැනි අනතුරු වලින් උන්වහන්සේ අපව ඉවතට ගෙන යනවා. උන්වහන්සේව අනුගමනය කිරීම යනුවෙන් බොහෝ විට අදහස් කරන්නේ වැරදි අදහස් හෝ සම්ප්‍රදායන් අත්හැරීමයි. ඔහායෝ හි සිටි ලිමන් කෝප්ලි සහ අනෙකුත් අයට මෙය සත්‍යයක් වුණා. ඔවුන් නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිගෙන තිබූ නමුත්, නිවැරදි නොවන සමහර විශ්වාසයන් මත තවමත් රැඳී සිටියා. විවාහය සහ ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම වැනි මාතෘකා පිළිබඳ ලිමන්ගේ පෙර විශ්වාසයන් නිවැරදි කරන ලද සත්‍යයන් දහම සහ ගිවිසුම් 49 තුළ ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළා. ඔහායෝ හි සිටි ආගමට හැරුණු අය “[ඔවුන්ට] තේරුම්ගත නොහැකි ආත්මයන්” ලැබූ විට, ආත්මයාණන්ගේ ප්‍රකාශවීම් හඳුනාගන්නා ආකාරය ස්වාමින්වහන්සේ ඔවුන්ට ඉගැන්වුවා (දහම සහ ගිවිසුම් 50:15). “කරුණාවෙන් හා සත්‍යය පිළිබඳ දැනුමෙන් වර්ධනය විය යුතු” උන්වහන්සේගේ “කුඩා දරුවන්” වන අප සමඟ යහපත් එඬේරාණන් ඉවසිලිවන්තව සිටිනවා (දහම සහ ගිවිසුම් 50:40).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සත්‍යයන් වැළඳගන්නවාට උන්වහන්සේ කැමතියි.
සභාවට සම්බන්ධ වීමට පෙර, ලිමන් කෝප්ලි ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳ එක්සත් ඇදහිලිවන්තයන්ගේ සංගමය, එමෙන්ම ශේකර්වරුන් ලෙස හැඳින්වූ ආගමික කණ්ඩායමක සාමාජිකයෙක් වී හිඳ තිබුණා. ලිමන් සමඟ සංවාදයකින් පසුව, ජෝසෆ් ස්මිත් ෂේකර්වරුන්ගේ සමහර ඉගැන්වීම් පිළිබඳව ස්වාමින්වහන්සේගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියා. 49 වෙනි කොටසේ එළිදරව්ව සමඟ ස්වාමින්වහන්සේ ප්‍රතිචාර දැක්වුවා. ෂේකර්වරුන්ගේ සමහර විශ්වාසයන් එම කොටස් ශීර්ෂයේ සඳහන් වෙනවා.
ෂේකර්වරුන්ගේ විශ්වාසයන් නිවැරදි කිරීමට ස්වාමින්වහන්සේ 49 වෙනි කොටසේ ඉගැන්වූයේ කුමක්ද? උන්වහන්සේගේ සත්‍යයේ පූර්ණත්වය නැති පුද්ගලයින් කෙරෙහි, උන්වහන්සේගේ ප්‍රේමය සහ සැලකිල්ල ගැන මෙම එළිදරව්ව තුළ ඔබ දකින සාක්ෂි මොනවාද? ආදරයෙන් හා සැලකිල්ලෙන් ඔබට ඔවුන් වෙත ළඟා විය හැක්කේ කෙසේද?
2 වෙනි පදයේ ස්වාමින්වහන්සේගේ නිරීක්ෂණය ගැන ඔබව විශ්මයට පත් කරන්නේ කුමක්ද? ඔබ චිත්‍රපටියක කොටසක් පමණක් නැරඹුවොත්, ප්‍රහේලිකාවක එක් කෑල්ලක් දෙස පමණක් බැලුවහොත් හෝ තර්කයක එක් පැත්තක් පමණක් ඇසුවහොත් සිදු වන දෙය සමඟ ඔබට මෙය සසඳන්න පුළුවන්. ස්වාමින්වහන්සේගේ අනතුරු ඇඟවීම දහම සහ ගිවිසුම් 50:24 හා සම්බන්ධ වන්නේ කෙසේද? ස්වාමින්වහන්සේගෙන් වැඩි ආලෝකයක් ලබා ගැනීමට ඔබ කරන්නේ කුමක්ද කියා සලකා බලන්න.
පිරිමියා සහ ස්ත්‍රිය අතර විවාහය දෙවියන්වහන්සේගේ සැලැස්මට අත්‍යවශ්‍ය වේ.
විවාහය ගැන ව්‍යාකූලත්වයක් ඇති ඇති කිරීමෙන්, ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම අඩපණ කිරීමට සාතන් උත්සාහ කරනවා. අනෙක් අතට, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් හරහා විවාහය පිළිබඳ සත්‍යය එළිදරව් කරනවා. ඔබට මෙම සත්‍යයෙන් සමහරක් දහම සහ ගිවිසුම් 49:15–17; උත්පත්ති 2:20–24; 1 කොරින්ති 11:11; සහ “පවුල: ලෝකයට ප්‍රකාශනයකි” තුළ සොයාගැනීමට පුළුවන්. ඔබ සොයා ගන්නා සත්‍යයන් ලැයිස්තුවක් සාදන්න. දෙවියන්වහන්සේගේ සැලැස්මට විවාහය එතරම් වැදගත් වන්නේ ඇයි?
වැඩිහිටි උලිසස් සෝරෙස් මෙසේ ඉගැන්වුවා “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය ලෞකික ජීවිතයේදී සහ සදාකාලිකත්වය තුළ ස්ත්‍රිය සහ පුරුෂයා අතර පූර්ණ හවුල්කාරිත්වයේ මූලධර්මය ගැන ප්‍රකාශ කරනවා.” (“ස්වාමින්වහන්සේ සමඟ හවුල් වීම,” ලියහෝනා, නොවැම්බර් 2022, 42). “පුරුෂයා සහ ස්ත්‍රිය අතර සහකාරිත්වය ශක්තිමත් කරන” ප්‍රතිපත්ති සොයමින් ඔබට ඔහුගේ පණිවිඩය අධ්‍යයනය කරන්න පුළුවන්. ඔබට මෙම ප්‍රතිපත්ති ඔබේ ජීවිතයට අදාළ කරගත හැක්කේ කෙසේද? වෙනත් ඇදහිල්ලක කෙනෙක්, විවාහය වැදගත් වන්නේ ඇයි කියා ඔබෙන් ඇසුවොත්, ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? මෙම අවබෝධය සඳහා ඔබ කෘතඥ වන්නේ ඇයි?
Renaissance of Marriage
පුද්ගලික තත්වයන් ගැන සංවේදී වන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ ප්‍රීතිමත් විවාහයක් සහ පවුල් ජීවිතයක් ඉතා හොඳ ආදර්ශයක් ලෙස පෙන්වා දුන්නත්, ලෞකිකත්වයේ ඉද්දි අපි හැම කෙනෙක්ටම මේ ආශිර්වාද එක වගේ විඳින්න හම්බෙන්නෙ නෑ. මෙම මාතෘකාව ගැන සාකච්ඡා කිරීමේදී, විවිධ පුද්ගල සහ පවුල් තත්වයන් කෙරෙහි, විශේෂයෙන්ම සදාකාලික පොරොන්දු ඉටු කිරීම සඳහා “ස්වාමින්වහන්සේ කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටින” පුද්ගලයින් සඳහා සංවේදී වන්න(බලන්න දහම සහ ගිවිසුම් 98:1–3).
සාතන්ගේ රැවටිලිවලින් මාව ආරක්ෂා කිරීමට ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම්වලට පුළුවන්.
ශුද්ධලියවිලිවල පොරොන්දු වී තිබෙන ආත්මික ප්‍රකාශවීම් ලබාගැනීමට, ඔහායෝ හි සභාවේ නව සාමාජිකයින් ඉතා උද්යෝගයෙන් බලා සිටියා. කෙසේවෙතත්, සාතන් ඔවුන්ව රැවටීමට උද්යෝගිමත් වුණා. ශුද්ධාත්මයාණන්ගේ සැබෑ ප්‍රකාශනයන් හඳුනා ගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට මෙම සාමාජිකයින්ට උපකාර කිරීමට ඔබෙන් ඉල්ලා සිටියේ නම්, ඔබ බෙදාගන්නේ දහම සහ ගිවිසුම් 50 තුළ ඇති කුමන මූලධර්ම ද? (විශේෂයෙන් බලන්න 22–25, 29–34, 40–46 පද). සත්‍යය සහ වැරැද්ද අතර වෙනස දැනගැනීමට ගැලවුම්කරුවාණන් ඔබට උපකාර කර ඇත්තේ කෙසේ ද?
තවත් බලන්න 1 කොරින්ති 14:1–28; 2 තිමෝති 3:13–17.
ගුරුවරුන්ව සහ ඉගෙන ගන්නන්ව ආත්මයාණන් විසින් පෝෂණය කරනු ඇත.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට අනුව ජීවත්වීම මගින්, ගුරුවරුන් වීමටත් එමෙන්ම ඉගෙන ගන්නන් වීමටත්, නිවසේදී සහ සභාවේදී බොහෝ අවස්ථාවන් ලැබෙනවා. ඔබට දහම සහ ගිවිසුම් 50:13–24 අධ්‍යයනය කළ හැකි එක් ක්‍රමයක් නම්, ගුරුවරයෙකුගේ සහ ඉගෙන ගන්නෙකුගේ චිත්‍රයක් ඇඳීමයි. ඒ එක් එක් චිත්‍රය අසලින්, ශුභාරංචිය ඉගෙනීම සහ ඉගැන්වීම ගැන ඔබට යමක් උගන්වන, මෙම පද වලින් තෝරාගන්නා වචන සහ වාක්‍ය ඛණ්ඩ ලැයිස්තුවක් සාදන්න. ඉගැන්වීමේදී සහ ඉගෙන ගැනීමේදී ආත්මයාණන්ගේ වැදගත්කම ගැන ඔබට ඉගැන්වූ අත්දැකීම් ඔබට ලැබී තිබේද? ශුභාරංචිය ඉගෙන ගන්නෙකු සහ ගුරුවරයෙකු ලෙස ඔබේ උත්සාහය වැඩිදියුණු කිරීමට ඔබට කළ හැකි දේ ගැන සලකා බලන්න.
“දෙවියන්වහන්සේගෙන් පැමිණෙන සෑම දෙයක්ම ආලෝකය වේ.”
ඔබ දහම සහ ගිවිසුම්50:23–25 තුළ ඇති ගැලවුම්කරුවාණන්ගේ වචන ගැන මෙනෙහි කරන විට, ඔබේ ජීවිතයට දෙවියන්වහන්සේගේ ආලෝකය ලැබෙන ආකාරය සහ ඔබ “අන්ධකාරය පලවා හරින” ආකාරය ගැන සිතන්න. උදාහරණයක් ලෙස, මෙම පද ඔබ කාලය ගත කරන ආකාරය පිළිබඳ ඔබේ තේරීම්වලට මගපෙන්වන්නේ කෙසේද? ඔබ සෙවිය යුතු විනෝදාස්වාදය හෝ මාධ්‍ය මොනවාද? ඔබ කුමන සංවාදවල යෙදිය යුතුද? තවත් කුමන තීරණ සඳහා මෙම පද ඔබට උපකාර කරනවාද?
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්න මට පුළුවන්.
-
මෙම පදවල ඇති මූලධර්ම ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීම සඳහා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල, පසුතැවිලි වීම, බව්තීස්මය සහ ශුද්ධාත්මයාණන්වහන්සේව ලබාගැනීම යන දේවල් නිරූපණය කරන කඩදාසි වලින් නිර්මාණය කරන අඩි සලකුණු සහ පින්තූර හතරක් සූදානම් කිරීමට ඔබට පුළුවන්. (මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුවේ පින්තූර බලන්න). එම අඩි සලකුණු සහ පින්තූර පොළොව මත එක ලඟ තැබීමට ඔබේ දරුවන්ට පුළුවන්. ඉන්පසු ඔබ දහම සහ ගිවිසුම් 49:12–14 කියවන අතරතුර ඔවුන්ට එම අඩි සලකුණු මත මාරුවෙන් මාරුවට ගමන් කරන්න පුළුවන්. අපි මේ පින්තූරවල තියෙන දේවල් කරන විට අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන බව තේරුම් ගැනීමට ඔවුන්ට උදව් කරන්න.
-
දහම සහ ගිවිසුම් 49:12–14; ක්‍රියා 2:38; සහ ඇදහිල්ලේ කරුණු වල හතරවෙනි පදය යන පද සංසන්දනය කිරීමට ඔබට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්. ඔවුන් සොයා ගන්නා සමානකම් මොනවාද? මෙම සත්‍යයන් වැදගත් වන්නේ ඇයි?
පිරිමියා සහ ස්ත්‍රිය අතර විවාහය දෙවියන්වහන්සේගේ සැලැස්මට අත්‍යවශ්‍ය වේ.
-
මෙම පද හඳුන්වා දීම සඳහා, ෂේකර්වරුන් යනු පුද්ගලයින් විවාහ නොවිය යුතු යැයි විශ්වාස කළ ආගමික කණ්ඩායමක් බව ඔබට පැහැදිලි කළ හැකිය (දහම සහ ගිවිසුම් 49 වෙනි කොටසේ ශීර්ෂය බලන්න). දහම සහ ගිවිසුම් 49:15–17 හි විවාහය ගැන ස්වාමින්වහන්සේ ඉගැන්වූ දේවල් සොයා ගැනීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න. “විවාහය දෙවියන්වහන්සේ විසින් නියම කර ඇත” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සමහරවිට ඔබට “පවුල: ලෝකයට ප්‍රකාශනයකි” හි පළමු ඡේද තුන එකට එක් වී කියවිය හැකිය. ඉන්පසුව ස්වර්ගීය පියාණන්වහන්සේට විවාහය සහ පවුල වැදගත් වන්නේ මන්දැයි කතා කරන්න.
“දෙවියන්වහන්සේගෙන් පැමිණෙන සෑම දෙයක්ම ආලෝකය වේ.”
-
දහම සහ ගිවිසුම් 50:23–25 හඳුන්වා දීමට, ආලෝකය සහ අඳුර අතර වෙනස ගැන ඔබේ දරුවන් සමඟ කතා කරන්න. අපට ආලෝකය අවශ්‍ය වන්නේ ඇයි? ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 50:23–25 කියවිය හැකිය. අපට දෙවියන්වහන්සේගේ ආලෝකය ලැබෙන ආකාරය සහ අපට අන්ධකාරය පලවා හැරිය හැකි මාර්ග ගැන කතා කරන්න.
යේසුස් ක්‍රිස්තුස්වන්සේ මගේ යහපත් එඬේරාණන් වේ.
-
එකට එකතු වී දහම සහ ගිවිසුම් 50:40–46 කියවීමෙන් පසු, ඔබට මෙම දළ සටහනේ අවසානයේ ඇති ගැලවුම්කරුවාණන්ගේ පින්තූරය පෙන්වා මෙවැනි ප්‍රශ්න ඇසීමට හැකිය: එඬේරෙකුට ඔහුගේ බැටළුවන් ගැන හැඟෙන්නේ කෙසේද? ගැලවුම්කරුවාණන් අපට එඬේරෙකු මෙන් වන්නේ කෙසේද?
තවත් අදහස් සඳහා, මිතුර සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.