“මැයි 12–18: ‘අවංකව යහපත් දීමනා සොයන්න’: දහම සහ ගිවිසුම් 46–48,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 46–48,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: 2025
වර්තිංටන් විට්‍රෙජ් විසින්, The Camp Meeting [කඳවුරු රැස්වීම]
මැයි 12–18: “අවංකව යහපත් දීමනා සොයන්න”
දහම සහ ගිවිසුම් 46–48
පාර්ලි පී. ප්‍රැට්, ඔලිවර් කවුඩ්‍රි, සීබා පීටර්සන් සහ පීටර් විට්මර් කණිෂ්ඨ යන අය ශුභාරංචිය දේශනා කිරීම දිගටම කරගෙන යාම සඳහා කර්ට්ලන්ඩ් හැර යද්දි, සභාවේ නව සාමාජිකයින් 100කට වඩා වැඩි පිරිසක්ව ඔවුන් තනි කර ගිය අතර, එම පිරිසට මහත් උද්යෝගයක් තිබුණත්, ඔවුන්ට එතරම් අත්දැකීම් හෝ මගපෙන්වීමක් තිබුණේ නෑ. ඔවුන්ට උපදේශන අත්පොත්, නායකත්ව පුහුණු රැස්වීම්, ප්‍රධාන සම්මන්ත්‍රණ විකාශන වගේ කිසිවක් තිබුණේ නෑ–ඇත්ත වශයෙන්ම, ඔවුන් සෑම කෙනෙක්ටම භාවිතා කිරීමට තරම් ප්‍රමාණවත් ලෙස මොර්මොන්ගේ පොතේ පිටපත් පවා තිබුණේ නෑ. මෙම නව ඇදහිලිවන්තයන්ගෙන් බොහෝ දෙනෙක් නැවත පිහිට වූ ශුභාරංචිය වෙත ඇදී විත් තිබුණේ, විශේෂයෙන්ම අලුත් ගිවිසුමේ විස්තර කර ඇති, ආත්මයාණන්ගේ ආශ්චර්යමත් ප්‍රකාශනයන් පිළිබඳ පොරොන්දුව මගින් (උදාහරණයක් ලෙස බලන්න, 1 කොරින්ති 12:1–11). නමුත් බොහෝ දෙනෙකුට ආත්මයාණන්ගේ සැබෑ ප්‍රකාශයන් හඳුනා ගැනීමට අපහසු වුණා. ව්‍යාකූලත්වය දුටු ජෝසෆ් ස්මිත් උදව් ඉල්ලා යාච්ඤා කළා. මිනිසුන් බොහෝ විට ආත්මයාණන්ගේ දේවල් ප්‍රතික්ෂේප කරන විට හෝ නොසලකා හරින විට, ස්වාමින්වහන්සේගේ මෙම පිළිතුර අදත් වටිනවා. අධ්‍යාත්මික ප්‍රකාශනයන් සැබෑ බව උන්වහන්සේ යළිත් තහවුරු කළා. ඒවා මොනවාදැයි කියාත් උන්වහන්සේ පැහැදිලි කළා: ආදරණීය ස්වර්ගික පියෙකුගෙන් ලැබෙන දීමනා වන “ඒවා දෙන ලද්දේ [උන්වහන්සේට] ප්‍රේම කරන සහ [උන්වහන්සේගේ] ආඥාවන් සියල්ලම පවත්වන ඔවුන්ගේ ප්‍රයෝජනය උදෙසාය, තවද එසේ කිරීමට සොයන ඔහුට ය” (දහම සහ ගිවිසුම් 46:9).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ගැලවුම්කරුවාණන්ගේ සභාවේ නමස්කාර කිරීමට කැමති සියල්ලන්වම උන්වහන්සේ සාදරයෙන් පිළිගන්නවා.
ඔබේ කොට්ඨාශයේ නමස්කාර සේවාවලට ඔබේ මිතුරන්ව සහ ඔබේ අසල්වැසියන්ව සාදරයෙන් පිළිගන්නවා යැයි ඔබට හැඟෙනවාද? ඔබේ සභාවේ රැස්වීම්, මිනිසුන්ට නැවත පැමිණීමට අවශ්‍ය ස්ථාන බවට පත් කිරීමට ඔබ කරන්නේ කුමක්ද? දහම සහ ගිවිසුම් 46:1–7 හි ඇති ස්වාමින්වහන්සේගේ උපදෙස් අදාළ කරගත හැක්කේ කෙසේද කියා මෙනෙහි කරන්න (තවත් බලන්න 2 නෙපී 26:24–28; 3 නෙපී 18:22–23).
ඔබ පළමු වතාවට සභාවේ සේවාවන්ට හෝ වෙනත් කණ්ඩායමක රැස්වීමකට සහභාගි වූ අවස්ථාවක් ගැනද ඔබට සිතිය හැකිය. ඔබව සාදරයෙන් පිළිගැනීමට ඒ අය කළේ කුමක්ද?
තවත් බලන්න මොරෝනි 6:5–9.
Welcome Comeuntochrist.org
අනෙක් අයට ආශිර්වාද කිරීම සඳහා ස්වර්ගික පියාණන්වහන්සේ මට ආත්මික දීමනා ලබාදෙන සේක
මුල් ශුද්ධවන්තයින් ආත්මික දීමනා විශ්වාස කළ නමුත් ඒවා හඳුනා ගැනීමට සහ ඒවායේ අරමුණ තේරුම් ගැනීමට ඔවුන්ට යම් උපකාරයක් අවශ්‍ය වුණා. ඔබ දහම සහ ගිවිසුම් 46:7–33 හි ආත්මික දීමනා ගැන අධ්‍යයනය කරන විට, “ඒවා [කුමක් සඳහා] ලබා දී තිබේ ද” (8 වෙනි පදය) කියා මෙනෙහි කරන්න. මෙම දීමනා ලබාදෙන දෙවියන්වහන්සේ ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?
මෙම දීමනා හෝ වෙනත් ආත්මික දීමනා භාවිතා කරන පුද්ගලයින් ගැන ඔබ දැක ඇති උදාහරණ ඔබට මතක් කළ හැකි ද? ඒවා “දෙවියන්වහන්සේගේ දරුවන්ට ප්‍රයෝජනවත් වන්නේ” කෙසේද? (26 වෙනි පදය). ඔබට මෙවැනි ශුද්ධලියවිලිවල විවිධ ආත්මික දීමනා පිළිබඳ උදාහරණ හඳුනා ගත හැකි දැයි බැලිය හැකිය: 1 රාජාවලිය 3:5–15; දානියෙල් 2:26–30; ක්‍රියා 3:1–8; හිලමන් 5:17–19; මොර්මොන් 1:1–5; ඊතර් 3:1–15; දහම සහ ගිවිසුම් 6:10–12; මෝසෙස් 7:13.
ආත්මික දීමනා ගැන ඔබගේ අධ්‍යයනය තුළින් දෙවියන්වහන්සේ ඔබට දී ඇති දීමනා මොනවාදැයි මෙනෙහි කිරීමට ඔබට මගපෙන්වීමක් ලැබිය හැකිය. උන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කිරීමට ඔබට මෙම දීමනා භාවිතා කළ හැක්කේ කෙසේ ද? ඔබට ආදිපීතෘ ආශිර්වාදයක් තිබේ නම්, ඔබට ලබාදී ඇති දීමනා එහි සඳහන් වී තිබීමට ඉඩ ඇත. වැඩිහිටි කණිෂ්ඨ ජෝන් සී පිංග්‍රීගේ “නුඹ සඳහා මට කාර්යයක් තිබේ” යන පණිවිඩය කියවීමෙන් ඔබ නොසිතූ දීමනා ගැන සිතීමට ඔබේ මනස විවෘත විය හැකිය (ලියහෝනා, නොවැම්බර් 2017, 32–35).
ආත්මික දීමනා වර්ධනය කරගන්නා ආකාරය ගැන ඉගෙනීමට ඔබ කැමති නම්, වැඩිහිටි ජුවාන් පැබ්ලෝ විලර්ගේ “අපගේ ආත්මික මාංශපේශීන් ක්‍රියාත්මක කිරීම” යන පණිවිඩයේ ආරම්භයේ ඇති ප්‍රතිසමය ඔබට උපකාර විය හැකිය (ලියහෝනා, මැයි 2019, 95). ඔබේ ආත්මික දීමනා වර්ධනය කර ගැනීමට ඔබට උපකාර කළ හැකි “ක්‍රියාකාරකම්” මොනවා ද?
ස්වාමින්වහන්සේගේ සභාව විසින් ඉතිහාස වාර්තාවක් තබාගැනීම උන්වහන්සේට අවශ්‍යයි.
සභාවේ ඉතිහාස වාර්තාවක් තබා ගැනීමට ජෝන් විට්මර් ලැබූ කැඳවීම, දෙවියන්වහන්සේගේ සෙනඟ අතර වාර්තා තබන්නන්ගේ දිගු සම්ප්‍රදාය දිගටම පවත්වාගෙන යාමකි. ඔබ සිතන ආකාරයට ඉතිහාස වාර්තාවක් තබා ගැනීම ස්වාමින්වහන්සේට එතරම් වැදගත් ඇයි? ඔබ 47 වැනි කොටස මෙන්ම 2 නෙපී 29:11–12; මෝසෙස් 6:5; ආබ්‍රහම් 1:28, 31 යන පද වල ඇති ඒ හා සමාන උපදෙස් කියවන විට මේ ගැන මෙනෙහි කරන්න. ඔබට හැඟෙන ආකාරයට, ඔබ ඔබේ ජීවිතය ගැන කුමක් වාර්තා කරනවාට, ස්වාමින්වහන්සේ කැමති වෙයිද?
FamilySearch තුළ, ඔබට ඔබේ ජීවිතයෙන් සහ ඔබේ මුතුන් මිත්තන්ගේ ජීවිතවලින් මතකයන් සහ අත්දැකීම් වාර්තා කළ හැකිය (බලන්න FamilySearch.org).
ජෝන් විට්මර්
මම මගේ කැඳවීම ඉටු කරන විට ශුද්ධාත්මයාණන්ට මාව මෙහෙයවිය හැකිය.
ජෝන් විට්මර්ගේ කැඳවීම පැමිණියේ දෙවියන්වහන්සේගෙන් බව සහතික කරගැනීමට ඔහුට අවශ්‍ය වූ විට ඔහුට හැඟුණු දේ සමඟ ඔබට සම්බන්ධ විය හැකිය. ජෝන් විට්මර්ට—සහ ඔබට—උන්වහන්සේ ලබා දෙන කැඳවීම් ඉටුකිරීමට ආත්ම විශ්වාසයක් ඇති කරගැනීම සඳහා ස්වාමින්වහන්සේ දහම සහ ගිවිසුම් 47 හි පැවසුවේ කුමක් ද?
ගුරුවරයෙකුගේ භූමිකාව. ඉගැන්වීම යනු තොරතුරු ඉදිරිපත් කිරීමට වඩා වැඩි දෙයකි. පන්ති සාමාජිකයින්ට තමන් සඳහා සත්‍ය ඉගෙන ගැනීමට සහ සොයා ගැනීමට මෙන්ම ඔවුන් ඉගෙන ගත් දේ එකිනෙකා සමඟ බෙදා ගැනීමට පරිසරයක් නිර්මාණය කිරීම එයට ඇතුළත් වෙනවා (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 26).
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
සභාවේදී අන් අයට ඔවුන්ව පිළිගන්නා බවක් දැනීමට උදව් කරන්න මට පුළුවන්.
-
ඔබේ දරුවන් සමඟ දහම සහ ගිවිසුම් 46:5 කියවීමෙන් පසු, ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ සභාවට පැමිණෙන පුද්ගලයින්ට කෙලෙස දැනෙනවාට දැයි ඔබේ දරුවන් සමඟ සාකච්ඡා කරන්න. සභාවේදී පළමු වතාවට ඔවුන් කෙනෙකුව දකිනවා යැයි සිතීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න. තමන්ට පිළිගැනීමක් තිබෙනවා කියා මෙම පුද්ගලයාට ඒත්තු ගැන්වීමට කළ හැකි දේවල් පුහුණු වීමට ඔවුන්ට උදව් කරන්න.
අනෙක් අයට ආශිර්වාද කිරීමට ස්වර්ගික පියාණන්වහන්සේ මට දීමනා ලබා දෙනවා.
-
දහම සහ ගිවිසුම් 46:13–26 හි විස්තර කර ඇති ආත්මික දීමනා ගැන ඔබේ දරුවන්ට ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා , මෙම අදහස සලකා බලන්න. මෙම දීමනා කඩදාසි මත ලියා ඔබට ඒවා කාමරය වටා සැඟවිය හැකිය. ඔබේ දරුවන් මේ කඩදාසි සොයා ගන්නා විට, එම දීමනාව ගැන 46 වෙනි කොටසෙහි සඳහන් කර ඇති ස්ථානය සොයා ගැනීමට ඔවුන්ට උදවු කරන්න. සෑම දීමනාවක් ගැනම, එය අන් අයට ආශිර්වාද කිරීමට භාවිතා කළ හැකි ආකාරය ගැන ඔවුන් සමඟ කතා කරන්න.
2:19Chapter 20: Gifts of the Spirit: 8•March 1831
-
ඔබට දැනෙන ලෙස ස්වර්ගික පියාණන්වහන්සේ ඔබේ දරුවන්ට ලබා දී ඇති දීමනා ගැන ඔවුන්ට කියන්න, ඉන්පසු ඔවුන් එකිනෙකාට ලැබී ඇති දීමනා ගැන සාකච්ඡා කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න. දහම සහ ගිවිසුම් 46:8–9, 26 ට අනුව , ස්වර්ගික පියාණන්වහන්සේ අපට ආත්මික දීමනා ලබාදෙන්නේ ඇයි? අන් අයට උපකාර කිරීම සඳහා අපගේ දීමනා අපට භාවිතා කළ හැක්කේ කෙසේ ද?
මට මගේ ඉතිහාසය වාර්තා කරන්න පුළුවන්.
-
දහම සහ ගිවිසුම් 47:1, 3 හි ජෝන් විට්මර් කරනවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය වූ දේ සොයා ගැනීමට ඔබේ දරුවන්ට ඉඩ දෙන්න. ඔබට ශුද්ධලියවිලිවල ඇති ප්‍රියතම කථාන්දර එකිනෙකා සමඟ බෙදා ගත හැකිය. අපි මේ කථාන්දර ගැන දන්නේ යමෙක් ඒවා වාර්තා කළ නිසා බව පෙන්වා දෙන්න.
-
ඔබේ දරුවන්ගේ පෞද්ගලික ඉතිහාසයන් වාර්තා කිරීමට ඔබ ඔවුන්ව පොළඹවන්නේ කෙසේදැයි සලකා බලන්න. ඔබට ඔබේ පුද්ගලික දිනපොතෙන් සමහර කොටස් බෙදාගත හැකිය එසේත් නැතිනම් මුතුන්-මිත්තෙකු ගැන කතාවක් බෙදාගත හැකිය (FamilySearch.org හෝ Memories යෙදුම බලන්න). “ඔබේ මුණුපුර-මිණිපිරියන් දැනගන්නවාට ඔබ කැමති, මේ සතිය තුළ සිදු වූ සිදුවීමක් තිබෙනවාද?” එසේත් නැතිනම් “මේ සතිය තුළ ඔබ ඔබේ ජීවිතයේ ස්වාමින්වහන්සේගේ හස්තය දැක්කේ කොහොමද?” වැනි ඔවුන්ට දින පොතේ සටහන් කළ හැකි දේවල් වලට අදහස්, ඔබට ඔවුන්ට ලබාදෙන්න පුළුවන්. කුඩා දරුවන්ට ඔවුන්ගේ අත්දැකීම්වල පින්තූර ඇඳිය හැකිය, නැතහොත් ඔවුන් කතා කරන විට ඔබට ඒවා පටිගත කළ හැකිය. “දිනපතා වාර්තා” තබාගැනීම මගින් පැමිණිය හැකි ආශිර්වාද මොනවාද? (දහම සහ ගිවිසුම් 47:1).
මට ලැබී ඇති දේ බෙදාගැනීම මගින් මට අනෙක් අයට උදව් කරන්න පුළුවන්.
-
ඔබ ඔබේ දරුවන් සමඟ දහම සහ ගිවිසුම් 48:2–3 කියවන විට, මිනිසුන් නැගෙනහිරින් ඔහායෝ වෙත පැමිණි බවත්, ඔවුන්ට ජීවත් වීමට තැනක් නොතිබූ බවත් ඔබට ඔවුන්ට පැහැදිලි කරන්න පුළුවන්. උපකාර කිරීම සඳහා කුමක් කරන ලෙස ස්වාමින්වහන්සේ ශුද්ධවන්තයින්ගෙන් ඉල්ලා සිටියේද්? ඔබේ දරුවන්ට අනෙක් අය සමඟ බෙදාගත හැකි, දෙවියන්වහන්සේ ඔවුන්ට ලබා දී ඇති දේවල් ගැන සිතීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න.
තවත් අදහස් සඳහා, මිතුර සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.