Doctrine and Covenants 2025
මැයි 5–11: “පොරොන්දු සම්පූර්ණ වේ”: දහම සහ ගිවිසුම් 45


“මැයි 5–11: ‘පොරොන්දු සම්පූර්ණ වේ’: දහම සහ ගිවිසුම් 45,’ එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 45,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

දේවමාළිගවේ සිටින පවුලක්

මැයි 5–11: “පොරොන්දු සම්පූර්ණ වේ”

දහම සහ ගිවිසුම් 45

45 වෙනි කොටසේ කොටස් ශීර්ෂයේ පවසන ආකාරයට, මෙම එළිදරව්ව ලැබී තිබුණේ, “ශුද්ධවන්තයින්ගේ ප්‍රීතිය” සඳහායි. එමෙන්ම මෙම එළිදරව්ව තුළ සතුටු විය යුතු බොහෝ දේ තිබෙනවා. එහි ගැලවුම්කරුවාණන් පියාණන්වහන්සේ ඉදිරියෙහි අප වෙනුවෙන් අයැද සිටින බවට උන්වහන්සේගේ මුදු මොළොක් පොරොන්දුව ලබා දෙනවා (බලන්න 3–5 පද). “[උන්වහන්සේගේ] ඉදිරියේ මාර්ගය පිළියෙල කරන පිණිස පණිවිඩකරුවකු” ලෙස උන්වහන්සේගේ සදාකාලික ගිවිසුම ලෝකය පුරා ව්‍යාප්ත වන ආකාරය ගැන උන්වහන්සේ පවසනවා. (9 වෙනි පදය ). එමෙන්ම උන්වහන්සේ තම තේජාන්විත දෙවන පැමිණීම ගැනත් අනාවැකි කියනවා. ගැලවුම්කරුවාණන් මේ සියල්ල කරන්නේ, උන්වහන්සේගේ පැමිණීමට පෙර, පැමිණීමට නියමිත අන්තරායන් නිසා, මෙය කරදරකාරී කාලයක් වන බව මතක් කරදෙන අතරතුරයි (බලන්න 34 වෙනි පදය). එහෙත් ඒ අන්තරායන්, ඒ අඳුර, බලාපොරොත්තුවේ ආලෝකය නිවා දැමීමට තරම් ශක්තිමත් නැත. ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා “සැබවක් මම නුඹලා හට පවසන්නෙමි අන්ධකාරයේ බබළන ආලෝකය මම වන්නෙමි” (7 වෙනි පදය). ප්‍රීතියෙන් යුතුව—උන්වහන්සේට ලබා දෙන්නට අවශ්‍ය උපදෙස් සහ අනතුරු ඇඟවීම් මොනවා වුණත්—මෙම එළිදරව්ව ලැබීමට එකම හේතුව එයයි.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 45:1–5

සෙමනේරි නිරූපකය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු පියාණන්වහන්සේ සමඟ මාගේ මැදිහත්කරුවාණන් වේ.

දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප ප්‍රමාණවත් නොවේ හෝ සුදුසු නොවේ කියා අපට හැඟෙන විට, අපට දහම සහ ගිවිසුම් 45:1–5 හි ගැලවුම්කරුවාණන්ගේ වචනවලින් අස්වැසිල්ලක් සොයාගත හැකිය. ඔබ මෙම පද උවමනාවෙන් කියවන විට, මෙවැනි ප්‍රශ්න ගැන සලකා බලන්න

  • ඔබට විශේෂයෙන් අර්ථවත් යැයි හැඟෙන්නේ මෙම පදවල ඇති කුමන වචන හෝ වාක්‍ය ඛණ්ඩ ද?

  • මැදිහත්කරුවෙකු යනු පුද්ගලයෙක් සඳහා හෝ හේතුවක් සඳහා ප්‍රසිද්ධියේ සහාය දක්වන හෝ එය නිර්දේශ කරන අයෙකි. මෙම පදවලට අනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ වෙනුවෙන් මෙය කරන්නේ කෙසේ ද? එය කිරීමට උන්වහන්සේව සුදුස්සෙකු කරන්නේ මොනවාද?

  • ගැලවුම්කරුවාණන් පියාණන්වහන්සේට පැවසූ වදන් ගැන ඔබේ සිත් ඇදගන්නාසුලු ඒවා මොනවාද? (4–5 පද).

ඔබ මෙදිනම තෝරාගන්න” (ලියහෝනා, නොවැම්බර් 2018, 104–5) හි අපගේ මැදිහත්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් ඉගැන්වූ දේ ඔබට අධ්‍යයනය කළ හැකිය. වැඩිහිටි රෙන්ලන්ඩ්ට අනුව, ගැලවුම්කරුවාණන්ගේ අරමුණ ලුසිෆර්ගේ අරමුණ සමඟ සැසඳෙන්නේ කෙසේ ද?

උපදේශවරයාණන් ලෙස ගැලවුම්කරුවාණන්ගේ භූමිකාව පිළිබඳ ඔබේ අවබෝධයට පහත ඡේද එකතු කළ හැකිය. ඔබ ඒවා අධ්‍යයනය කරන විට, ඔබට අන් අය සමඟ බෙදා ගත හැකි වාක්‍ය ඛණ්ඩ හෝ සත්‍යයන් ලියා ගැනීම ගැන සලකා බලන්න: 2 නෙපී 2:8–9; මොසායා 15:7–9; මොරෝනි 7:27–28; දහම සහ ගිවිසුම් 29:5; 62:1. මෙම වාක්‍ය ඛණ්ඩ ඔබට අර්ථවත් වන්නේ ඇයි?

10:47

The Mediator

දහම සහ ගිවිසුම් 45:9–10

ශුභාරංචිය ජාතීන්ට ආදර්ශයකි.

පුරාණයේ, ආදර්ශයක් යනු හමුදාවන් එක්රැස් කිරීම සහ එක්සත් කිරීම සඳහා භාවිතා කරන ලද සටන සඳහා රැගෙන යන බැනරයයි. ආදර්ශයක් යනු වෙනත් දේවල් මැනිය හැකි උදාහරණයක් හෝ රීතියකි. ඔබ දහම සහ ගිවිසුම් 45:9–10 කියවන විට, ස්වාමින්වහන්සේ සමඟ ඇති ඔබේ ගිවිසුම් ඔබට ආදර්ශයක් වී ඇති ආකාරය ගැන මෙනෙහි කරන්න.

දහම සහ ගිවිසුම් 45:11–75

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තේජසින් යුතුව නැවතත් පැමිණෙනු ඇත.

ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම “ශ්‍රේෂ්ඨ” සහ “භයානක” ලෙස දෙයාකාරයටම විස්තර කර ඇත (මලාකි 4:5). දහම සහ ගිවිසුම් 45 හි, විස්තර දෙකම ඒ හා ගැලපෙන බවක් පෙනෙනවා. මෙම එළිදරව්වට ස්වාමින්වහන්සේගේ පැමිණීම ගැන බරපතල අනතුරු ඇඟවීම් සහ බලාපොරොත්තු සහගත පොරොන්දු යන දෙවර්ගයම ඇතුළත් වෙනවා. ඔබ 11–75 පද අධ්‍යයනය කරන විට, බිය වනවාට වඩා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සමඟ ඔබට දෙවන පැමිණීම සඳහා සූදානම් විය හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න. මෙවැනි වගුවක ඔබ සොයා ගන්නා දේ සටහන් කරන්න:

අනාවැකිය හෝ පොරොන්දුව

මට කරන්න පුළුවන් මොනවද

අනාවැකිය හෝ පොරොන්දුව

අන්ධකාරයේ වාඩි වී සිටින ඔවුන් අතරට ආලෝකයක් (ශුභාරංචිය) වහා පැමිණෙන්නේය (28 වෙනි පදය)

මට කරන්න පුළුවන් මොනවද

ආලෝකය ලබාගන්න—එමෙන්ම එය බෙදාගන්න (29 වෙනි පදය)

අනාවැකිය හෝ පොරොන්දුව

මට කරන්න පුළුවන් මොනවද

අනාවැකිය හෝ පොරොන්දුව

මට කරන්න පුළුවන් මොනවද

අනාවැකිය හෝ පොරොන්දුව

මට කරන්න පුළුවන් මොනවද

3:24

Men's Hearts Shall Fail Them

දහම සහ ගිවිසුම් 45:31–32, 56–57

මට “ශුද්ධ වූ ස්ථානයන්හි නැගී සිටීමට” හැකි අතර නොසැලී සිටිය හැකිය.

ස්වාමින්වහන්සේගේ පැමිණීම සඳහා සූදානම් වීම ගැන දහම සහ ගිවිසුම් 45:31–32, 56–57 හි ඔබ ඉගෙන ගන්නේ මොනවාද? ඔබගේ “ශුද්ධ වූ ස්ථාන” මොනවා ද? “නොසැලී සිටීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබ සිටින ස්ථානය ඔබ වඩාත් ශුද්ධව තබාගන්න්නේ කෙසේ ද?

කන්‍යාවන් දස දෙනාගේ උපමාවේ ඇති තෙල්; සත්‍යයටත්, ශුද්ධාත්මයාණන්ටත් සසඳමින් ස්මින්වහන්සේ එම උපමාව පෙන්වා දෙන ආකාරය සලකා බලන්න. එය මනසේ තබාගෙන මතෙව් 25:1–13 හි උපමාව කියවීම සලකා බලන්න. ඔබ ලබා ගන්නා අවබෝධය කුමක්ද?

නුවණැති කන්‍යාවන් පස් දෙනෙක්

ඩෑන් බර් විසින්, Parable of the Ten Virgins [කන්‍යාවන් දස දෙනාගේ උපමාව]

දහම සහ ගිවිසුම් 45:11–15, 66–71

සයොනය යනු දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයින්ට ආරක්ෂිත ස්ථානයකි.

ජෝසෆ් ස්මිත්ගේ කාලයේ සිටි ශුද්ධවන්තයින් සයොනය හෙවත්, නව යෙරුසලම ගොඩනැගීමට උනන්දු වුණා (බලන්න ඊතර් 13:2–9; මෝසෙස් 7:18, 62–64). දහම සහ ගිවිසුම් 45:11–15, 66–71 වෙතින් සයොනය ගැන—එනම් ඊනොක්ගේ දවසේ එම පැරණි නගරය සහ පසුදවස්වල නගරය ගැන—ඔබ ඉගෙන ගන්නේ මොනවාද? සයොනය පිහිටුවීමේ ආඥාවෙන් අද අදහස් කරන්නේ අප ජීවත් වන ඕනෑම තැනක දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිහිටුවීමයි. ඔබ ජීවත් වන ඕනෑම තැනක සයොනය ගොඩනැගීමට උපකාර කිරීමට ඔබට කුමක් කළ හැකි ද?

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 45:3–5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේ සමඟ මාගේ මැදිහත්කරුවාණන්ය.

  • මැදිහත්කරුවෙකු යනු වෙනත් පුද්ගලයෙකුට සහාය දෙන අයෙකු බව ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය. එවිට ඔවුන්ට පුහුණු විය හැකි (මිතුරෙකු වෙනුවෙන් පෙනී සිටීම වැනි) මැදිහත්කරුවෙකු වීමේ උදාහරණ ගැන ඔබට කතා කළ හැකිය. ඔබ එකට එකතු වී දහම සහ ගිවිසුම් 45:3–5 කියවන විට, අපගේ මැදිහත්කරුවාණන් කවුද සහ උන්වහන්සේ අපට උපකාර කරන ආකාරය සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න.

දහම සහ ගිවිසුම් 45:32

මට “ශුද්ධ වූ ස්ථානවල සිටීමට” හැකිය.

  • කාමරය වටා; නිවසක, සභා ගොඩනැගිල්ලක සහ දේවමාළිගාවක පින්තූර තැබීම විනෝදජනක විය හැකිය. ඉන්පසු ඔබට මෙම ස්ථාන විස්තර කරන ඉඟි ඔබේ දරුවන්ට ලබා දී, ඔබ විස්තර කරන පින්තූරය අසල සිටීමට ඔවුන්ට ආරාධනා කළ හැකිය. ඔබ දහම සහ ගිවිසුම් 45:32 හි පළමු පේළිය කියවන අතරතුර නිශ්චලව සිටීමට ඔවුන්ට කියන්න. දෙවියන්වහන්සේ අපට දෙන සමහර ශුද්ධ වූ ස්ථාන මොනවාද? “ශුද්ධ වූ ස්ථානවල සිටීම, සහ … නොසැලී සිටීම” යන්නෙන් අදහස් කරන්නේ, කුමක් සිදු වුවත්, සෑමවිටම නිවැරදි දේ තෝරා ගැනීම බව ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කරන්න. අපගේ නිවස වඩාත් ශුද්ධ වූ ස්ථානයක් බවට පත් කරගන්නේ කෙසේ ද?

දහම සහ ගිවිසුම් 45:9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ලෝකයට ආදර්ශයකි.

  • අතීතයේදී ආදර්ශයක් යනු සටනට ගෙන යන බැනරයක් හෝ කොඩියක් බව ඔබට ඔබේ දරුවන්ට පැහැදිලි කළ හැකිය. සොල්දාදුවන් රැස්විය යුත්තේ කොතැනද සහ ඔවුන් කුමක් කළ යුතුද යන්න දැන ගැනීමට එය උපකාර වුණා. එකට එක් වී දහම සහ ගිවිසුම් 45:9 කියවන්න , ඉන්පසු ශුභාරංචිය ආදර්ශයක් වන ආකාරය ගැන සාකච්ඡා කරන්න. ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන රූප හෝ වචන ඇතුළුව, තමන්ගේම ආදර්ශයක් හෝ ධජයක් සෑදීමෙන් ඔබේ දරුවන්ට සතුටු විය හැකිය.

ආදර්ශයක් ඔසවමින්

ශුභාරංචිය, ආදර්ශයක් හෝ බැනරයක් හෝ ධජයක් වැනි ය.

දහම සහ ගිවිසුම් 45:44–45

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙනු ඇත.

  • දෙවෙනි පැමිණීමට පෙර සිදු වන විනාශය ගැන දරුවන් බිය විය හැකිය. ඔවුන්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමු කිරීමෙන්, ඇදහිල්ලෙන් යුතුව බලා සිටීමට ඔවුන්ට උපකාර කළ හැකිය! අච්චිලා සීයලා හෝ මිතුරෙකු වැනි විශේෂ කෙනෙකු ඔවුන්ව බැලීමට පැමිණෙන විට ඔවුන්ට හැඟෙන ආකාරය ගැන සිතා බැලීමට ඔවුන්ට ආරාධනා කිරීම ගැන සලකා බලන්න. ඔවුන් ඒ සඳහා සූදානම් වන්නේ කෙසේද? ඉන්පසු ඔබට ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් පෙන්වමින් දහම සහ ගිවිසුම් 45:44–45 කියවිය හැකිය. ගැලවුම්කරුවාණන්ගේ පැමිණීම ගැන ඔබට හැඟෙන ආකාරය එකිනෙකා සමඟ බෙදා ගන්න.

  • ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම ගැන ඔබේ දරුවන්ව උද්යෝගිමත් කිරීමට උපකාර කිරීම සඳහා, ඔබට 45 වෙනි කොටසේ ඇති බලාපොරොත්තු සහගත පොරොන්දු කිහිපයක් කඩදාසි මත ලිවිය හැකිය (උදාහරණයක් ලෙස බලන්න, 44–45, 51–52, 55, 58–59, 66–71 පද). ඔබේ දරුවන්ට එම කඩදාසි ලබා දෙන්න, ඉන්පසු ඔබ මෙම පද කියවන විට, ඔවුන් අත ඇති පොරොන්දුව කියවෙද්දි, අත ඔසවන ලෙස ඔවුන්ට කියන්න. මෙම පොරොන්දුවලින් අදහස් කරන්නේ කුමක්ද කියා සාකච්ඡා කරන්න.

ආත්මයාණන්වහන්සේව හඳුනා ගැනීමට දරුවන්ට උපකාර කරන්න. ඔබ ඔබේ දරුවන්ට උගන්වන විට, ඔබට ශුද්ධාත්මයාණන් දැනෙන්නේ නම් ඒ ගැන ඔවුන්ට කියන්න. ඔබ උන්වහන්සේසේගේ බලපෑම හඳුනා ගන්නා ආකාරය ගැන කතා කරන්න. නිදසුනක් වශයෙන්, ගැලවුම්කරුවාණන් ගැන ගීතයක් ගායනා කරන විට ඔබට සාමකාමී හෝ ප්‍රීතිමත් හැඟීමක් ඇති විය හැකිය.

තවත් අදහස් සඳහා, මිතුර සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම

හැරී ඇන්ඩර්සන් විසින්, The Second Coming [දෙවන පැමිණීම]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව