Doctrine and Covenants 2025
ජුනි 16–22: “ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ හදවත සහ කැමැත්ත ඇති මනසක්ය”: දහම සහ ගිවිසුම් 64–66


“ජුනි 16–22: ‘ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ හදවත සහ කැමැත්ත ඇති මනසක්ය’: දහම සහ ගිවිසුම් 64–66,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 64–66,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ඩේවිස් ප්‍රාන්තය, මිසුරි

ඩේවිස් ප්‍රාන්තය, මිසුරි

ජුනි 16–22: “ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ හදවත සහ කැමැත්ත ඇති මනසක්ය”

දහම සහ ගිවිසුම් 64–66

1831 අගෝස්තු මාසයේ දැඩි රස්නය දරාගනිමින්, වැඩිහිටියන් කිහිප දෙනෙක් මිසුරි හි සයොන දේශයේ සිට කර්ට්ලන්ඩ් වෙත ආපසු යමින් සිටියා. මෙම සංචාරකයින් බොහෝ රස්නයෙන් වෙහෙස වී සිටි අතර, ඔවුන්ට තිබූ ආතතිය ඉක්මණින් අරවුලක් බවට පත්වුණා. ප්‍රේමයේ, එකමුතුකමේ සහ සාමයේ නගරයක් වූ සයොනය ගොඩනැගීම බොහෝ කාලයක් ගතවන දෙයක් සේ පෙනෙන්නට තිබුණා.

වාසනාවකට මෙන්, 1831 දී මිසුරි හි සයොනය ගොඩනැගීමට හෝ අද දින අපේ හදවත්, පවුල් සහ කොට්ඨාශ වල සයොනය ගොඩනැගීමට අපි පරිපූර්ණ වීම අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වෙනුවට, “කමාව දීම නුඹලාගෙන් අවශ්‍ය වන්නේය” යනුවෙන් ස්වාමින්වහන්සේ පැවසුවා (දහම සහ ගිවිසුම් 64:10). උන්වහන්සේට අවශ්‍ය වන්නේ, “හදවත සහ කැමැත්ත ඇති මනසක්” (34 වෙනි පදය). ඒවගේම උන්වහන්සේ ඉවසීම සහ උද්‍යෝගය බලාපොරොත්තු වෙනවා, මොකද සයොනය ගොඩනැගී තිබෙන්නේ, “යහපත කිරීමේදී විඩාපත් නොවන” අය මගින් ඉටුකරගත් “කුඩා දේවල් වලින්,” යුත් අත්තිවාරමකයි (33 වෙනි පදය).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 64:1–11

සෙමනේරි නිරූපකය
“එකිනෙකාට සමාව දෙන්න.”

ඔබ දහම සහ ගිවිසුම් 64:1–11 අධ්‍යයනය කරන විට පහත කරුණු සලකා බලන්න:

  • ස්වාමින්වහන්සේ ඔබට සමාව දුන් අවස්ථාවක් ගැන සිතන්න. ඔබට දැනුණේ කෙසේද?

  • ඔබ සමාව දිය යුතු කෙනෙක් සිටිනවාද? අන් අයට සමාව දීම එතරම් අපහසු විය හැක්කේ මන්ද? මෙම දුෂ්කරතා මගහරවා ගැනීමට ඔබට උදව් වන්නේ මොනවාද?

  • දහම සහ ගිවිසුම් 64:1–11 හි සමාව දීම ගැන ඔබට වැදගත් යැයි පෙනෙන සත්‍යයන් මොනවාද? ඔබ සිතන ආකාරයට, “සියලු මනුෂ්‍යයන්ට කමාව දීම” ස්වාමින්වහන්සේ අපට ආඥා කර ඇත්තේ ඇයි? (10 වෙනි පදය).

ඔබ සමාව දීමට අරගල කරන්නේ නම්, වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ්ගේ “දේවසේවය ප්‍රතිසන්ධානය” (ලියහෝනා, නොවැම්බර් 2018, 77–79) යන පණිවිඩය හෝ ක්‍රිස්ටින් එම්. යීගේ “අළු වෙනුවට මාලයක්: සමාව දීමේ සුව කිරීමේ මාවත” (ලියහෝනා, නොවැම්බර් 2022, 36–38) යන පණිවිඩය අධ්‍යයනය කිරීම සලකා බලන්න. සමාව දීමට ක්‍රිස්තුස්වහන්සේ ඔබට උපකාර කරන ආකාරය ගැන ඔබට ඉගෙනගත හැක්කේ මොනවාද?

පවුල් සබඳතා තුළින් සමාව දීමට බොහෝ අවස්ථාවන් ලබා දිය හැකිය. ඔබේ පවුලේ සාමාජිකයන් ගැන සිතන්න. ඔබ සමාව දිය යුත්තේ කාටද? අපි එකිනෙකාට සමාව නොදෙන විට අපි “පීඩාවට” (8 වෙනි පදය) පත්වන්නේ කෙසේද? සමාව දීම ඔබේ පවුල් සබඳතාවලට බලපාන්නේ කෙසේද?

8:24

Forgiveness: My Burden Was Made Light

පියා සහ පුතා වැළඳ ගනිමින්

“නුඹලා එකිනෙකාට කමා කළ යුතුය” (දහම සහ ගිවිසුම් 64:9).

දහම සහ ගිවිසුම් 64:31–34

ස්වාමින්වහන්සේ ඉල්ලා සිටින්නේ මාගේ “හදවත සහ කැමැත්ත ඇති මනසක්ය.”

ඔබ ඉටු කිරීමට උත්සාහ කරන සියලු “යහපත්කම්” සමඟ ඔබට කවදා හෝ “වෙහෙසක්” දැනී තිබේද? දහම සහ ගිවිසුම් 64:31–34 හි ඔබට ලබාදෙන ස්වාමින්වහන්සේගේ පණිවිඩය සොයන්න. ස්වාමින්වහන්සේ කැමති වන්නේ, උන්වහන්සෙගේ “මහත් ක්‍රියාව” ඉටුකිරීමට, ඔබ කුමක් කරනවාටද?

33 වෙනි පදය විස්තර කරන භාණ්ඩ යොදාගෙන කළ හැකි පාඩමක් ගැන සිතන්න—ඒ කියන්නෙ මොසෙයික් නිර්මාණයක් හෝ ගඩොල් ගොඩනැගිල්ලක් වැනි කුඩා දේවලින් සෑදී ඇති විශාල දෙයක් ගැන පාඩමක් ගැන සිතන්න. දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කාර්යයේ “[අත්තිවාරම දැමීමට]” ඔබට දිනපතා කළ හැකි “කුඩා දේවල්” මොනවාද? ස්වාමින්වහන්සේ ඔබට දී ඇති “මහත් කාර්යයන්” පිළිබඳ උදාහරණ මොනවාද?

දහම සහ ගිවිසුම් 64:31–34

“හදවත සහ කැමැත්ත ඇති මනස”

වැඩිහිටි ඩොනල්ඩ් එල්. හෝල්ස්ට්‍රොම් විසින් “හදවත සහ කැමැත්ත ඇති මනස” යන වාක්‍ය ඛණ්ඩය සඳහා මෙම අර්ථය යෝජනා කළා:

“හදවත යන වචනයෙන් ආදරය හා කැපවීම සංකේතවත් කරයි. අප ආදරය කරන අය වෙනුවෙන් අපි, වෙනත් හේතුවක් නිසා අපි විඳ දරාගන්නේ නැති කැපකිරීම් කරනවා ඒවගේම කරදර දරාගන්නවා. ආදරය පවතින්නේ නැතිනම්, අපගේ කැපවීම පිරිහී යනවා. …

“‘කැමැත්තෙන් යුත් මනසක්’ තිබීම යන්නෙන් අදහස් කරන්නේ අපගේ උපරිම උත්සාහය සහ හොඳම චින්තනය ලබා දීම සහ දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සෙවීමයි. අපි වැඩි වැඩියෙන් කැපවී ජීවිතය ගැන කරන අධ්‍යයනය අපගේ සදාකාලික ස්වභාවය පිළිබඳ දේවල් ගැන විය යුතු බව එය යෝජනා කරනවා. එයින් අදහස් වන්නේ දෙවියන්වහන්සේගේ වචනය ඇසීම සහ එයට කීකරු වීම අතර අවියෝජනීය සම්බන්ධතාවයක් තිබිය යුතු බවයි” (“The Heart and a Willing Mind,” Ensign, June 2011, 31–32).

දහම සහ ගිවිසුම් 64:41–43

සයොනය “ජනතාව හට ධජයක් වන්නේය.”

එන්සයින් නැතිනම් ධජය යනු “මිනිසුන් එක් අරමුණකින් හෝ අනන්‍යතාවයකින් එක්රැස් වන ධජයක් හෝ ප්‍රමිතියකි” (Guide to the Scriptures, “Ensign,” Gospel Library). සයොනය—හෝ ස්වාමින්වහන්සේගේ සභාව—ඔබට ධජයක් මෙන් වී ඇත්තේ කෙසේද? ජනතාවට ආශිර්වාද කිරීම සඳහා, ධජයක් ලෙස ඔසවා තිබෙන දේවල් පිළිබඳ මෙම වෙනත් උදාහරණ ගැන සලකා බලන්න: ගණන් කථාව 21:6–9; මතෙව් 5:14–16; ඇල්මා 46:11–20. දහම සහ ගිවිසුම් 64:41–43 හි ස්වාමින්වහන්සේ සයොනය විස්තර කරන වෙනත් ක්‍රම සොයන්න.

දහම සහ ගිවිසුම් 65

පොළොව මත ඇති දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැලවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම සඳහා ලෝකය සූදානම් කරනවා.

දහම සහ ගිවිසුම් 65 මගින් ස්වාමින්වහන්සේගේ පසුදවස්වල සභාවේ ධර්මදූත මෙහෙවර ගැන සිත් ඇදගන්නා සුළු විස්තරයක් ලබාදෙනවා. මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයමින්, මෙම කොටස උවමනාවෙන් කියවීම ගැන සලකා බලන්න: ස්වාමින්වහන්සේගේ රාජ්‍යය මේ පොළොව මත ඉටුකරගන්නවාට උන්වහන්සේ කැමති වන දේවල් මොනවාද? ඒ සඳහා උපකාර කිරීමට මා කුමක් කරනවාට උන්වහන්සේ කැමතිද?

1:7

Prepare Today for the Second Coming

දහම සහ ගිවිසුම් 66

ස්වාමින්වහන්සේ මාගේ හදවතේ සිතුවිලි දන්නා සේක.

සභාවට බැඳීමෙන් ටික කලකට පසු, ඔහු වෙනුවෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත හෙළි කරන ලෙස විලියම් ඊ.මැක්ලෙලින් ජෝසෆ් ස්මිත්ගෙන් ඉල්ලා සිටියා. ජෝසෆ් දැනගෙන සිටියේ නැති වුණත්, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා මාර්ගයෙන් පිළිතුරු දේවි යැයි විලියම් බලාපොරොත්තු වුණු පෞද්ගලික ප්‍රශ්න පහක් විලියම්ට තිබුණා. විලියම්ට තිබුණු ප්‍රශ්න මොනවාද කියා අපි දන්නේ නෑ, නමුත් දැන් දහම සහ ගිවිසුම් 66 ලෙස ඇති, ඔහු වෙනුවෙන් ලැබුණු එළිදරව්ව තුළ, ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු විලියම්ව “සම්පූර්ණයෙන් සහ පරිපූර්ණ ලෙස තෘප්තියට” පත්කරන ලෙස ලැබී තිබුණා (“William McLellin’s Five Questions,” in Revelations in Context, 138).

ඔබ 66 වෙනි කොටස කියවන විට, විලියම් මැක්ලෙලින් ගැන සහ ඔහුගේ සිතේ තිබූ ගැටළු සහ අභිප්‍රායන් ගැන ස්වාමින්වහන්සේ දැන සිටි දේ ගැන සිතන්න. ස්වාමින්වහන්සේ ඔබව දන්නා බව උන්වහන්සේ ඔබට පෙන්වා ඇත්තේ කෙසේද? ඔබට ආදිපීතෘ ආශිර්වාදයක් ඇත්නම් එය අධ්‍යයනය කිරීම ගැන සිතා බලන්න. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට උපකාර කළේ, දෙවියන්වහන්සේට ඔබ ගැන ඇති කුමන කැමැත්තක් තේරුම් ගැනීමටද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 03

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 64:7–10

මම සෑම කෙනෙක්ටම සමාව දෙනවාට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කැමතියි.

සටහන: “සියල්ලටම සමාව දෙන්න” යන ස්වාමින්වහන්සේගේ ආඥාව ගැන ඔබ ඔබේ දරුවන්ට උගන්වන විට, සමාව දීම යනු මිනිසුන්ට අපට රිදවීමට ඉඩ දීම නොවන බව පැහැදිලි කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය. යමෙකු ඔවුන්ට රිදවන්නේ නම් හෝ නුසුදුසු ලෙස ස්පර්ශ කළහොත් විශ්වාසවන්ත වැඩිහිටියෙකුට පැවසීමට ඔවුන්ව දිරිමත් කරන්න.

  • ඔබේ දරුවන් සමඟ දහම සහ ගිවිසුම් 64:10 කියවීමෙන් පසු, යමෙකුට සමාව දීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔවුන් සමඟ කතා කරන්න. ඔබට සරල උදාහරණ කිහිපයක් බෙදා ගත හැකිය. සමහරවිට ඔවුන්ට සමාව දීමට පුරුදු වීමට මෙම උදාහරණ රඟ දක්වමින් පුහුණු විය හැකිය.

  • අන් අයට සමාව දීම ගැන—බාල සහෝදරයෙකු වැනි කෙනෙකුට—උගන්වන්නේ කෙසේදැයි සැලසුම් කරන ලෙස ඔබට ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. දහම සහ ගිවිසුම් 64:7–10 හි ඇති ඔවුන්ට ඔවුන් උගන්වන විට භාවිතා කළ හැකි, වාක්‍ය ඛණ්ඩ සොයා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න.

දහම සහ ගිවිසුම් 64:33

දෙවියන්වහන්සේගේ “මහත් ක්‍රියාව” ගොඩනඟා තිබෙන්නේ “කුඩා දේවල්” මතයි.

  • ප්‍රහේලිකාවක් හෝ පාපිස්සක් වැනි කුඩා කොටස්වලින් සෑදූ දේවල් ඔබේ දරුවන්ට පෙන්විය හැකිය. ඉන්පසු එකට එකතු වී ඔබට දහම සහ ගිවිසුම් 64:33 කියවිය හැකිය. දෙවියන්වහන්සේගේ “මහත් ක්‍රියාව” කුමක්ද? ඒ සඳහා උපකාරයක් වීමට අපට කළ හැකි “කුඩා දේවල්” මොනවාද?

දහම සහ ගිවිසුම් 64:34

මගේ හදවතින් සහ මනසින් යේසුස්වහන්සේව අනුගමනය කරන්න මට පුළුවන්.

  • ඔබ ඔබේ දරුවන්ට දහම සහ ගිවිසුම් 64:34 කියවන විට, ඔබ “හදවත” සහ “මනස” යන වචන කියවන විට ඔබේ හදවත සහ හිස පෙන්වා ඔබ සමඟ එය කිරීමට දරුවන්ට ආරාධනා කළ හැකිය. අපට අපගේ හදවතේ (ආශාවන්) සහ මනසේ (සිතුවිලි) ගැලවුම්කරුවාණන්ට දිය හැක්කේ කෙසේද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අවධාරණය කරන්න. ඔබ අධ්‍යයනය කරන විට හෝ උගන්වන විට ගැලවුම්කරුවාගේ ආදර්ශය ඔබට අවධාරණය කළ හැකි ආකාරය සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, දහම සහ ගිවිසුම් 64:34 ගැන උගන්වන විට, ගැලවුම්කරුවාණන් තම ස්වර්ගයේ පියාණන්ට උන්වහන්සේගේ හදවතේ (ආශාවන්) සහ මනසේ (සිතුවිලි) දුන් ආකාරය ගැන ඔබේ දරුවන් සමඟ කතා කළ හැකිය. (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 6.)

දහම සහ ගිවිසුම් 66

ස්වාමින්වහන්සේ මා කවුදැයි දන්නා අතර මට ආදරය කරයි.

  • විලියම් ඊ මැක්ලෙලින් හට ස්වාමින්වහන්සේගෙන් දැනගැනීමට ප්‍රශ්න පහක් තිබූ බව ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කරන්න. විලියම්ගේ ප්‍රශ්න මොනවාදැයි නොදැන සිටියද ජෝසෆ් ස්මිත්ට මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා. ඔබ කරනවාට ස්වාමින්වහන්සේ කැමති වූ දෙයක් උන්වහන්සේ ඔබට පෙන්වූ අවස්ථාවක් ගැන ඔබේ දරුවන්ට කියන්න, ඉන්පසු උන්වහන්සේගේ මගපෙන්වීම අනුගමනය කිරීමෙන් ලැබුණු ආශිර්වාද ගැන කතා කරන්න. ඉන්පසු ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 66:4 කියවා ඔවුන් කරනවාට ස්වාමින්වහන්සේ කැමති දේ තේරුම්ගැනීමට අවස්ථා සොයන්නට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න.

    ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම

    කෙවින් කීල් විසින්, The Second Coming [දෙවන පැමිණීම]

දහම සහ ගිවිසුම් 65

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පිළිගැනීමට ලෝකය සූදානම් කිරීමට මට උපකාර කළ හැකිය.

  • ඔබේ දරුවන් ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීමේ පින්තූරයක් දෙස බලන විට, ඔවුන් දකින දේ හෝ මෙම සිදුවීම ගැන ඔවුන් දන්නා දේ විස්තර කිරීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. ඔබට දහම සහ ගිවිසුම් 65 හි දෙවන පැමිණීම පිළිබඳ සොයා ගැනීමට හැකි වචන සහ වාක්‍ය ඛණ්ඩ ඔබේ දරුවන්ට ලබා දිය හැකිය. මෙම වචන සහ වාක්‍ය ඛණ්ඩ අපට උගන්වන්නේ මොනවාද? ගැලවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම සඳහා අපට සූදානම් විය හැක්කේ කෙසේද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

ගැලවුම්කරුවාණන් කාන්තාවකට සමාව දෙමින්

ග්‍රෙග් ඔල්සන් විසින්, Forgiven [සමාව ලැබී ඇත]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව