Doctrine and Covenants 2025
නැවත පිහිටුවීමේ හඬවල්: “දර්ශනය” පිළිබඳ සාක්ෂි


“නැවත පිහිටුවීමේ හඬවල්: ‘දර්ශනය” පිළිබඳ සාක්ෂි’,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“‘දර්ශනය’ පිළිබඳ සාක්ෂි,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

නැවත පිහිටුවීමේ හඬවල් නිරූපකය

නැවත පිහිටුවීමේ හඬවල්: “දර්ශනය” පිළිබඳ සාක්ෂි

විල්ෆර්ඩ් වුඩ්‍රෆ්

Portrait of Wilford Woodruff.

ජෝසෆ් ස්මිත් සහ සිඩ්නි රිග්ඩන් දහම සහ ගිවිසුම් 76 හි සටහන් කර ඇති දර්ශනය ලැබීමෙන් වසර දෙකකට පමණ පසුව, 1833 දෙසැම්බර් මාසයේදී විල්ෆර්ඩ් වුඩ්රෆ් සභාවට සම්බන්ධ වුණා. ඔහු එවකට නිව් යෝර්ක් හි ජීවත් වූ අතර එම ප්‍රදේශයේ සේවය කරන ධර්මදූතවරුන්ගෙන් “දර්ශනය” ගැන ඉගෙනගෙන තිබුණා. වසර ගණනාවකට පසු, මෙම එළිදරව්ව පිළිබඳ ඔහුගේ හැඟීම් ගැන ඔහු කතා කළා:

“මගේ කුඩා කල සිටම මට උගන්වා ඇත්තේ එක ස්වර්ගයක් සහ එක නිරයක් ඇති බවයි, එමෙන්ම දුෂ්ටයන්ට එක දඬුවමක් මෙන්ම ධර්මිෂ්ඨයන්ට එක මහිමයක් බවයි. …

“… මම මෙම දර්ශනය කියවන විට, එය මගේ මනස ආලෝකමත් කර මට මහත් ප්‍රීතියක් ලබා දුන්නා, එම ප්‍රතිපත්තිය මිනිසාට එළිදරව් කළ දෙවියන්වහන්සේ ප්‍රඥාවන්ත, සාධාරණ හා සත්‍යවන්ත බවත්, හොඳම ගුණාංග සහ යහපත් බුද්ධියක් සහ දැනුමක් යන දෙකම සහිත කෙනෙක් බවත් මට පෙනී ගියා, උන්වහන්සේ ප්‍රේමය, දයාව, සාධාරණත්වය සහ විනිශ්චය යන දෙකටම අනුකූල බව මට හැඟුණා, ඒවගේම මගේ ජීවිතයේ වෙන කවරදාටත් වඩා ස්වාමින්වහන්සේට ප්‍රේම කිරීමට මට හැඟුණා.”

“‘මෙම දර්ශනය’ අප මෙතෙක් කියවා ඇති වෙනත් ඕනෑම පොතක අඩංගු ඕනෑම එළිදරව්වකට වඩා වැඩි ආලෝකයක්, වැඩි සත්‍යයක් සහ වැඩි මූලධර්මයක් ලබා දෙන එළිදරව්වක්. එය අපගේ වර්තමාන තත්වය, අප පැමිණියේ කොහෙන්ද, අප මෙහි සිටින්නේ ඇයි සහ අප යන්නේ කොතැනටද යන දේවල් සම්බන්ධයෙන් අපගේ අවබෝධය වැඩි කරනවා. ඕනෑම පුද්ගලයෙක්ට එම එළිදරව්ව තුළින් ඔහුගේ කොටස සහ තත්වය කුමක්දැයි දැනගන්න පුළුවන්.”

“මම ජෝසෆ්ව දකින්න කලින් මෙහෙම කිව්වා; එයාගේ වයස කීයක් වුනත් නැතිනම් ඔහු කොතරම් තරුණ වුනත් මට එයින් පලක් නැහැ; ඔහුගේ කොණ්ඩේ දිගද කෙටිද කියා ඔහුගේ පෙනුම ගැන මම තකන්නේ නැහැ; එම එළිදරව්ව [76 වෙනි කොටසේ සටහන් කර ඇති දර්ශනය] ඉදිරිපත් කළ මිනිසා දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙක්. මම එය මා වෙනුවෙන්ම දැන සිටියා.”

ෆීබි ක්‍රොස්බි පෙක්

ජෝසෆ් සහ සිඩ්නි “‘එම දර්ශනය” ගැන උගන්වන ආකාරය ෆීබි පෙක්ට ඇසෙන විට, ඇය මිසුරි හි ජීවත් වූ අතර තනි මවක් ලෙස දරුවන් පස් දෙනෙකු ඇති දැඩි කරමින් සිටියා. මෙම දර්ශනය ඇයව කොතරම් විශ්මයට සහ ප්‍රබෝධයට පත්කළාද කියනවා නම්, ඇය ඉගෙන ගත් දේ ඇගේ පවුලේ ඥාති අය සමඟ බෙදා ගැනීමට පහත සඳහන් දේ ලිව්වා:

“ස්වාමින්වහන්සේ විසින් උන්වහන්සේගේ දරුවන්ට ස්වර්ග රාජ්‍යයේ අභිරහස් හෙළිකරනවා. … ජෝසෆ් ස්මිත් සහ සිඩ්නි රිග්ඩන් පසුගිය වසන්තයේ අපව හමුවන්නට ආවා, ඔවුන් මෙහි සිටින විට අපි බොහෝ ප්‍රීතිමත් රැස්වීම් පැවැත්වුවා, ඒවගේම මට මහත් සැනසීමක් ලබාදුන්, බොහෝ අභිරහස් අපි ඉදිරියේ දිග හැරුණා. දෙවියන්වහන්සේගේ දරුවන්ට සාමයේ මන්දිර පිළියෙළ කිරීමේදී උන්වහන්සේගේ නිහතමානීකම අපට දැකගත හැකි වුණා. ඒවගේම ශුභාරංචියේ පූර්ණත්වය නොලබන සහ ක්‍රිස්තුස්වහන්සේගේ මාර්ගයෙහි නිර්භීත සොල්දාදුවන් ලෙස නොසිටින ඕනෑම කෙනෙකුට පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ ඉදිරියෙහි වාසය කරන්නට බැහැ. නමුත් එය නොලබන සියල්ලන්ටම සූදානම් කළ ස්ථානයක් එහි තිබෙනවා, නමුත් එය සෙලෙස්ටියල් රාජ්‍යයේ වාසය කරනවාට වඩා බෙහෙවින් අඩු තේජසක් ඇති ස්ථානයක්. මේ දේවල් දැන් මුද්‍රණයේ පවතින නිසාත් ලෝකයට යන නිසාත් මම මේ දේවල් ගැන වැඩි දුර කීමට උත්සාහ කරන්නේ නෑ. ඒවගේම සමහරවිට ඔබටම එය කියවීමට අවස්ථාවක් ලැබෙයි, ඔබ එසේ කියෙව්වා නම්, මේ දේවල් අවධානයට ලක්විය යුතු දේවල් බැවින්, ඔබ එය ප්‍රවේශමෙන් සහ යාච්ඤාපූර්වක හදවතකින් යුතුව කියවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒවගේම ඔබ ඒවා ගැන උවමනාවෙන් සොයා බලනවාට මම කැමතියි, මොකද ඒවා මෙලොව සහ මතු ලෝකයේ අපගේ සතුටට උපකාර කරනවා.”

සටහන්

  1. “Remarks,” Deseret News, May 27, 1857, 91.

  2. Deseret News, Aug. 3, 1881, 481; see also Teachings of Presidents of the Church: Wilford Woodruff (2004), 120–21.

  3. “Remarks,” Deseret Weekly, Sept. 5, 1891, 322.

  4. “Phebe Crosby Peck letter to Anna Jones Pratt,” Aug. 10, 1832, Church History Library, Salt Lake City; spelling and punctuation modernized.