“අගෝස්තු 18–24: ‘මූලධර්මයක් උදෙසා පොරොන්දුවක්’: දහම සහ ගිවිසුම් 89–92,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 89–92,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
අගෝස්තු 18–24: “මූලධර්මයක් උදෙසා පොරොන්දුවක්”
දහම සහ ගිවිසුම් 89–92
අනාගතවක්තෘවරුන්ගේ පාසලේදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් විසින් ඉශ්‍රායෙලයේ වැඩිහිටියන්ට පොළොවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීම ගැන ඉගැන්වුවා. ඔවුන් ආත්මික සත්‍යයන් ගැන සාකච්ඡා කළා, එකට එක්ව යාච්ඤා කළා, නිරාහාරව සිටියා, ඒවගේම ශුභාරංචිය දේශනා කරන්න සූදානම් වුණා. නමුත් අද අපට එය අමුතු දෙයක් ලෙස පෙනෙන වාතාවරණයක් එහි තිබුණා, ඒවගේම එය එමා ස්මිත්ට වුවත් හරි දෙයක් ලෙස පෙනුනේ නෑ. ඒ රැස්වීම් අතරතුර, මිනිසුන් දුම් පානය කරමින් දුම්කොළ හැපුවා, එය එම කාලය සඳහා අසාමාන්‍ය දෙයක් වුණේ නෑ, නමුත් එය දැවමය බිම් කළු පැහැ ගැන්වූ අතර වාතය තුළ දැඩි ගන්ධයක් ඉතිරි කළා. එමා ජෝසෆ් සමඟ ඇගේ කනස්සල්ල බෙදාගත් අතර ජෝසෆ් ඒ ගැන ස්වාමින්වහන්සේගෙන් අසා සිටියා. උන්වහන්සේගේ ප්‍රතිචාරය, දුම්බීම සහ දුම්කොළ පැල්ලම්වලින් ඔබ්බට ගිය එළිදරව්වක් වුණා. එය ශුද්ධවන්තයින් සඳහාත්, ඉදිරි පරම්පරාවන් සඳහාත්, “මූලධර්මයක් උදෙසා පොරොන්දුවක්” ලබාදුන්නා–ඒවා ශාරීරික සෞඛ්‍යය, “ප්‍රඥාව” සහ “දැනුමේ මහත් වස්තු සම්භාරයක්” පිළිබඳ පොරොන්දු වුණා (දහම සහ ගිවිසුම් 89:3, 19).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ශරීරයෙන් හා ආත්මයෙන් නිරෝගීව සිටීමට මට උපකාර කිරීම සඳහා, ස්වාමින්වහන්සේ මට ප්‍රඥාවේ වචනය ලබාදුන් සේක.
ජෝසෆ් ස්මිත් ප්‍රඥාවේ වචනය කියවන විට අනාගතවක්තෘවරුන්ගේ පාසලේ වැඩිහිටියන් එය මුලින්ම ඇසූ වහාම, ඔවුන් “ඔවුන්ගේ පයිප්ප සහ දුම්කොළ හපන පේනු ගින්නට විසි කළා” (Saints, 1:168). ස්වාමින්වහන්සේට කීකරු වීමට වූ ඔවුන්ගේ කැමැත්ත පෙන්වීමට ඔවුන්ට අවශ්‍ය වුණා. සමහර විට ඔබ දැනටමත් ඔබේ ජීවිතයෙන් ප්‍රඥාවේ වචනය මගින් අනතුරු අඟවා ඇති ද්‍රව්‍ය “විසිකර” තිබෙන්නට පුළුවන්, නමුත් මෙම එළිදරව්වෙන් ඔබට ඉගෙනගත හැකි තවත් දේවල් මොනවාද? මෙම අදහස් සලකා බලන්න:
-
මෙම එළිදරව්ව ගැන “මූලධර්මයක් උදෙසා පොරොන්දුවක්” (3 වෙනි පදය) ලෙසත්—තීරණ ගැනීමේදී මගපෙන්වන කල්පවත්නා සත්‍යයන් ලෙසත් සිතන්න. ඔබේ තීරණවලට මගපෙන්විය හැකි, ඔබ සොයාගන්නා ප්‍රතිපත්ති මොනවාද? ස්වාමින්වහන්සේ පොරොන්දු වන ආශිර්වාද මොනවාද? (බලන්න 18–21 පද). උන්වහන්සේ ඔබේ ජීවිතයේ එම පොරොන්දු ඉටු කර ඇත්තේ කෙසේද?
-
ප්‍රඥාවේ වචනය සම්බන්ධයෙන් “කුමන්ත්‍රණකාරී මිනිසුන්ගේ හදවත් වල ඇති … නපුරුකම් සහ සැලසුම්” පිළිබඳ ඔබ දැක ඇති උදාහරණ මොනවාද? (4 වෙනි පදය). මෙම එළිදරව්වට අමතරව, මෙම නපුර වළක්වා ගැනීමට හෝ ජය ගැනීමට ඔබට උපකාර කිරීමට ස්වාමින්වහන්සේ ලබා දී ඇත්තේ මොනවාද?
-
මෙම එළිදරව්ව ස්වාමින්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ මොනවාද? මෙම ප්‍රඥාවේ වචනය දහම සහ ගිවිසුම් 29:34–35 හා සම්බන්ධ වන්නේ කෙසේද?
-
ඔබේ ශරීරය වඩා හොඳින් රැකබලා ගැනීමට, ඔබට පෙළඹවීමක් දැනෙන්නේ මොනවා කරන්නටද?
ඔබ ප්‍රඥාවේ වචනය අනුව ජීවත් වන්නේ මන්දැයි අන් අයට පැහැදිලි කිරීමට ඔබට අවස්ථා ලැබී තිබෙන්න පුළුවන්—ඒවගේම අනාගතයේදීත් ඔබට තවත් අවස්ථා ලැබෙයි. ගැලවුම්කරුවාණන් ගැන, ඒවගේම අපගේ ශරීරවල පරිශුද්ධභාවය ගැන, සහ වෙනත් අධ්‍යාත්මික සත්‍යයන් ගැන සාක්ෂි දීමට ඔබට මෙම අවස්ථා භාවිතා කළ හැකි ආකාරය ගැන සලකා බලන්න.
තවත් බලන්න 1 කොරින්ති 6:19–20.
Principles and Promises
මූලධර්ම තුළින් ඉගෙන ගන්න එමෙන්ම උගන්වන්න. කළ යුතු හා නොකළ යුතු දේවල් ගැන ලැයිස්තුවක් නිර්මාණය කරනවාට වඩා, අපගේ තෝරාගැනීමේ නිදහස සහ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම සඳහා එම ප්‍රතිපත්ති අනුව ජීවත් වීමට අපට පුළුවන්. නිදසුනක් වශයෙන්, ප්‍රඥාවේ වචනය සම්බන්ධයෙන් මූලධර්ම පදනම් කරගත් මෙවැනි ප්‍රශ්න ගැන සලකා බලන්න: ප්‍රඥාවේ වචනයට කීකරු වීමට අරගල කරන කෙනෙකුට දිරිගැන්වීමක් ලබාදිය හැකි මූලධර්ම මොනවාද? ප්‍රඥාවේ වචනය අනුව ජීවත් වුවද සෞඛ්‍ය ගැටලු ඇති විට, මට සැනසුමක් ගෙන ආ හැකි හැකි මූලධර්ම මොනවාද?
අප අපගේ ශරීර රැකබලා ගැනීමට, ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍යයි.
“දේවරාජ්‍යයේ යතුරු” දරන්නේ පළමු සභාපතිත්වය විසින් ය.
90 වෙනි කොටස තුළ, ස්වාමින්වහන්සේ විසින්, අපි දැන් පළමු සභාපතිත්වය ලෙස හඳුන්වන එකතුවෙහි සාමාජිකයින් වන, ජෝසෆ් ස්මිත්, සිඩ්නි රිග්ඩන් සහ ෆෙඩ්රික් ජී. විලියම්ස්ගේ “දේවසේවය සහ සභාපතිත්වය” (12 වෙනි පදය) පිළිබඳව උපදෙස් ලබා දුන්නා. 1–17 පද වෙතින් පළමු සභාපතිත්වය ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද? පළමු සභාපතිත්වයේ සාමාජිකයින්ගේ මෑත පණිවිඩ සමාලෝචනය කිරීම ගැන සලකා බලන්න. “මෙම සභාවේ සහ රාජ්‍යයේ සියලු කටයුතු නිසි පිළිවෙලට තබාගැනීමට” ඔවුන් කරන්නේ මොනවාද? (16 වෙනි පදය). ඒවා ඔබට “සුළු දෙයක්” නොවන බව ඔබට පෙන්විය හැක්කේ කෙසේද? (5 වෙනි පදය).
පළමු සභාපතිත්වයේ සේවය ඔබට ස්වර්ගික පියාණන්වහන්සේව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගැනීමට උපකාර වී ඇත්තේ කෙසේද?
“සියලු දේවල් [මාගේ] යහපත උදෙසා ක්‍රියා කරන්නේය.”
දහම සහ ගිවිසුම් 90:24 හි ස්වාමින්වහන්සේගේ පොරොන්දුව ගැන සාක්ෂි දරන, ඔබට ඇති අත්දැකීම් ගැන මෙනෙහි කරන්න. ඔබේ අත්දැකීම් වාර්තා කර, ඒවා පවුලේ සාමාජිකයෙකු හෝ ආදරය කරන කෙනෙකු—සමහර විට අස්වැසීමක් හෝ දිරිගැන්වීමක් අවශ්‍ය කෙනෙකු සමඟ, ඒවා බෙදා ගැනීම ගැන සලකා බලන්න. ඔබ තවමත් යම් යම් ආශිර්වාද බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, “සියලු දේවල් නුඹලාගේ යහපත උදෙසා ක්‍රියා කරන්නේ” කෙසේද කියා බලා සිටින විට, ඇදහිලිවන්තව බලා සිටීමට ඔබට කළ හැකි දේ ගැන මෙනෙහි කරන්න.
වියේනා ජෙක්ස් යනු කවුද?
වියේනා ජෙක්ස්, 1787 ජුනි 10 වෙනි දින මැසචුසෙට්ස් හි උපත ලැබුවා. සැලකිය යුතු මුදල් සම්භාරයක් ඇති ඇදහිලිවන්ත කාන්තාවක් වූ වියේනාට ධර්මදූතවරුන්ව මුලින්ම මුණගැසුණේ 1831 දී. ඔවුන්ගේ පණිවිඩය සත්‍ය බවට අධ්‍යාත්මික සාක්ෂියක් ලබා ගැනීමෙන් පසු, ඇය අනාගතවක්තෘවරයාව හමුවීමට කර්ට්ලන්ඩ් හි ඔහායෝ වෙත ගිය අතර, එහිදි ඇය බව්තීස්මය ලැබුවා.
ස්වාමින්වහන්සේ දහම සහ ගිවිසුම් 90:28–31 හි වියේනාට ලබාදුන් අවවාදයට ඇය කීකරු වුණා. කර්ට්ලන්ඩ් දේවමාළිගාව ඉදිකිරීමට නියමිත වූ ඉඩම මිලදී ගැනීමට නායකයින් උත්සාහ කරන විට, ඇය කර්ට්ලන්ඩ් හි කළ පරිත්‍යාගය ඇතුළුව ඇය ස්වාමින්වහන්සේට ලබාදුන් කැප කිරීම පැමිණියේ, සභාවට අමාරු කාලයේදීයි. වියේනා ඇගේ ජීවිත කාලය පුරාවටම “නිකරුණේ නොසිට … ඇදහිලිවන්තව” සිටි අතර, අවසානයේ සෝල්ට් ලේක් නිම්නයේ “සමාදානයෙන් ජීවත් වී” (31 වෙනි පදය) වයස අවුරුදු 96 දී මිය ගියා.
“ආත්මයාණන්වහන්සේ සත්‍යය එළිදරව් කරන සේක.”
“සත්‍ය වූ බොහෝ දේවල්” සහ “සත්‍ය නොවන බොහෝ දේවල්” (දහම සහ ගිවිසුම් 91:1–2) අඩංගු පණිවිඩ අප සියල්ලන්ටම හමු වෙනවා. ඔබට හමුවන පණිවිඩවල සත්‍යය වටහා ගැනීමට ඔබට උපකාර කළ හැකි කුමක් ඔබ 91 වෙනි කොටස තුළ සොයා ගන්නවාද? සත්‍යයෙන් අසත්‍යය හඳුනාගැනීමට ආත්මයාණන්වහන්සේ ඔබට උපකාර කර ඇත්තේ කෙසේද?
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
ප්‍රඥාවේ වචනය ශරීරයෙන් හා ආත්මයෙන් නිරෝගීව සිටීමට මට උපකාර කරයි.
-
ඔබේ දරුවන්ට ඔවුන්ගේ ශරීරය රැකබලා ගත හැකි ආකාර රඟ දැක්වීමට ඔවුන්ට උදව් කරන්න.
-
දහම සහ ගිවිසුම් 89:10–17 හි ඇති ස්වාමින්වහන්සේගේ ආඥා ඉගෙන ගැනීමට, ඔබට සහ ඔබේ දරුවන්ට, අපගේ ශරීර සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අපට ආහාරයට ගත හැකි හෝ අපට කළ හැකි යහපත් දේවල් වල චිත්‍ර ඇඳිය හැකිය නැතිනම් ඒවායේ පින්තූර බැලිය හැකිය (මෙම දළ සටහන අවසානයේ ඇති පින්තූරය සහ ක්‍රියාකාරකම් පිටුව බලන්න). භාවිතා නොකරන ලෙස ස්වාමින්වහන්සේ අපට අනතුරු අඟවා ඇත්තේ මොනවා ගැනද? අපි අපේ ශරීර ගැන සැලකිලිමත් වෙනවාට උන්වහන්සේ කැමති ඇයි?
-
මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ පරික්ෂාවට වැටෙන විට කළ යුතු දේ කලින්ම සැලසුම් කරගන්නා ලෙස වැඩිහිටි ගැරී ඊ. ස්ටීවන්සන් තරුණ ළමුන්ට උපදෙස් දුන්නා. ඔහු මෙසේ ඉගැන්වුවා: “පරීක්‍ෂාවට ඔබ කෙරෙහි ඇත්තේ ඉතා අඩු පාලනයක් බව ඔබට පෙනී යනු ඇත. ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඔබ කරන දෙය ඔබ විසින් කලින්ම තීරණය කර තිබේ. ඔබට සෑම අවස්ථාවකදීම එය තීරණය කිරීමට අවශ්‍ය නොවනු ඇත” (“ඔබගේ පූජකත්ව ක්‍රීඩා-පොත,” ලියහෝනා, මැයි 2019, 48). දහම සහ ගිවිසුම් 89:4 සහ වැඩිහිටි ස්ටීවන්සන්ගේ ප්‍රකාශය කියවීමෙන් පසු, ඔබේ දරුවන්ට–ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම–ප්‍රඥාවේ වචනය අනුව ජීවත් වීමට, ඔවුන්ට දැන් තීරණය කළ හැකි ආකාරය ගැන උපදෙස් ලබාදෙන්න. යම් කෙනෙකු, මිතුරෙකු පවා, මෙම ප්‍රඥාවේ වචනයට පටහැනි දෙයක් ඔවුන්ට ලබා දෙන්නේ නම්, ඔවුන්ට ප්‍රතිචාර දැක්විය ආකාරය ඔබට රඟ දක්වමින් පුහුණු විය හැකිය. අපි ප්‍රඥාවේ වචනයට කීකරු වන විට ස්වාමින්වහන්සේ අපට ආශිර්වාද කරන්නේ කෙසේද? (බලන්න 18–21 පද).
අපගේ ශරීර දෙවියන්වහන්සේගෙන් ලැබුණු ත්‍යාග වේ.
මට මගපෙන්වීමට සහ මාව ආරක්ෂා කිරීමට දෙවියන්වහන්සේ මට අනාගතවක්තෘවරුන්ව ලබාදෙන සේක.
-
ඔබට පුරාණ අනාගතවක්තෘවරුන්ගේ පින්තූර බැලීමට හැකිය. දෙවියන්වහන්සේ තම අනාගතවක්තෘවරුන් හරහා උන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කර ඇත්තේ කෙසේද? අපි දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ට සවන් දිය යුත්තේ ඇයි? (බලන්න දහම සහ ගිවිසුම් 90:5). එවිට ඔබටත් ඔබේ දරුවන්ටත් ජීවමාන අනාගතවක්තෘවරයාගේ පින්තූරයක් දෙස බලා, ඔහු තුළින් ස්වාමින්වහන්සේ අපට ඉගැන්වූ හෝ අවවාද කර ඇති සමහර දේවල් බෙදාහදා ගත හැකිය. අපට අනාගතවක්තෘවරයාව අනුගමනය කළ හැක්කේ කෙසේද?
සත්‍යය කුමක්දැයි දැනගැනීමට මට උදව් කිරීමට ආත්මයාණන්වහන්සේට පුළුවන්.
-
මෙම එළිදරව්ව ලබා දුන්නේ ඇයි කියා තේරුම් ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කිරීම සඳහා ඔබට දහම සහ ගිවිසුම් 91 හි කොටස් ශීර්ෂය සාරාංශ කළ හැකිය. ඉන්පසු ඔවුන්ට “සත්‍ය වූ බොහෝ දේවල්” සහ “සත්‍ය නොවන බොහෝ දේවල්” (1–2 පද) සොයාගත ගැකි ජනමාධ්‍ය වැනි ස්ථාන ගැන සිතිය හැකිය. 4–6 පද ශුද්ධාත්මයාණන් ගැන අපට උගන්වන්නේ කුමක්ද? සත්‍ය දේ දැනගැනීමට ශුද්ධාත්මයාණන් අපට උපකාර කරන්නේ කෙසේද?
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.