Doctrine and Covenants 2025
ඔක්තෝම්බර් 13–19: “ඔහුගේ කැපකිරීම, ඔහුගේ වර්ධනයට වඩා මට වඩාත් ශුද්ධවන්ත වන්නේය”: දහම සහ ගිවිසුම් 115–120


“ඔක්තෝම්බර් 13–19: ‘ඔහුගේ කැපකිරීම, ඔහුගේ වර්ධනයට වඩා මට වඩාත් ශුද්ධවන්ත වන්නේය’: දහම සහ ගිවිසුම් 115–120,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 115–120,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

මිසුරි, ෆාර් වෙස්ට් හි සිතුවම

අල් රවුන්ඩ්ස් විසින්, Far West, Missouri [මිසුරි, ෆාර් වෙස්ට්]

ඔක්තෝම්බර් 13–19: “ඔහුගේ කැපකිරීම, ඔහුගේ වර්ධනයට වඩා මට වඩාත් ශුද්ධවන්ත වන්නේය”

දහම සහ ගිවිසුම් 115–120

ශුද්ධවන්තයින්ගේ නවතම රැස්වීම් ස්ථානය වන, මිසුරි හි ෆාර් වෙස්ට් ගැන සුභාවාදී වීමට ඔවුන්ට හේතුවක් තිබුණා. එම නගරය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවති අතර, භූමිය බහුල වූ බවක් පෙනෙන්නට තිබූ අතර, ඒ අසලම අතීතයේ සහ අනාගතයේ මහත් අධ්‍යාත්මික වැදගත්කමක් ඇති ස්ථානයක් වූ ආදම්-ඔන්ඩි-ආමන් පිහිටා තිබුණා (බලන්න දහම සහ ගිවිසුම් 107:53–56116). ඒ වෙනකොටත්, ශුද්ධවන්තයින්ට ඔවුන්ට අහිමි වූ දේ ගැන නොසිතීම දුෂ්කර වන්නට ඇති. සයොනයෙහි කේන්ද්‍රස්ථානය වූ ඉන්ඩිපෙන්ඩන්ස් වලින් පලවා හැරීමට අමතරව, වසර දෙකකට පසු, මේ ශුද්ධවන්තයින්ට ඔවුන්ගේ ආදරණීය දේවමාළිගාව හැර කර්ට්ලන්ඩ් වෙතින්ද පලා යාමට සිදුවුණා. මේ වතාවේ කරදර ඇති කළේ සභාවෙන් පිටත සතුරන් පමණක් නොවේ—ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව බොහෝ ප්‍රමුඛ සාමාජිකයින් ජෝසෆ් ස්මිත්ට එරෙහිව වී තිබුණා.

තමන්ට අහිමි වූ දේ ගැන අවධානය යොමු කරනවා වෙනුවට, මෙම ඇදහිලිවන්තයන්, මෙවර ෆාර් වෙස්ට් හි සොයොනය ගොඩනැගීම පටන් ගත්තා. ඔවුන් නව දේවමාළිගාවක් ගොඩනැගීමට සැලසුම් කළා. නව ප්‍රේරිතවරුන් හතර දෙනෙකුව කැඳවනු ලැබුවා. දෙවියන්වහන්සේගේ කාර්යය කිරීම යන්නෙන් ඔබ කිසිදා නොවැටෙන බව අඟවන්නේ නැති බවත්, එයින් අඟවන්නේ ඔබ “නැවත නැගිටිය” යුතු බවත් ඔවුන් තේරුම්ගත්තා. ඔබට පරිත්‍යාග කිරීමට සිදු වුවද, එම පරිත්‍යාග දෙවියන්වහන්සේට පරිශුද්ධයි, ඒවගේම “[ඔබේ] වර්ධනයට වඩා … වඩාත් ශුද්ධවන්තයි” (දහම සහ ගිවිසුම් 117:13).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 115:3–6

ස්වාමින්වහන්සේට සභාවේ නම වැදගත්.

සභාවේ නම “ඉතා වැදගත් කාරණයක්” බව සභාපති රසල් එම්. නෙල්සන් පැවසුවා (“සභාවේ නිවැරදි නම,” ලියහෝනා, නොවැම්බර් 2018, 87) . ඔබ දහම සහ ගිවිසුම් 115:4–6 කියවන විට මෙය සත්‍ය වන්නේ මන්දැයි සිතා බලන්න. සභාවේ නම එහි කාර්යය හා මෙහෙවර සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?

තවත් බලන්න 3 නෙපී 27:1–11.

දහම සහ ගිවිසුම් 115:5–6

සයොනය සහ ඇයගේ ස්ටේකයන් “කුණාටුවෙන් ආවරණය” ලබාදෙන්නේය.

ඔබ දහම සහ ගිවිසුම් 115:5–6 හි ඇති ප්‍රබල නිරූපණ අධ්‍යයනය කරන විට, ස්වාමින්වහන්සේගේ සභාවේ සාමාජිකයෙකු ලෙස ඔබ ඉටුකරනවාට උන්වහන්සේට අවශ්‍ය වන කාර්යභාරය ගැන සලකා බලන්න. නිදසුනක් වශයෙන්, “නැගිට බැබළීමට” හෝ “ජාතීන් උදෙසා ආදර්ශයක් වීමට” ඔබට කළ හැක්කේ කුමක්ද? (5 වෙනි පදය). ඔබ වටා ඔබ දකින ආත්මික කුණාටු මොනවාද? එක්රැස් කිරීම තුළින් ඔබ “රැකවරණය” සොයා ගන්නේ කෙසේද? (6 වෙනි පදය).

ප්‍රදීපාගාරයක්

ගැලවුම්කරුවාණන්ගේ සභාවට කුණාටුව තුළ ආලෝකයක් සහ රැකවරණයක් විය හැකිය.

දහම සහ ගිවිසුම් 117

මාගේ පරිත්‍යාගයන් ස්වාමින්වහන්සේට පරිශුද්ධ ය.

කර්ට්ලන්ඩ් හි සමෘද්ධිමත් ජීවිතයක් අත්විඳිමින් සිටියදී පසුව පිටත්ව යන ලෙස ඉල්ලා සිටි, නිවෙල් කේ. විට්නි හෝ ඔහුගේ බිරිඳ එලිසබෙත් ලෙස ඔබ ගැන සිතන්න. දහම සහ ගිවිසුම් 117:1–11 හි ඔබ සොයාගන්නා, මෙම පරිත්‍යාගය කිරීමට ඔබට උදව් වන දේවල් මොනවාද? දෙවියන්වහන්සේ වෙනුවෙන් ඔබ කරන කැප කිරීම් මොනවාද? දෙවියන්වහන්සේ යනු කවුද සහ උන්වහන්සේ කරන දේවල් ගැන මෙම පද ඔබට උගන්වන්නේ මොනවාද?

ඔලිවර් ග්‍රෙන්ගර්ගෙන් ඉල්ලන ලද පරිත්‍යාගය විට්නි පවුලෙන් ඉල්ලූ පරිත්‍යාගයට වඩා වෙනස් වුණා: කර්ට්ලන්ඩ් හි නැවතී සභාවේ මූල්‍යමය කටයුතු පියවන ලෙස ස්වාමින්වහන්සේ ඔහුට පැවරුවා. ඔහු අවංකව සභාව නියෝජනය කළද, අවසානයේ ඔහු එතරම් සාර්ථක වුණේ නෑ. දහම සහ ගිවිසුම් 117:12–15 හි ඇති ස්වාමින්වහන්සේගේ වචන උන්වහන්සේ ඔබෙන් ඉල්ලා ඇති දේවල් වලට අදාළ වන ආකාරය ගැන සලකා බලන්න.

දහම සහ ගිවිසුම් 119–20

සෙමනේරි නිරූපකය
මගේ දසයෙන් කොටස දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීමට උපකාරී වේ.

119 සහ 120 වෙනි කොටස්වල ඇති උපදෙස් දසයෙන් කොටස යනු කුමක්ද යන්න පැහැදිලි කරනවා: අපි සෑම වසරකම අපගේ ලැබීම් වලින් (හෝ ආදායමෙන්) “දසයෙන් කොටසක්” ලබාදෙනවා (බලන්න දහම සහ ගිවිසුම් 119:4). නමුත් මෙම එළිදරව් කිරීම් අර්ථ දැක්වීමක් ලබාදීමට වඩා දෙයක් කරනවා. දසයෙන් කොටස දීම මගින් “සයොන දේශය පාරිශුද්ධ කරනු ලබන” බව ස්වාමින්වහන්සේ ශුද්ධවන්තයින්ට පැවසුවා. උන්වහන්සේ මෙසේ පැවසුවා, මෙම නීතිය නොමැතිව, “එය නුඹලා වෙතට සයොන දේශයක් නොවන්නේය” (6 වෙනි පදය). ඔබ කවදා හෝ දසයෙන් කොටස ගැන මේ ආකාරයෙන් සිතුවාද? දසයෙන් කොටස ගෙවීම මගින් ඔබව වඩාත් පරිශුද්ධ වීමට, එමෙන්ම සයොනය සඳහා වඩාත් සූදානම් වෙන්නට උපකාර කරන්නේ කෙසේද?

ස්වාමින්වහන්සේගේ සේවකයන් දසයෙන් කොටස මගින් ලැබෙන මුදල් භාවිතා කරන ආකාරය ගැන මෙම එළිදරව් වලින් ඔබ ඉගෙන ගන්නේ කුමක්ද? දහම සහ ගිවිසුම් 120 හි “සිය ස්වකීය හඬින් ඔවුන් හට” යන වාක්‍ය ඛණ්ඩය ගැන ඔබට වැදගත් වන්නේ කුමක්ද?

16:55

The Windows of Heaven

  • සභාවට දසයෙන් කොටස ගෙවීමෙන් පසු එය භාවිතා වන ආකාරය තීරණය කරන්නේ කවුද?

  • දසයෙන් කොටස භාවිතා කරන්නේ කුමක් සඳහාද?

  • දසයෙන් කොටස ගෙවීමෙන් ලැබෙන ආශිර්වාද මොනවාද? නිදසුනක් වශයෙන්, දසයෙන් කොටස ගෙවීම, ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති ඔබේ සබඳතාව ශක්තිමත් කරන්නේ කෙසේද?

  • ස්වාමින්වහන්සේගේ දසයෙන් කොටස පිළිබඳ නීතිය කෙරෙහි අනෙක් අයගේ ඇදහිල්ල වැඩි කිරීමට ඔබට ඔවුන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

තවත් බලන්න මලාකි 3:8–12.

ඔවුන් ඉගෙන ගන්නා දේ අදාළ කර ගැනීමට අන් අයට උදව් කරන්න. පුද්ගලයෙකුට දසයෙන් කොටස ගෙවීමට අවශ්‍ය වුවද, සමහර විට ඔවුන් එය කරන්නේ කෙසේ දැයි නොදනී. ඔබ ඔබේ පවුලට හෝ පන්තියකට උගන්වන්නේ නම්, මාර්ගගතව හෝ දසයෙන් කොටස සහ වෙනත් දීමනා පත්‍රිකාවක් භාවිතයෙන් දසයෙන් කොටස ගෙවන ආකාරය පැහැදිලි කිරීමට යම් කාලයක් ගත කිරීම ගැන සලකා බලන්න. (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 27.)

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 02

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 115:4–5

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවට අයිතියි.

  • ඔබේ දරුවන්ට සභාවේ නම ඉගෙන ගැනීමට සහ එය වැදගත් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, ඔවුන්ගෙන් කිසිවෙකුට සභාවේ සම්පූර්ණ නම පැවසිය හැකිද යන්න විමසන්න. ඉන්පසු ඔබට ඒ නම දහම සහ ගිවිසුම් 115:4 වෙතින් ඔවුන්ට පෙන්විය හැකි අතර, නැවතත් ඔවුන්ට එය ඔබ සමඟ පැවසීමට සලස්වන්න. ඔබ එසේ කරන විට, වැදගත් වචන සහ ඒවා වැදගත් වන්නේ ඇයි කියා තේරුම් කරන්න.

0:37

Chapter 43: Jesus Christ Names His Church: April 1838

දහම සහ ගිවිසුම් 115:4–6

මගේ ආදර්ශය අන් අයට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ ආරක්ෂාව සොයා ගැනීමට උපකාර කරයි.

  • “ජීවිතයේ කුණාටු” නිසා අරගල කරන සහ “ආරක්ෂාව” අවශ්‍ය අයව ඔබේ දරුවන් හඳුනනවා විය හැකිය (6 වෙනි පදය). ඔවුන්ට මේ අයට උදව් කළ හැක්කේ කෙසේද? ඔබ දහම සහ ගිවිසුම් 115:5 හි නැගිට යන වචනය කියවන විට, නැගී සිටීමට ඔබේ දරුවන්ට ආරාධනා කිරීම ගැන සලකා බලන්න. ඔබ බැබළෙන්න යන වචනය කියවන විට ඔවුන්ට හිරු කිරණ මෙන් ඔවුන්ගේ ඇඟිලි දිගු කළ හැකිය. අපගේ ආලෝකය පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් බව ඔබේ දරුවන්ට මතක් කර, උන්වහන්සේගෙන් එම ආලෝකය ලැබෙන විට “නැගිට බැබළෙන” ආකාරය ගැන සිතීමට ඔවුන්ට උපකාර කරන්න.

  • ඔබේ දරුවන්ට දහම සහ ගිවිසුම් 115:6 නිරූපණය කරන චිත්‍රයක් ඇඳිය හැකිය. නිදසුනක් වශයෙන්, කුණාටුවක් සහ සහාවේ ගොඩනැගිල්ලක රැකවරණය ලබන මිනිසුන්ව ඔවුන්ට චිත්‍රයට නගන්න පුළුවන්. කුණාටුව නියෝජනය කළ හැක්කේ කුමක් ද? ගැලවුම්කරුවාණන්ගේ සභාව උපකාර ලබාදෙන්නේ කෙසේද? අවශ්‍යතා ඇති මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ අසල්වැසියෙකු ගැන සිතීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව තුළ උපකාර සොයා ගැනීමට අපි ඔවුන්ට ආරාධනා කරන්නේ කෙසේද?

දහම සහ ගිවිසුම් 117

මාගේ පරිත්‍යාගයන් ස්වාමින්වහන්සේට පරිශුද්ධ ය.

  • ඔබේ දරුවන්ට නිව්වෙල් කේ. විට්නි ලෙස පෙනී සිටීමට ආරාධනා කරන්න. ඔවුන්ගේ සාර්ථක රැකියාව අත්හැර අලුත් තැනකට යන ලෙස ස්වාමින්වහන්සේ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහොත් ඔවුන්ට කෙසේ හැඟේවිද? ඔබ එකට එකතු වී දහම සහ ගිවිසුම් 117:1–11 කියවන විට, ස්වාමින්වහන්සේට කීකරු වීම සඳහා ඇදහිල්ල ඇති කරගැනීමට ඔබේ දරුවන්ට උපකාරී වන දෙයක් ඔවුන්ට ඇසුණු විට, ඔබව නවත්වන්නට ඔවුන්ට ආරාධනා කරන්න. ස්වාමින්වහන්සේට කීකරු වීමට අප කරන කැප කිරීම් මොනවාද? උන්වහන්සේ අපට ආශිර්වාද කරන්නේ කෙසේ ද?

2:20

Chapter 41: Trouble in Kirtland: 1837–1838

දහම සහ ගිවිසුම් 119–20

ස්වර්ගික පියාණන්වහන්සේ තම දරුවන්ට ආශිර්වාද කිරීමට දසයෙන් කොටස භාවිතා කරයි.

  • ඔබ උගන්වන බොහෝ දරුවන් මුදල් ඉපැයීමට සහ දසයෙන් කොටස ගෙවීමට කුඩා විය හැක, නමුත් දසයෙන් කොටස ලොව පුරා ස්වාමින්වහන්සේගේ කාර්යයට දායක වන ආකාරය තේරුම් ගැනීම ඔවුන්ට වටිනවා. දසයෙන් කොටස යනු කුමක්දැයි ඔවුන්ට තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූර සහ ක්‍රියාකාරකම් පිටුව භාවිතා කිරීම සලකා බලන්න. ස්වර්ගික පියාණන්වහන්සේ තම දරුවන්ට ආශිර්වාද කිරීමට දසයෙන් කොටස භාවිතා කරන්නේ කෙසේද? දසයෙන් කොටසේ නීතිය ගැන සහ එය ඔබට ආශිර්වාද කර ඇති ආකාරය ගැන ඔබේ හැඟීම් බෙදාගන්න.

1:33

Chapter 44: Tithing: July 1838

දසයෙන් කොටස ගෙවන දරුවෙක්

අපි දසයෙන් කොටස ගෙවන විට, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල පෙන්වනවා.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.