Doctrine and Covenants 2025
ඔක්තෝම්බර් 20–26: “අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ කොහිද?”: දහම සහ ගිවිසුම් 121–123


“ඔක්තෝම්බර් 20–26: ‘අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ කොහිද?’: දහම සහ ගිවිසුම් 121–123,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 121–123,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ජෝසෆ් ස්මිත් ලිබර්ටි සිරගෙදර

වෙල්ඩන් ඇන්ඩර්සන් විසින්, Liberty Jail [ලිබර්ටි සිරගෙදර]

ඔක්තෝම්බර් 20–26: “අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ කොහිද?”

දහම සහ ගිවිසුම් 121–123

මිසුරි හි ලිබර්ටි සිරගෙදර තිබූ පහළ මට්ටම හැඳින්වූයේ “ඇඳිරිගෙය” ලෙසයි. බිත්ති ඝනයි, ගල් වලින් සාදා තිබූ බිම සීතලයි ඒවගේම අපිරිසිඳුයි, ආහාර හිඟයි, කුණුයි, ඒවගේම සිවිලිම ළඟ තිබුණු යකඩ තීරු සහිත පටු ජනේල දෙක නිසා ලැබුණේ ඉතා කුඩා ආලෝකයක් පමණයි. 1838–39 ශීත ඍතුවේදී ජෝසෆ් ස්මිත් සහ තවත් කිහිප දෙනෙක් ඒ ශීත මාස හතර ගත කළේ මේ තුළයි. මේ කාලය තුළ, ජෝසෆ්ට ශුද්ධවන්තයින්ගේ දුක් වේදනා පිළිබඳ පුවත් නිරන්තරයෙන් ලැබුණා. ඈත බටහිර හි දැනුණු සාමය සහ ශුභවාදී හැඟීම පැවතියේ මාස කිහිපයක් පමණක් වන අතර, දැන් ශුද්ධවන්තයින් නැවත වරක් නිවසක් නොමැතිව සිටි නිසා, නැවත මුල සිට ආරම්භ කිරීමට තවත් ස්ථානයක් සොයමින් පාළුකරයට ගෙන ගොස් තිබුණා—මෙවර ඔවුන්ගේ අනාගතවක්තෘවරයා සිටියේ සිරගතව.

එහෙත්, එම කාලකණ්ණි සිරගෙදරදී පවා, “ස්වර්ගයෙන් දැනුම” “වත්කරමින්” පැමිණියා (දහම සහ ගිවිසුම් 121:33). “අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ කොහිද?” යන ජෝසෆ්ගේ ප්‍රශ්නයට පැහැදිලිව සහ බලවත් ලෙස පිළිතුරු ලැබුණා: “බිය නොවන්න, මක්නිසාද දෙවියන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට නුඹ සමඟ වන්නේය” (දහම සහ ගිවිසුම් 121:1; 122:9).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 121:1–10, 23–33; 122

දෙවියන්වහන්සේ සමඟ, විපත්තිය “[මගේ] යහපත සඳහා විය හැකිය.”

අප හෝ අප ආදරය කරන අය දුක් විඳින විට, දෙවියන්වහන්සේ අප ගැන දැනුවත්ද කියා සිතීම සාමාන්‍ය දෙයකි. ඔබ දහම සහ ගිවිසුම් 121:1–6 කියවන විට, ඔබට ජෝසෆ් ස්මිත්ගේ ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න හෝ හැඟීම් ඇති වූ අවස්ථා ගැන සිතන්න. ඔබට මෙම ප්‍රශ්න හෝ හැඟීම් ඇතිවන විට, ඔබට උපකාර විය හැකි කුමක් ඔබ ස්වාමින්වහන්සේගේ ප්‍රතිචාරයෙන් සොයාගත්තේද? උදාහරණයක් ලෙස, 7–10, 26–33 පද තුළ උන්වහන්සේ පොරොන්දු වන ආශිර්වාද බලන්න. ඔබ සිතන ආකාරයට, “හොඳින් විඳ දරාගැනීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙය කිරීමට ගැලවුම්කරුවාණන් ඔබට උපකාර කරන්නේ කෙසේද?

ඔබ 122 වෙනි කොටස කියවන විට, ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ ඔබේ විපත්ති දෙස කෙසේ බලනවාට දැයි සලකා බලන්න. ඔබගේ පරීක්ෂාවන්ගෙන් ලද අත්දැකීම් සහ ඒවා “[ඔබේ] යහපත සඳහා” (7 වෙනි පදය) ලැබී ඇත්තේ කෙසේදැයි ඔබට මෙනෙහි කළ හැකිය.

තවත් බලන්න ක්වින්ටින් එල්. කුක්, “අභියෝගාත්මක අවස්ථා වලදී පුද්ගලික සාමය,” ලියහෝනා, නොවැ. 2021, 89–92.

දහම සහ ගිවිසුම් 121:34–46

සෙමනේරි නිරූපකය
සැබෑ බලය සහ බලපෑම “ධර්මිෂ්ඨකමේ මූලධර්ම” මත පදනම් වේ.

ලෞකික බලය විසින් ශුද්ධවන්තයින්ව මිසුරිවලින් පිටතට ගෙන ගිය අතර ජෝසෆ් ස්මිත්ව සිරගත කරන ලදි. නමුත් ජෝසෆ් එහි සිටියදී, ස්වාමින්වහන්සේ ඔහුට වෙනත් ආකාරයක බලයක් ගැන ඉගැන්වුවා: ඒ “ස්වර්ගයේ බලයන්” වන උන්වහන්සේගේ බලයයි. දහම සහ ගිවිසුම් 121:34–46 තුළ එම බලය ගැන කියවීමෙන්, ඔබ එම බලය ලබාගන්නේ කෙසේද—සහ අන් අයට ආශිර්වාද කිරීම සඳහා එය භාවිතා කරන්නේ කෙසේද කියා ඉගෙන ගැනීමට උදව් ලැබෙනවා. සමහර විට ඔබට ස්වර්ගයේ බලයන් සහ ලෞකික බලය ලෙස ලේබල් කර ඇති තීරු සහිත වගුවක ඔබ ඉගෙන ගන්නා දේ වාර්තා කළ හැකිය. මෙම බලයන් වර්ග දෙක වෙනස් වන්නේ කෙසේද? ස්වාමින්වහන්සේගේ බලය පිළිබඳ මෙම විස්තර උන්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ මොනවාද?

ඔබට 41 වෙනි පදයේ ඇති පෙළඹවීම යන වචනය ද මෙනෙහි කළ හැකිය. සමහරවිට පවුල් සබඳතාවකදී, පාසලේදී, රැකියාවේදී හෝ සභා පැවරුමකදී—ඔබට යහපත සඳහා පෙලඹවීමක් කිරීමට අවශ්‍ය සමහර අවස්ථා මොනවාද? දෙවියන්වහන්සේ තම දරුවන්ට පෙලඹවීම් කරන ආකාරය ගැන 41–46 පද වලින් ඔබ ඉගෙන ගන්නේ මොනවාද? මෙවැනි වාක්‍යයක් සම්පූර්ණ කිරීමෙන් ඔබට ඔබ ඉගෙන ගන්නා දේ සාරාංශගත කළ හැකිය: “ යහපත සඳහා පෙලඹවීම් කිරීමට, මම කරන්නේ .”

තවත් බලන්න ජෙෆ්රි ආර්. හොලන්ඩ්, “ලෝකය දෙන ආකාරයට නොවේ,” ලියහෝනා, මැයි 2021, 35–38.

9:14

"The Powers of Heaven"

වාක්‍ය ඛණ්ඩයක් තෝරාගෙන, එය ගැඹුරින් අධ්‍යයනය කරන්න. 45–46 පදවල විස්තර කර ඇති පුදුමාකාර ආශිර්වාද ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා, ඔබට කැපී පෙනෙන වාක්‍ය ඛණ්ඩයක් තෝරාගෙන එය ගැඹුරින් අධ්‍යයනය කළ හැකිය. උදාහරණයක් ලෙස, පිරී තිබේවා යන වචනයේ තේරුම කුමක්ද, එමෙන්ම නුඹගේ සිතිවිලි ගුණවත්වකමින් නොකඩවා පිරී තිබෙන්නේ කෙසේද? එසේත් නැතිනම් ඔබට පිනි සහිත පින්තූරයක් සොයාගෙන ශාක මත පිනි ඇති වන ආකාරය ගැන ඉගෙන ගත හැකිය. මෙය ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ දහම උගන්වන ආකාරය හා සමාන වන්නේ කෙසේද? ඔබ සොයා ගන්නා දේ සභාවේ සිටින ඔබේ මිතුරන් ඇතුළුව, ඔබේ පවුලේ අය හෝ මිතුරන් සමඟ බෙදා ගන්න.

දහම සහ ගිවිසුම් 122:8

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සියල්ලටම වඩා දේවල් අත්විඳ ඇත්තේ, උන්වහන්සේට මා ඔසවා තැබීමට හැකිවන පිණිසය.

ඔබ සිතන ආකාරයට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ඒ සියල්ලටම වඩා දේවල් අත්විඳ ඇත්තේය” යනුවෙන් පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙම වාක්‍ය ඛණ්ඩය තේරුම් ගැනීමට ඔබට උපකාර විය හැකි අමතර පද කිහිපයක් මෙන්න: යෙසායා 53:3–4; හෙබ්‍රෙව් 2:17–18; 1 නෙපී 11:16–33; ඇල්මා 7:11–13. ඔබ ඉගෙන ගන්නා දේ මත පදනම්ව, ඔබේම වචන වලින් දහම සහ ගිවිසුම් 122:8 නැවත ලිවීම ගැන සලකා බලන්න. සියලු දේවල් විඳ ගැනීම වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඔබේ කෘතඥතාව පෙන්විය හැක්කේ කෙසේද?

සභාපති ඩැලන් එච්. ඕක්ස්ගේ මෙම අදහස් ඔබගේ අවබෝධයට බලපාන්නේ කෙසේද? “සියල්ලක්ම විඳ දරාගත් [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] අපව ඔසවා තැබීමට සහ අපගේ දුක් වේදනා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය අපට ලබා දීමට පරිපූර්ණව සූදානම් බව අපට පැවසිය හැකිය” (“Strengthened by the Atonement of Jesus Christ,” Liahona, Nov. 2015, 64).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනෙහි දුක් විඳිමින්

වෝල්ටර් රේන් විසින්, Not My Will But Thine [මගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා]

දහම සහ ගිවිසුම් 123

“අපගේ බලය තුළ රැඳී ඇත්තාවූ සියලු දේවල් අපි ප්‍රීතියෙන් යුතුව ඉටුකරමු.”

දහම සහ ගිවිසුම් 123:7–8 හි, ශුද්ධවන්තයින්ට හිංසා කිරීම ඇතුළු දුක් වේදනාවලට තුඩු දුන් ව්‍යාජ විශ්වාසයන් ගැන ජෝසෆ් ස්මිත් සඳහන් කළා. 1839 මාර්තු මාසයේදී, ශුද්ධවන්තයින්ට ඒ ගැන කළ හැකි බොහෝ දේ නොමැති බව පෙනෙන්නට තිබුණා. නමුත් ලිබර්ටි සිරගෙදර සිට ලියූ ඔහුගේ ලිපිවල ජෝසෆ් ඔවුන්ට කළ හැකි දේ ඔවුන්ට පැවසුවා: “සියලු සිද්ධාන්තයන් පිළිබඳ දැනුම එක්රැස් [කරන්න]” එවිට “දෙවියන්වහන්සේගේ ගැලවීම දැකීමටද, එවිට අපි ස්ථාවරව, උපරිම සහතිකයක් සමඟින් නැගීසිටිනු ඇත” (දහම සහ ගිවිසුම් 123:1, 17). ඔබ අද ලෝකයේ පවතින ගැටලු ගැන සලකා බලන විට, “[ඔබේ] බලය තුළ පවතින” (12, 17 පද) ප්‍රශ්න වලට විසඳුම් සෙවීමේ ක්‍රම ගැන සිතන්න. පෙනෙන පරිදි “සුළු දේවල්” නොසලකා හරින්න එපා (15 වෙනි පදය). මේ දේවල් “ප්‍රීතියෙන් යුතුව” කිරීම වැදගත් වන්නේ ඇයි? (17 වෙනි පදය).

මෙම ලිපියෙන් ජෝසෆ් ඉල්ලා සිටි බොහෝ වාර්තා රජයට ඉදිරිපත් කර, කොටස් 11 කින් යුත් මාලාවක් ලෙස නාවූ පුවත්පතේ, ටයිම්ස් ඇන්ඩ් සීසන්ස් හි ප්‍රකාශයට පත් කරන ලදි (බලන්න “A History, of the Persecution, of the Church of Jesus Christ, of Latter Day Saints in Missouri, December 1839–October 1840,” [josephsmithpapers.org]).

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 03

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 121:1–9; 122:7–9

දෙවියන්වහන්සේ සමඟ සිටින විට, මගේ අභියෝග මගේ යහපත සඳහා සිදුවිය හැකිය.

  • ඉන්පසුව, ඔබ එකට එකතු වී දහම සහ ගිවිසුම් 121:1–9 කියවන විට, ජෝසෆ්ට සාමය දැනීමට ගැලවුම්කරුවාණන් ඔහුට උපකාර කළ ආකාරය ගැන කතා කළ හැකිය. දුෂ්කර කාලවලදී පවා, අපිට ගැලවුම්කරුවාණන් තුළ සාමය සොයාගත හැක්කේ කෙසේද?

    1:51

    Chapter 46: Joseph Smith in Liberty Jail: November 1838–April 1839

    62:4

    Joseph Smith: The Prophet of the Restoration

  • අපගේ අභියෝග “[අපගේ] යහපත සඳහා විය හැකි” (දහම සහ ගිවිසුම් 122:7) බව හඳුනාගැනීමට ඔබේ දරුවන්ට උපකාර කිරීම සඳහා, අපි බර දෙයක් රැගෙන යන විට අපගේ මාංශ පේශි වර්ධනය වන ආකාරය ගැන ඔවුන් සමඟ කතා කළ හැකිය. බර දෙයක් ඔසවන්නට පවා ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය. දුෂ්කර කාලවලදී අපි උපකාර පතා ස්වාමින්වහන්සේ දෙසට හැරෙන විට, එම දුෂ්කරතා අපගේ ආත්මයේ වර්ධනයට උපකාර වන ආකාරය ගැන එවිට ඔබට කතා කළ හැකිය. ඔබේ ජීවිතයෙන් උදාහරණ කිහිපයක් බෙදා ගන්න.

දහම සහ ගිවිසුම් 121:34–46

ධර්මිෂ්ඨකම “ස්වර්ගයේ බලයන්” ගෙන එනවා.

  • සමහරවිට ඔබේ දරුවන්ට “ස්වර්ගයේ බලයන්” තේරුම් ගැනීමට ඒ හා සමාන දෙයක් ගැන කතාකිරීම උපකාර වනු ඇත. නිදසුනක් වශයෙන්, ඔබට දෙවියන්වහන්සේගේ බලය විදුලි බලයට සමාන කළ හැකිය. විදුලි උපාංගයකට විදුලි බලය ලැබීම වැළැක්විය හැක්කේ මොනවාටද? අපගේ අධ්‍යාත්මික බලය අඩු කරන්නේ මොනවාද? එය වැඩි කරන්නේ මොනවාද? (දහම සහ ගිවිසුම් 121:34–46 තුළ ඇති වචන සහ වාක්‍ය ඛණ්ඩ සොයන්න; ප්‍රධාන අත්පොත, 3.5, 3.6, ශුභාරංචි පුස්තකාලය.)

දහම සහ ගිවිසුම් 122:7–9

මම අත්විඳින දේවල් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දන්නා සේක.

  • ඔබේ දරුවන් සමඟ දහම සහ ගිවිසුම් 122:7–9 කියවීමෙන් පසු, දුෂ්කර අභියෝගයදී ගැලවුම්කරුවාණන් ඔබ සමඟ සිටින බව ඔබට හැඟුණු අත්දැකීමක් ඔවුන් සමඟ බෙදාගත හැකිය.

දහම සහ ගිවිසුම් 123:15–17

දෙවියන්වහන්සේට සේවය කිරීමේදී සුළු දෙයකට පවා විශාල වෙනසක් ඇති කළ හැකිය.

  • ඔබේ දරුවන්ට දහම සහ ගිවිසුම් 123:15–17 තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට ඔවුන් සමඟ විශාල නැවක සහ කුඩා සුක්කානමක පින්තූරයක් බෙදා ගැනීමට හෝ “මාගේ ශුභාරංචියේ මූලධර්ම” හි වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර්ගේ පැහැදිලි කිරීම ඔවුන් සමඟ බෙදා ගැනීමට හැකිය (ලියහෝනා, මැයි 2021, 125–26). ඉන්පසු අපගේ පවුලේ අයට සහ මිතුරන්ට සතුටින් සේවය කළ හැකි කුඩා ක්‍රම ගැන ඔබට කතා කළ හැකිය.

15:0

“The Principles of My Gospel”

මුහුදේ නැවක නිදර්ශනය

විශාල නැවක කුඩා සුක්කානම මෙන්, අපගේ කුඩා උත්සාහයන්ට විශාල වෙනසක් කළ හැකිය.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

ජෝසෆ් ස්මිත් ලිබර්ටි සිරගෙදරදී එළිදරව්වක් වාර්තා කරමින්

ග්‍රෙග් ඔල්සන් විසින්, Joseph Smith in Liberty Jail [ජෝසෆ් ස්මිත් ලිබර්ටි සිරගෙදරදී]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව