Doctrine and Covenants 2025
නැවත පිහිටුවීමේ හඬවල්: අධ්‍යාත්මික ප්‍රකාශවීම් සහ කර්ට්ලන්ඩ් දේවමාළිගාව


“නැවත පිහිටුවීමේ හඬවල්: අධ්‍යාත්මික ප්‍රකාශවීම් සහ කර්ට්ලන්ඩ් දේවමාළිගාව,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“අධ්‍යාත්මික ප්‍රකාශවීම් සහ කර්ට්ලන්ඩ් දේවමාළිගාව,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

නැවත පිහිටුවීමේ හඬවල් නිරූපකය

නැවත පිහිටුවීමේ හඬවල්

අධ්‍යාත්මික ප්‍රකාශවීම් සහ කර්ට්ලන්ඩ් දේවමාළිගාව

කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ චිත්‍රයක්

කර්ට්ලන්ඩ් දේවමාළිගාව කැප කරන අවස්ථාවට සහ ඉන් පසුව පැවති අනෙකුත් රැස්වීම් වලට සහභාගී වූ පසුදවස්වල ශුද්ධවන්තයින්ගේ වචන පහත දැක්වෙනවා. පුරාණ ශුද්ධවන්තයින් පෙන්තකොස්ත දවසේදී “ඉහළ සිට බලය ලබා ගත්” විට ඔවුන් අත්විඳි දේ සමඟ බොහෝ අය ඔවුන්ගේ අත්දැකීම් සන්සන්දනය කළා (ලූක් 24:49; ක්‍රියා 2:1–4; තවත් බලන්න දහම සහ ගිවිසුම් 109:36–37).

එලිසා ආර්. ස්නෝ

Portrait photograph of Eliza R. Snow seated in a chair.

“එම කැපවීමේ උත්සවය පෙර පුහුණු වී තිබෙන්නට පුළුවන්, නමුත් එම අමතක නොවන දවසේ ස්වර්ගීය ප්‍රකාශනයන් විස්තර කිරීමට කිසිම ලෞකික භාෂාවකට නොහැකිය. පැමිණ සිටි සියල්ලන්ටම දිව්‍යමය පැවැත්ම පිළිබඳ හැඟීමක් අවබෝධ වූ අතර, ඇතැමෙකුට දේවදූතයන් දර්ශනය වුණා, එමෙන්ම සෑම හදවතක්ම ‘ප්‍රකාශ කළ නොහැකි ප්‍රීතියෙන් හා තේජසින් පිරී ගියා.’”

සිල්වියා කට්ලර් වෙබ්

“මගේ මුල්ම මතකයන්වලින් එකක් තමයි දේවමාළිගාව කැප කිරීම. තාත්තා අපිව ඔඩොක්කුවේ තියාගෙන අපි යන්නේ මොකටද සහ දෙවියන්වහන්සේට ගෘහයක් කැපකරන්නෙ ඇයි කියලා අපිට කියලා දුන්නා. ඒ වගේම ඒ කාලේ මම ගොඩක් වයසින් අඩු වුණත්, මට ඒ අවස්ථාව හොඳට මතකයි. වසර ගණනාවක් ගෙවී ගිය කාලය හරහා ආපසු හැරී බලන විට මට පෙනෙන්නේ, එදා ජෝසෆ් අනාගතවක්තෘවරයා, ස්වර්ගය දෙසට දෑත් ඔසවා, එම අමතක නොවන දිනයේ ඔහු කතා කරන විට, සුදුමැලි වී තිබූ ඔහුගේ මුහුණේ, ඔහුගේ කම්මුල් දිගේ කඳුළු ගලා යන ආකාරය යි. සියල්ලන්ම පාහේ කඳුළු සලමින් සිටින බවක් පෙනෙන්නට තිබුණා. ඒ ගෘහය කෙතරම් සෙනගකින් පිරී තිබුණාද කියනවා නම්, දරුවන් වැඩිපුරම වාඩි වී සිටියේ වැඩිහිටියන්ගේ උකුලේ; මගේ සහෝදරිය තාත්තාගේ ඔඩොක්කුවේත්, මම මගේ මවගේ ඔඩොක්කුවේත් වාඩි වී සිටියා. අපි ඇඳපු ඇඳුම් පවා මට මතකයි. ඒ වන විට මගේ මනස, ඒ සියල්ලේ සම්පූර්ණ වැදගත්කම වටහා ගැනීමට නොහැකි තරම් වයසින් අඩු වුණා, නමුත් කාලය ගෙවී යත්ම එය මට වඩ වඩාත් දැනෙන්නට වුණා, මම එහි සිටීමට වරප්‍රසාදය ලැබීම ගැන මම බෙහෙවින් කෘතඥ වෙනවා.”

ඔලිවර් කවුඩ්‍රි

Head and shoulder portrait of Oliver Cowdery in suit and tie.

“සවස් වරුවේදී, මම ස්වාමින්වහන්සේගේ ගෘහයේදී සභාවේ නිලධාරින්ව මුණගැසුණා. ආත්මයාණන්ව දැනුණා—දෙවියන්වහන්සේගේ මහිමය, මහා වලාකුළක් මෙන් බැස, මේ ගෘහය මත රැඳී, බලවත් සුළඟක් මෙන් එය පුරවනු මම දුටුවා. ඔවුන් අන්‍ය භාෂාවලින් කථාකරමින් අනාවැකි කියද්දී, බොහෝ දෙනෙකුට ගිනි වැනි වූ දිව් වුවත් තිබෙනු මම දුටුවා.”

බෙන්ජමින් බ්‍රවුන්

“බොහෝ දර්ශන [පෙනුණා]. රත්තරන් වැනි වලාකුළක් මත සූර්යයා බබළන විට මෙන් දීප්තිමත් කොට්ටයක් හෝ වලාකුළක් එම ගෘහය මත රැඳී තිබෙනු එක් අයෙක් දැක තිබුණා. අතේ දීප්තිමත් යතුරු සහ දීප්තිමත් දම්වැලකින් යුත් පුද්ගලයින් තිදෙනෙකු කාමරයේ සැරිසරනු තවත් දෙදෙනෙක් දැක තිබුණා.”

ඕර්සන් ප්‍රැට්

Portrait engraving of Orson Pratt

“දෙවියන්වහන්සේ එහි සිටියා, උන්වහන්සේගේ දේවදූතයන් එහි සිටියා, ශුද්ධාත්මයාණන්වහන්සේ සෙනඟ මැද සිටියා … ඔවුන් ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් සහ ආනුභාවයෙන් හිසෙහි සිට යටිපතුල් දක්වා පිරී සිටියා.”

නැන්සි නයෝමි ඇලෙක්සැන්ඩර් ට්‍රේසි

“දේවමාළිගාව අවසන් කිරීම සහ කැප කිරීම … ඒවා මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දින දෙක බවට පත්වුණා. එම අවස්ථාවට ගැළපෙන ලෙස සකසා තිබුණු ගීතිකාව වුණේ ‘දිව්‍ය ආත්මයාණන් ගින්නක් සේ ඇවිලෙයි’ යන ගීතිකාවයි. ස්වර්ගීය බලපෑම එම ගෘහය මත රැඳුණු බව සැබෑවක්. … මට දැනුණේ එය පොළොවේ තිබූ ස්වර්ගයක් ලෙසයි.”

සටහන්

  1. In Edward W. Tullidge, The Women of Mormondom (1877), 95.

  2. In Karl Ricks Anderson, Joseph Smith’s Kirtland: Eyewitness Accounts (1996), 182–83.

  3. Oliver Cowdery diary, Mar. 27, 1836, Church History Library, Salt Lake City.

  4. Benjamin Brown letter to his wife, Sarah, circa April 1836, Benjamin Brown family collection, Church History Library, Salt Lake City; punctuation and capitalization modernized.

  5. Orson Pratt, “Remarks,” Deseret News, Jan. 12, 1876, 788.

  6. In Richard E. Turley Jr. and Brittany A. Chapman, eds., Women of Faith in the Latter Days (2011), 1:442.