Doctrine and Covenants 2025
මාර්තු 24-30: “සියලු දේවල් නිසි පිළිවෙලට කළ යුතු වන්නේය”: දහම සහ ගිවිසුම් 27-28


“මාර්තු 24-30: ‘සියලු දේවල් නිසි පිළිවෙලට කළ යුතු වන්නේය’: දහම සහ ගිවිසුම් 27-28,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 27–28,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ජෝසෆ් ස්මිත්ගේ අනුරුව

මාර්තු 24-30: “සියලු දේවල් නිසි පිළිවෙලට කළ යුතු වන්නේය”

දහම සහ ගිවිසුම් 27–28

නැවත පිහිටුවීම දිගටම සිදුවෙමින් පවතින අතරතුර එළිදරව් ලැබීම සාන්තුවරයන්ට අලුත් දෙයක් වුණා. ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට සභාව සඳහා එළිදරව් ලැබිය හැකි බව සභාවේ මුල් සාමාජිකයන් දැන සිටියා. නමුත් අනෙක් අය එය දැන සිටින්නට ඇත්ද? රන් තහඩු පිළිබඳ සාක්ෂිකරුවන් අට දෙනාගෙන් එක් අයෙකු වන හයිරම් පේජ් ඔහුට සභාව සඳහා එළිදරව් ලැබී ඇතැයි ඔහු විශ්වාස කළ විට මෙවැනි ප්‍රශ්න තීරණාත්මක වුණා. මෙම එළිදරව් කිරීම් දෙවියන්වහන්සේගෙන් පැමිණෙන බව බොහෝ ඇදහිලිවන්ත ශුද්ධවන්තයන් විශ්වාස කළා. ස්වාමින්වහන්සේගේ සභාවේ සියලු දේවල් “සියලු දේවල් නිසි පිළිවෙලට” සිදුවන බව පවසමින් උන්වහන්සේ ප්‍රතිචාර දැක්වුවා (දහම සහ ගිවිසුම් 28:13). මෙයින් අදහස් කළේ මුළු සභාව සඳහාම “ආඥාවන් සහ එළිදරව් ලැබීමට පත් කරනු” ඇත්තේ එක් පුද්ගලයෙකුව පමණක් බවයි (දහම සහ ගිවිසුම් 28:2). කෙසේවෙතත්, අනෙක් අයට ස්වාමින්වහන්සේගේ කාර්යයේ ඔවුන්ගේ කොටස සඳහා පුද්ගලික එළිදරව් ලබාගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම, ඔලිවර් කවුඩ්‍රිට ස්වාමින්වහන්සේ කතා කළ වචන අප සැමට සිහිගැන්වීමක්: “නුඹ කුමක් කළ යුතුද කියා, නුඹ හට දෙනු ලබන්නේය” (දහම සහ ගිවිසුම් 28:15).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 27:1–4

සෙමනේරි නිරූපකය
මම සක්‍රමේන්තුව ගන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහි කිරීම සඳහා ය.

සැලී නයිට් සහ එමා ස්මිත් 1830 ජුනි මාසයේදී බව්තීස්ම වූ නමුත්, ඔවුන්ගේ තහවුරු කිරීම් කලහකාරී පිරිසක් විසින් කඩාකප්පල් කරන ලදි. මාස දෙකකට පසු, සැලී සහ ඇගේ සැමියා වන නිව්වෙල් එමා සහ ජෝසෆ් බැලීමට ගිය අතර, දැන් ඔවුන්ව තහවුරු කිරීමටත්, කණ්ඩායම එකට සක්‍රමේන්තුවට සහභාගී වීමටත් තීරණය කරන ලදි. සක්රමේන්තුව සඳහා වයින් ලබා ගැනීමට යමින් සිටියදී, ජෝසෆ්ව දේවදූතයෙකු විසින් නතර කරන ලදි.

දේවදූතයා ඔහුට සක්‍රමේන්තුව ගැන ඉගැන්වූයේ කුමක්දැයි දැන ගැනීමට දහම සහ ගිවිසුම් 27:1–4 කියවන්න. මෙම පද වලින් යෝජනා කරන ආකාරයට ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය වන්නේ ඔබ සක්‍රමේන්තුවට කොයි ආකාරයෙන් සමීප වෙනවාටද? ඔබ සිතන ආකාරයට “[උන්වහන්සේගේ] මහිමය උදෙසා එ්කායන අරමුණක් ඇතිව” එයට සහභාගී වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබ ලූක් 22:19–20 සහ 3 නෙපී 18:1–11 කියවන විට මෙය මෙනෙහි කර—සක්‍රමේන්තුව පිළිබඳ වෙනත් අවබෝධයන් සොයන්න.

6:12

The Last Supper

4:24

Jesus Christ Blesses Bread in Remembrance of Him | 3 Nephi 18:1-7

2:28

Jesus Christ Blesses Wine in Remembrance of Him | 3 Nephi 18:8-11

සක්රමේන්තුව, නමස්කාරමය අත්දැකීමක් බවට පත් කිරීම ගැන දැන ගැනීමට, වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්ගේ “ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය” යන පණිවිඩය අධ්යයනය කිරීම සලකා බලන්න (ලියහෝනා, නොවැම්බර් 2017, 36–39). සක්‍රමේන්තුව තුළින් ගැලවුම්කරුවාණන් සමඟ වැඩි සම්බන්ධතාවයක් ඇතිකරගැනීමට ඔබට උපකාර කළ හැකි කුමන දේවල් වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් ඉගැන්වූයේ ද? ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ සංකේතවලට සහභාගි වීමට, වඩා හොඳින් සූදානම් වීමට සහ ඒවාට වැඩි ගෞරවයකින් හෝ අරමුණකින් සැලකීමට ඔබට කළ හැකි දේ ගැන මෙනෙහි කරන්න.

සක්රමේන්තු ගීතිකාවක් ගායනා කිරීම, සවන් දීම හෝ කියවීම සහ මෙම පූජනීය ආඥා පනතට සහභාගී වීම පිළිබඳ ඔබේ හැඟීම් වාර්තා කිරීම ගැන සලකා බලන්න

සංගීතය භාවිතා කරන්න. පූජනීය සංගීතය ශුභාරංචි සත්‍යයන් ගැන සාක්ෂි දීමට ආත්මයාණන්ට ආරාධනා කරයි. එය ඔබට මෙම සත්‍යයන් අමතක නොවන ආකාරයෙන් අවබෝධ කර ගැනීමට සහ දැනීමට උපකාරී වෙනවා. ඉගෙනීම වඩාත් ආකර්ෂණීය කිරීමට ද සංගීතය උපකාරී වෙනවා.

තවත් බලන්න දහම සහ ගිවිසුම් 20:77, 79; 59:9–13.

15:20

Always Retain a Remission of Your Sins

කැඩූ පාන්

දහම සහ ගිවිසුම් 27:5–14

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සේවකයන්ට උන්වහන්සේගේ කාර්යය මෙහෙයවීම සඳහා පූජක යතුරු ලබා දෙනවා.

මෙම පදවල සඳහන් අනාගතවක්තෘවරුන් ගැන ඔබ දන්නේ මොනවාද? මෙම අනාගතවක්තෘවරුන් දැරා සිටි යතුරු හරහා ඔබට අගුළු හැර ඇති ආශිර්වාද මොනවාද?

දහම සහ ගිවිසුම් 27:15–18

දෙවියන්වහන්සේගේ සන්නාහය, නපුරට එරෙහිව නැගී සිටීමට මට උපකාර කරනවා.

සභාපති එම්. රසල් බැලාඩ් මෙසේ පැවසුවා: “ආධ්‍යාත්මිකව සන්නද්ධ වීමට අපට කළ හැකි එක් ශ්‍රේෂ්ඨ හා උතුම් දෙයක් නැත. සැබෑ අධ්‍යාත්මික බලය පවතින්නේ සියලු නපුරෙන් ආරක්ෂා කරන සහ රැකවරණය සපයන කුඩා දේවල් බොහොමයක් එකට එකතු වූ විටය” (“Be Strong in the Lord,” Ensign, July 2004, 8).

ඔබ දහම සහ ගිවිසුම් 27:15-18 හි දෙවියන්වහන්සේගේ සන්නාහය ගැන ඉගෙන ගන්නා විට, ඔබට මෙවැනි වගුවක් සෑදිය හැකිය. දෙවියන්වහන්සේගේ සන්නාහයේ සෑම කොටසක්ම පැළඳීමට ඔබ කරන්නේ කුමක්ද?

සන්නාහ කොටස

ආරක්ෂා කරන ශරීරයේ කොටස

එම ශරීර කොටස නියෝජනය කරන දේ

සන්නාහ කොටස

ධර්මිෂ්ඨකමේ ළයවැස්ම

ආරක්ෂා කරන ශරීරයේ කොටස

හදවත

එම ශරීර කොටස නියෝජනය කරන දේ

මගේ ආශාවන් සහ ප්‍රියතා

සන්නාහ කොටස

ගැලවීමේ හිස්වැස්ම

ආරක්ෂා කරන ශරීරයේ කොටස

හිස හෝ මනස

එම ශරීර කොටස නියෝජනය කරන දේ

සන්නාහ කොටස

ආරක්ෂා කරන ශරීරයේ කොටස

එම ශරීර කොටස නියෝජනය කරන දේ

සන්නාහ කොටස

ආරක්ෂා කරන ශරීරයේ කොටස

එම ශරීර කොටස නියෝජනය කරන දේ

තවත් බලන්න එපීස 6:11–18; ජෝර්ජ් එෆ්. සබාලොස්, “විරුද්ධවාදියාට ප්‍රතිරෝධී ජීවිතයක් ගොඩනැගීම,” ලියහෝනා, නොවැම්බර් 2022, 50–52.

දහම සහ ගිවිසුම් 28

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයා හරහා උන්වහන්සේගේ සභාව මෙහෙයවන සේක.

යමෙකුට මුළු සභාව සඳහාම ආඥා සහ එළිදරව් ලැබීමට හැකි නම් එය කෙබඳු වේදැයි සිතා බලන්න. එවැනි එළිදරව්වක් ලැබුණු බව හයිරම් පේජ් ප්‍රකාශ කළ විට, සභාවේ බොහෝ සාමාජිකයින් ව්‍යාකූල වුණා. දහම සහ ගිවිසුම් 28 හි, ස්වාමින්වහන්සේ තම සභාවේ එළිදරව් ලැබීම සඳහා පිළිවලක් හෙළි කළා. සභාවේ සභාපතිවරයාගේ නිශ්චිත කාර්යභාරය පිළිබඳව මෙම කොටසෙන් ඔබ ඉගෙන ගන්නේ කුමක්ද? දෙවියන්වහන්සේ ඔබට මගපෙන්විය හැකි ආකාරය ගැන ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

තවත් බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “පුද්ගලික එළිදරව් ලැබීම සඳහා රාමුවක්,” ලියහෝනා, නොවැම්බර් 2022, 16-19.

දහම සහ ගිවිසුම් 28:8–9

ලාමන්වරුන් වෙතට ධර්මදූත සේවයක් වැදගත් වූයේ ඇයි?

මොර්මොන්ගේ පොතේ එක් අරමුණක් වන්නේ “ලාමන්වරු ඔවුන්ගේ පියවරුන්ගේ දැනීමට පැමිණ, එනම් තවද ඔවුන් ස්වාමින්වහන්සේගේ පොරොන්දු දැන ගැනීමයි” (දහම සහ ගිවිසුම් 3:20). මෙය මොර්මොන්ගේ පොතේ බොහෝ අනාගතවක්තෘවරුන්ට ස්වාමින්වහන්සේ දුන් පොරොන්දු සමඟ අනුකූල වුණා (උදාහරණයක් ලෙස බලන්න, 1 නෙපී 13:34-41;ඊනොස් 1:11-18; හිලමන් 15:12–13). සභාවේ මුල් සාමාජිකයන් අමෙරිකානු ඉන්දියානුවන්ව සැලකුවේ මොර්මොන්ගේ පොතේ මිනිසුන්ගෙන් පැවත එන්නන් ලෙසයි. (සභාවේ අද නිල ස්ථාවරය වන්නේ ලාමන්වරුන් “අමෙරිකානු ඉන්දියානුවන්ගේ මුතුන් මිත්තන් අතර සිටින බවයි” [මොර්මොන්ගේ පොතේ හැඳින්වීම].)

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 27:1–2

සක්‍රමේන්තුව අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් කිරීමට උපකාර කරනවා.

  • යේසුස්වහන්සේ වයින් භාවිතා කරන විට අපි සක්‍රමේන්තුව සඳහා ජලය භාවිතා කරන්නේ මන්දැයි ළමුන් කල්පනා කරන්න පුළුවන් (බලන්න ලූක් 22:19-20; 3 නෙපී 18:1-11). ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 27:1–2 කියවා සක්‍රමේන්තුව “[දෙවියන්වහන්සේගේ] මහිමය උදෙසා ඒකායන අරමුණක් ඇතිව” (2 වෙනි පදය) ගැනීමෙන් අදහස් කරන්නේ කුමක්දැයි කියා සාකච්ඡා කළ හැකිය. අපි සක්‍රමේන්තුව ගන්නා අතරතුර ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කිරීමට අපට කුමක් කළ හැකිද?

  • සමහර විට ගැලවුම්කරුවාණන් ගැන පින්තූර, ශුද්ධලියවිලි පද හෝ ගීත පද තබාගැනීම, ඔබේ දරුවන්ට සක්‍රමේන්තුව ගන්නා විට උන්වහන්සේව මතක තබා ගැනීමට උපකාරී වෙයි. මෙම පින්තූර, පද සහ පද රචනා සමඟ පොත් පිංචක් නිර්මාණය කිරීමෙන් ඔවුන් සතුටු විය හැකිය. ඔවුන්ට ඔවුන්ගේම පින්තූර ඇඳීමට හෝ මිතුර සඟරාවෙන් පින්තූර සොයා ගැනීමට හැකිය.

ක්රිස්තුස්වහන්සේ රොටි කඩමින්

සයිමන් ඩිවි විසින්, The Last Supper [අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය]

දහම සහ ගිවිසුම් 27:15–18

දෙවියන්වහන්සේගේ සන්නාහය මා ආරක්ෂා කරයි.

  • ඔබට මෙම දළ සටහනේ ක්‍රියාකාරකම් පිටුවේ ඇති සන්නාහයේ පින්තූරය ඔබේ දරුවන්ට පෙන්විය හැකිය. ඔබ දහම සහ ගිවිසුම් 27:15-18 කියවන විට, පින්තූරයේ ඇති සන්නාහ කොටස් සොයා ගැනීමට ඔවුන්ට උදව් කරන්න. “නපුරු දවසේ යටත් නොවී සිටීමට” දෙවියන්වහන්සේගේ සන්නාහය අපට උපකාර කරන්නේ කෙසේද? (15 වෙනි පදය).

දහම සහ ගිවිසුම් 28:2, 6–7

අනාගතවක්තෘවරයාට සභාව සඳහා එළිදරව් ලැබේ; මට මගේ ජීවිතය සඳහා එළිදරව් ලබා ගත හැකිය.

  • ඔබට දරුවන් කිහිප දෙනෙකු සිටී නම්, ඔබට “නායකයා අනුගමනය කරන්න” වැනි ක්‍රීඩාවක් කිරීමට ඔවුන්ට ආරාධනා කළ හැකිය, නමුත් එකම අවස්ථාවේදී නායකයා වීමට දරුවන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකුගෙන් ඉල්ලා සිටින්න. නායකයින් කිහිප දෙනෙකු සිටින විට කුමක් සිදුවේද? සභාවේ මුල් සාමාජිකයන්ගේ ව්‍යාකූලත්වය ස්වර්ගික පියාණන්වහන්සේ නිවැරදි කළේ කෙසේද? උන්වහන්සේ අද සභාව මෙහෙයවන්නේ කෙසේද? (බලන්න දහම සහ ගිවිසුම් 28:2). අපගේ කාලයේ ස්වාමින්වහන්සේගේ සභාව මෙහෙයවීමට උන්වහන්සේ විසින් වත්මන් අනාගතවක්තෘවරයාව කැඳවනු ලැබූ බවට ඔබේ සාක්ෂිය බෙදාගන්න.

    1:21

    Chapter 14: The Prophet and Revelations for the Church: September 1830

  • සභාව සඳහා එළිදරව් සෑම විටම අනාගතවක්තෘවරයා හරහා දෙනු ලබන අතර, අප සැමට ශුද්ධාත්මයාණන් විසින් මගපෙන්වනු ලැබෙනවා. පහත සඳහන් ශුද්ධලියවිලි කිහිපයක් උවමනාවෙන් කියවීමට සහ ශුද්ධාත්මයාණන්ට අපට මගපෙන්විය හැකි මාර්ග ලැයිස්තුවක් සෑදීමට ඔබට ඔබේ දරුවන්ට උපකාර කළ හැකිය: දහම සහ ගිවිසුම් 28:1 4, 15; යොහාන් 14:26; මොරෝනි 8:26; 10:4–5. ඔබව ශුද්ධාත්මයාණන් විසින් මගපෙන්වනු ලබා ඇති ආකාරය එකිනෙකා සමඟ බෙදා ගන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.