Doctrine and Covenants 2025
මාර්තු 31-අප්‍රියෙල් 6: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ රැස් කරන සේක”: දහම සහ ගිවිසුම් 29


“මාර්තු 31-අප්‍රියෙල් 6: ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ රැස් කරන සේක’: දහම සහ ගිවිසුම් 29,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 29,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ඇදහිලිවන්තයන්ගෙන් වට වී සිටින යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

මාර්තු 31-අප්‍රියෙල් 6: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ රැස් කරන සේක”

දහම සහ ගිවිසුම් 29

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව 1830 දී සංවිධානය කර තිබුණද, බොහෝ ශුභාරංචි සත්‍යයන් තවමත් හෙළිදරව් වී නොතිබුණු නිසා, සභාවේ මුල් සාමාජිකයන් කිහිප දෙනෙකුට ප්‍රශ්න තිබුණා. ඊශ්‍රායෙලය එක්රැස් කිරීම සහ සයොනය ගොඩනැගීම ගැන මොර්මොන්ගේ පොතේ තිබූ අනාවැකි ඔවුන් කියවා තිබුණා (බලන්න 3 නෙපී 21). එහෙම වෙන්නේ කොහොමද? හයිරම් පේජ් ඔහු වෙත ලැබුණා යැයි කියූ එළිදරව් එම කාරණය සම්බන්ධයෙන් වූ අතර, එබැවින් සාමාජිකයින්ගේ කුතුහලය වැඩි වුණා (බලන්න දහම සහ ගිවිසුම් 28). වෙනත් අය ආදම් සහ ඒවගේ වැටීම සහ ආත්මික මරණය ගැන පුදුම වුණා. ස්වාමින්වහන්සේ 1830 දී මෙම ප්‍රශ්න පිළිගත් අතර, අපගේ ප්‍රශ්න ද උන්වහන්සේ අද සාදරයෙන් පිළිගන්නාවා. උන්වහන්සේ ශුද්ධවන්තයන්ට මෙසේ පැවසුවා “මාගේ ආඥාවට අනුව, යාච්ඤාවෙන් එක්සත්ව කුමනාකාර දෙයක් වුවත් නුඹලා ඇදහිල්ලෙන් ඉල්ලන්නේ නම්, නුඹලාට ලැබෙන්නේය” (දහම සහ ගිවිසුම් 29:6). ඇත්ත වශයෙන්ම, දහම සහ ගිවිසුම් 29 හි දහමට අනුකූල පොහොසත් එළිදරව් පෙන්නුම් කරන පරිදි, ස්වාමින්වහන්සේ සමහර විට අපගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන්නේ අප අසන දෙයට ඔබ්බෙන් සත්‍යය සහ දැනුම ලබා දීමෙන්.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 29

ස්වර්ගික පියාණන්වහන්සේට තම දරුවන්ගේ ගැලවීම සඳහා සැලැස්මක් තිබෙනවා.

දහම සහ ගිවිසුම් 29 හි ඔබ සඳහා දෙවියන්වහන්සේට ඇති සැලැස්ම පිළිබඳ බොහෝ සත්‍යයන් උගන්වනවා. ඔබ කියවන විට, උන්වහන්සේගේ සැලැස්මේ පහත සඳහන් එක් එක් කොටස් ගැන ඔබ ඉගෙනගන්නා සත්‍යයන් සොයන්න:

  • පෙර ආත්මික ජීවිතය (බලන්න 36-37 පද)

  • මැවීම (බලන්න 31–33 පද)

  • ආදම් සහ ඒවගේ වැටීම (බලන්න 40-41 පද)

  • ලෞකික ජීවිතය (බලන්න 39, 42–45 පද)

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම (බලන්න 1, 42–43, 46–50 පද)

  • මරණයෙන් නැවත නැගිටීම (බලන්න 1326 පද)

  • අවසාන විනිශ්චය (බලන්න 12-13, 27–30 පද)

ඔබ ලබාගත් අවබෝධයන් මොනවාද? එය ඔබට ප්‍රයෝජනවත් නම්, ඔබට මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූර සමඟ ලබා දී ඇති හිඩසේ ඒවා ලිවිය හැකිය. මෙම සත්‍යයන් ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද?

මා වෙතට එන්න

ජෙනඩි පේජ් විසින්, Come Unto Me [මා වෙතට එන්න]

දහම සහ ගිවිසුම් 29:1–28

සෙමනේරි නිරූපකය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා හට උන්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර උන්වහන්සේගේ සෙනඟ රැස් කිරීමට උපකාර කරන ලෙස ආරාධනා කරන සේක.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ එක්රැස් කිරීම ගැන කතා කරනනේ “කිකිළියක් ඇයගේ පැටවුන් ඇයගේ පියාපත් යටතට රැස්කරන්නාක්” මෙනි (දහම සහ ගිවිසුම් 29:2). මෙම සැසඳීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ කුමක්ද? මෙම දළ සටහනේ කිකිළියක් සහ පැටවුන්ගේ නිදර්ශනය අධ්‍යයනය කරන විට ඔබට එන අමතර සිතුවිලි හෝ හැඟීම් මොනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබව එක්රැස් කර ආරක්ෂා කරන ආකාරය ඔබට දැනී ඇති ආකාරය ගැන සිතන්න.

ඔබ දහම සහ ගිවිසුම් 29:1–11 කියවන විට, මේ ගැන අවබෝධය සොයන්න:

  • රැස් කරනු ලබන්නේ කාවද.

  • ක්‍රිස්තුස්වහන්සේ වෙත “රැස් කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද.

  • අපි උන්වහන්සේ වෙත රැස් වන්නේ ඇයි.

වෙනත් මිනිසුන්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට එක්රැස් කිරීමට ඔබට අවශ්‍ය වන්නේ මන්දැයි මෙනෙහි කරන්න. උදව් කිරීම සඳහා ඔබ පෙලඹෙන්නේ මොනවා කිරීමට ද?

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ රැස් කිරීමේ කාර්යය ගැන ඔබට ඉගැන්වීමට උත්සාහ කරන බව ඔබට හැඟෙන්නේ කෙසේද?

2:40

A Witness of God

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා: “දැන් එක් එක් දේශය තුළ මෙම රැස් කිරීම සිදු වෙනවා. ස්වාමින්වහන්සේ තම ශුද්ධවන්තයන්ට ඔවුන්ගේ උපත සහ ජාතිකත්වය ලබා දී ඇති සෑම රාජ්යයකම සයොනය පිහිටුවීමට නියෝග කර ඇත” (“The Gathering of Scattered Israel,” ලියහෝනා, නොවැම්බර් 2006 , 81). ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම සඳහා “සියලු දේවල් වලින් සූදානම්ව සිටීමට” මේ ආකාරයෙන් එක්රැස්වීම අපට උපකාර කරන්නේ කෙසේද? (8 වෙනි පදය; තවත් බලන්න 14–28 පද).

දහම සහ ගිවිසුම් 29:31–35

“සියලු දේවල් මා හට ආත්මික වන්නේය.”

ඔබ දහම සහ ගිවිසුම් 29:31–35 අධ්‍යයනය කරන විට, “සියලු ආඥා අධ්‍යාත්මික වන්නේ කුමන අර්ථයෙන්ද?” කියා ඔබෙන්ම අසන්න. ඔබට ආඥා කිහිපයක් ලැයිස්තුගත කර, ඒ එක් එක් ඒවාට අදාළ අධ්‍යාත්මික සත්‍යයන් සලකා බැලිය හැකිය. යෞවනයේ ශක්තිය සඳහා: තෝරාගැනීම් කිරීම සඳහා මාර්ගෝපදේශයක් පිළිබඳ සමාලෝචනයක් ප්‍රයෝජනවත් විය හැකිය—එය දෙවියන්වහන්සේගේ ආඥා කිහිපයක් පිටුපස ඇති සදාකාලික සත්‍යයන් කිහිපයක් උගන්වයි.

“සියලු දේවල් … ආත්මික වන” බව දැනගැනීම ඔබ දෙවියන්වහන්සේගේ ආඥා දෙස බලන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේ ද? ඔබේ ජීවිතයේ වෙනත් පැතිවල අධ්‍යාත්මික අර්ථය හෝ අරමුණ සෙවීම ගැන සලකා බලන්න.

බලන්න 2 නෙපී 9:39.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමුකරන්න. “සෑම ශුභාරංචිය මාතෘකාවක්ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගැන්වීමට සහ ඉගෙන ගැනීමට අවස්ථාවකි” (ගැලවුම්කාරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 6). ඔබ දහම සහ ගිවිසුම් 29 කියවන විට උන්වහන්සේගේ ගුණාංග, උන්වහන්සේගේ භූමිකාවන් සහ උන්වහන්සේගේ ආදර්ශය ගැන ඔබ ඉගෙන ගන්නේ කුමක්ද?

දහම සහ ගිවිසුම් 29:36–50

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව වැටීමෙන් මුදවා ගනී.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපට මිදීම අවශ්‍ය වන්නේ මන්දැයි පැහැදිලි කිරීමට ඔබට දහම සහ ගිවිසුම් 29:36-50 භාවිතා කළ හැක්කේ කෙසේද?

ආදම් සහ ඒවගේ වැටීම මරණය සහ පාපය ලෝකයට ගෙන ආ නමුත්, එය ක්‍රිස්තුස්වහන්සේ තුළින් මිදීම සහ ප්‍රීතිය සඳහා මාර්ගය ද සූදානම් කළා. එම සිතුවිල්ල මනසේ තබාගෙන, 39–43 පද කියවා ඔබට ප්‍රීතිය ගෙන දෙන වචන සහ වාක්‍ය ඛණ්ඩ සටහන් කරන්න. මෝසෙස් 5:10-12 හි වැටීම ගැන ආදම් සහ ඒව පැවසූ දේ ගැන ඔබව විශ්මයට පත් කරන්නේ කුමක්ද?

2:15

Why We Need a Savior

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයන්ගේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 02

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 29

ස්වර්ගික පියාණන්වහන්සේට තම දරුවන්ගේ ගැලවීම සඳහා සැලැස්මක් ඇත.

  • අප සඳහා වන ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීම සඳහා ඔබට සහ ඔබේ දරුවන්ට, සංචාරයක් සඳහා හෝ කාර්යයක් ඉටු කිරීම සඳහා, සැලැස්මක් සකස් කළ කාලයක් ගැන කතා කළ හැකිය. ඔබට ක්‍රියාකාරකම් සහිත දින දර්ශනයක් හෝ යමක් සෑදීමට උපදෙස් වැනි, සැලසුම් පිළිබඳ උදාහරණ ද බෙදා ගත හැකිය. සැලසුම් ප්‍රයෝජනවත් වන්නේ ඇයි? එවිට ඔබට, ස්වර්ගික පියාණන්වහන්සේට ඉටු කිරීමට අවශ්‍ය දේ සහ උන්වහන්සේගේ සැලැස්ම එය ඉටු කිරීමට අපට උපකාර වන ආකාරය ගැන කතා කළ හැකිය.

  • ස්වර්ගීය පියාණන්වහන්සේගේ සැලැස්මේ විවිධ කොටස් ගැන උගන්වන දහම සහ ගිවිසුම් 29 හි පද සොයා ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කිරීමට ඔබට මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූර භාවිතා කළ හැකිය. පින්තූර කපා ඒවා නිවැරදි පිළිවෙලට තබන ලෙසට ඔබට ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. ස්වර්ගික පියාණන්වහන්සේට අප වෙනුවෙන් සැලැස්මක් ඇති බව දැනගැනීම ගැන අප ස්තූතිවන්ත වන්නේ ඇයි? ඒ ගැන දැනගැනීම අපගේ එදිනෙදා ජීවිතයට බලපාන්නේ කෙසේද?

දහම සහ ගිවිසුම් 29:1-2, 7-8

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ නැවත පැමිණීමට පෙර උන්වහන්සේගේ සෙනඟ එක්රැස් කරමින් සිටින සේක.

  • කිකිළියක් තම පැටවුන් එක්රැස් කරන ආකාරය පිළිබඳ පහත නිදර්ශනය ඔබේ දරුවන්ට දහම සහ ගිවිසුම් 29:1–2 හි ඇති සාදෘශ්‍යය දෘශ්‍යමාන කිරීමට උපකාරී වේ. එවිට ඔබට මෙම පද එකට කියවා කිකිළියක් තම පැටවුන් ආරක්ෂා කරන ආකාරය සහ එය ගැලවුම්කරුවාණන්ට අප වෙනුවෙන් කළ හැකි දේට සමාන වන ආකාරය ගැන එකිනෙකා සමඟ කතා කළ හැකිය.

    1:24

    Chicks and Hens

    කිකිළි මවක් ඇගේ පියාපත් යට රැස් වූ පැටවුන් සමඟ

    ලිස් ලෙමන් ස්වින්ඩ්ල් විසින්, I Would Gather Thee [මම ඔබව රැස් කරන්නම්]

  • ගැලවුම්කරුවාණන්ට උන්වහන්සේගේ සෙනඟ එක්රැස් කිරීමට උපකාර කිරීමට ඔබේ දරුවන්ව පොළඹවන්නේ මොනවාද? සමහර විට උන්වහන්සේගේ සභාවට සම්බන්ධ වීමෙන් උන්වහන්සේ වෙත “රැස් වූ” කෙනෙකුගේ අත්දැකීමක් ඇසීමට ඔවුන් කැමති විය හැකිය. නිදසුනක් වශයෙන්, ඔබේ පවුල සභාවට හඳුන්වා දුන්නේ කවුද? උන්වහන්සේ වෙතට රැස් වීමට ගැලවුම්කරුවාණන්ගේ කැඳවීම පිළිගැනීමෙන් අප ආශිර්වාද ලබා ඇත්තේ කෙසේද? අන් අයට උන්වහන්සේ වෙත එක්රැස් වීමට උපකාර කළ හැක්කේ කෙසේද?

    3:30

    Video: A Message for Children from President Russell M. Nelson

දහම සහ ගිවිසුම් 29:11

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙනු ඇත.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පොළොවට පැමිණීම ගැන ඔබට හැඟෙන ආකාරය එකිනෙකා සමඟ බෙදාගන්න.

The resurrected Jesus Christ (wearing white robes with a magenta sash) standing above a large gathering of clouds. Christ has His arms partially extended. The wounds in the hands of Christ are visible. Numerous angels (each blowing a trumpet) are gathered on both sides of Christ. A desert landscape is visible below the clouds. The painting depicts the Second coming of Christ. (Acts 1:11)

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.