Doctrine and Covenants 2025
අප්‍රියෙල් 7-13: “නුඹලාගේ හඬ ඔසවා … මාගේ ශුභාරංචිය ප්‍රකාශ කරන්න”: දහම සහ ගිවිසුම් 30-36


“අප්‍රියෙල් 7-13: ‘නුඹලාගේ හඬ ඔසවා … මාගේ ශුභාරංචිය ප්‍රකාශ කරන්න’: දහම සහ ගිවිසුම් 30-36,” එන්න, මා අනුගමනය කරන්න-නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 30–36,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

මුල් ධර්මදූතයින්

අප්‍රියෙල් 7-13: “නුඹලාගේ හඬ ඔසවා … මාගේ ශුභාරංචිය ප්‍රකාශ කරන්න”

දහම සහ ගිවිසුම් 30–36

ශුභාරංචිය දේශනා කිරීම සඳහා පාර්ලි පී. ප්‍රැට්ව “පාළුකරයට” කැඳවන විට ඔහු සභාවේ සාමාජිකයෙක් වී මාසයකි (දහම සහ ගිවිසුම් 32:2). “නුඹගේ ධර්මදූතයේ පැය පැමිණ ඇත්තේය” (දහම සහ ගිවිසුම් 31:3) කියා තෝමස් බී. මාර්ෂ්ට පවසන විට ඔහුගේ සාමාජික කාලය ඊටත් වඩා අඩු කාලයකි. ඔර්සන් ප්‍රැට්, එඩ්වඩ් පැට්‍රිජ් සහ තවත් බොහෝ අයට ඔවුන්ගේ ධර්මදූත කැඳවීම් ලැබෙන විට, ඔවුන් යන්තම් බව්තීස්ම වී සිටියා පමණි. සමහර විටමෙම රටාවෙන් අද අපට ඉගෙනගන්නට පාඩමක් තිබෙනවා: බව්තීස්මය මගින් නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිගැනීමට ඔබ ප්‍රමාණවත්ව දන්නේ නම්, එය අන් අය සමඟ බෙදා ගැනීමට ඔබ ප්‍රමාණවත්ව දන්නවා. ඇත්තවශයෙන්ම, අපට සෑම විටම අපගේ ශුභාරංචි දැනුම වැඩි කරගැනීමට අවශ්‍ය වෙනවා, නමුත් දෙවියන්වහන්සේ කිසිවිටෙකත් “නූගත්” අයව තම ශුභාරංචිය දේශනා කිරීමට කැඳවීමට පසුබට වෙලා නැහැ (දහම සහ ගිවිසුම් 35:13). ඇත්තවශයෙන්ම, උන්හන්සේ අප සැමටම මෙසේ ආරාධනා කරනවා, “මාගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔබේ මුඛය විවෘත කරන්න” (දහම සහ ගිවිසුම් 30:5). ඒවගේම අපි එය වඩාත් හොඳින් කරන්නේ අපගේම ප්‍රඥාවෙන් සහ අත්දැකීමෙන් නොවේ නමුත් “ආත්මයාණන්ගේ බලයෙන්” (දහම සහ ගිවිසුම් 35:13).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 30–36

සෙමනේරි නිරූපකය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිකරුවෙකු වීමට මාව කැඳවා ඇත.

ධර්මදූතයෙකු ලෙස ඔබට විධිමත් කැඳවීමක් තිබුණත් නැතත්, ඔබට “සෑම වේලාවකදීම, සෑම දෙයකදීම, සහ සෑම ස්ථානයන්හී දීම” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිකරුවෙකු විය හැකිය (මොසායා 18:9). ඔබ දහම සහ ගිවිසුම් 30–36 අධ්‍යයනය කරන විට, ශුභාරංචිය බෙදා ගැනීමට ඔබට ඇති අවස්ථා ගැන ඔබ ඉගෙන ගන්නා දේ සටහන් කරන්න. ඔබ ශුභාරංචිය බෙදා ගන්නා විට ස්වාමින්වහන්සේ ඔබෙන් ඉල්ලා සිටින දේවල් ලැයිස්තුවක් සහ පොරොන්දු ලැයිස්තුවක් ඔබට සෑදිය හැකිය (උදාහරණයක් ලෙස, බලන්න දහම සහ ගිවිසුම් 30:8; 31:3–5; 32:1, 5; 35:13–1524). ශුභාරංචිය බෙදාගැනීමට උපකාර කළ හැකි මූලධර්මද ඔබට සෙවිය හැකිය. “ඉමහත් ප්‍රීතියේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට” ඔබව පොලඹවන්නේ කුමක්ද? (දහම සහ ගිවිසුම් 31:3).

වැඩිහිටි ගැරී ඊ. ස්ටීවන්සන් ඉගැන්වූයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම “අප සෑම කෙනෙකුටම කුඩා කල සිටම ඉගැන්වූ සරල, පහසුවෙන් තේරුම් ගත හැකි ප්‍රතිපත්ති තුළින් ඉටු කළ හැකි බවයි: ඒවා තමයි ආදරය, බෙදාගැනීම සහ ආරාධනා කිරීම” (“ප්රේම කරන්න, බෙදාගන්න, ආරාධනා කරන්න,” ලියහෝනා, මැයි 2022, 85). ඔබ හඳුනන අය, මිතුරන් සහ පවුලේ අය ගැන සිතමින් ඔහුගේ පණිවිඩය අධ්‍යයනය කිරීම සලකා බලන්න. “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැන [ඔබ] ප්‍රිය කරන දේ” ඔවුන් සමඟ බෙදාගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට එන අදහස් මොනවාද? “පැමිණ බලන්න,” “පැමිණ සේවය කරන්න,” සහ “පැමිණ අයිති වන්න” කියා ඔබට ඔවුන්ට ආරාධනා කළ හැක්කේ කුමන ආකාර වලින්ද?

තවත් බලන්න මාර්කෝස් ඒ. අයිඩුකයිටිස්, “නුඹගේ හදවත ඔසවා ප්‍රීති ප්‍රමුදිත වන්න,”ලියහෝනා, මැයි 2022, 40–43.

4:30

Inviting All to Come unto Christ: Sharing the Gospel

ධර්මදූත සහෝදරියන් කාන්තාවන් පිරිසකට උගන්වමින්

දහම සහ ගිවිසුම් 31:1-2, 5-6, 9, 13

මගේ පවුල් සබඳතා සඳහා ස්වාමින්වහන්සේට මට උපකාර කළ හැකිය.

1830 ගණන්වල පවුල්, අද පවුල් මුහුණ දෙන බොහෝ ගැටලු වලට සමාන ගැටලු සමඟ අරගල කළා. දහම සහ ගිවිසුම් 31 හි තෝමස් බී. මාර්ෂ් හට ඔහුගේ පවුල පිළිබඳව ස්වාමින්වහන්සේ දුන් මගපෙන්වීම සහ පොරොන්දු මොනවාද? (විශේෂයෙන් බලන්න 1–2, 5–6, 9, 13 පද). ඔබේ පවුල් සබඳතාවලදී උන්වහන්සේගේ වචන ඔබට උපකාර කරන්නේ කෙසේද?

දහම සහ ගිවිසුම් 32–33; 35

මා කරනවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය කාර්යය සඳහා උන්වහන්සේ මාව සූදානම් කරනවා.

දහම සහ ගිවිසුම් 32–33; 35 හි සඳහන් කර ඇති පුද්ගලයන්ගේ ජීවිත අධ්‍යයනය කිරීම මගින් ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කාර්යය සඳහා ඔබව සූදානම් කරන ආකාරය හඳුනා ගැනීමට ඔබට උපකාරී වෙයි. උදාහරණයක් ලෙස, ඔබට “නැවත පිහිටුවීමේ හඬවල්: මුල් කාලයේ හැරුණු අය” තුළ පාර්ලි පී. ප්‍රැට් සහ සිඩ්නි රිග්ඩන් අතර සම්බන්ධය ගැන කියවිය හැකිය. මෙම සබඳතාව දෙවියන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කළේ කෙසේද? (බලන්න දහම සහ ගිවිසුම් 35).

මෙන්න තවත් උදාහරණයක්: එස්රා තෙයර් බව්තීස්ම වීමට ටික කලකට පෙර, ඔහු දර්ශනයක් ලැබූ බව ඔහු මෙසේ ලියා තිබෙනවා., “මිනිසෙක් පැමිණ කඩදාසි රෝලක් ගෙනැවිත් මට එය ඉදිරිපත් කළ අතර, හොරණෑවක් දී එය [වාදනය] කරන ලෙස මට පැවසුවා. මගේ ජීවිතයේ කිසි දිනක එවැන්නක් [වාදනය] කර නැති බව මම ඔහුට පැවසුවා. ඔහු මෙහෙම කිව්වා, ඔබට එය [වාදනය] කරන්න පුළුවන්, එය උත්සාහ කරන්න. … එය මා මෙතෙක් ඇසූ සුන්දරම නාදය ඇති කළා” (“Revelation, October 1830–B, Revelation Book 1,” historical introduction, josephsmithpapers.org). ජෝසෆ් ස්මිත්ට පසුව එස්රා තෙයර් සහ නෝර්ත්‍රොප් ස්වීට් සඳහා එළිදරව්වක් ලැබුණා, දැන් එය දහම සහ ගිවිසුම් 33 ලෙස වාර්තා වෙනවා, එම එළිදරව්ව එස්රා ඔහුගේ දර්ශනයේ දුටු කඩදාසි රෝල ලෙස අර්ථ දක්වනවා. ස්වාමින්වහන්සේ දහම සහ ගිවිසුම් 33:1-13 හි එස්රාට දුන් ධර්මදූත සේවය සඳහා ඔහුව සූදානම් කළේ කෙසේද?

මෙම මුල් සභා සාමාජිකයන්ගේ ජීවිත තුළ ස්වාමින්වහන්සේගේ හස්තය තිබූ බවට ඔබ දකින සාක්ෂි මොනවාද? ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට ඔබට උපකාර කිරීමට ස්වාමින්වහන්සේ ඔබගේ ජීවිතයෙහි තබා ඇත්තේ කාවද? ඔබගේ විශ්වාසවන්තකම, ආදරය හෝ ආරාධනය තුළින් අන් අයට ආශිර්වාද කිරීමට උන්වහන්සේ ඔබව සූදානම් කරන්නේ කෙසේද?

දහම සහ ගිවිසුම් 33:12–18

මම ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචිය මත මගේ ජීවිතය ගොඩනගාගන්නේ නම්, මම වැටෙන්නේ නැත.

දහම සහ ගිවිසුම් 33 සභාවේ නව සාමාජිකයින් දෙදෙනෙකු වන නෝර්ත්‍රොප් ස්වීට් සහ එස්රා තෙයර් වෙත කතා කරන ලද්දකි. මෙම එළිදරව්ව ලබා දීමෙන් පසු, නොර්ත්රොප් සභාව හැර ගියා. එස්රා යම් කාලයක් ඇදහිලිවන්තව සේවය කළ නමුත් අවසානයේදී ඔහු ද ඉවත් වී ගියා. මෙම කොටසේ ඔවුන් ගැන කියවීමෙන් ඔබ ශුභාරංචියේ “පර්වතය මත” (13 වෙනි පදය) කෙතරම් ස්ථිරව ගොඩනැගී ඇත්දැයි සලකා බැලීමට ඔබව පොළඹවනු ඇත. ගැලවුම්කරුවාණන්ට ඇදහිලිවන්තව සිටීමට ඔබට උදව්වන මෙම පදවල ඇති සත්‍යයන් මොනවාද?

තවත් බලන්න හිලමන් 5:12.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

අධ්‍යයන නිරූපකය

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 30:1–2

මම පොළොවේ දේවල්වලට වඩා දෙවියන්වහන්සේගේ දේවල් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

  • තම පවුලේ සියලුම සාමාජිකයන්ගේ නම් ලියන අතරතුර කැමතිම ගීතයක වචන පැවසීම වැනි, කාර්යයන් දෙකක් එකවර කිරීමට උත්සාහ කිරීම ඔබේ දරුවන්ට විනෝදයක් විය හැකිය. එකවර දේවල් දෙකක් කිරීමට අපහසු ඇයි? ඉන්පසු ඔබට එකට එක්ව දහම සහ ගිවිසුම් 30:1–2 කියවිය හැකිය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සහ උන්වහන්සේගේ ශුභාරංචිය මතකයේ තබාගැනීමෙන් අපගේ අවධානය වෙනතකට යොමු කළ හැකි “පොළොවේ දේවල්” මොනවාද? අපගේ අවධානය උන්වහන්සේ කෙරෙහි තබාගත හැක්කේ කෙසේද?

දහම සහ ගිවිසුම් 33:2-3, 6-10

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගන්න පුළුවන්.

  • ඔබේ දරුවන්ට දහම සහ ගිවිසුම් 33:8–10 තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබ හෝ ඔබේ අනෙක් දරුවන් ඔවුන් පවසන දේ අනුමාන කරන අතරතුර, ඔවුන්ගේ මුඛය වසාගෙන වාක්‍ය ඛණ්ඩයක් කීමට උත්සාහ කරන ලෙස ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය. 8–10 පද කියවා “නුඹලාගේ මුඛයන් විවෘත කරන්න” යන වාක්‍ය ඛණ්ඩය කියන සෑම අවස්ථාවකම ඔවුන්ගේ මුඛය විවෘත කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. අප අපගේ මුඛය විවෘත කර අන් අය සමඟ ශුභාරංචිය බෙදා ගැනීම ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි? ගැලවුම්කරුවා ණන් හෝ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන අපට අපගේ පවුලේ අයට සහ මිතුරන්ට පැවසිය හැක්කේ මොනවාද?

  • දහම සහ ගිවිසුම් 30-34 හි ඇති මූලධර්ම හෝ පොරොන්දුවලට සම්බන්ධ ඔබට ඇති අත්දැකීම් බෙදා ගැනීම සලකා බලන්න. ඔබ ගැලවුම්කරුවාණන්ට සේවය කරන විට උන්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ ක්‍රියාකාරකම් ගැන ඔබ ඉගෙන ගත්තේ හෝ ඔබට දැනුණේ මොනවාද?

සඟරාව දෙස බලා සිටින ළමුන් පිරිසක්

ශුභාරංචිය බෙදා ගැනීමට බොහෝ ක්රම තිබෙනවා.

පොරොන්දු වූ ආශිර්වාද ගැන සාක්ෂි දරන්න. ශුභාරංචි මූලධර්මයක් අනුගමනය කිරීමට ඔබ දරුවන්ට ආරාධනා කරන විට, එම මූලධර්මය අනුව ජීවත් වන මිනිසුන්ට දෙවියන්වහන්සේ දී ඇති පොරොන්දු ඔබට බෙදා ගත හැකිය. නිදසුනක් වශයෙන්, අප මුඛය විවෘත කර ශුභාරංචිය බෙදා ගන්නා විට උන්වහන්සේ අපට දෙන ආශිර්වාද පිළිබඳ සාක්ෂි දරන්න ඔබට පුළුවන්.

දහම සහ ගිවිසුම් 33:12–13

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය මත මගේ ජීවිතය ගොඩනගා ගත හැකිය.

  • ඔබට ඔවුන්ගේ නිවසේ හෝ සභා ගොඩනැඟිල්ලේ අත්තිවාරම බැලීමට ඔබේ දරුවන්ව පිටතට ගෙන ගොස් එය විස්තර කිරීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. ගොඩනැගිල්ලකට ශක්තිමත් සවිමත් පදනමක් අවශ්‍ය වන්නේ ඇයි? ඔවුන් සමඟ දහම සහ ගිවිසුම් 33:12–13 කියවා, අප උන්වහන්සේගේ ශුභාරංචිය මත අපගේ ජීවිත ගොඩනගා ගැනීම ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ මන්දැයි ඔබේ හැඟීම් එකිනෙකා සමඟ බෙදාගන්න. ශුභාරංචිය විස්තර කිරීමට “පර්වතය” හොඳ වචනයක් වන්නේ ඇයි? ශුභාරංචිය නමැති පර්වතය මත අපගේ ජීවිත ගොඩනගා ගත හැක්කේ කෙසේද? (තවත් බලන්න මතෙව් 7:24-29).

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

හිම හරහා ගමන් කරන මුල් ධර්මදූතවරුන්

රොබට් ටී. බැරට් විසින්, Go into the Wilderness [වනාන්තරයට යන්න]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව