Doctrine and Covenants 2025
නැවත පිහිටුවීමේ හඬවල්: මුල් කාලයේ හැරුණු අය


“නැවත පිහිටුවීමේ හඬවල්: මුල් කාලයේ හැරුණු අය,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“මුල් කාලයේ හැරුණු අය,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

නැවත පිහිටුවීමේ හඬවල් නිරූපකය

නැවත පිහිටුවීමේ හඬවල්

මුල් කාලයේ හැරුණු අය

1830 අප්‍රියෙල් මාසයේදී සභාව සංවිධානය කිරීමට පෙර පවා, ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා, “කෙතෙහි ගොයම පැහී ඇත්තේය” (දහම සහ ගිවිසුම් 4:4). නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව සොයාගැනීමට සත්‍ය සොයන්නන් බොහෝ දෙනෙක්ව දෙවියන්වහන්සේගේ ආත්මය විසින් මෙහෙයවනු ලැබූ බැවින්, මෙම ප්‍රකාශය ඊළඟ මාසවලදී සත්‍යයක් බවට පත්වුණා.

මෙම මුල් කාලයේ හැරුණු බොහෝ දෙනෙක් නැවත පිහිටුවීමේ අත්තිවාරම දැමීමට මූලික වූ අතර ඔවුන්ගේ හැරීඑ්ම පිළිබඳ කථා අද අපට වටිනවා. ඔවුන් පෙන්වූ ඇදහිල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට හැරී ඒමට අපට අවශ්‍ය එකම ඇදහිල්ලයි.

ඇබිගේල් කැල්කින්ස් ලෙනාඩ්

ඇබිගේල් කැල්කින්ස් ලෙනාඩ් වයස අවුරුදු තිස් ගණන්වල මැද භාගයේ සිටියදී, ඇයගේ පව්වලට සමාව ලබාගැනීමට ඇයට අවශ්‍ය වුණා. ඇය ඉඳහිට බයිබලය කියවූ අතර, ක්‍රිස්තියානි පල්ලිවල අය ඇගේ නිවසට පැමිණියද, එක් පල්ලියක් තවත් පල්ලියකින් වෙනස් වූයේ කෙසේද කියා ඇය ව්‍යාකූල වුණා. “එක් උදෑසනක, මම මගේ බයිබලය රැගෙන වනාන්තරයට ගියා, මම දණින් වැටුණා .” ඇය ස්වාමින්වහන්සේට දැඩි ලෙස යාච්ඤා කළා. “වහාම මගේ ඇස් ඉදිරිපිට දර්ශනයක්” ගමන් කළා, “විවිධ නිකායන් එකින් එක මා පසුකර ගිය අතර, ‘මේවා ගොඩනගා ඇත්තේ ලාභ ප්‍රයෝජන සඳහා’ කියමින් හඬක් මා ඇමතුවා. එවිට, ඉන් ඔබ්බට, මට විශාල ආලෝකයක් දැකගත හැකි වූ අතර, ඉහළින් හඬක් මට කථා කළා: ‘මා අයිති කර ගැනීමට සහ ආශිර්වාද කිරීමට කැමති සෙනඟක්, මම නැගිටුවන්නෙමි.’” ටික කාලෙකට පස්සේ, ඇබිගේල්ට මොර්මොන්ගේ පොත ගැන ආරංචි වුණා. ඇය සතුව ඒ වෙනකොටත් පිටපතක් නොතිබුණද, ඇය “ශුද්ධාත්මයාණන්ගේ දීමනාවෙන් සහ බලයෙන් මෙම පොතේ සත්‍යය දැන ගැනීමට” උත්සාහ කළ අතර, “වහාම උන්වහන්සේගේ ආත්මය ඇයට දැනුණා.” අවසානයේදී ඇයට මොර්මොන්ගේ පොත කියවීමට හැකි වූ විට, ඇය “එය ලැබීමට සූදානම්ව සිටියා.” ඇය සහ ඇගේ සැමියා වන ලයිමන් 1831 දී බව්තීස්ම වුණා.

තෝමස් බී. මාෂ්

තෝමස් බී. මාෂ් තරුණ වියේදී බයිබලය අධ්‍යයනය කර ක්‍රිස්තියානි පල්ලියකට සම්බන්ධ වී සිටියා. නමුත් ඔහු සෑහීමකට පත් නොවූ අතර අවසානයේ සියලුම පල්ලිවලින් ඉවත් වුණා. “අනාවැකිවල ආත්මය ගැන මට යම් මිම්මක් තිබුණා, නව පල්ලියක් බිහිවනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවත්, එහි පිවිතුරු බව තුළ සත්‍යය ඇති බවත්” ඔහු [ආගමික නායකයෙකුට] පැවසුවා. මෙයින් වැඩි කල් නොගොස්මැසචුසෙට්ස් හි බොස්ටන්හි පිහිටි තම නිවස හැර බටහිර දෙසට ගමන් කිරීමට තෝමස්ට අධ්‍යාත්මික පෙළඹවීමක් ඇති වුණා. ඔහු සොයන දේ සොයාගත නොහැකිව බටහිර නිව්යෝර්ක් හි මාස තුනක් ගත කිරීමෙන් පසු ඔහු නිවසට යාමට පටන් ගත්තා. අතරමගදී කාන්තාවක් තෝමස්ගෙන් මෙහෙම ඇහුවා “ජෝසෆ් ස්මිත් නම් තරුණයෙකුට සොයාගත් රන් පොත” ගැන ඔබ අසා තිබෙනවාද. මෙම සිතුවිල්ලෙන් වශී වූ තෝමස් වහාම පැල්මයිරා වෙත ගොස් මුද්‍රණාලයේදී මාටින් හැරිස් මුණගැසුණේ මොර්මොන්ගේ පොතේ මුල් පිටු 16 මුද්‍රණාලයෙන් ඉවතට පැමිණෙමින් තිබියදීය. එම පිටු 16ක පිටපතක් ගැනීමට තෝමස්ට අවසර ලැබුණු අතර, ඔහු ඒවා ඔහුගේ බිරිඳ එලිසබෙත් වෙත ගෙන ආවා. “ඇය එම පොත ගැන බෙහෙවින් සතුටු වුණා”, “එය දෙවියන්වහන්සේගේ ක්‍රියාවක් බව විශ්වාස කරමින්” ඔහු ඒ ගැන පැවසුවා. තෝමස් සහ එලිසබෙත් පසුව ඔවුන්ගේ දරුවන් සමඟ නිව් යෝර්ක් වෙත ගොස් බව්තීස්ම වුණා. (තෝමස් බී. මාෂ් පිළිබඳ වැඩි විස්තර සඳහා, බලන්න දහම සහ ගිවිසුම් 31.)

පාර්ලි සහ තැන්ක්ෆුල් ප්‍රැට්

තෝමස් මාෂ් මෙන්, පාර්ලි සහ තැන්ක්ෆුල් ප්‍රැට් ඔහයෝ හි ඔවුන්ගේ සමෘද්ධිමත් ගොවිපල හැර යාමට වූ අධ්‍යාත්මික කැළඹීම්වලට ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් බයිබලයෙන් තේරුම් ගත් පරිදි ශුභාරංචිය දේශනා කිරීමේ අභිප්‍රායෙන්. පාර්ලි ඔහුගේ සොහොයුරාට මෙසේ පැවසුවා, “මේ දේවල්වල ආත්මය මට විවේක ගැනීමට නොහැකි තරම් ප්‍රබල ලෙස මගේ මනස මත ක්‍රියාත්මක වෙනවා.” ඔවුන් නැගෙනහිර නිව් යෝර්ක් වෙත ළඟා වූ විට, එම ප්‍රදේශයේ ටික වේලාවක් රැඳී සිටීමට පාර්ලිට පෙළඹවීමක් ඇති වුණා. ඔහු නොමැතිව ඔවුන් දිගටම මේ ගමනෙහි යාමට තැන්ක්ෆුල් තීරණය කළා. “මට රටේ මේ ප්‍රදේශයේ කරන්න වැඩක් තියෙනවා, ඒක මොකක්ද, එහෙමත් නැත්නම් ඒක කරන්න කොච්චර කාලයක් යයිද මම දන්නේ නැහැ; නමුත් එය ඉටු වූ විට මම එන්නම්” පාර්ලි ඇයට කිව්වා. මොර්මොන්ගේ පොත ගැන පාර්ලිට මුලින්ම අසන්නට ලැබුණේ එහිදී. “මට මේ පොත ගැන අමුතු උනන්දුවක් දැනුණා,” ඔහු පැවසුවා. ඔහු පිටපතක් ඉල්ලාගෙන රාත්‍රිය පුරා කියෙව්වා. උදෑසන වන විට, පොත සත්‍ය බව ඔහු දැන සිටි අතර, එය “ලෝකයේ සියලු ධනයට වඩා වැඩි” බව ඔහු දැනගෙන සිටියා. දින කිහිපයක් ඇතුළත පාර්ලි බව්තීස්ම වුණා. ඔහු බව්තීස්ම වූ පසුව නැවතත් තැන්ක්ෆුල් වෙත ආපසු ගියා. (පාර්ලි පී. ප්‍රට් ගැන වැඩි විස්තර සඳහා, බලන්න දහම සහ ගිවිසුම් 32.)

පාර්ලි ප්‍රැට් කියවමින්

ජෙෆ්රි හයින් විසින්, Parley P. Pratt Reads the Book of Mormon [පාර්ලි පී. ප්‍රැට් මොර්මොන්ගේ පොත කියවමින්]

සිඩ්නි සහ ෆීබි රිග්ඩන්

නිව් යෝර්ක් සිට මිසූරි හි ධර්මදූත සේවයකට යන අතරතුර, පාර්ලි ප්‍රැට් සහ ඔහුගේ සෙසු සේවය කරන්නන් ඔහයෝ හි මෙන්ටොර් හි සිඩ්නි සහ ෆීබි රිග්ඩන්ගේ නිවසේ නතර වුණා—ඒ ඔහයෝ හි සිටි දින වල පාර්ලි දැන සිටි පැරණි මිතුරන්. සිඩ්නි ක්‍රිස්තියානි දේවගැතියෙකු වූ අතර පාර්ලි වරක් ඔහුගේ සභාවේ සාමාජිකයෙකු වුණා, එබැවින් ඔහුව අධ්‍යාත්මික උපදේශකයෙකු ලෙස ඔහු සැලකුවා. මොර්මොන්ගේ පොත සහ යේසුස් ක්‍රිස්තුවහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම ගැන පාර්ලි ඉතා උනන්දුවෙන් තම මිතුරන්ට පැවසුවා. සිඩ්නි මුලින් මොර්මොන්ගේ පොත ගැන සැක පහළ කළත්, අලුත් ගිවිසුමේ කියවෙන සත්‍යය සභාවේ නැවත පිහිටුවීම ගැන ඔහු සොයමින් සිටියා. “නමුත් මම ඔබේ පොත කියවන්නම්, ඉන්පසු එය දෙවියන්වහන්සේගෙන් හෙළිදරව් කිරීමක් ද නැද්ද යන්න සොයා බැලීමට උත්සාහ කරන්නම්,” ඔහු ඔහුගේ මිතුරෙකු වන පාර්ලිට පැවසුවා. සති දෙකක අධ්‍යයනයෙන් සහ යාච්ඤාවෙන් පසු, ඔහු සහ ෆීබි යන දෙදෙනාම මෙම පොත සත්‍ය බව පිළිගත්තා. නමුත් සභාවට බැඳීම තම පවුල කරන විශාල කැපකිරීමක් බවද සිඩ්නි දැන සිටියා. ඔහුට පැහැදිලිවම ප්‍රජාව තුළ ඔහුගේ සමාජ තත්ත්වයත් සමඟ දේවගැතියෙකු ලෙස ඔහුගේ රැකියාවත් අහිමි වී යනවා. ඔහු සහ ෆීබි මෙම වියහැකියාව ගැන සාකච්ඡා කරන විට, ෆීබි මෙහෙම කිව්වා, “මම මේ ගැන ගැඹුරින් සිතුවා, ජීවිතය පැමිණියත්, මරණය පැමිණියත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම, මගේ ආශාවයි.”

සටහන්

  1. බලන්න Edward W. Tullidge, The Women of Mormondom (1877), 160–63.

  2. “History of Thos. Baldwin Marsh,” Deseret News, Mar. 24, 1858, 18.

  3. Autobiography of Parley P. Pratt (1938), 34.

  4. Autobiography of Parley P. Pratt, 36.

  5. Autobiography of Parley P. Pratt, 37.

  6. Autobiography of Parley P. Pratt, 39; see also Saints, 1:92–94.

  7. History, 1838–56 (Manuscript History of the Church), volume A-1, 73, josephsmithpapers.org.

  8. In History, 1838–56 (Manuscript History of the Church), volume A-1, 75, josephsmithpapers.org