“අප්‍රියෙල් 14-20: ‘ජීවත් වන ඒ තැනැත්තා මම වෙමි, මරණයට පත්කෙරුණු ලැබූ ඒ තැනැත්තා මම වෙමි’: පාස්කු ඉරිදා,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“පාස්කු ඉරිදා,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
අප්‍රියෙල් 14-20: “ජීවත් වන ඒ තැනැත්තා මම වෙමි, මරණයට පත්කෙරුණු ලැබූ ඒ තැනැත්තා මම වෙමි”
පාස්කු ඉරිදා
1836 අප්‍රියෙල් 3 වෙනි දිනය පාස්කු ඉරිදා විය. අලුතින් කැප කරන ලද කර්ට්ලන්ඩ් දේවමාළිගයේ ශුද්ධවන්තයින්ට සක්‍රමේන්තුව බෙදා දීමට උපකාර කිරීමෙන් පසු, ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්‍රි තිරයකින් පිටුපස නිසොල්මන් ස්ථානයක් සොයාගෙන නිහඬ යාච්ඤාවෙන් වැඳ වැටුණා. ඉන්පසුව, සෑම තැනකම සිටින කිතුනුවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටුවීම සිහිපත් කරන මෙම පූජනීය දිනයේ, මරණයෙන් නැගිටි ඒ ගැලවුම්කරුවාණන්ම උන්වහන්සේගේ දේවමාළිගාවේ පෙනී සිටිමින් මෙසේ පැවසුවා, “ජීවත් වන ඒ තැනැත්තා මම වෙමි, මරණයට පත්කෙරුණු ලැබූ ඒ තැනැත්තා මම වෙමි” (දහම සහ ගිවිසුම් 110:4).
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු “ජීවත් වන ඒ තැනැත්තා” යැයි පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් අදහස් වන්නේ උන්වහන්සේ සොහොන් ගෙයින් නැඟිට ගලීලයේ තම ගෝලයන්ට දර්ශනය වූ බව පමණක් නොවේ. එහි තේරුම උන්වහන්සේ අද ජීවත් වන බවයි. උන්වහන්සේ අද අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කතා කරනවා. උන්වහන්සේ අද උන්වහන්සේගේ සභාවට නායකත්වය දෙනවා. උන්වහන්සේ අද තුවාල වූ ප්‍රාණයන් සහ බිඳුණු හදවත් සුව කරනවා. එබැවින් අපට ජෝසෆ් ස්මිත්ගේ ප්‍රබල සාක්ෂියේ මෙම වචන ප්‍රතිරාවය කරන්න පුළුවන්: “උන්වහන්සේ ගැන දෙනු ලැබූ බොහෝ සාක්ෂි වලින් පසු, අප උන්වහන්සේ ගැන දෙන සාක්ෂිය මෙය වන්නේය: එනම් උන්වහන්සේ ජීවත් වන සේක!” (දහම සහ ගිවිසුම් 76:22). මෙම එළිදරව් කිරීම්වලදී අපට උන්වහන්සේගේ හඬ ඇසීමටත්, අපගේ ජීවිත තුළ උන්වහන්සේගේ හස්තය දැකීමටත්, “මේ ගී මට ප්‍රීති ගෙනේ: ‘මා දනිම් යේසු ජීවත් වේ!’” යන බව දැනීමටත් පුළුවන් වෙනවා.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමානයි.
අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් දුටුවාක් මෙන් අප බොහෝ දෙනෙක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැක නැත. නමුත් ගැලවුම්කරුවාණන් ජීවත් වන බවත්, අපගේ ජයග්‍රහණ සහ දුෂ්කරතාවයන් උන්වහන්සේ දන්නා බවත්, අවශ්‍ය අවස්ථාවලදී උන්වහන්සේ අපට උපකාර කරන බවත් අපට දැනගන්න පුළුවන්. ඔබ පහත ප්‍රශ්න ගැන මෙනෙහි කරන විට සහ ඒ සමඟ ඇති සම්පත් අධ්‍යයනය කරන විට ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔබේම සාක්ෂිය ගැන සලකා බලන්න.
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු කවුද? අපි උන්වහන්සේට නමස්කාර කරන්නේ ඇයි? (බලන්න “ජීවමාන ක්රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය”).
-
ගැලවුම්කරුවාණන්ව දුටු ජෝසෆ් ස්මිත් සහ අනෙකුත් අයගේ අත්දැකීම් ගැන ආත්මයාණන්වහන්සේ මට උගන්වන්නේ කුමක්ද? ඔවුන්ගේ සාක්ෂි, මගේ සාක්ෂිය ශක්තිමත් කරන්නේ කෙසේද? (බලන්න දහම සහ ගිවිසුම් 76:11-14, 20–24; 110:1–10; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය: 17).
-
ගැලවුම්කරුවාණන්ගේ ධර්මදූත සේවය සහ දේවත්වය ගැන උන්වහන්සේගේම වචන වලින් මා ඉගෙන ගන්නේ මොනවාද? (බලන්න දහම සහ ගිවිසුම් 29:5; 38:7).
-
ගැලවුම්කරුවාණන්ට අද මට උදව් කළ හැක්කේ කෙසේද? (බලන්න යෙසායා 53:3-5හෙබ්‍රෙව් 2:17-18; මොසායා 3:7; ඇල්මා 7:11– 13; 36:3; ඊතර් 12:27; මෝසෙස් 5:10-12).
කඩපාඩම් කිරීමෙහි බලයක් තිබෙනවා. වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් මෙසේ පැහැදිලි කළා: “ශුද්ධලියවිලි කටපාඩම් කිරීමෙන් විශාල බලයක් ලබාගත හැකියි. ශුද්ධලියවිල්ලක් කටපාඩම් කිරීම යනු නව මිත්‍රත්වයක් ඇති කර ගැනීමයි. එය අවශ්‍ය වේලාවට උපකාර කළ හැකි, ආශ්වාදයක් සහ සැනසීමක් ලබා දිය හැකි, සහ අවශ්‍ය වෙනස්කම් සඳහා පෙළඹවීමේ මූලාශ්‍රයක් විය හැකි නව පුද්ගලයෙකු සොයා ගැනීම වැනිය” (“The Power of Scripture,” Ensign, Nov. 2011, 6). ගැලවුම්කරුවා ණන් ගැන ඔබට විශේෂයෙන් අර්ථවත් වන ශුද්ධලියවිල්ලක්—සමහර විට අවශ්‍යතා ඇති අවස්ථාවක ඔබට සහනයක් ලබා දිය හැකි එකක් ඔබට හමු වුවහොත්—එය කටපාඩම් කිරීම ගැන සලකා බලන්න.
“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” තුළ ඇති සත්‍යයන් ඔබේ හදවතට සහ මනසට ලබා ගැනීමට ඔබට කුමක් කිරීමට පෙළඹවීමක් දැනෙනවාද?
Let Your Goals Be Guided by the Spirit
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා මම මරණයෙන් නැවත නැගිටිනවා.
ජෝසෆ් ස්මිත්ගේ පියා සහ ඔහුගේ සහෝදරයින් දෙදෙනෙකු ඇතුළුව, ආදරණීයයන්ගේ මරණයක් වෙනුවෙන් දුක්වීම කෙබඳු දැයි ජෝසෆ් ස්මිත් දැන සිටියා. ජෝසෆ් සහ එමා, ඔවුන්ගේ අවුරුදු දෙකට වඩා බාල දරුවන් හය දෙනෙකුව භූමදානය කළා. දෙවියන්වහන්සේ දුන් එළිදරව් කිරීම්වලින්, ජෝසෆ් සහ එමා සදාකාලික ඉදිරිදර්ශනයක් ලබාගත්තා.
දහම සහ ගිවිසුම් 29:26-27; 42:45–46; 63:49; 88:14–17, 27–31; 93:33–34 තුළ මරණය සහ දෙවියන්වහන්සේගේ සදාකාලික සැලැස්ම පිළිබඳ සත්‍යය සොයන්න. ඔබ මරණය ගැන දකින ආකාරයට මෙම සත්‍යයන් බලපාන්නේ කෙසේද? ඒවා ඔබ ජීවත් වන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද?
තවත් බලන්න 1 කොරින්ති 15.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා වෙනුවෙන් “පරිපූර්ණ වන්දිගෙවීමක්” ඉටු කළා.
පාස්කු කාලයේ ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කළ හැකි එක් ක්‍රමයක් තමයි, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව ගැන උගන්වන දහම සහ ගිවිසුම් පොතේ ඇති එළිදරව් අධ්‍යයනය කිරීම. සමහර ඒවා දහම සහ ගිවිසුම් 18:10–13; 19:16–19; 45:3–5; 76:69–70 තුළින් ද සොයාගත හැකිය. මෙම පදවල ඇති සත්‍යයන් ලැයිස්තුවක් සෑදීම ගැන සලකා බලන්න. ඔබේ අධ්‍යයනය ගැඹුරු කිරීමට, ඔබට ලූක් 22:39–44; 1 යොහන් 1:7; 2 නෙපී 2:6–9; මොසායා 3:5–13, 17–18; මොරෝනි 10:32–33 යන පද උවමනාවෙන් කියවීමෙන් ඔබේ ලැයිස්තුවට ඒවා එකතු කරගත හැකිය.
ඔබේ අධ්‍යයනයට මගපෙන්විය හැකි ප්‍රශ්න කිහිපයක් මෙන්න:
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම කියන්නේ මොකක්ද?
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් දුක් විඳ මිය යාමට තීරණය කළේ ඇයි?
-
උන්වහන්සේගේ පරිත්‍යාගයේ ආශිර්වාද ලබා ගැනීමට මා කුමක් කළ යුතුද?
-
මෙම පද කියවීමෙන් පසු මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන හැඟෙන්නේ කෙසේද?
The Savior Suffers in Gethsemane
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයින්ගේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා මම මරණයෙන් නැවත නැගිටිනවා.
-
නැවත නැගිටීම ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීම සඳහා, ඔබට ගැලවුම්කරුවාණන්ගේ මරණය සහ නැවත නැගිටීම පිළිබඳ පින්තූර පෙන්වීමෙන් ආරම්භ කළ හැකිය. මෙම සිදුවීම් ගැන ඔවුන් දන්නා දේ බෙදා ගැනීමට ඔබේ දරුවන්ට ඉඩ දෙන්න.
-
අප මිය යන විට (අපගේ ආත්මයන් සහ ශරීර වෙන් වූ විට) සහ අප මරණයෙන් නැවත නැගිටින විට (අපගේ ආත්මයන් සහ ශරීර නැවත එක්වන විට, අපගේ ශරීර පරිපූර්ණ හා අමරණීය වූ විට) සිදුවන්නේ කුමක්ද යන්න ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උපකාර වන භාණ්ඩ යොදාගන්නා පාඩමක් ගැන සලකා බලන්න. උදාහරණයක් ලෙස, අපි විදුලි පන්දමකින් බැටරියක් හෝ පෑනකින් තීන්ත බටයක් ඉවත් කළ විට කුමක් සිදුවේද? ඒවා නැවත එක් වූ විට කුමක් සිදුවේද? (බලන්න ඇල්මා 11:44–45.)
-
ඔබේ දරුවන් හඳුනන මිය ගිය කෙනෙකු සිටිනවාද? ඔවුන්ට මෙම පුද්ගලයන් ගැන ටිකක් බෙදා ගැනීමට ඉඩ දෙන්න, ඉන්පසු එකට එකතු වී දහම සහ ගිවිසුම් 138:17 කියවන්න. අපගේ ආදරණීයයන් මරණයෙන් නැවත නැගිටින, බවත් නැවත ශරීරයක් ලැබෙන බවත් දැනගැනීම ගැන හැඟීම් එකිනෙකා සමඟ කතා කරන්න.
-
ඔබට වැඩිමහල් දරුවන් සිටී නම්, පහත ඡේදවල පාස්කු පණිවිඩය ග්‍රහණය කරන වාක්‍ය ඛණ්ඩ සෙවීමට ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය: දහම සහ ගිවිසුම් 63:49; 88:14–17, 27; 138:11, 14–17. අපට මෙම පණිවිඩය අන් අය සමඟ බෙදා ගත හැක්කේ කෙසේද?
අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දුටුවා
-
ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:14–17; දහම සහ ගිවිසුම් 76:11–24; 110:1–10 හි සටහන් කර ඇති පරිදි, ජෝසෆ් ස්මිත් සහ අනෙකුත් අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දර්ශනය වූ විවිධ අවස්ථා තුනක් ගැන කියවීමට ඔබ සහ ඔබේ දරුවන් උනන්දු විය හැකිය. ඔබේ දරුවන්ට මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුවෙහි මෙම සිදුවීම්වල පින්තූර බැලීමටද හැකිය. මේ එක් එක් අත්දැකීම්වලින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අප ඉගෙනගන්නේ මොනවාද? ජෝසෆ් ස්මිත් සහ අනෙකුත් අය මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන්ව දුටු බව දැනගැනීම ආශිර්වාදයක් වන්නේ ඇයි?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා මට මගේ පව් වලට සමාව ලබාගන්න පුළුවන්.
-
ජෝසෆ් ස්මිත් ක්‍රිස්තුස්වහන්සේ තුළින් සමාව ගැන ඉගෙනගත් සත්‍යයන් නිසා, ඔබේ දරුවන්ට ඔවුන්ගේ වැරදි සහ පව්වලට සමාව ලැබිය හැකි බවට බලාපොරොත්තුවක් ලබා දිය හැකිය. මෙවැනි මාතෘකා සහිත වගුවක් සෑදීමට ඔබේ දරුවන්ට ආරාධනා කිරීම ගැන සලකා බලන්න: ගැලවුම්කරුවාණන් මා වෙනුවෙන් කළ දේ සහ උන්වහන්සේගේ සමාව ලැබීමට මා කළ යුතු දේ. මෙම මාතෘකා යටතට අදාළ වන දේවල් සොයා ගැනීමට ඔබේ දරුවන්ට පහත ඡේද උවමනාවෙන් කියවීමට උදවු කරන්න: දහම සහ ගිවිසුම් 18:10–13; 19:16–19; 45:3–5; 58:42–43. ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කළ දේ ගැන ඔබේ ප්‍රීතිය හා කෘතඥතාව එකිනෙකා සමඟ බෙදා ගන්න.
The Shiny Bicycle
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.