“මාර්තු 10-16, ‘ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ආරම්භය’: දහම සහ ගිවිසුම් 20-22,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 20–22,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
මාර්තු 10-16: “ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ආරම්භය”
දහම සහ ගිවිසුම් 20–22
මෝර්මොන්ගේ පොත ගෙන ඒමේ ගැලවුම්කරුවාණන්ගේ කාර්යය දැන් සම්පූර්ණ වී ඇත. නමුත් උන්වහන්සේගේ නැවත පිහිටුවීමේ කටයුතු ආරම්භ වූවා පමණි. දහම සහ පූජකත්ව අධිකාරි බලය නැවත පිහිටුවීමට අමතරව, විධිමත් සංවිධානයක්—එනම් උන්වහන්සේගේ සභාව—නැවත පිහිටුවීමට ස්වාමින්වහන්සේට අවශ්‍ය බව කලින් ලැබුණු එළිදරව් හරහා පැහැදිලි කර ඇත (බලන්න දහම සහ ගිවිසුම් 10:53; 18:5). 1830 අප්‍රියෙල් 6 වෙනිදා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සංවිධානය දැකීමට නිව් යෝර්ක්, ෆයෙට් හි දැව වලින් සාදා තිබූ විට්මර් පවුලේ නිවසට ඇදහිලිවන්තයන් 40 කට වැඩි පිරිසක් රැස්ව සිටියා.
සංවිධානාත්මක සභාවක් අවශ්‍ය වන්නේ මන්දැයි සමහරු කල්පනා කළා. 1830 දී සභාවේ එම පළමු රැස්වීම හා සම්බන්ධ එළිදරව් කිරීම්වලින් අවම වශයෙන් එම පිළිතුරෙන් අඩක්වත් සොයාගන්නට පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය සභාව පසුදවස්වලදී “ක්‍රමානුකූලව සංවිධානය කර පිහිටුවීම” නොකළේ නම් කළ නොහැකි වූ ආශිර්වාද එයින් විස්තර කරනවා (දහම සහ ගිවිසුම් 20:1).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සභාව නැවත පිහිටුවා තිබෙනවා.
අපට සංවිධානාත්මක සභාවක් තිබෙන්නේ ඇයි? සමහරවිට හොඳම පිළිතුර තමයි “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සංවිධානය කළ නිසා.” ඔබ දහම සහ ගිවිසුම් 20-21 අධ්‍යයනය කරන විට, උන්වහන්සේ පුරාණයේ පිහිටුවා ඇති සභාව සහ අද නැවත පිහිටුවා ඇති සභාව අතර ඇති සමානකම් ඔබට පෙනෙයි. පුරාණ කාලයේ ගැලවුම්කරුවාණන්ගේ සභාව ගැන ඉගෙන ගැනීමට පහත සඳහන් පද භාවිතා කරන්න: මතෙව් 16:15-19; යොහන් 7:16-17; එපීස 2:19–22;3 නෙපී 11:23–26; මොරෝනි 4–5. නැවත පිහිටුවන ලද සභාව ගැන ඉගෙන ගැනීමට මෙම පද භාවිතා කරන්න: දහම සහ ගිවිසුම් 20:17-25, 60, 72-79; 21:1–2. ඔබට මෙවැනි වගුවක ඔබ සොයා ගන්නා දේ වාර්තා කරන්න පුළුවන්:
|
දහම |
නියෝග |
පූජකවර අධිකාරිය |
අනාගතවක්තෘවරුන් | |
|---|---|---|---|---|
ක්‍රිස්තුස්වහන්සේගේ පුරාණ සභාව | දහම | නියෝග | පූජකවර අධිකාරිය | අනාගතවක්තෘවරුන් |
ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාව | දහම | නියෝග | පූජකවර අධිකාරිය | අනාගතවක්තෘවරුන් |
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සභාව ස්ථාපිත කර—සහ නැවත පිහිටුවීම—කළේ ඇයිද යන්න ගැන මෙම ක්‍රියාකාරකමෙන් ඔබ ඉගෙනගත්තේ මොනවාද?
තවත් බලන්න ඩැලන් එච්. ඕක්ස්, “සභාවක අවශ්‍යතාවය,” ලියහෝනා, නොවැ. 2021, 24–26.
බෙදා ගැනීමට ආරාධනා කරන්න. ඔවුන් තනිවම ඉගෙනගෙන ඇති දේ බෙදා ගැනීමට ඔබ මිනිසුන්ට ආරාධනා කරන විට, ඔවුන්ගේ පෞද්ගලික අධ්‍යයනය දිගටම කරගෙන යාමට ඔවුන්ට දිරිගැන්වීමක් දැනෙනු ඇත. ඔබට අන් අයට ආරාධනා කළ හැක්කේ මොනවා බෙදා ගන්නටද?
දහම සහ ගිවිසුම් 20:37, 75–79; 22
ශුද්ධ වූ නියෝග මට ගැලවුම්කරුවාණන් මෙන් වීමට උපකාර කරයි.
සභාව සංවිධානය කරන විට, බව්තීස්මය සහ සක්‍රමේන්තුව ඇතුළු පූජනීය නියෝග ගැන ස්වාමින්වහන්සේ තම ශුද්ධවන්තයින්ට ඉගැන්වූවා. ඔබ මෙම නියෝගයන් ගැන කියවන විට, ඒවා ඔබ ගැලවුම්කරුවාණන් සමඟ සම්බන්ධ වී ඇති බවක් දැනීමට ඔබට උපකාර වන ආකාරය ගැන මෙනෙහි කරන්න. නිදසුනක් වශයෙන්, “[යේසුස් ක්‍රිස්තුස්වහන්සේට] අවසානය දක්වා සේවය කිරීමට ඇති අධිෂ්ඨානය” පවත්වා ගැනීමට මෙම නියෝග ඔබට උපකාර කරන්නේ කෙසේද? (37 වෙනි පදය). ඔබ සක්‍රමේන්තු යාච්ඤාවන් (77, 79 පද) කියවා, ඒවා ඔබට පළමු වතාවට ඇසෙන බව සිතන්නට පුළුවන්. ඔබට ලැබෙන අවබෝධය කුමක්ද?
තවත් බලන්න ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්, “ගිවිසුම් මාවත කුමකටද,” ලියහෝනා, මැයි 2021, 116–19.
පූජකත්ව සේවය සභාවේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආශිර්වාද කරනවා.
ගැලවුම්කරුවාණන්ට උන්වහන්සේගේ සභාවේ පූජකත්වය නැවත පිහිටුවීම වැදගත් වන්නේ මන්දැයි ඔබ කවදා හෝ සිතා තිබේද? දහම සහ ගිවිසුම් 20:38-60 හි උන්වහන්සේ පූජකත්වය දරන්නන්ගෙන් කරන ලෙස ඉල්ලා සිටින දේ කියවීමෙන් ඔබට යම් අවබෝධයක් ලබා ගත හැකිය. මෙම පදවල විස්තර කර ඇති කාර්යය තුළින් ගැලවුම්කරුවාණන් ඔබට සහ ඔබේ පවුලට ආශිර්වාද කර ඇත්තේ කෙසේද?
පූජකවරයට නියම වූ අයට අමතරව, සභාවේ සේවය කිරීමට වෙන් කර ඇති කාන්තාවන් ද දෙවියන්වහන්සේගේ කාර්යයට සහභාගී වන විට දෙවියන්වහන්සේගේ අධිකාරි බලය ක්‍රියාත්මක කරනවා.
දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් උන්වහන්සේ ලබාදෙන වචනයට කීකරු වීමෙන් මට දිව්යමය ආරක්ෂාව ලබා දෙනු ඇත.
දහම සහ ගිවිසුම් 21:4–9 හි ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා අනුගමනය කිරීමට ආරාධනා සහ එසේ කරන පුද්ගලයන් සඳහා බලවත් පොරොන්දු අඩංගු වේ. මෙම පද ගැන මෙනෙහි කිරීමට පහත අදහස් ඔබට උපකාර කරයි:
-
ගැලවුම්කරුවාණන්ගේ ජීවමාන අනාගතවක්තෘවරයාගේ වචන සම්බන්ධයෙන් ඔබ කරනවාට උන්වහන්සේ කැමති දේ විස්තර කරන කුමන වචන ඔබ 4–5 පද තුළින් සොයාගත්තේද? මෙය කිරීමට “ඉවසීම සහ ඇදහිල්ල” අවශ්ය බව ඔබට හැඟෙන්නේ ඇයි?
-
ගැලවුම්කරුවාණන්ගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීමේ ආශිර්වාද විස්තර කිරීමට උන්වහන්සේ 6 වෙනි පදයේ භාවිතා කරන රූපක ගැන මෙනෙහි කරන්න. ඔබ සිතන ආකාරයට “නිරයේ දොරටු” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ස්වාමින්වහන්සේ ඔබ වෙනුවෙන් “අන්ධකාරයේ බලය නුඹලා ඉදිරියෙන් පලවාහරින්නේ” කෙසේද? “නුඹලාගේ යහපත සහ උන්වහන්සේගේ නාමයේ මහිමය උදෙසා ස්වර්ග සෙලවෙන්නට සලස්වන සේක” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
-
සභාවේ වත්මන් සභාපතිවරයා හරහා ස්වාමින්වහන්සේ ඔබෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද? ඔබ උන්වහන්සේගේ උපදෙස් පිළිපැදි විට ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු ඉටු කර ඇත්තේ කෙසේද?
වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන්ගේ “දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා” (ලියහෝනා, 2018 මැයි, 24-27) පණිවුඩයේ පහත කොටස් වලින් ඔබ ලබා ගන්නා අමතර අවබෝධයන් ලැයිස්තුගත කරන්න:
-
අපි අනාගතවක්තෘවරයාව අනුගමනය කරන්නේ ඇයි?
-
කුළුණ මත මුරකරු:
-
පුදුම වෙන්න එපා:
Watchman on the Tower
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පිහිටුවා ඇත.
-
2:37
The Church of Jesus Christ Is Organized: A joyful Church meeting
-
සමහර විට ඔබේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, දේවසේවයේ යෙදෙන කෙනෙක්, බව්තීස්මය සහ සක්‍රමේන්තුව යන දේවල් වල පින්තූර, 20 වෙනි කොටස සමඟ ගැලපිය හැකිය. ( 21–23, 47, 72–74, 75–79 පද). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සභාව නැවත පිහිටවූ නිසා අපට ලැබී ඇති ආශිර්වාද ගැන සාකච්ඡා කිරීමට මෙම පින්තූර සහ පද භාවිතා කරන්න.
දහම සහ ගිවිසුම් 20:37, 41, 71-74
මම බව්තීස්ම වී ස්ථිර වූ විට, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට පොරොන්දු වෙනවා.
-
බව්තීස්ම වන සහ තහවුරු වන දරුවෙකුගේ පින්තූරයක් දැකීමෙන් ඔබේ දරුවන් සතුටු විය හැකිය. එය දහම සහ ගිවිසුම් 20:41, 71–74 හි උපදෙස් වලට ගැලපෙන ආකාරය ඔවුන්ට පෙන්වා දිය හැකිය. බව්තීස්ම වීමට කැමති අය ගැන දහම සහ ගිවිසුම් 20:37 තුළින් අප ඉගෙන ගන්නේ කුමක්ද?
3:10The Baptism of Jesus
-
ඔබේ දරුවන් දැනටමත් බව්තීස්ම වී සහ තහවුරු වී ඇත්නම්, ඔවුන්ගේ අත්දැකීම් ගැන ඔවුන්ගෙන් විමසන්න. ඔවුන්ට බෙදාගත හැකි පින්තූර තිබේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඔවුන් කරන්නේ කුමක්ද කියා සහ උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන ආකාරය ගැන ඔවුන් සමඟ කතා කරන්න.
මට යේසුස්වහන්සේගේ නාමය මා වෙත ගෙන, උන්වහන්සේව සැමවිටම මතක තබා ගත හැකිය.
-
ඔබේ දරුවන්ට දහම සහ ගිවිසුම් 20:37 (බව්තීස්මය ගැන) සහ77 වෙනි පදය (සක්‍රමේන්තු යාච්ඤාව) යන දෙකෙහිම “කැමැත්ත” යන වචනය සෙවිය හැකිය. යේසුස් ක්‍රිස්තුවහන්සේට අවශ්‍ය අප කුමක් කිරීමට කැමැත්තෙන් සිටිනවාටද? සමහරවිට ඔබේ දරුවන්ට නමක් ඇති (වෙළඳ නාමයක් හෝ පුද්ගලික නමක් වැනි) යමක් දෙස බැලිය හැකිය. එම අයිතමය ගැන එම නම අපට පවසන්නේ කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මතට ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
-
එකට එක්ව දහම සහ ගිවිසුම් 20:77 කියවා, සක්‍රමේන්තුවේ කොටසක් ලෙස අප කරන පොරොන්දු හඳුනා ගැනීමට ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්න. සමහර විට ගැලවුම්කරුවාණන්ව “සැමවිටම මතක තබා ගැනීමට” ඔවුන්ට කළ හැකි දෙයක් මාරුවෙන් මාරුවට අවස්ථා ලබාගනිමින් රඟ දැක්විය හැකිය, ඉන්පසු ඔවුන්ට එකිනෙකාගේ ක්‍රියාවන් මොනවාදැයි අනුමාන කිරීමට හැකිය. 77 වෙනි පදය අනුව, අපි සැමවිටම ගැලවුම්කරුවාණන්ව සිහි කරන විට අපි ආශිර්වාද ලබන්නේ කෙසේද?
මම යේසුස්වහන්සේගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කරන විට උන්වහන්සේ මට ආශිර්වාද කරන සේක.
-
දහම සහ ගිවිසුම් 21:4–6 හි ආරාධනා සහ පොරොන්දු සොයා ගැනීමෙන් පසු, ඔබේ දරුවන්ට වත්මන් අනාගතවක්තෘවරයාගේ පින්තූරයක් දෙස බලා ඔවුන් ඔහුගෙන් උගත් හෝ අසා ඇති දෙයක් ගැන බෙදා ගත හැකිය. තම අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට ආශිර්වාද කර ඇති ආකාරය එකිනෙකා සමඟ බෙදා ගන්න.
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.