“පෙබරවාරි 24-මාර්තු 2, ‘ප්‍රාණයන්ගේ වටිනාකම මහත් ය’: දහම සහ ගිවිසුම් 18,” එන්න, මා අනුගමනය කරන්න-නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 18,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2025
පෙබරවාරි 24-මාර්තු 2: “ප්‍රාණයන්ගේ වටිනාකම මහත් ය”
දහම සහ ගිවිසුම් 18
පුද්ගලයෙකුගේ වටිනාකම මැනීමට උත්සාහ කිරීමට විවිධ ක්‍රම තිබෙනවා. දක්ෂතාවය, උගත්කම, ධනය සහ ශාරීරික පෙනුම යන සියල්ල අප එකිනෙකාව සහ අපවම ඇගයීමට ලක් කරන ආකාරය කෙරෙහි බලපානවා. නමුත් දෙවියන්වහන්සේගේ දෑස් හමුවේ, අපගේ වටිනාකම වඩා සරල කාරණයක් වන අතර, එය දහම සහ ගිවිසුම් 18 හි පැහැදිලිව දක්වා තිබෙනවා: “ප්‍රාණයන්ගේ වටිනාකම දෙවියන්වහන්සේගේ දර්ශනය ඉදිරියේ මහත් බව මතක තබාගන්න” (10 වෙනි පදය). මෙම සරල සත්‍යය දෙවියන්වහන්සේ කරන්නේ මොනවාද සහ උන්වහන්සේ එය කරන්නේ මන්දැයි බොහෝ දේ පැහැදිලි කරනවා. අපේ කාලයේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව පිහිටුවීමට උන්වහන්සේ ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්‍රිට උපදෙස් දුන්නේ ඇයි? (1–5 පද බලන්න). මොකද ප්‍රාණයන්ගේ වටිනාකම මහත් නිසා. උන්වහන්සේ “සියලු මිනිසුන්ට පසුතැවිලි වන ලෙස ආඥා කර” පසුතැවිලි වීම දේශනා කිරීමට ප්‍රේරිතවරුන්ව යැව්වේ ඇයි? (9 වෙනි පදය). මොකද ප්‍රාණයන්ගේ වටිනාකම මහත් නිසා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “මාංශයේ මරණය” සහ “සියලු මිනිසුන්ගේ වේදනාව” වින්දේ ඇයි? (11 වෙනි පදය). මොකද ප්‍රාණයන්ගේ වටිනාකම මහත් නිසා. මෙම ප්‍රාණයන්ගේ එක් අයෙක් හෝ ගැලවුම්කරුවාණන්ගේ ත්‍යාගය පිළිගැනීමට තීරණය කරන්නේ නම්, උන්වහන්සේ ප්‍රීති වේ, මන්ද “පසුතැවිලි වන ආත්මය තුළ උන්වහන්සේගේ ප්‍රීතිය මහත් ය” (13 වෙනි පදය).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
“මාගේ සභාව ගොඩනගන්න.”
18 වෙනි කොටස තුළ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ අත්තිවාරම දැමීම සඳහා ස්වාමින්වහන්සේ ඔලිවර් කවුඩ්‍රිට උපදෙස් ලබා දුන්නා. විශේෂයෙන්ම 1–5 පද තුළ උන්වහන්සේ දුන්නා වූ උපදෙස් ගැන ඔබ දකින්නේ කුමක්ද? ඔබ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල “ගොඩනගා” ගන්නා විට මෙම උපදෙසම ඔබට අදාළ වන්නේ කෙසේදැයි ඔබට සලකා බැලිය හැකිය. උදාහරණයක් ලෙස:
-
ඔබ ස්වාමින්වහන්සේ ගැන “දැනගැනීමට ආශා වන දේ” කුමක්ද? (1 වෙනි පදය).
-
“ලියා ඇති දේවල් මත රඳා සිටීම” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? (3 වෙනි පදය). මේ දේවල් සත්‍ය බවට ආත්මයාණන්වහන්සේ “මගින් ඔබට ප්‍රකාශ කර ඇත්තේ” කෙසේද? (2 වෙනි පදය; තවත් බලන්න දහම සහ ගිවිසුම් 6:22-24).
-
“[ගැලවුම්කාරුවාණන්ගේ] ශුභාරංචියේ සහ [උන්වහන්සේගේ] පර්වතයේ අත්තිවාරම මත ඔබ ඔබේ ජීවිතය ගොඩනගාගන්නේ කෙසේ ද”? (5 වෙනි පදය).
ප්‍රශ්න අසන්න. එළිදරව් ලබාගැනීමට ප්‍රශ්නහේතු වන බවට දහම සහ ගිවිසුම් සාක්ෂියක් වෙනවා. ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, ඔබට තිබෙන ප්‍රශ්න සටහන් කරගන්න. ඉන්පසු ඒවා මෙනෙහි කරමින්, පිළිතුරු සෙවීමට යාච්ඤා කරන්න.
“ ප්‍රාණයන්ගේ වටිනාකම දෙවියන්වහන්සේගේ දර්ශනය ඉදිරියේ මහත් ය.”
අපි යම් දෙයක වටිනාකම තීරණය කරන්නේ කොහොමද? උදාහරණයක් ලෙස, වෙළඳපොලේ එක් භාණ්ඩයක් තවත් භාණ්ඩයකට වඩා මිල අධික වන්නේ ඇයි? ඔබ මෙම සතියේ 18 වෙනි කොටස, විශේෂයෙන්ම 10-13 පද කියවන විට, ඔබට මිනිසුන් බොහෝ විට වටිනාකම තීරණය කරන ආකාරය සමඟ දෙවියන්වහන්සේගේ දෑස් හමුවේ ප්‍රාණයක වටිනාකම තීරණය වන ආකාරය සැසඳිය හැකිය. “ප්‍රාණය”, “ප්‍රාණයන්” සහ “සියලු මිනිසුන්” යන වචන වෙනුවට ඔබේ නම ආදේශ කිරීම ගැන සලකා බලන්න. ඔහුගේ හෝ ඇයගේ වටිනාකම ගැන ප්‍රශ්න කරන කෙනෙකුට මෙම පද උපකාර වන්නේ කෙසේද?
ප්‍රාණයක වටිනාකම ගැන උගන්වන තවත් කොටස් කිහිපයක් මෙන්න: ලූක් 15:1–10; යොහන් 3:16-17; 2 නෙපී 26:24–28; මෝසෙස් 1:39. මෙම ඡේද මත පදනම්ව, දෙවියන්වහන්සේට ඔබ ගැන හැඟෙන ආකාරය ඔබ සාරාංශ කරන්නේ කෙසේද?
ඔබ උන්වහන්සේට ඉතා වටිනා බව දෙවියන්වහන්සේ ඔබට පෙන්වන්නේ කෙසේද? මෙය ඔබ සහ අන් අය ගැන ඔබට හැඟෙන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද?
මම පසුතැවිලි වන විට ස්වාමින්වහන්සේ සතුටු වන සේක.
පසුතැවෙන්න සහ පසුතැවිලි වීම වැනි වචන දහම සහ ගිවිසුම් 18 පුරා කොපමණ වාර ගණනක් භාවිතා වේද යන්න සැලකිල්ලට ගන්න. මෙම වචන භාවිතා කරන සෑම අවස්ථාවකම ඔබ ඒ වචන වලින් ඉගෙන ගන්නා දේ ගැන මෙනෙහි කරන්න. විශේෂයෙන්ම 11-16 පද සලකා බලන්න. පසුතැවීලි වීම ගැන ඔබට හැඟෙන ආකාරය ගැන සහ-ඔබේම පසුතැවීම සහ පසුතැවිලි වී දියුණු වීමට අන් අයට ආරාධනා කිරීමේ යුතුකම කෙරෙහි මෙම පද බලපාන්නේ කෙසේද? ඔබ ඉගෙන ගන්නා දේ වාර්තා කිරීමට එක් ක්‍රමයක් මෙන්න: “පසුතැවිලි වීම යනු ” යන වාක්‍යය සම්පූර්ණ කරන ක්‍රම කිහිපයක් ලැයිස්තුගත කරන්න.
තවත් බලන්න ඇල්මා 36:18–21.
ක්ලාක් කෙලී ප්‍රයිස් විසින්, The Prodigal Son [නාස්තිකාර පුත්‍රයා]
අන් අයට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට උපකාර කිරීමෙන් ප්‍රීතිය ලැබේ.
ඔබ 14–16 පද කියවන විට, “පසුතැවිල්ල වෙතට මොරගැසීම”—යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද සහ එය එතරම් ප්‍රීතිය ගෙන එන්නේ මන්දැයි මෙනෙහි කරන්න. ගැලවුම්කරුවාණන් වෙතට පැමිණ සමාව ලබාගැනීමට අන් අයට උපකාර කිරීමට ඔබ සොයාගෙන ඇති ක්‍රම මොනවාද? අනෙක් අය ඔබ වෙනුවෙන් එය කර ඇත්තේ කෙසේද?
තවත් බලන්න ක්‍රේග් සී. ක්‍රිස්ටෙන්සන්, “මගේ ප්‍රීතිය තරම් විශිෂ්ට හා මිහිරි කිසිවක් එහි තිබිය නොහැක,” ලියහෝනා, 2023 මැයි, 45-47.
ශුද්ධලියවිලි තුළින් ස්වාමින්වහන්සේගේ හඬ මට ඇසෙනවා.
ස්වාමින්වහන්සේගේ හඬ කෙබඳු දැයි යමෙකු ඔබෙන් ඇසුවොත්, ඔබ කියන්නේ කුමක් ද? ඔබ දහම සහ ගිවිසුම් 18:34-36 කියවන විට මෙම ප්‍රශ්නය ගැන සිතන්න. දහම සහ ගිවිසුම් කියවීමෙන් ස්වාමින්වහන්සේගේ හඬ ගැන ඔබ ඉගෙන ගෙන ඇත්තේ මොනවාද? උන්වහන්සේගේ හඬ වඩාත් පැහැදිලිව ඇසීමට ඔබට කළ හැක්කේ මොනවාද?
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
අපි හැමෝවම දෙවියන්වහන්සේට ගොඩක් වටිනවා.
-
ඔබ සහ ඔබේ දරුවන් දහම සහ ගිවිසුම් 18:10-13 කියවන විට, “ප්‍රාණය”, “ප්‍රාණයන්” සහ “සියලු මිනිසුන්” යන වචන වෙනුවට එකිනෙකාගේ නම් ආදේශ කිරීම ගැන සලකා බලන්න. ස්වර්ගික පියාණන්වහන්සේට අප සෑම කෙනෙකු ගැනම හැඟෙන ආකාරය තේරුම් ගැනීමට මෙම පද අපට උපකාර වන ආකාරය ගැන ඔබට කතා කළ හැකිය.
-
මිනිසුන් වටිනා යැයි සලකන දේවල් ගැනද ඔබේ දරුවන්ගෙන් විමසන්න. නැත්නම් ඔබට වටිනා දෙයක් ඔවුන්ට පෙන්විය හැකිය. අපට වටිනා දේවල්වලට අප සලකන්නේ කෙසේද? ඉන්පසු ඔවුන්ට මාරුවෙන් මාරුවට කැඩපතක් දෙස බැලීමට ඉඩ දෙන්න. ඔවුන් එසේ කරන විට, සෑම දරුවෙකුටම තමන් දෙවියන්වහන්සේගේ දරුවෙකු බවත් ඔවුන් ඉතා වටිනා බවත් පවසන්න. අප ඉදිරියෙහි “[ඔවුන්ගේ] ප්‍රාණයන්ගේ වටිනාකම මහත්” බව අපට අන් අයට පෙන්විය හැක්කේ කෙසේද?
-
සියලුම මිනිසුන් ස්වර්ගීය පියාණන්වහන්සේට ඉතා වටිනා බව අවධාරණය කිරීමට, ඔබ දහම සහ ගිවිසුම් 18:10-13 කියවන අතරතුර ඔබේ දරුවන්ට මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය දෙස බැලිය හැකිය.
ලිස් ලෙමන් ස්වින්ඩ්ල් විසින්, Worth of a Soul [ප්‍රාණයක වටිනාකම]
ශුභාරංචිය බෙදාගැනීම මහත් ප්‍රීතියක් ගෙන දෙයි.
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදා ගැනීමට ඔබේ දරුවන්ව පෙලඹවීම සඳහා, ඔබට ඔබේ මිතුරන් හෝ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අවශ්‍ය දෙයක් ලැබුණු අත්දැකීමක් ගැන එකිනෙකා සමඟ කතා කළ හැකිය. ඔබට එය බෙදා ගැනීමට අවශ්‍ය වූයේ ඇයි, සහ එය බෙදා ගැනීම ඔබට හැඟුණේ කෙසේද? ඉන්පසු ඔබටදහම සහ ගිවිසුම් 18:13, 16 කියවිය හැකිය. ස්වාමින්වහන්සේට ප්‍රීතිය ගෙන එන්නේ මොනවාද? උන්වහන්සේ පවසන ආකාරයට අපට ප්‍රීතිය ගෙන දෙන්නේ මොනවාද? ඔබට සහ ඔබේ දරුවන්ට ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචියේ ප්‍රීතිය බෙදාහදා ගන්නා ඕනෑම අත්දැකීමක් ගැන කතා කළ හැකිය.
ශුද්ධලියවිලි තුළින් ස්වාමින්වහන්සේගේ හඬ මට ඇසෙනවා.
-
පවුලේ සාමාජිකයන්, මිතුරන් හෝ සභාවේ නායකයන් වැනි විවිධ පුද්ගලයින්ගේ කටහඬ හඳුනා ගැනීමට උත්සාහ කරන ක්‍රීඩාවක් ඔබේ දරුවන්ට රසවිඳිය හැකිය. අපි එකිනෙකාගේ කටහඬ හඳුනා ගන්නේ කෙසේද? ස්වාමින්වහන්සේගේ හඬ අප හඳුනා ගන්නේ කෙසේද? මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීමට ඔබට එකට එක්ව දහම සහ ගිවිසුම් 18:34-36 කියවිය හැකිය. ඔබට ශුද්ධලියවිලිවල ස්වාමින්වහන්සේගේ කටහඬ ඇසුණු ආකාරය එකිනෙකා සමඟ බෙදා ගත හැකිය.
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.