Doctrine and Covenants 2025
මාර්තු 17-23: “වඩා යහපත් ලෝකයක දේවල් උදෙසා සොයන්න”: දහම සහ ගිවිසුම් 23-26


“මාර්තු 17-23: ‘වඩා යහපත් ලෝකයක දේවල් උදෙසා සොයන්න’: දහම සහ ගිවිසුම් 23-26,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 23-26,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

එමා ස්මිත්

මාර්තු 17-23: “වඩා යහපත් ලෝකයක දේවල් උදෙසා සොයන්න”

දහම සහ ගිවිසුම් 23–26

බොහෝ මිනිසුන්ට, බව්තීස්ම වීම කියන්නෙ ගෞරවනීය, සාමකාමී අත්දැකීමක්. කෙසේවෙතත්, මැර පිරිසක් එමා ස්මිත්ට සහ අනෙකුත් අයට සමච්චල් කරමින් සහ තර්ජනය කරමින් ඔවුන්ගේ බව්තීස්මය කඩාකප්පල් කළා, එමෙන්ම ඔවුන්ට පලා යාමට බල කළා. පසුව, ජෝසෆ් නව සාමාජිකයින්ව තහවුරු කිරීමට සූදානම්ව සිටියදී, ඔහුගේ දේශනා කිරීම මඟින් ප්රජාව කලබල කිරීම යන හේතුව ඉදිරිපත් කර ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සියලු විරුද්ධවාදිකම් මැද, එමා තමා කරන්නේ හරි දේ බවට අස්වැසිල්ලක් ලබා ගත්තේ කොහොමද? අප සියල්ලන්ටම එය සොයාගත හැකි එක ස්ථානයක් තිබෙනවා—ඒ ස්වාමින්වහන්සේගෙන් එළිදරව් තුළින්. උන්වහන්සේ එමාට “[ලෝකයේ] වඩා යහපත් දේවල්” ගැන—උන්වහන්සේගේ රාජ්‍යය ගැන—සහ එහි ඇයට හිමි තැන ගැන කතා කළා. බිය නොවන්න කියාත්, “[ඇගේ] හදවත ඔසවා ප්‍රීති ප්‍රමුදිත වන්න,” කියාත්, “[ඇය] කරන ලද ගිවිසුම් වෙතට ඇලී සිටින්න” කියාත් උන්වහන්සේ ඇයට පැවසුවා. ඒවගේම මෙම දිරිගැන්වීම් සහ උපදෙස් “සියල්ලන් උදෙසා උන්වහන්සේගේ හඬයි” (දහම සහ ගිවිසුම් 25:9-10, 13, 16).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 24

ගැලවුම්කරුවාණන්ට “[මගේ] පීඩාවන්ගෙන් පිටතට” මාව ගෙන ගිය හැකිය.

දහම සහ ගිවිසුම් 24 හි ඇති එළිදරව්ව ලබා දී ඇත්තේ අභියෝගාත්මක කාලයකදී ජෝසෆ් ස්මිත්ව සහ ඔලිවර් කවුඩ්‍රිව “සවිමත් කිරීමට, දිරිගැන්වීමට සහ ඔවුන්ට උපදෙස් දීමටයි” (බලන්න කොටස් ශීර්ෂය). ඔවුන්ව ශක්තිමත් කිරීම සහ දිරිගන්වනසුලු වනු ඇතැයි ඔබට හැඟෙන වචන දහම සහ ගිවිසුම් 24 තුළ සොයන්න.

ඔබගේ අභියෝගවලට ගැලවුම්කරුවාණන් ඔබට උපකාර කරන ආකාරය ගැන පහත සඳහන් ශුද්ධලියවිලි ඔබට යෝජනා කරන්නේ කුමක්ද?

දහම සහ ගිවිසුම් 24:1–3

දහම සහ ගිවිසුම් 24:8

දහම සහ ගිවිසුම් 121:7–8

යෙසායා 40:28–31

මොසායා 24:14–15

ක්‍රිස්තුස්වහන්සේ මිනිසෙකුව සුව කරමින්

ජේ. කර්ක් රිචඩ්ස් විසින්, He Healed Many of Diverse Diseases [උන්වහන්සේ විවිධ රෝග බොහොමයක් සුව කළේය]

දහම සහ ගිවිසුම් 25

දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ මට වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට තිබේ.

එමා ස්මිත් ඇගේ ස්වාමිපුරුෂයා වන ජෝසෆ් ස්මිත් හරහා නැවත පිහිටුවීම දිග හැරෙන ආකාරය දෙස බලා සිටියදී, ඇයගේ භූමිකාව කුමක් විය හැකිදැයි ඇය කල්පනා කරන්නට ඇත. දහම සහ ගිවිසුම් 25 හි දෙවියන්වහන්සේ සපයා ඇති පිළිතුරු සොයන්න. උන්වහන්සේගේ “[ඔබ] උදෙසා හඬ” ලෙස ඔබට හැඟෙන කිසිවක් මෙම කොටසෙහි ඔබට පෙනෙනවාද? (16 වෙනි පදය).

බලන්න ජෝයි ඩී. ජෝන්ස්, “විශේෂයෙන්ම උතුම් ඇමතීමක්,” ලියහෝනා, 2020 මැයි, 15–18.

5:15

"An Elect Lady"

දහම සහ ගිවිසුම් 25:5, 14

“මෘදුබවේ ආත්මය පවත්වාගන්න.”

“මෘදුබවේ ආත්මය” යන වාක්‍ය ඛණ්ඩයෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? මෘදු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබට තේරුම් ගැනීමට උපකාර වන වචන සහ වාක්‍ය ඛණ්ඩ සඳහා 25 වෙනි කොටස උවමනාවෙන් කියවීම ගැන සලකා බලන්න. “යටහත් පහත් සිත් යන වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර්ගේ පණිවිඩය ද උපකාර විය හැකිය (ලියහෝනා, මැයි 2018, 30-33). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට මෘදුබවේ ආදර්ශයක් වන්නේ කෙසේද? (බලන්න මතෙව් 11:28-30). ඔබේ ජීවිතයේ “මෘදුබවේ ආත්මයෙන්” ඔබට කළ හැකි දේවල් ගැන සිතන්න.

දහම සහ ගිවිසුම් 25:10, 13

සෙමනේරි නිරූපකය
“ මෙම ලෝකයේ දේවල් පසෙක තබා, තවද වඩා යහපත් දේවල් උදෙසා සොයන්න.”

ඔබ දහම සහ ගිවිසුම් 25:10 තුළ ස්වාමින්වහන්සේගේ උපදෙස් ගැන මෙනෙහි කරන විට, ඔබ “පසෙකින් තබනවාට” උන්වහන්සේ කැමති “මේ ලෝකයේ දේවල්” ලැයිස්තුවක් සෑදීම උපකාරී විය හැකිය. ඉන්පසු උන්වහන්සේ ඔබ සොයනවාට කැමති “[ලෝකයේ] වඩා යහපත් දේවල්” ලැයිස්තුවක් ඔබට සාදාගත හැකිය. පළමු ලැයිස්තුවෙන් අවම වශයෙන් ඔබ පසෙකට තබන එක් දෙයක් සහ දෙවන ලැයිස්තුවෙන් ඔබ සොයන එක් දෙයක් ඔබට තෝරා ගත හැකිය.

“මෙම ලෝකයේ බොහෝ දේවල් [පසෙකට දැමීම]” ගැන සභාපති රසල් එම්. නෙල්සන් උපදෙස් සහ පොරොන්දු ලබා දී ඇත. උන්වහන්සේගේ “අධ්‍යාත්මික වස්තූන්” (ලියහෝනා, නොවැම්බර් 2019). ඔබ උන්වහන්සේගේ උපදෙස් පිළිපදින්නේ කෙසේද?

ඔබ 13 වෙනි පදය කියවන විට, ඔබ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම් ගැන සිතන්න. මෙම ගිවිසුම්වලට “ඇලී සිටීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? “මෙම ලෝකයේ දේවල් පසෙක තබා වඩා යහපත් දේවල් උදෙසා සෙවීමට” ඔබේ ගිවිසුම් ඔබට උපකාර කරන්නේ කෙසේද?

මෙන්න ඔබට “මෙම ලෝකයේ දේවල්” සහ “වඩා යහපත් දේවල්” ගැන තේරුම් ගැනීමට උපකාර කළ හැකි තවත් ශුද්ධලියවිලි කිහිපයක්: මතෙව් 6:19, 21, 25–34; ලූක් 10:39–42; 2 නෙපී 9:51.

බෙදා ගැනීමට ආරාධනා කරන්න. ඔබ “මෙම ලෝකයේ දේවල් පසෙක තැබිය යුතු” ආකාරය ගැන අන් අයට උගන්වන්නේ නම්, මෙම උපදෙස පිළිපැදීමට ඔවුන් කරන දේ බෙදාගැනීමට ඔවුන්ට ආරාධනා කරන ආකාරය ගැන සලකා බලන්න. එකිනෙකාගේ අවබෝධය සහ අත්දැකීම් ඇසීමෙන් අපට විශාල ශක්තියක් සහ ධෛර්යයක් ලබා ගත හැකිය.

දහම සහ ගිවිසුම් 25:11–12

ස්වාමින්වහන්සේ මාගේ “හදවතේ ගීතය” ගැන ප්‍රීති වන සේක.

ස්වර්ගීය පියාණන්වහන්සේ හෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබේ හැඟීම් ප්‍රකාශ කරන ඔබේ “හදවතේ ගීත” සමහරක් මොනවාද? ඒවායින් කිහිපයක් ගායනා කිරීම හෝ ඒවාට සවන් දීම ගැන සලකා බලන්න. මෙම ගීත ඔබට විශේෂ වීමට හේතුව කුමක්ද?

මෙම ගීතිකා යාච්ඤාවක් මෙන් වන්නේ කෙසේදැයි ඔබට සිතා බැලිය හැකිය. පූජනීය සංගීතයට සහ යාච්ඤාවට ඇති පොදු දේවල් මොනවාද? ඔබේ පූජනීය ගීතවලට “ආශිර්වාදයක් සමඟින් පිළිතුරු” ලැබී ඇත්තේ කෙසේද?

දහම සහ ගිවිසුම් 26:2

“සියලු දේවල් පොදු කැමැත්තෙන්, සභාව තුළ කළ යුතු වන්නේය.”

මෙම පදයේ ඇති “පොදු කැමැත්ත” යන වාක්‍ය ඛණ්ඩයෙන් අදහස් කරන්නේ, කැඳවීමක් හෝ පූජකවර නියම කිරීමක් ලබන පුද්ගලයෙකුව අප විසින් ස්ථිර කිරීම සහ ඔහුට සහාය දෙන බවට පෙන්වීමට අපගේ දෑත් එසවීමේ ක්‍රියාවයි. අප යමෙකු ස්ථිර කරන විට එයින් අදහස් කරන්නේ කුමක්ද කියා සභා රැස්වීමකට පැමිණෙන ආගන්තුකයෙකුට ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? සභාපති හෙන්රි බී. අයිරින්ගේ “ඇදහිල්ල ස්ථිර කිරීමේ බලය” පණිවිඩයෙන් ඔබ සොයා ගන්නා පිළිතුරු මොනවාද? (ලියහෝනා, මැයි 2019, 58–60).

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 03

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 24:1, 8

ගැලවුම්කරුවාණන්ට “[මගේ] පීඩාවන්ගෙන් පිටතට” මාව ගෙන ගිය හැකිය.

  • දුෂ්කර කාලවලදී ස්වාමින්වහන්සේ ඔබට උපකාර කරන ආකාරය ඔබට එකිනෙකා සමඟ බෙදා ගත හැකිය.

    1:52

    Chapter 11: More People Join the Church: April–June 1830

  • දහම සහ ගිවිසුම් 24:8 ඉවසීම ගැන අපට උගන්වන්නේ කුමක්ද? අපගේ පීඩාවන්වලදී උන්වහන්සේ “[අප සමඟ]” සිටින බව ගැලවුම්කරුවාණන් අපට දන්වන්නේ කෙසේද?

    2:42

    Continue in Patience

දහම සහ ගිවිසුම් 25:11–12

යේසුස්වහන්සේ “හදවතේ ගීතයට” ප්‍රේම කරන සේක.

  • දහම සහ ගිවිසුම් 25:12 කියවීමෙන් පසු, ඔබට ඔබේ ප්‍රියතම ගීතිකාව හෝ සභාවේ ගීතයක්—නැතිනම් ඔබේ “හදවතේ ගීතය”—කුමක්ද කියා එකිනෙකාට පවසා, ඒවා එකට ගායනා කළ හැකිය. ඔබ මෙම ගීත වලට ආදරය කරන්නේ මන්දැයි එකිනෙකා සමඟ බෙදා ගන්න. අපි මේ ගීත ගායනා කරන විට ස්වාමින්වහන්සේ සතුටු වන්නේ ඇයි? අපගේ ගායනය “[උන්වහන්සේට] යාච්ඤාවක්” මෙන් වන්නේ කෙසේද?

පවුලේ අය පියානෝව අසල ගායනා කරමින්

දහම සහ ගිවිසුම් 25:13, 15

ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ මගේ ගිවිසුම් මට ප්‍රීතිය ගෙන දෙනවා.

  • “ගිවිසුම්වලට ඇලී සිටීම” (දහම සහ ගිවිසුම් 25:13) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට ඔබේ දරුවන්ට යමක් හැකි තරම් තදින් අල්ලාගෙන සිටිය හැකිය. එවිට ඔබටත් ඔබේ දරුවන්ටත් ඔබ ඔබේ ගිවිසුම්වලට “ඇලී සිටින” හෝ එකඟව සිටින ආකාරය ගැන කතා කළ හැකිය. අවශ්‍ය නම්, අප ඇතිකරගන්නා ගිවිසුම් ගැන ඔබේ දරුවන් සමඟ සමාලෝචනය කරන්න (බලන්න මොසායා 18:8-10; දහම සහ ගිවිසුම් 20:37; සහ මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව).

  • දහම සහ ගිවිසුම් 25:13 සඳහා ඔබේ දරුවන්ට සන්දර්භය ලබා දීමට, එය බව්තීස්ම වූ විගස එමා ස්මිත්ට ස්වාමින්වහන්සේ පැවසූ දෙයක් බව ඔබට පෙන්වා දිය හැකිය. මෑතකදී බව්තීස්ම වූ කෙනෙකුට මෙය හොඳ උපදෙසක් වන්නේ ඇයි?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

එමා ශුද්ධලියවිලි අධ්‍යයනය කරමින්

ලිස් ලෙමන් ස්වින්ඩ්ල් විසින්, Emma’s Hymns [එමාගේ ගීතිකා]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව