පුස්තකාලය
ජූලි 26–අගෝස්තු 1. ක්‍රියා 22–28: ‘සේවකයෙක් සහ සාක්ශිකාරයෙක්’


“ජූලි 26–අගෝස්තු 1. ක්‍රියා 22–28: ‘සේවකයෙක් සහ සාක්ශිකාරයෙක්’” එන්න, මා අනුගමනය කරන්න–පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“ජූලි 26–අගෝස්තු 1. ක්‍රියා 22–28, එන්න, මා අනුගමනය කරන්න–පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021

පාවුල් සිරගෙය තුළ

ජූලි 26–අගෝස්තු 1

ක්‍රියා 22–28

“සේවකයෙක් සහ සාක්ශිකාරයෙක්”

ශුද්ධාත්මයාණන්වහන්සේගේ හැඟීම් බොහෝවිට නිහඬය සහ සමහරවිට ක්ශණිකය. ඔබේ හැඟීම් සටහන් කිරීම තුලින් ඒවා වඩාත් ගැඹුරින් මෙනෙහි කිරීමට ඔබට ඉඩසලසයි. ඔබ ක්‍රියා 22–28 කියවන විට, ඔබ වෙත පැමිණෙන හැඟීම් සහ අදහස් සටහන් කරගෙන ඒවා මෙනෙහි කිරීමට කාලය යොමුකරන්න.

ඔබගේ හැඟීම් සටහන් කරන්න

“අපි ස්වාමින්වහන්සේගේ කාර්‍යය කරන විට, අපට ස්වාමින්වහන්සේගේ උපකාරය හිමිවන බව” සභාපති තෝමස් එස්. මොන්සන් පොරොන්දු විය (“To Learn, to Do, to Be,” Ensign or Liahona, Nov. 2008, 62). කෙසේවෙතත්, සුමට මාර්ගයක් සහ නිමක් නැති සාර්ථක ප්‍රවාහයක් අපට හිමිවන්නේ නැත. මේ සඳහා සාක්ශියක් වශයෙන්, පාවුල් ප්‍රේරිතවරයාට වඩා වැඩි යමක් අපට අවශ්‍ය නැත. ස්වාමින්වහන්සේගෙන් ඔහුට ලැබුණු කාර්‍යය වූයේ “මාගේ නාමය අන්‍යජාතීන්ද, රජුන්ද, ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්න” යන්නයි (ක්‍රියා 9:15). ක්‍රියා 22–28 පරිච්ඡේද තුල, පාවුල් මෙම කාර්‍යය සපුරන විට දම්වැල්, සිරගත කිරීම්, ශාරීරික හිංසනයන්, නැව් ගසාගෙන යෑම සහ සර්ප ප්‍රහාරයක් පවා වැනි විශාල විරුද්ධතාවන්ට මුහුණදීම අපි දකිමු. නමුත් යේසුස්වහන්සේ “ඔහු ළඟ සිට, පාවුල්, ධෛර්ය ඇතුව සිටපන්න” කියා පැවසීමද අපි දකිමු (ක්‍රියා 23:11). ස්වාමින්වහන්සේගේ සේවකයන් “ගොස් … සියලු ජාතීන්ට උගන්නපල්ලා” යන උන්වහන්සෙගේ කැඳවීම පිළිගත් විට, “මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි” යන උන්වහන්සේගේ පොරොන්දුව ඉටුකරන බවට පාවුල්ගේ අත්දැකීම් සිත්ගන්නා සුළු මතක් කිරීමකි (මතෙව් 28:19–20).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ක්‍රියා 22:1–2; 26:1–29

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ඔවුන්ගේ සාක්ශිය නිර්භීත ලෙස බෙදාගත්හ.

ක්‍රියා 22 සහ 26 සටහන් වන බලවත් සාක්ශි පාවුල් බෙදාගන්නා විට, රෝමානු සොල්දාදුවන් විසින් ඔහුව සිරකරුවෙකු ලෙස රඳවාගෙන සිටියෝය. ඔහු කතාකළ මිනිසුන්හට ඔහුට මරණ දණ්ඩනය නියම කිරීමට බලය තිබුණි. එනමුත් ඔහු නිර්භීතව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ඔහුට ලැබුණු “ස්වර්ගික දර්ශනය” පිළිබඳව (ක්‍රියා 26:19) සාක්ශි බෙදාගැනීමට තෝරාගත්හ. ඔහුගේ වචන පිළිබඳව ඔබව පොළඹවන්නේ කුමක්ද? ඔබට ඔබගේ සාක්ශිය බෙදාගැනීමට ඇති අවස්ථාවන් ගැන සලකාබලන්න. උදාහරණයක් ලෙස, ශුභාරංචිය පිළිබඳව සාක්ශියක් ඔබ ලබාගත් ආකාරය ගැන ඔබගේ පවුලේ හෝ අන්අය සමග ඔබ අවසාන වරට බෙදාගත්තේ කවදාද?

ක්‍රියා 22:1–21; 26:9–20

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව පාවුල්ගේ දර්ශන වාර්තා තුන අතර වෙනස්කම් ඇත්තේ ඇයි?

දමස්කයට යන මාවතේ පාවුල්ගේ හාස්කම් සහිත දර්ශනය පිළිබඳව වාර්තා තුනක් ක්‍රියා පොතේ ඇතුලත්වේ (ක්‍රියා 9:3–20; 22:1–21; 26:9–20). මේ සෑම වාර්තාවක්ම අනෙක් ඒවාට වඩා තරමක් වෙනස් මෙන්ම සමහරක් අනෙක් ඒවාට වඩා විස්තර සපයයි. විවිධ ප්‍රේක්ශකයන්ට විවිධ අරමුණු සඳහා මෙම වාර්තාවන් පවසා ඇති හෙයින්, එක් එක් ප්‍රේක්ශකයා සඳහා අත්දැකීම් වල විවිධ කොටස් අවධාරණය කිරීමට පාවුල් තෝරාගැනීම සාධාරණය.

ඒ හා සමානවම, ජෝසෆ් ස්මිත්ද ඔහුගේ පළමු දර්ශනය පිළිබඳව වාර්තා කිහිපයක් සටහන් කළේය “First Vision Accounts,” Gospel Topics, topics.ChurchofJesusChrist.org). විවිධ වාර්තා විවිධ අරමුණු සඳහා විවිධ ප්‍රේක්ශකයන්ට ලබාදී ඇති අතර එක් වාර්තාවක් පමණක් පැවතියේ නම් ලබාදී ඇති අවබෝධයන් ලබාගත නොහැකි වනු ඇත.

ක්‍රියා 23:10–11; 27:13–25, 40–44

ස්වාමින්වහන්සේට සේවය කිරීමට උත්සහ දරන අය සමග උන්වහන්සේ සිටින සේක.

අපගේ ජීවිතවල අමාරුකම් දෙවියන්වහන්සේ අප කරන කාර්‍යයන් ප්‍රතික්ශේප කරන බවට ලකුණක් නොවන බව පාවුල්ගේ දේවසේවය පැහැදිලිවම පෙන්වාදෙයි. ඇත්තවශයෙන්ම, සමහර වේලාවට අපට උන්වහන්සේගේ සහය වඩාත් ප්‍රබල ලෙස දැනෙන්නේ එම දුශ්කර අවස්ථා වලදීය. පාවුල්ගේ දේවසේවය ගැන ඔබ මෑතකදී කියවූදේ සමාලෝචනය කිරීම සහ ඔහු විඳදරාගත් දේවල් ලැයිස්තුගත කිරීම සිත්ගන්නාසුළු විය හැකිය (උදාහරණ ලෙස බලන්න, ක්‍රියා 14:19–20; 16:19–27; 21:31–34; 23:10–11; 27:13–25, 40–44). ස්වාමින්වහන්සේ ඔහු සමග සිටියේ කෙසේද සහ ස්වාමින්වහන්සේගේ සේවයේ ඔබ දරන උත්සහය ගැන මෙය ඔබට උගන්වන්නේ කුමක්ද?

ක්‍රියා 24:2427; 26:1–3, 24–29; 27

දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ වචන පිළිගැනීමට හෝ ප්‍රතික්ශේප කිරීමට මට තෝරාගත හැකිය.

ඔහුගේ දේවසේවය මුළුල්ලේ, පාවුල් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ සුභාරංචිය පිළිබඳව බලවත් සාක්ශි දැරීය. බොහෝ මිනිසුන් ඔහුගේ සාක්ශිය පිළිගත් නමුත් සෑමකෙනෙක්ම පිළිගත්තේ නැත. ඔබ ක්‍රියා 24:24–27 සහ ක්‍රියා 26:1–3, 24–29 කියවන විට, යුදයේ පහත සඳහන් රෝම පාලකයින් පාවුල්ගේ ඉගැන්වීම් වලට ප්‍රතිචාර දැක්වූ ආකාරය පෙන්වන වචන සහ වාක්‍ය ඛණ්ඩ ලියන්න

පීලික්ස්

පෙස්තුස්

අග්‍රිපා රජ

සීසර් විසින් අත්හදාබැලීමට රෝමයට යාත්‍රා කරමින් සිටියදී, නැවට සහ එහි මගීන්ට “අන්තරාය සහ බොහෝ අලාභ” සිදුවන බව පාවුල් අනාවැකි පළ කළේය (ක්‍රියා 27:10). ඔහුගේ අනතුරු ඇඟවීමට පාවුල්ගේ නැවේ සගයන් ප්‍රතිචාර දැක්වූ ආකාරය දැනගැනීමට (27 පරිච්ඡේදය) කියවන්න. මෙම අත්දැකීමෙන් ඔබට යම් පාඩමක් තිබේද?

සභාවේ නායකයන්ගේ ඉගැන්වීම් ඇසුනු විට මෙම මිනිසුන් මෙන් ඔබ කවදා හෝ ප්‍රතිචාර දක්වා තිබේද? මෙලෙසින් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිවිපාක මොනවාද? ස්වාමින්වහන්සේගේ සේවකයන් තුලින් ලැබෙන උන්වහන්සේගේ උපදේශ පිළිපැදීම පිළිබඳව මෙම වාර්තා වලින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

නෙපි 33:1–2; Joseph Smith—History 1:24; ඩී ටොඩ් ක්‍රිස්ටෝර්ෆන්සන්, “අන්තුරු හැඟවීමේ හඬ,” එන්සයින් හෝ ලියහෝනා, 2017 මැයි, 108–11 ද බලන්න.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

ක්‍රියා 24:16

හැරී ඒමට පෙර, දෙවියන්වහන්සේට කළ වැරදි පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් පාවුල්ට ඇත. නමුත්, ඔහු පසුතැවිලි වූ නිසා, “දෙවියන්වහන්සේට සහ මිනිසුන් කෙරෙහි වරදක් නොකිරීමට හෘදසාක්ශියක් ඇතිකරගැනීමට මම මෙහිදී අභ්‍යාස කරමි” යයි කීමට ඔහුට හැකියාව තිබුණි (දහම සහ ගිවිසුම 135:4 ද බලන්න). දෙවියන්වහන්සේට සහ අන් අයට කරන වැරදි පිළිබඳ අපගේ හෘද සාක්ශියෙන් මිදෙන්නේ කෙසේද?

ක්‍රියා 26:16–18

මෙම වගන්තිවල, ස්වාමින්වහන්සේ කුමන කාර්‍යයක් කිරීම සඳහා පාවුල් කැඳවූයේද? මේ හා සමාන දේවල් කිරීමට අපට ලැබෙන අවස්ථාවන් මොනවාද ?

ක්‍රියා 26:1–9

ඔබේ පවුලේ කිසිවෙකු සර්පයන්ට කැමතිද? ක්‍රියා 28:1–9 ඇති කතන්දරය එම පුද්ගලයාට හෝ පවුලේ වෙනත් සාමාජිකයෙකුට පැවසීමට ඔබට ඉල්ලාසිටිය හැකිය. මෙම කතන්දර චිත්‍රයට නැගීමෙන් හෝ රගපෑමෙන් ඔබේ දරුවන් සතුටුවිය හැකිය. මෙම වාර්තා වලින් අපට ඉගෙනගත හැකි පාඩම් මොනවාද? ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සේවකයන්ට දුන් පොරොන්දු ඉටුකිරීම එක් පාඩමක් විය හැකිය. උදාහරණයක් ලෙස, ඔබට මාර්ක් 16:18 දුන් පොරොන්දු පාවුල්ගේ අත්දැකීම්වල ඉටුවීමත් සමග සැසඳිය හැකිය. සමහරවිට ඔබේ පවුලට වඩාත් අර්ථවත්— ස්වාමින්වහන්සේගේ සේවකයෙකු විසින් දුන් පොරොන්දුවක් ඔබට මෑත ප්‍රධාන සම්මන්ත්‍රණයේදී කළ කතාවකින් සොයාගත හැකිය— එය ඔබේ නිවසේ ප්‍රදර්ශනය කරන්න. මෙම පොරොන්දුව ඉටුවන බවට අපගේ ඇති විශ්වාසය පෙන්වන්නේ කෙසේද?

සර්පයා

විස සර්පයෙකු පාවුල්ට දෂ්ට කලවිට දෙවියන්වහන්සේ ඔහුව බේරාගත් සේක.

ක්‍රියා 28:22–24

පාවුල්ගේ දවස්වල සභාව මෙන් (“ලබ්ධිය” ලෙස 22 වන පදයේ හඳුන්වා ඇත), අද සභාව පිළිබඳව “විරුද්ධව කතාකරනු” ලැබෙයි. මිනිසුන් ගැළවුම්කරුවාණන්ට සහ උන්වහන්සේගේ සභාවට විරුද්ධව කතාකල විට, පාවුල් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? පාවුල්ගේ අත්දැකීමෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me–For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ඔබගේ පවුලට ආශිර්වාද ලැබිය හැකි මූලධර්ම ගැන අවධානය යොමුකරන්න. ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, ඔබගෙන් මෙසේ අසන්න, “මගේ පවුලට විශේෂයෙන්ම අර්ථවත් වන කුමක් මෙයින් සොයාගත හැකිද?” (Teaching in the Savior’s Way, 17 බලන්න).

පාවුල් අග්‍රිපා රජු ඉදිරියේ

ඩැනීල් ඒ. ලෙවිස් විසින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ශිය තුල නිර්භීතව පාවුල් අග්‍රිපා රජු ඉදිරියේ.