“අගෝස්තු 16–22. 1 කොරින්ති 1–7: ‘පරිපූර්ණව එකට එකතු වන්න’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“අගෝස්තු 16–22. 1 කොරින්ති 1–7,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
කොරින්තිය, දකුණු ග්‍රීසිය, සංසදය සහ සිවිල් මධ්‍යස්ථානය, බාලගේ සිතුවමකි Balogh/www.ArchaeologyIllustrated.com
අගෝස්තු 16–22
1 කොරින්ති 1–7
“පරිපූර්ණව එකට එකතු වන්න”
ඔබ 1 කොරින්ති 1–7 කියවන අතරතුර ඔබේ හැඟීම් සටහන් කරන්න. අදහසක් තවදුරටත් හැදෑරීමට පෙළඹවීමක්, ඔබ ඉගෙනගන්නා දෙයක් අන් අය සමග බෙදාගැනීමක් හෝ ඔබේ ජීවිතයේ වෙනස්කම් කිරීමක් මෙම හැඟීම් වල ඇතුළත් විය හැකිය.
ඔබේ හැඟීම් සටහන් කරන්න
පාවුල් කොරින්තියේ ගතකළ මාස වලදී, “කොරින්තිවරුන්ගෙන් බොහෝදෙනෙක්ද [ඔහුව] අසා අදහාගෙන, බව්තීස්මකරනු ලැබුවෝය” (ක්‍රියා 18:8). අවුරුදු කිහිපයකට පසු, කොරින්ති සාන්තුවරයන් අතර “බෙදීම්” සහ “මතභේද” ඇති බවත්, ඔහු නොමැති විට ඔවුන් “මේ ලෝකයේ ප්‍රඥාවට” අවනතවීමට පටන්ගත් බවත් පාවුල්ට දැනගන්නට ලැබීම හද කම්පා කරවන්නක් විය (1 කොරින්ති 1:10–11, 20). ඊට ප්‍රතිචාර වශයෙන්, පාවුල් අප දැන් 1 කොරින්ති යනුවෙන් හඳුන්වන ලිපිය ලිවීය. එය ගැඹුරු ඉගැන්වීම් වලින් පිරී ඇති අතර, ඒ අතරම, සාන්තුවරයන්ට තමාට දීමට අවශ්‍ය සියලු දහම් පිළිගැනීමට සාන්තුවරයන් සූදානම් නොවීම ගැන පාවුල් කලකිරීමට පත්විය. “මට, සහෝදරයෙනි, ආත්මිකයන්ට මෙන් නුඹලාට කථාකරන්ට නොහැකිය,” ඔහු විලාප තැබීය, “මක්නිසාද නුඹලා තවම මාංසිකය” (1 කොරින්ති 3:1–3). පාවුල්ගේ වචන කියවීමට අප සූදානම් වනවිට— එනම්, ආත්මයාණන්ට අවනතවීමට සහ අපගේ පවුල් තුළ, අපගේ සෙසු සාන්තුවරයන් හා දෙවියන්වහන්සේ සමග එක්සත්වීමට උත්සාහ කිරීම ඇතුළුව, සත්‍යය ලැබීමට ඇති අපගේ සූදානම පරීක්ෂාකර බැලීම ප්‍රයෝජනවත් විය හැකිය.
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
1 කොරින්ති 1:10–17; 3:1–11
ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන් එක්සත් වී ඇත.
කොරින්ති සාන්තුවරයන් අතර එක්සත්කම නොමැතිකම පිළිබඳ සියලු විස්තර අපි නොදනිමු, නමුත් අපගේම සම්බන්ධතාවල එකමුතුවක් නොමැතිවීම ගැන අපි දනිමු. ඔබේ ජීවිතයේ වඩා එකමුතුකමින් ප්‍රයෝජන ගතහැකි සම්බන්ධතාවයක් ගැන සිතන්න; කොරින්ති සාන්තුවරයන් අතර එක්සත්කම නොමැතිකම ගැන 1 කොරින්ති 1:10–17; 3:1–11 හි පාවුල් ඉගැන්වූ දේ සොයාබලන්න. අන් අය සමග වඩා හොඳ එක්සත්කමක් ඇතිකරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට ලබාගතහැකි අවබෝධය කුමක්ද?
තවත් බලන්න මොසායා 18:21; 4 නෙපි 1:15–17; දහම සහ ගිවිසුම 38:23–27; 105:1–5; “Unity,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
1 කොරින්ති 1:17–31; 2
දෙවියන්වහන්සේගේ කාර්යය ඉටුකිරීමට, මට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අවශ්‍යයි.
එය යහපත් නම්—අපට සොයාගතහැකි ඕනෑම තැනක ප්‍රඥාව සෙවීම—ධෛර්යමත් කර ඇත (2 නෙපි 9:29; දහම සහ ගිවිසුම 88:118 බලන්න), අඩුපාඩු සහිත මිනිස් ප්‍රඥාව පිළිබඳව පාවුල් දැඩිලෙස අනතුරු ඇඟවීම් කීපයක් දුන් අතර, එය “මෙම ලෝකයේ ප්‍රඥාව” ලෙස ඔහු හඳුන්වයි. ඔබ 1 කොරින්ති 1:17–25 කියවන විට, මෙම වාක්‍ය ඛණ්ඩයේ තේරුම කුමක්දැයි සිතාබලන්න. “දෙවියන්වහන්සේගේ ප්‍රඥාව” යනුවෙන් පාවුල් අදහස් කළේ කුමක්යැයි ඔබ සිතන්නේද? දෙවියන්වහන්සේගේ කාර්යය ඉටුකිරීමට අපට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අවශ්‍ය වන්නේ ඇයි?
දෙවියන්වහන්සේගේ කාර්යය සම්පූර්ණ කිරීමේදී ඔබගේ වගකීම් ඉටුකිරීමට ඔබ දරන උත්සාහයේදී, කොරින්ති සාන්තුවරයන්ට ඉගැන්වූ විට පාවුල්ට දැනුණු “භීතිය සහ… බොහෝ වෙව්ලීම” ඔබ කවදා හෝ අත්විඳ තිබේද? (1 කොරින්ති 2:3). ඔබට ධෛර්යය ලබාදෙන කුමක් 1 කොරින්ති 2:1–5 හි ඔබ සොයාගන්නේද? “මිනිසුන්ගේ ප්‍රඥාවට” වඩා “දෙවියන්වහන්සේගේ බලය” විශ්වාස කරන බව ඔබට පෙන්විය හැකි ආකාරය සලකා බලන්න.
දහම සහ ගිවිසුම 1:17–28 ද බලන්න.
1 කොරින්ති 2:9–16
දෙවියන්වහන්සේගේ දේවල් තේරුම්ගැනීමට මට ශුද්ධාත්මයාණන්වහන්සේ අවශ්‍යයි.
ඔබට මෝටර් රථ යාන්ත්‍ර විද්‍යාව හෝ මධ්‍යකාලීන ගෘහ නිර්මාණ ශිල්පය වැනි දේ ගැන වැඩිදුර දැනගැනීමට අවශ්‍ය නම්, ඔබ එය කරන්නේ කෙසේද? 1 කොරින්ති 2:9–16 ට අනුව, “දෙවියන්වහන්සේගේ දේවල්” ඉගෙනගැනීම “මිනිසෙකුගේ දේවල්” ඉගෙනීමට වඩා වෙනස්වන්නේ කෙසේද? දෙවියන්වහන්සේගේ දේවල් තේරුම්ගැනීමට අපට ශුද්ධාත්මයාණන් සිටිය යුත්තේ ඇයි? මෙම පද කියවීමෙන් පසු, අධ්‍යාත්මික දේ වඩාත් හොඳින් වටහාගැනීමට ඔබ කළ යුත්තේ කුමක්දැයි ඔබට හැඟෙන්නේද? ඔහුගේ හෝ ඇයගේ සාක්ෂිය සමග පොරබදින කෙනෙකුට පාවුල්ගේ වචන උපකාර කරන්නේ කෙසේද?
1 කොරින්ති 6:13–20
මගේ ශරීරය පරිශුද්ධයි.
ලිංගික දුරාචාරය පිළිගත හැකි බවත් ඔවුන්ගේ ශරීර සෑදී ඇත්තේ මූලික වශයෙන් විනෝදය සඳහා බවත් කොරින්තියේ බොහෝ මිනිසුන්ට හැඟුණි. වෙනත් වචන වලින් කිවහොත්, කොරින්තිය අද ලෝකයට වඩා වෙනස් නොවේ. ඔබට නිර්මල ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය ඇයි කියා අන් අයට පැහැදිලි කිරීමට උදව් වන කුමක් 1 කොරින්ති 6:13–20 හි පාවුල් ඉගැන්වූයේද?
පාවුල් මෙන් වෙන්ඩි ඩබ්ලිව්. නෙල්සන් සහෝදරිය “ප්‍රේමය හා විවාහය” යන කතාවේදී සාන්තුවරයන්ට නිර්මල වීමට ධෛර්යමත් කළ අයුරු දැකීමද සිත්ගන්නා සුළුය (Worldwide Devotional for Young Adults, Jan. 8, 2017, broadcasts.ChurchofJesusChrist.org). නෙල්සන් සහෝදරිය විසින් විස්තර කරන ලද ආදරය හා සමීපභාවය පිළිබඳ සත්‍යයන් ලෝකයේ පණිවිඩ වලට වඩා වෙනස්වන්නේ කෙසේද?
තවත් බලන්න රෝම 1:24–27; “Chastity,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
1 කොරින්ති 7:29–33
විවාහයට වඩා අවිවාහක වීම හොඳ බව පාවුල් ඉගැන්වූවාද?
1 කොරින්ති 7 හි සඳහන් පද කිහිපයකින් පෙනීයන්නේ විවාහය පිළිගත හැකි වුවත් තනිකඩව සිටීම සහ ලිංගික සම්බන්ධතා වලින් සම්පූර්ණයෙන්ම වැළකීසිටීම වඩාත් සුදුසු බවයි. කෙසේවෙතත්, ජෝසෆ් ස්මිත් පරිවර්තනය, 1 කොරින්ති 7:29–33 (බයිබල් උපග්‍රන්ථය බලන්න) ඔවුන්ගේ ධර්මදූත මෙහෙවර අතරතුර තනිකඩව සිටියහොත් ඔවුන්ට වඩා හොඳින් දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔවුන්ට හැකි වූ බව නිරීක්ෂණය කරමින්, පාවුල් පූර්ණකාලීන ධර්මදූතයින් ලෙස හැඳින්වූ අය ගැන සඳහන් කළ බව තේරුම්ගැනීමට අපට උපකාර කරයි. විවාහය උන්වහන්සේගේ සදාකාලික සැලැස්මේ කොටසක් බවත්, එය උසස් කිරීම සඳහා අවශ්‍ය බවත් ස්වාමින්වහන්සේ පාවුල් ඇතුළු තම සේවකයන් තුළින් උගන්වා ඇත (1 කොරින්ති 11:11; දහම සහ ගිවිසුම 131:1–4 බලන්න).
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
1 කොරින්ති 1:10–17; 3:1–11
ඔබගේ පවුලේ සාමාජිකයන් මෙම පද කියවන විට, ඔවුන් වඩාත් එක්සත් වීමට උපකාරී වන අදහස් සොයාගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න.
1 කොරින්ති 3:1–2
සමහරවිට ඔබට කිරි සහ මස් සහිත කෑමක් අනුභව කරන විට මෙම පද කියවිය හැකි අතර, ළදරුවන් වැඩිහිටියන් බවට පත්වන ආකාරය අප අධ්‍යාත්මිකව වර්ධනය වන ආකාරය සමග ඔබට සැසඳිය හැකිය.
1 කොරින්ති 3:4–9
පාවුල් බීජ සිටුවීමට තම ධර්මදූත උත්සාහය සසඳා බැලීය. අන් අය සමග ශුභාරංචිය බෙදාගැනීමට අප ප්‍රවේශ වියයුතු ආකාරය ගැන ඔහුගේ සන්සන්දනය යෝජනා කරන්නේ කුමක්ද?
1 කොරින්ති 6:19–20
පාවුල් කළාක් මෙන් අපගේ ශරීර දේවමාළිගා සමග සන්සන්දනය කිරීම අපගේ ශරීරයේ පරිශුද්ධභාවය ගැන ඉගැන්වීමට ඵලදායී ක්‍රමයක් විය හැකිය. සමහරවිට ඔබට මෙම දළ සටහන සමග ඇති දේවමාළිගා වල පින්තූර පෙන්විය හැකිය. දේවමාළිගා පූජනීය වන්නේ ඇයි? අපේ ශරීර දේවමාළිගා මෙන් වන්නේ කෙසේද? අපගේ ශරීර වලට දේවමාළිගා මෙන් සැලකීමට අපට කුමක් කළ හැකිද? (තවත් බලන්න “ලිංගික පාරිශුද්ධත්වය,” යෞවනයේ ශක්තිය සඳහා 35–37.) හැකිනම්, එකට දේවමාළිගාවට යන්න හෝ දේවමාළිගා භූමියට යන්න; මෙය දේවමාළිගාවේ හා අපගේ ශරීරවල පරිශුද්ධභාවය පිළිබඳ ඔබේ සාකච්ඡාව පොහොසත් කළ හැකිය.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
ඔබ සමග ඉවසිලිවන්ත වන්න. අප ශුභාරංචිය ඉගෙනගන්නාවිට කිරි මස් වලට පෙර පැමිණෙන බව පාවුල් ඉගැන්වීය (1 කොරින්ති 3:1–2 බලන්න). සමහර මූලධර්ම දැන් තේරුම්ගැනීමට අපහසු බව ඔබ සොයාගන්නේ නම්, ඉවසිලිවන්ත වන්න. ඔබ ඇදහිල්ලෙන් හා උනන්දුවෙන් අධ්‍යයනය කරනවිට පිළිතුරු ලැබෙනු ඇතැයි විශ්වාස කරන්න.