“අගෝස්තු 2–8. රෝම 1–6: ‘ගැලවීම පිණිස දෙවියන්වහන්සේගේ බලය’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“අගෝස්තු 2–8. රෝම 1–6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021
අගෝස්තු 2–8
රෝම 1–6
“ගැලවීම පිණිස දෙවියන්වහන්සේගේ බලය”
පෙළඹවීම් සටහන් කිරීම ආත්මයාණන් ඔබට උගන්වන දේ මතක තබාගැනීමට උපකාරී වේ. මෙම පෙළඹවීම් පිළිබඳව ඔබට හැඟෙන ආකාරය සටහන් කිරීමද සලකා බලන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
විවිධාකාර යුදෙව්වන් සහ අන්‍යජාතිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වූ, රෝම සභා සාමාජිකයන් වෙත පාවුල් ඔහුගේ සංදේශය ලියන කාලය වන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ගලීලයේ සිට පැමිණි කුඩා ඇදහිලිවන්තයන් පිරිසකට වඩා ඔබ්බට වර්ධනය වී තිබුණි. ගැළවුම්කරුවාණන්ගේ නැවත නැගිටීමෙන් වසර 20 කට පමණ පසු, විශාල අධිරාජ්‍යයක අගනුවර වන රෝමයද ඇතුලුව, අපෝස්තුළුවරුන්ට සාධාරණව ගමන්කළ හැකි සෑමතැනකම පාහේ කිතුනුවන්ගේ සභා තිබුණි. නමුත් පාවුල්ගේ ආසන්නම ශ්‍රාවකයන් රෝම සාත්තුවරයන් වූ නිසා, ඔහුගේ පණිවිඩය විශ්වීය වන අතර, එයට අද අප සියල්ලන්මද ඇතුළත් වේ: “ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය … අදහන්නාවු සියල්ලන්ටම ගැළවීම පිණිස දෙවියන්වහන්සේගේ බලයයි” (රෝම 1:16, ඇල අකුරු එකතු කරන ලදි).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
රෝමවරුන්–ෆිලෙමොන්
සංදේශ යනු මොනවාද සහ ඒවා සංවිධානය කර ඇත්තේ කෙසේද?
සංදේශ යනු ලෝකයේ විවිධ කොටස්වල සාන්තුවරයන් වෙත සභාවේ නායකයන් විසින් ලියන ලද ලිපිය. රෝම ආරම්භයේ සිට හේබ්‍රව් වලින් අවසන් වන තෙක්ම—අලුත් ගිවිසුමේ බොහෝ සංදේශ ලියන ලද්දේ පාවුල් ප්‍රේරිතවරයා විසින්ය. ඔහුගේ සංදේශ සංවිධානය කර ඇත්තේ දිග පිළිවෙලටය. අලුත් ගිවිසුමේ පළමු සංදේශය රෝම වුවත්, එය ඇත්තටම ලියා ඇත්තේ පාවුල්ගේ ධර්මදූත ගමනේ අගභාගය ආසන්නයේය. සංදේශ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, බයිබල් ශබ්දකෝෂයේ, “Pauline Epistles” බලන්න.
රෝම 1–6
මම ගැළවුම්කරුවාණන්ගේ ආඥා පිළිපැදීමෙන් උන්වහන්සේ තුළ ඇති ඇදහිල්ල පෙන්වන විට, උන්වහන්සේගේ කරුණාවෙන් මම ධර්මිෂ්ට වේ.
පහත සඳහන් අර්ථදැක්වීම් රෝමවරුන්ට ලියන ලද සංදේශය වඩාත් හොඳින් හඳුනාගැනීමට ඔබට උපකාරී වනු ඇත.
-
ව්‍යවස්ථාව:පාවුල් “ව්‍යවස්ථාව” ගැන ලියන විට, ඔහු සඳහන් කලේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැනය. ඒ හා සමානවම, පාවුල්ගේ ලියවිලිවල “ක්‍රියා” යන වචනය බොහෝවිට මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ උත්සව සහ චාරිත්‍රක්‍රම ගැන සඳහන් කරයි. පාවුල් මෙම ව්‍යවස්ථාව “ඇදහිල්ලේ ව්‍යවස්ථාව” (රෝම 3:27–31බලන්න), හෝ අපගේ ගැලවීමේ සැබෑ හේතුව වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම සමග සැසඳීය.
-
චර්මච්ඡේදනය, අචර්මච්ඡේදනය:පුරාණයේ, චර්මච්ඡේදනය යනු දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමග ඇතිකරගත් ගිවිසුමේ ටෝකනය හෝ සංකේතයකි. පාවුල් “චර්මච්ඡේදනය යන යෙදුම යුදෙවුවන් (ගිවිසුම් ගත ජනතාව ) සඳහා සහ “අචර්මච්ඡේදනය යන යෙදුම අන්‍යජාතීන් (ආබ්‍රහම්ගේ ගිවිසුමට අයත් නොවන අය ) සඳහාද භාවිතා කළේය. දෙවියන්වහන්සේ තම සෙනග සමග ඇතිකරගත් ගිවිසුමේ සංකේතයක් ලෙස තවදුරටත් චර්මච්ඡේදනය අවශ්‍ය නොවේ (ක්‍රියා 15:23 බලන්න).
-
ධර්මිෂ්ටකිරීම, නිදොස්කිරීම, සාධාරණීකරණය: මෙම යෙදුම් පව්කමාව හෝ සමාවදීම යන්නෙන් අදහස් කෙරේ. අප සාධාරණීකරණය වූ විට, අපට සමාව දී, නිර්දෝශී බව ප්‍රකාශ කර, අපගේ පාපවල සදාකාලික දඩුවමින් නිදහස් වේ. පාවුල් පැහැදිළි කළ ලෙස මෙය කළ හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය (බලන්න Guide to the Scriptures, “Justification, Justify,” scriptures.ChurchofJesusChrist.org; තවත් බලන්න D. Todd Christofferson, “Justification and Sanctification,” Ensign, June 2001, 18–25). රෝම වල, ධර්මිශ්ඨ සහ ධර්මිශ්ඨකම යන වචන සාධාරණ සහ ධර්මිශ්ඨකිරීම යන වචන සඳහා සමාන පද ලෙස දැකිය හැකිය.
-
කරුණාව:කරුණාව යනු “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නිර්ලෝභී අදරය සහ දයාව තුලින් දෙනු ලබන දිව්‍යමය … බලය සහ උපකාරයයි.” කරුණාව තුලින්, සියලුම මිනිසුන් මරණයෙන් නැවත නැගිටවනු ලබන අතර අමරණීයත්වය ලබාගනී. ඊට අමතරව, “කරුණාව යනු පුරුශයන්ට සහ කාන්තාවන්ට ඔවුන්ගේම උපරිම උත්සහයන් දැරීමෙන් පසු සදාකාලික ජීවිතය සහ අමරණීයත්වය සඳහා ඉඩ සලසන බලයකි. අපගේම උත්සහයෙන් අප කරුණාව උපයා නොගනී; ඒ වෙනුවට, “අපට වෙනත් ආකාරයකින් නඩත්තු කිරීමට නොහැකි යහපත් ක්‍රියා කිරීමට ශක්තිය සහ සහය ලබාදෙන්නේ කරුණාවයි” (Bible Dictionary, “Grace”; තවත් Dieter F. Uchtdorf, “The Gift of Grace,” Ensign or Liahona, May 2015, 107; 2 නෙපි 25:23).
රෝම 2:17–29
මාගේ බාහිර ක්‍රියා පිළිඹිබු විය යුතු අතර අභ්‍යන්තර හැරී ඒම වර්ධනය කළ යුතුය.
රෝමයේ සමහර යුදෙවු කිතුණුවන් තවමත් මෝසෙස්ගේ නීතියේ චාරිත්‍ර සහ විධි වලට කීකරුවීම, ගැලවීම ගෙන ආ බවට විශ්වාසකරන බව පාවුල්ගේ ඉගැන්වීම් පෙන්වාදෙයි. අප මෝසෙස්ගේ නීතිය අනුව ජීවත්නොවන බැවින් මෙය අදාළ නොවන ගැටලුවක් සේ පෙනිය හැකිය. නමුත් ඔබ පාවුල්ගේ ලියවිලි කියවන විට, විශේශයෙන්ම රෝම 2:17–29, සුභාරංචිය තුළ ජීවත්වීමට ඔබ දරන උත්සහයන් ගැන සිතන්න. සක්‍රමේන්තුව ලබාගැනීම හෝ දේවමාළිගාවට යෑම වැනි ඔබගේ භාහිර ක්‍රියා, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට සහ නැවත හැරී ඒමට ඔබව යොමුකරනවාද? (ඇල්මා 25:15–16 බලන්න.) ඔබගේ බාහිර ක්‍රියාවන් හදවතේ වෙනසක් කිරීමට හේතුවන බව සහතික කරන්නේ කෙසේද?
Dallin H. Oaks, “The Challenge to Become,” Ensign, Nov. 2000, 32–34. ද බලන්න.
රෝම 3:10–31; 5
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්, මට මාගේ පවු වලට සමාව ලබාගත හැකිය.
“ධර්මිෂ්ට කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත” යන පාවුල්ගේ නිර්භීත ප්‍රකාශය නිසා සමහර මිනිසුන් අධෛර්‍යයට පත්විය හැකිය (රෝම 3:10). නමුත් රෝම පොතේ බලාපොරොත්තු සහගත පණිවිඩද තිබේ. 3 සහ 5 පරිච්ඡේද වල එම පණිවිඩ ගැන සොයාබලා, “සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති” (රෝම 3:23) යන්න මතකතබාගැනීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලින් “බලාපොරොත්තුවෙහි ප්‍රීතිමත්වීමට” (රෝම 5:2) ඉගෙනගැනීමේ වැදගත් පියවරක් වන්නේ කෙසේදැයි සලකා බලන්න.
රෝම 6
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය “ජීවිතයේ අලුත්කමින් හැසිරෙන පිණිස” මා හට ආරාධනා කරන සේක.
ශුභාරංචිය අප ජීවත්වන ආකාරය වෙනස්කල යුතු බව පාවුල් උගන්වනු ලැබුවේය. “ජීවිතයේ අලුත්කමින් හැසිරීමට” 4 වන පදය ශුභාරංචිය ඔබට උපකාර කර ඇති ආකාරය තේරුම්ගැනීමට යමෙකුට උපකාර කිරීමට රෝම 6 හි ඔබ භාවිතා කරන ප්‍රකාශ මොනවාද? ඔබ බෙදාගන්නට කැමති අත්දැකීම් මොනවාද?
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
රෝම 1:16–17
අප “ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැන ලැජ්ජා නොවන බව” පෙන්වන්නේ කෙසේද?
රෝම 3:23–28
අපව “[දෙවියන්වහන්සේගේ] කරුණාවෙන් පමණක් සාදාරණීයකරනය කරනු ලබන නිසා” (Joseph Smith Translation, Romans 3:24 [රෝම 3:24, පාද සටහන් a]), කරුණාව ලබාගැනීමට අවශ්‍යතා නොමැති බව සමහර මිනිසුන් පැවසිය හැක. දෙවියන්වහන්සේගේ කරුණාව “උපයා” ගැනීමට අප කරන දේවල් කිසිවිටෙකත් ප්‍රමාණවත් නොවුණත්, එය ලබාගැනීමට යම් යම් දේ කිරීමට දෙවියන්වහන්සේ අපෙන් ඉල්ලාසිටී. කරුණාව ලබාගැනීමට අපට කළ හැක්කේ කුමක්ද?
රෝම 5:3–5
අප අත්විඳ ඇති පීඩා මොනවාද? ඉවසීම, අත්දැකීම්, සහ බලාපොරොත්තුව වර්ධනය කරගැනීමට පීඩා අපට උදවු කර ඇත්තේ කෙසේද?
රෝම 6:3–6
බෞතිස්මය සංකේතවත් කිරීම පිළිබඳව පාවුල් මෙම පදවල පැවසුවේ කුමක්ද? සමහරවිට ඔබගේ පවුලේ අයට එළඹෙන්නාවූ බෞතිස්මයකට සහභාගී වීමට සැලසුම් කළ හැකිය. නැතිනම් ඔබේ පවුලේ කෙනෙකුහට ඔහුගේ හෝ ඇයගේ බෞතිස්මයේ පින්තූර හෝ මතකයන් බෙදාගත හැකිය. බෞතිස්ම ගිවිසුම් ඇතිකරගැනීම සහ තබාගැනීම “ජීවිතයේ අලුත් බවින් හැසිරීමට” අපට උපකාර කරන්නේ කෙසේද?
බෞතිස්මය සංකේතවත් කරන්නේ ක්‍රිස්තුස්වහන්සෙගේ ගෝලයෙකු ලෙස නව ජීවිතයක් ආරම්භ කිරීමයි.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
අධ්‍යයනය කරන අතරතුර ප්‍රශ්ණ අසන්න. ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, ප්‍රශ්ණ මතකයට එනු ඇත. මෙම ප්‍රශ්ණ මෙනෙහි කර පිළිතුරු සොයන්න. උදාහරණයක් ලෙස, රෝම 1–6 හි “කරුණාව යනු කුමක්ද?” යන ප්‍රශ්ණයට ඔබට පිළිතුරු සෙවිය හැක