පුස්තකාලය
අගෝස්තු 9–15. රෝම 7–16: ‘යහපත්කමෙන් නපුරුකම පරාජය කරන්න’


“අගෝස්තු 9–15. රෝම 7–16: ‘යහපත්කමෙන් නපුරුකම පරාජය කරන්න’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“අගෝස්තු 9–15. රෝම 7–16,,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

රෝම

අගෝස්තු 9–15

රෝම 7–16

“යහපත්කමෙන් නපුරුකම පරාජය කරන්න”

මෙම ආකෘතියෙහි ඇතුළත් කළ හැක්කේ රෝම 7–16 හි ඇති ශුභාරංචි මූලධර්ම කිහිපයක් පමණි, එබැවින් මෙහි සඳහන් කරන දෙයට පමණක් සීමා නොවන්න. ඔබ ඉගෙනගන්නා විට ඔබට ලැබෙන පෙළඹවීම් වලට අවධානය යොමුකරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

පාවුල් රෝමවරුන්ට තම ලිපිය ආරම්භයේදී, “සාන්තුවරයන් ලෙස කැඳවනු ලැබූ” රෝම සභාවේ සාමාජිකයින්ට ආචාර කලේ “දෙවියන්වහනේගේ ආදරණීයයන්” ලෙස හැඳින්වීමෙනි. ඔවුන්ගේ “ඇදහිල්ල මුළු ලෝකයෙහිම ප්‍රසිද්ධව තිබෙන බව” ඔහු සඳහන් කළේය (රෝම 1:7–8). පාවුල් සිය ලිපියෙන් වැඩි ප්‍රමාණයක් වැයකළේ ව්‍යාජ අදහස් හා වැරදි හැසිරීම් නිවැරදි කිරීමට වුවද, මෙම නව ක්‍රිස්තියානියට හැරුණු අය සැබවින්ම දෙවියන්වහන්සේට ප්‍රේම කළ සාන්තුවරයන් බව සහතික කිරීමට ඔහුට අවශ්‍ය වූ බව පෙනේ. නිහතමානී සංවේදනයකදී, යම් කාලවලදී තමාට “කාලකණ්ණි මිනිසෙකු” මෙන් හැඟී ඇති බව පාවුල් පිළිගත්තේය (රෝම 7:24), නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පාපය මැඩපැවැත්වීමට ඔහුට බලය ලබාදී ඇත (බලන්න ජෝසෆ් ස්මිත් පරිවර්තනය, රෝම 7:22–27 [in the Bible appendix]). ආදරණීය යැයි හැඟීමට අරගල කරන සහ සාන්තුවරත්වයට ළඟාවිය නොහැකි බවක් පෙනෙන්නට ඇති අප සියලුදෙනාටම ඔහු මෘදු උපදෙස් ලබාදුන්නේය. “නපුරුකමින් පරාජය නොවන්න” ඔහු පැවසීය—ලෝකයේ නපුර මෙන්ම අපතුල ඇති නපුර—“නමුත් යහපත්කමින් නපුරුකම පරාජය කරන්න” (රෝම 12:21).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

රෝම 7–8

මම ශුද්ධාත්මයාණන්වහන්සේ අනුගමනය කරන්නේ නම්, මට පාපය ජයගෙන දෙවියන්වහන්සේ සමග උරුමයක් සඳහා සූදානම් විය හැකිය.

බව්තීස්මය යන වත්පිළිවෙත තුළින් “ජීවිතයේ නවකමට” ඇතුළු වූ පසුවත් (රෝම 6: 4), රෝම 7 හි පාවුල් විස්තර කර ඇති—ස්වාභාවික මිනිසා සහ අපගේ ධර්මිෂ්ට ආශාවන් අතර “යුද්ධය” යන අභ්‍යන්තර ගැටුම ඔබට දැනෙන්නට ඇත (රෝම 7:23). නමුත් පාවුල් පවා රෝම 8:23–25 හි බලාපොරොත්තුව ගැන කතා කළේය. මෙම බලාපොරොත්තුව සඳහා ඔබට පරිච්ඡේද 8 හි සොයාගත හැකි හේතු මොනවාද? “දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළ වාසය කිරීමෙන්” ලැබෙන ආශිර්වාද ගැනද ඔබට සොයාබැලිය හැකිය (රෝම 8:9). ඔබේ ජීවිතයේ වඩාත් හොඳින් ශුද්ධාත්මයාණන්ගේ මිත්‍රත්වය ලබාගන්නේ කෙසේද?

රෝම 8:17–39

ඇදහිලිවන්තයන් බලාපොරොත්තුවෙන් සිටින සදාකාලික මහිමය මරණයේ පරීක්ෂාවන්ට වඩා බොහෝ සෙයින් වැඩිය.

පාවුල් මෙම ලිපිය ලියා වසර කිහිපයකට පසු රෝමයේ සාන්තුවරයන්ට දරුණු පීඩාවින්දේය. පීඩා පැමිණි විට මෙම සාන්තුවරයන්ට උපකාර කළ හැකි කුමක් රෝම 8:17–39 හි ඔබ දකින්නේද? මෙම වචන ඔබට සහ ඔබ දැනට මුහුණදෙන පීඩා වලට අදාළවන්නේ කෙසේද?

මෙම පද සහ ලින්ඩා එස්. රීව්ස් සහෝදරිය දුන් උපදෙස් අතර සම්බන්ධතා සොයාබලන්න: “අපට බොහෝ පීඩා ඇතිවීමට හේතුව මම නොදනිමි, නමුත් ත්‍යාගය දෙන දවසේදී, ඒ සියල්ලම පමණද අවශ්‍ය වූයේ? කියා අපගේ දයානුකම්පිත, ආදරණීය පියාණන්ගෙන් අසන්නට අපට හැඟෙන තරමට, ත්‍යාගය ඉතා විශාල, සදාකාලික හා සදහට පවතින, ප්‍රීතිමත් හා අපගේ අවබෝධයෙන් ඔබ්බට ගිය එකක් බව මගේ පෞද්ගලික හැඟීමයි. අපගේ ස්වර්ගික පියාණන් සහ අපගේ ගැළවුම්කාරයාණන් අප කෙරෙහි ඇති එම ප්‍රේමයේ ගැඹුර අපට දිනපතා මතක තබාගැනීමට සහ හඳුනාගැනීමට හැකි නම්, සදාකාලිකව ඔවුන්ගේ ප්‍රේමයෙන් වටවී නැවත ඔවුන් ඉදිරියේ සිටීමට අපි ඕනෑම දෙයක් කිරීමට කැමැතිවන්නෙමු අවසානයේදී, අපගේ පියාණන් හා ගැළවුම්කාරයාණන් සමග සදාකාල ජීවනය හා දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උත්කර්ෂය සඳහා අපව සුදුස්සන් කරන්නේ එම පරික්ෂාවන් නම්, අපි මෙහි දුක්විඳිනා දෙය ප්‍රශ්ණයක් වන්නේ කෙසේද?” (“Worthy of Our Promised Blessings,” Ensign or Liahona, Nov. 2015, 11).

දෙවියන්වහන්සේ ඔබ කෙරෙහි දක්වන ප්‍රේමය “දිනපතා මතකතබා ගැනීමට සහ හඳුනාගැනීමට” ඔබ කරන්නේ කුමක්ද යන්න තීරණය කරන්න.

රෝම 8:29–30; 9–11

“පූර්වයෙන් නියමකල”, “කැඳවාගත්තවුන්” සහ “නියමකලවුන්” යන්නෙන් පාවුල් අදහස් කළේ කුමක්ද?

පාවුල් මෙම යෙදුම් භාවිතා කළේ, ලෝකයේ සියලු ජාතීන්ට ආශිර්වාද කළ හැකිවීම සඳහා විශේෂ ආශිර්වාද හා යුතුකම් ලබාගැනීමට දෙවියන්වහන්සේගේ සමහර දරුවන් කලින් නියම කර ඇති බව හෝ කලින් පත්කර ඇතිබව ඉගැන්වීමටය (Guide to the Scriptures, “Election,” scriptures.ChurchofJesusChrist.org බලන්න). යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කර උන්වහන්සේ හා සමාන වීමට උන්වහන්සේගේ දරුවන්ට ඇති කැමැත්ත පිළිබඳ දෙවියන්වහන්සේගේ පෙර දැනුම පදනම් කරගෙනය (තවත් බලන්න එපීස 1:3–4; පේත්‍රස් 1:2). කෙසේවෙතත්, අප ඊශ්‍රායෙල් වංශයට පැමිණියත්—සභාවේ සාමාජිකයෙකු වූවත්—සියලු මනුෂ්‍යයන් ගැලවීම ලබාගත යුත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ අනපණත් වලට කීකරු වීම තුලින් බව රෝම 9–11 හි පාවුල් අවධාරණය කර ඇත.

වැඩිදුර තොරතුරු සඳහා, (ඇල්මා 13:1–5; “Foreordination,” Gospel Topics (topics.ChurchofJesusChrist.org බලන්න).

රෝම 12–16

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ සාන්තුවරයෙකු හා අනුගාමිකයෙකු වීමට පාවුල් මට ආරාධනා කරයි.

රෝම පොතේ අවසාන පරිච්ඡේද පහ තුළ සාන්තුවරයන් ජීවත්විය යුතු ආකාරය පිළිබඳ නිශ්චිත උපදෙස් විශාල වශයෙන් අඩංගු වේ. ඔබට මෙම උපදෙස් සියල්ලම එකවර ක්‍රියාත්මක කිරීමට නොහැකි විය හැක, නමුත් ශුද්ධාත්මයාණන්ට සවන්දෙන්න, ඔබට අද සිට වැඩකිරීමට ආරම්භ කළහැකි කරුණු එකක් හෝ දෙකක් සොයාගැනීමට උන්වහන්සේට උදව් කළ හැකිය. ඔබගේ ආශාවන් ඔබගේ ස්වර්ගික පියාණන් සමග යාච්ඤාව තුලින් අසා උන්වහන්සේගෙන් උපකාර ඉල්ලා සිටින්න.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

රෝම 7:23

මෙම පදයේ පාවුල් විසින් විස්තර කර ඇති “යුද්ධකිරීම” පිළිබඳ වැඩිහිටි ඔබේ පවුලට වැඩිදුරටත් තේරුම්ගැනීමට උපකාරවීමට, ෂේන් එම්. බොවෙන්ගේ වෘකයන් පිළිබඳ කතාව බෙදාගැනීම සලකා බලන්න “Agency and Accountability” (New Era, Sept. 2012, 8–9).

රෝම 9:31–32

වැඩිහිටි විල්ෆර්ඩ් ඩබ්ලිව්. ඇන්ඩර්සන්ගේ පණිවිඩය “The Music of the Gospel” (Ensign or Liahona, May 2015, 54–56) පාවුල් නීතිය, ක්‍රියා සහ ඇදහිල්ල ගැන උගන්වන දේ නිදර්ශනය කිරීමට උපකාර කළ හැකිය. ඔබේ පවුලේ අය ඔහුගේ කතාව සාකච්ඡා කිරීම සහ සංගීතය සමග හා සංගීතය නොමැතිව නටන්නට උත්සාහ කිරීමෙන් විනෝදවිය හැක. ඇදහිල්ලෙන් තොර ශුභාරංචිය සංගීතයෙන් තොර නර්තනයකට සමාන වන්නේ කෙසේද?

පියෙක් සහ දියණියක් නර්ථනයේ යෙදෙමින්

“ශුභාරංචියේ සංගීතය ප්‍රීතිමත් අධ්‍යාත්මික හැඟීමක්” බව වැඩිහිටි විල්ෆර්ඩ් ඩබ්ලිව්. ඇන්ඩර්සන් ඉගැන්වීය.

රෝම 10:17; 15:4

දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමෙන් මෙම පදවල විස්තර කර ඇති ආශිර්වාද අපට ලැබී ඇත්තේ කෙසේද? සමහරවිට පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගේ ප්‍රියතම ශුද්ධලියවිලි පද කිහිපයක් බෙදාගත හැකිය (2 නෙපි 25:26 ද බලන්න).

රෝම 12

අපගේ ශරීරයන් “ජීවමාන, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක්” බවට පත්කරගැනීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? (රෝම 12:1).

රෝම 14:13–21

අන් අයගේ පෞද්ගලික මනාපයන් විනිශ්චය කිරීම හා තර්ක කිරීම පිළිබඳ පාවුල්ගේ උපදෙස් අධ්‍යයනය කිරීමෙන් ඔබේ පවුලට ප්‍රයෝජන ගතහැකිය. සමහරවිට අනෙක් අයගේ තේරීම් ඔබට වඩා වෙනස් වූ විට ප්‍රතිචාර දැක්වීමට සුදුසු ක්‍රම පිළිබඳ සාකච්ඡා කළ හැකිය. අපගේ තේරීම් අන් අයට බලපාන ආකාරය ගැන අපට වඩාත් සැලකිලිමත් වියහැක්කේ කෙසේද? “Judging Others? Stop It!” and “Looking through Windows” (ChurchofJesusChrist.org) යන වීඩියෝ මෙම මාතෘකාව පිළිබඳව අමතර අවබෝධයක් ලබාදිය හැකිය.

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය ප්‍රකාශ කිරීමට ඉඩදෙන්න. “ශුභාරංචි මූලධර්මයකට සම්බන්ධ යමක් නිර්මාණය කිරීමට ඔබ දරුවන්ට ආරාධනා කරන විට, එම මූලධර්මය වඩා හොඳින් තේරුම්ගැනීමට ඔබ ඔවුන්ට උදව් කරයි. … ගොඩනැගීමට, ඇඳීමට, වර්ණ ගැන්වීමට, ලිවීමට සහ නිර්මාණය කිරීමට ඔවුන්ට ඉඩදෙන්න” (බලන්න Teaching in the Savior’s Way, 25).

දෑත් දිගුකළ ක්‍රිස්තුස්වහන්සේ

ඩෙල් පාර්සන් විසින්, මා සමග සිටින්න