පුස්තකාලය
ජූලි 19–25. ක්‍රියා 16–21: ‘ශුභාරංචිය දේශනා කිරීම සඳහා ස්වාමින්වහන්සේ අපව කැඳවා ඇත’


“ජූලි 19–25. ක්‍රියා 16–21: ‘ශුභාරංචිය දේශනා කිරීම සඳහා ස්වාමින්වහන්සේ අපව කැඳවා ඇත’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“ජූලි 19–25. ක්‍රියා 16–21,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

පාවුල් මාර්ස් කන්ද මත

ජූලි 19–25

ක්‍රියා 16–21

“ශුභාරංචිය දේශනා කිරීම සඳහා ස්වාමින්වහන්සේ අපව කැඳවා ඇත”

ශුභාරංචිය දේශනා කිරීමට පාවුල් දැරූ උත්සාහයන් ගැන ඔබ කියවන විට, ආත්මයාණන් ඔබට සිතුවිලි හෝ හැඟීම් මගින් පොළඹවයි. මෙම පෙළඹවීම් ලියා, ඒවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ස්වාමින්වහන්සේ සිය ප්‍රේරිතයන්ට දුන් අවසාන වදන් අතර මෙසේ විය, “එබැවින් ඔබ ගොස් සියලු ජාතීන්ට උගන්වන්න, පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් බව්තීස්ම කරන්න: මා ඔබට අණකර තිබෙන සෑමදෙයක්ම පිළිපැදීමට ඔවුන්ට උගන්වන්න” (මතෙව් 28:19–20). ප්‍රේරිතයින්ට එය සියලු ජාතීන්ටම එය ලබාදීමට හැකි නොවූවත්, ක්‍රියා 16–21 දක්වා ඇත්තේ පාවුල් සහ ඔහුගේ සගයන් සභාව පිහිටුවීමේදී කැපීපෙනෙන දියුණුවක් ලබා ඇති බවයි. ඔව්හු ඉගැන්වූහ, බව්තීස්ම කළහ, එමෙන්ම ශුද්ධාතමයාණන්ගේ ත්‍යාගය ලබාදුන්හ. ඔවුන් ප්‍රාතිහාර්යයන් සිදු කළ අතර, එලෙසම මිනිසෙකුව මළවුන්ගෙන් නැගිටුවනු ලැබීය, සහ මහා ඇදහිල්ලෙන් වැටීම ගැන පුරෝකථනය කළහ (ක්‍රියා 20:7–12; 20: 28–31). ඔවුන් ආරම්භ කළ කාර්යය අද ජීවමාන ප්‍රේරිතවරුන් සමග මෙන්ම ගැළවුම්කරුවාණන්ගේ නියමය ඉටුකිරීමට පාවුල්ට කිසිවිටෙකත් සිතාගත නොහැකි ආකාරයෙන් උපකාර කරන ඔබ වැනි කැපවූ අනුගාමිකයන් සමගද දිගටම සිදුවෙමින් පවතී. සමහරවිට ඔවුන්ගේ ස්වර්ගික පියාණන්වහන්සේ හෝ උන්වහන්සේගේ ශුභාරංචිය නොදන්නා අය ගැන ඔබ දන්නවා ඇති. සමහරවිට උන්වහන්සේ ගැන ඔබ දන්නා දේ ඔවුන් සමග බෙදාගැනීම සඳහා ඔබේ “ආත්මය [ඔබ] තුළ චංචලවූ” බව ඔබට හැඟෙන්නට ඇත (ක්‍රියා 17:16). ශුභාරංචිය බෙදාගැනීමේදී නිහතමානිකම සහ නිර්භීතකම පිළිබඳ පාවුල්ගේ ආදර්ශය ඔබ අනුගමනය කරන්නේ නම්, “ස්වාමින්වහන්සේ විසින් සිත විවර කළ” කෙනෙකු ඔබට පෙනෙනු ඇත (ක්‍රියා 16:14).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ක්‍රියා 16–21

ශුභාරංචිය බෙදාගැනීමට මා ගන්නා උත්සාහයේදී ආත්මයාණන්වහන්සේ මට මගපෙන්වනු ඇත.

සෑමකෙනෙකුටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අවශ්‍යයි, නමුත් සමහර අය එය ලබාගැනීමට අනෙක් අයට වඩා සූදානම්. සූදානම්ව සිටින අයට මගපෙන්වීම—ශුභාරංචිය බෙදාගැනීමේදී අපට ශුද්ධාත්මයාණන් අවශ්‍ය වන එක් හේතුවකි. ඔබ ක්‍රියා 16–21 කියවන විට, ආත්මයාණන්වහන්සේ පාවුල්ට සහ ඔහුගේ සගයන්ට මගපෙන්වූ අවස්ථා සැලකිල්ලට ගන්න. ඔවුන් ආත්මයාණන් අනුගමනය කළ නිසා ලැබුණු ආශිර්වාද මොනවාද? ශුභාරංචිය බෙදාගැනීමට ඔබ ගන්නා උත්සාහය තුළ ආත්මයාණන්වහන්සේ ඔබව පොළඹවන බව ඔබට දැනී ඇත්තේ කවදාද?

තවත් බලන්න ඇල්මා 7:17–20; Dallin H. Oaks, “Sharing the Restored Gospel,” Ensign or Liahona, Nov. 2016, 57–60; Preach My Gospel, 92–93.

ක්‍රියා 16–21

සෑම තත්වයකදීම මට ශුභාරංචිය ප්‍රකාශ කළ හැකිය.

ශුභාරංචිය දේශනා කිරීම නිසා සිරගතකරනු ලැබීම දේශනා කිරීම නැවැත්වීමට තේරුම්ගත හැකි හේතුවක් සේ පෙනේ. නමුත් පාවුල්ට හා සීලස්ට, සිරකරුවෙකුව හැරවීමට මෙය අවස්ථාවක් විය (ක්‍රියා 16:16–34 බලන්න). ක්‍රියා 16–21 පුරාම, තම සාක්ෂිය සෑමකෙනෙකු සමගම බෙදාගැනීමට පාවුල් දක්වන කැමැත්ත පිළිබඳ වෙනත් උදාහරණ සොයන්න. ඔහු එතරම් නිර්භීත හා නොබිය යැයි ඔබ සිතන්නේ ඇයි? පාවුල්ගේ ආදර්ශයෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

16–21 පරිච්ඡේද වල ශුභාරංචිය බෙදාගැනීම පිළිබඳව තවත් බොහෝ පණිවිඩ තිබේ. ඔබ පරෙස්සමින් බැලුවහොත්, විශේෂයෙන් ඔබට අදාළ වන සමහරක් ඔබට සොයාගත හැකිය. මෙම ඉලක්කය මනසේ තබාගෙන මෙම පරිච්ඡේද කියවීමට උත්සාහ කරන්න. ඔබ සොයාගත් දේ මොනවාද?

ක්‍රියා 17:16–34

“අපි දෙවියන්වහන්සේගේ දූදරුවෝ වන්නෙමු.”

ඇතන්ස් හිදී, පාවුල්ට විවිධ මත හා ආගමික අදහස් ඇති ජනතාවක් හමුවිය. ඔවුන් නිතරම උත්සාහ කළේ “අලුත් දෙයක් අසන්නටය,” එමෙන්ම පාවුල් ඉදිරිපත් කළ දෙය අනිවාර්යයෙන්ම ඔවුන්ට අලුත් දෙයක් විය (ක්‍රියා 17:19–21 බලන්න). ඔවුන් “නොදන්නා දෙවියන්” (ක්‍රියා 17:23) ඇතුළු බොහෝ දෙවිවරුන්ට වන්දනාමාන කළෝය, එමෙන්ම එම දෙවිවරුන් ජීවමාන නොවන, පුද්ගල ජීවීන් නොවන, එමෙන්ම විශේෂයෙන්ම අපගේ පියාණන් නොවන, බලයන් හෝ බලවේගයන් බව ඔවුන් විශ්වාස කළහ. දෙවියන්වහන්සේව දැනහඳුනාගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා පාවුල් පැවසූ දේ කියවා, ඔබ සොයාගත් දෙවියන්ගේ ගතිලක්ෂණ සටහන් කරගන්න. “දෙවියන්වහන්සේගේ දූදරුවන්” වීම යන්නෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද? (ක්‍රියා 17:29). ඔබේ මතය අනුව, දෙවියන්වහන්සේගේ දරුවෙකු වීම උන්වහන්සේගේ එක් නිර්මාණයක් වීමට වඩා වෙනස්වන්නේ කෙසේද? පාවුල් සාක්ෂි දෙනවිට ඔබ ඔහු ළඟ සිටගෙන සිටියා නම්, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ගැන පුරාණ ග්‍රීකයන්ට ඔබ කියන්නේ කුමක්ද? ඔබේ සාක්ෂිය ඇසීමෙන් ප්‍රයෝජන ගතහැකි කෙනෙකු ඔබ දන්නවාද?

යේසුස්වහන්සේ කුඩා පිරිමි ළමයෙකුව ඔසවාගෙන සිටිමින්

ලිස් ලෙමන් ස්වින්ඩල් විසින්, ප්‍රාණයක වටිනාකම

තවත් බලන්න රෝම 8:16; 1 යොහාන් 5:2; “We Are the Offspring of God” (වීඩියෝව, ChurchofJesusChrist.org).

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

ක්‍රියා 16–21

මෙම පරිච්ඡේදවල සිදුවෙමින් පවතින දේ ඔබේ පවුලේ අයට දෘශ්‍යමාන කිරීමට උපකාර කිරීම සඳහා, ඔබ එකට කියවන විට, පාවුල් සිතියමක සංචාරය කළ නගර සලකුණු කිරීම විනෝදජනක විය හැකිය (මෙම ආකෘතිය අවසානයේ සිතියම බලන්න).

ක්‍රියා 17:11; 18:24–28

අපට වඩ වඩාත් මෙම ශුද්ධලියවිලි පදවල සිටිනා සාන්තුවරයන් මෙන් විය හැක්කේ කෙසේද? දිනපතා ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමෙන් අපව වඩාත් “උතුම්” වන්නේ කෙසේද? (ක්‍රියා 17:11). “ශුද්ධලියවිල්ලෙහි බලවත්” වීමට අපට කුමක් කළ හැකිද? (ක්‍රියා 18:24).

ක්‍රියා 19:1–7

ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගේ මෙම ඉගැන්වීම් ක්‍රියා 19: 1–7 සාකච්ඡා කිරීමට ඔබේ පවුලේ අයට උපකාර කරයි: “ජලයෙන් බව්තීස්මය බව්තීස්මයේ භාගයක් පමණක් වන අතර අනෙක් භාගය නොමැතිව ප්‍රයෝජනයක් නොමැත—එනම් එය නම්, ශුද්ධාත්මයාණන් තුලින් බව්තීස්මයයි. … ‘ජලයෙන් හා ආත්මයෙන් ඉපදීම’ යන්නෙන් අදහස් කළේ පව් සමාව සඳහා ජලයේ ගිලී ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ලබාගැනීමයි. මෙය ලබාදෙනු ලබන්නේ දෙවියන්වහන්සේ විසින් බලය දී ඇති කෙනෙකුගේ දෑත් තැබීමෙනි” (Teachings of Presidents of the Church: Joseph Smith, 95). ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ලැබීමෙන් අපට ලැබී ඇති ආශිර්වාද මොනවාද?

ක්‍රියා 19:13–20

“රිදී කැබලි පනස්දහසක්” වටිනා පොත් පුළුස්සා දැමීමට මෙම පදවල සිටින ජනයා පෙලඹුණේ කුමක් නිසාද? (ක්‍රියා 19:19). ස්වර්ගීය ආශිර්වාද ලබාගැනීම සඳහා අප අත්හැරිය යුතු ලෞකික වස්තු හෝ ක්‍රියාකාරකම් තිබේද?

ක්‍රියා 20:32–35

“ලැබීමට වඩා දීම භාග්‍යයක්” යන ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම ඔබේ පවුලේ අය අත්දැක ඇත්තේ කවදාද? (ක්‍රියා 20:35). ඔබේ පවුලට දිය හැකි සේවයෙන්, වේලාවෙන් හෝ තෑගි වලින් ප්‍රයෝජන ගතහැකි අයෙක් සිටීද? පවුලක් වශයෙන්, සමහර අදහස් සාකච්ඡා කර යමෙකුට සේවය කිරීමට සැලැස්මක් සාදන්න. අප අන් අයට සේවය කරන විට අපට හැඟෙන්නේ කෙසේද? ලැබීමට වඩා දීම වඩා භාග්‍යවන්ත වන්නේ ඇයි?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

හැඟීම් සටහන් කරන්න. හැඟීම් හෝ අදහස් පැමිණි විට, ඒවා වාර්තා කරන්න. නිදසුනක් වශයෙන්, ඔබේ සිතුවිලි ඔබේ ශුද්ධලියවිලි වල පසෙක, ශුභාරංචි පුස්තකාල යෙදුමේ හෝ අධ්‍යයන සඟරාවක සටහන් කළ හැකිය. “ඔබ අධ්‍යාත්මික හැඟීම් සටහන් කරන විට, ඔබ දෙවියන්වහන්සේගේ මගපෙන්වීම අගය කරන බව පෙන්වන අතර, නිතර නිතර එළිදරව් කිරීම් වලින් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනු ඇත” (Teaching in the Savior’s Way, 12; තවත් බලන්න 30).

පාවුල්ගේ ධර්මදූත චාරිකා සිතියම

ප්‍රේරිත පාවුල්ගේ ධර්මදූත චාරිකා.