පුස්තකාලය
ජූලි 12–18. ක්‍රියා 10–15: ‘දෙවියන්වහන්සේගේ වචනය වර්ධනය වී ගුණනය විය’


“ජූලි 12–18. ක්‍රියා 10–15: ‘දෙවියන්වහන්සේගේ වචනය වර්ධනය වී ගුණනය විය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“ජූලි 12–18. ක්‍රියා 10–15,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021

කොරනේලියස් පේත්‍රැස් සමග කතාකරමින්

ජූලි 12–18

ක්‍රියා 10–15

“දෙවියන්වහන්සේගේ වචනය වර්ධනය වී ගුණනය විය”

සිතුවිලි හා හැඟීම් ඇතිකිරීමට ආත්මයාණන්ට කාලය ලබාදෙමින්, ක්‍රියා 10–15 පරෙස්සමින් කියවන්න. මෙම පරිච්ඡේද වලින් ඔබට ඉගෙනගැනීමට ඇත්තේ මොනවාද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

උන්වහන්සේගේ ලෞකික දේවසේවය අතරතුර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් බොහෝවිට මිනිසුන්ගේ දීර්ඝකාලීන සම්ප්‍රදායන් හා විශ්වාසයන්ට අභියෝග කළේය; උන්වහන්සේ ස්වර්ගයට නැගීමෙන් පසු මෙය නතර වූයේ නැත—සියල්ලට පසු, උන්වහන්සේ දිගටම එළිදරව් මගින් උන්වහන්සේගේ සභාව මෙහෙයවූයේය. නිදසුනක් වශයෙන්, යේසුස්වහන්සේගේ ජීවිත කාලය තුළ උන්වහන්සේගේ ගෝලයන් ශුභාරංචිය දේශනා කළේ සෙසු යුදෙව්වන්ට පමණි. නමුත් ගැළවුම්කරුවාණන් මියගොස් පේත්‍රැස් සභාවේ අනාගතවක්තෘවරයා බවට පත්වූ විගස, යුදෙව් නොවන අයට ශුභාරංචිය දේශනා කිරීමට කාලය සුදුසු බව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පේත්‍රැස්ට එළිදරව් කළේය. අන්‍යජාතීන් සමග ශුභාරංචිය බෙදාගැනීමේ අදහස අද පුදුමයට කරුණක් නොවේ, එබැවින් මෙම වර්තාවේ අපට ඇති පාඩම කුමක්ද? සමහරවිට එක් පාඩමක් නම්, පුරාණ හා නූතන සභාවේ—ප්‍රතිපත්ති හා භාවිතයේ වෙනස්කම් සිදුවන්නේ—ස්වාමින්වහන්සේ විසින් තෝරාගත් නායකයින්ට එළිදරව් කිරීමෙනි (ආමොස් 3:7; දහම සහ ගිවිසුම 1:38). නොනවත්වා ලැබෙන එළිදරව් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ හා ජීවමාන සභාවේ අත්‍යවශ්‍ය ලක්ෂණයකි. පේත්‍රැස් මෙන්, අඛණ්ඩ එළිදරව්ව පිළිගෙන “දෙවියන්වහන්සේගේ සෑම වචනයකටම අනුව” ජීවත්වීමට අප සූදානම් විය යුතුය (ලූක් 4:4), “[උන්වහන්සේ] එළිදරව් කළ සියල්ල ඇතුළුව, උන්වහන්සේ දැන් එළිදරව් කරන සියල්ල” සහ “බොහෝ ශ්‍රේෂ්ට සහ වැදගත් දේවල්” උන්වහන්සේ “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අදාළව” එළිදරව් කරනු ඇත (Articles of Faith 1:9).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ක්‍රියා 10

“දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය.”

පරම්පරා ගණනාවක් තිස්සේ, යුදෙව්වන් විශ්වාස කළේ “ආබ්‍රහම්ගේ වංශය” හෝ ආබ්‍රහම්ගෙන් පැවත එන්නෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු දෙවියන්වහන්සේ විසින් (පිළිගනු) ලැබූ බවයි (ලූක් 3:8 බලන්න). දෙවියන්වහන්සේ විසින් නොපිළිගත් වෙන කිසිවෙකු “අපවිත්‍ර” අන්‍යජාතිකයෙකු ලෙස සලකනු ලැබීය. ක්‍රියා 10 හි කවුරු “උන්වහන්සේට ප්‍රසන්න” දැයි පිළිබඳ ස්වාමින්වහන්සේ පේත්‍රැස්ට ඉගැන්වූයේ මොනවාද? (ක්‍රියා 10:35). මෙම පරිච්ඡේදයේ කොරනේලියස් ස්වාමින්වහන්සේට පිළිගත හැකි ධර්මිෂ්ට ජීවිතයක් ගතකළ බවට ඇති සාක්ෂි මොනවාද? “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය” (34 පදය), එනම් සියලු මිනිසුන්ට ශුභාරංචිය අනුව ජීවත් වුවහොත් ශුභාරංචියේ ආශිර්වාද ලබාගතහැකි බව දැනගැනීම වැදගත් වන්නේ ඇයි? (1 නෙපි 17:35 බලන්න).

ආබ්‍රහම්ගේ වංශයට අයත් නොවන අයව පහත් කොට සැලකූ යුදෙව්වන් මෙන්, ඔබට වඩා වෙනස් කෙනෙකු ගැන අකාරුණික හෝ නොදැනුවත්වම උපකල්පන කිරීමට ඔබ කවදා හෝ හසුවී තිබේද? මෙම ප්‍රවණතාවයෙන් ඔබ මිදෙන්නේ කෙසේද? ඉදිරි දින කිහිපය සඳහා සරල ක්‍රියාකාරකමක් අත්හදාබැලීම සිත්ගන්නාසුළු විය හැකිය: ඔබ යමෙකු සමග කටයුතු කරන සෑමවිටම, “මෙම පුද්ගලයා දෙවියන්වහන්සේගේ දරුවෙකි” කියා සිතීමට උත්සාහ කරන්න. ඔබ මෙය කරන විට, ඔබ අන් අය ගැන සිතන හා ක්‍රියා කරන ආකාරයෙහි ඔබ දකින වෙනස්කම් මොනවාද?

තවත් බලන්න D. Todd Christofferson, “Abide in My Love,” Ensign or Liahona, Nov. 2016, 48–51; 1 සාමුවෙල් 16:7; “Peter’s Revelation to Take the Gospel to the Gentiles” (video, ChurchofJesusChrist.org).

ක්‍රියා 10; 11:1–1815

ස්වර්ගික පියාණන්වහන්සේ මට එළිදරව්වෙන් පේළියෙන් පේළිය උගන්වයි.

ක්‍රියා 10 හි විස්තර කර ඇති දර්ශනය පේත්‍රැස් දුටු විට, එය තේරුම්ගැනීමට මුලදී මහත් වෙහෙසක් දැරූ අතර “එහි තේරුම කුමක් දැයි තමා තුළම සැක පහළවිය” (17 පදය). නමුත් පේත්‍රැස් බලාපොරොත්තු වූ පරිදි ස්වාමින්වහන්සේ පේත්‍රැස්ට වැඩි අවබෝධයක් ලබාදුන්නේය. ක්‍රියා 10, 11 සහ 15 කියවන විට, පේත්‍රැස්ගේ දැක්ම පිළිබඳ අවබෝධය කාලයත් සමග ගැඹුරු වූ ආකාරය සැලකිල්ලට ගන්න. ඔබට ප්‍රශ්න ඇති විට ඔබ දෙවියන්වහන්සේගෙන් වැඩි අවබෝධයක් සොයා එය ලබාගත්තේ කෙසේද?

ක්‍රියා 10, 11 සහ 15 හි ස්වාමින්වහන්සේ තම සේවකයන්ව එළිදරව් කිරීම තුළින් මගපෙන්වූ අවස්ථා විස්තර කරයි. ඔබ මෙම පරිච්ඡේද කියවන විට එළිදරව් සම්බන්ධයෙන් ඔබ සොයාගන්නා දේ සටහන් කිරීම උපකාරයක් වනු ඇත. ආත්මයාණන්වහන්සේ ඔබට කථා කරන්නේ කෙසේද?

තවත් බලන්න “Revelation,” Gospel Topics, topics.ChurchofJesusChrist.org; Ronald A. Rasband, “Let the Holy Spirit Guide,” Ensign or Liahona, May 2017, 93–96; “The Jerusalem Conference” (video, ChurchofJesusChrist.org).

ක්‍රියා 11:26

මම කිතුනුවකු වන්නේ මා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කර අනුගමනය කරන බැවිනි.

පුද්ගලයෙකුව කිතුනුවකු ලෙස හැඳින්වීමෙහි ඇති වැදගත්කම කුමක්ද? (ක්‍රියා 11:26 බලන්න). කිතුනුවකු ලෙස හැඳින්වීම හෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔබ විසින්ම ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (දහම සහ ගිවිසුම 20:77 බලන්න). නම්වල වැදගත්කම සලකා බලන්න. නිදසුනක් වශයෙන්, ඔබගේ පවුලේ නම ඔබට කෙතරම් වටිනවාද? අද සභාවේ නම වැදගත් වන්නේ ඇයි? (දහම සහ ගිවිසුම 115:4 බලන්න).

තවත් බලන්න මොසායා 5:7–15; ඇල්මා 46:13–15; 3 නෙපි 27:3–8; M. Russell Ballard, “The Importance of a Name,” Ensign or Liahona, Nov. 2011, 79–82.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

ක්‍රියා 10:17, 20

අපට කවදා හෝ අධ්‍යාත්මික අත්දැකීම් ලැබී ඇති අතර පසුව අපට දැනුණු හෝ ඉගෙනගත් දේ ගැන සැක පහළවී තිබේද? අපගේ සැකයන් දුරුකරගැනීමට උපකාරී වන එකිනෙකාට අපට දිය හැකි උපදෙස් මොනවාද? (බලන්න Ronald A. Rasband, “Lest Thou Forget,” Ensign or Liahona, Nov. 2016, 113–15.)

ක්‍රියා 12:1–17

පේත්‍රැස්ව සිරගෙට දැමූ විට, සභාවේ සාමාජිකයන් එක්රැස්වී ඔහු වෙනුවෙන් යාච්ඤා කළෝය. සභාවේ නායකයෙකු හෝ ආදරණීය කෙනෙකු වැනි අය වෙනුවෙන් යාච්ඤා කිරීමට ඔබේ පවුලේ අය පෙළඹී සිටින කෙනෙක් ඇත්ද? “නොනවත්වා” යාච්ඤා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ක්‍රියා 12:5).

ක්‍රියා 14

ඔබ මෙම පරිච්ඡේදය එකට එක්ව කියවන විට, සමහර පවුලේ සාමාජිකයන්ට ගෝලයන්ට හා සභාවට ලැබුණු ආශිර්වාද සටහන් කළහැකි අතර අනෙක් පවුලේ සාමාජිකයින්ට විරුද්ධකම් හෝ ගෝලයන් අත්විඳින පීඩා සටහන් කළ හැකිය. ධර්මිෂ්ට මිනිසුන්ට දුෂ්කර දේ සිදුවීමට දෙවියන්වහන්සේ ඉඩදෙන්නේ ඇයි?

ක්‍රියා 15:1–21

අන්‍යජාතික (යුදෙව් නොවන) ආගමට හැරුණු අය ඔවුන්ගේ ගිවිසුමේ ලකුණක් ලෙස චර්මච්ඡේදනය කළ යුතුද යන්න පිළිබඳව සභාවේ ඇති වූ මතභේදයක් මෙම පදවල විස්තර කෙරේ. මෙම විෂය සලකා බැලීම සඳහා ප්‍රේරිතවරුන් එක්රැස් වී පසුව දේවානුභාවයෙන් පිළිතුරක් ලැබීමෙන් පසුව එකඟ නොවීම නිරාකරණය විය. අදටත් එම රටාවම අදාළ වන බව ඔබේ පවුලට ඉගැන්වීමට මෙය හොඳ අවස්ථාවක් විය හැකිය. පවුලක් වශයෙන්, ඔබට එකට එක්ව පිළිතුර සොයාගැනීමට අවශ්‍ය ශුභාරංචිය පිළිබඳ ප්‍රශ්නයක් තෝරන්න. ශුද්ධලියවිලි වල සහ නූතන අනාගතවක්තෘවරුන්ගේ හා ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම්වල පෙළඹවීම් සඳහා එකට එක්ව බලන්න. (සභාවේ සඟරා වල සම්මන්ත්‍රණ කලාපයේ මාතෘකා මාර්ගෝපදේශය සහ මාතෘකා දර්ශකය උපකාරී විය හැකිය.)

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

පින්තූරයක් අඳින්න පවුලේ සාමාජිකයන්ට ශුද්ධලියවිලිමය ඉගැන්වීම් සහ කථා දෘශ්‍යමාන කිරීමට පින්තූර වලට හැකිය. ඔබට පද කිහිපයක් කියවා පවුලේ සාමාජිකයින්ට ඔබ කියවා ඇතිදේ හා සම්බන්ධ යමක් ඇඳීමට කාලය ලබාදිය හැකිය. නිදසුනක් වශයෙන්, ක්‍රියා 10 හි පේත්‍රැස්ගේ දර්ශනයේ පින්තූර ඇඳීම පවුලේ සාමාජිකයින්ට ප්‍රිය විය හැකිය.

කොර්නේලියස් සහ පේත්‍රැස්

පේත්‍රැස් සහ කොර්නේලියස්ගේ අත්දැකීම් වලින් පෙනීයන්නේ “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය” බවයි (ක්‍රියා 10:34).