“ජනවාරි 25–31. මතෙව් 3; මාර්ක් 1; ලූක් 3: ‘නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සූදානම් කරන්න’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“ජනවාරි 25–31. මතෙව් 3; මාර්ක් 1; ලූක් 3,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
ටොම් හෝල්ඩ්මන් විසින්, නාවූ ඉලිනොයිස් දේවමාළිගාවේ පැල්ලම් සහිත වීදුරු කවුළුව
ජනවාරි 25–31
මතෙව් 3; මාර්ක් 1; ලූක් 3
“නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සූදානම් කරන්න”
මතෙව් 3; මාර්ක් 1; සහ ලූක් 3 කියවීමෙන් ආරම්භ කරන්න. මෙම පරිච්ඡේද තේරුම්ගැනීමට ඔබට උපකාර කරන ලෙස ඔබ ශුද්ධාත්මයාණන් වෙනුවෙන් යාච්ඤා කරන විට, උන්වහන්සේ ඔබටම විශේෂ අවබෝධයක් ලබාදෙනු ඇත. මෙම හැඟීම් වාර්තාකර, ඒවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ උන්වහන්සේගේ ශුභාරංචියට ඔබව වෙනස් කළ හැකිය. යොහාන් බව්තීස්තගේ මෙහෙවර සහ ගැලවුම්කරුවාණන්ගේ පැමිණීමේ බලපෑම විස්තර කළ යෙසායාගේ පුරාණ අනාවැකියක් ලූක් උපුටා දැක්වීය: “සෑම මිටිතැන් පුරවනු ලබන්නේය, සෑම කඳු සහ හෙල් පහත්කරනු ලබන්නේය; ඇද තැන් ඇදහරිනු ලැබ රළු මාවත් සමතලා වන්නේය” (ලූක් 3:5; යෙසායා 40:4 ද බලන්න). මෙය වෙනස්විය නොහැකියැයි හෝ වෙනස්වීමට අවශ්‍ය නැතැයි සිතන අයටද ඇතුළුව, අප සැමට පණිවිඩයකි. කන්දක් තරම් ස්ථීර දෙයක් සමතලා කළහැකි නම්, නියත වශයෙන්ම ස්වාමින්වහන්සේට අපගේම වක්‍ර මාර්ග නිවැරදි කිරීමට අපට උපකාර කළ හැකිය (ලූක් 3:4–5 බලන්න). පසුතැවිලිවී වෙනස්වීමට යොහාන් බව්තීස්තගේ ආරාධනය අප පිළිගන්නා විට, අපටත් “දෙවියන්වහන්සේගේ ගැලවීම දැකීමට” හැකිවන පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පිළිගැනීමට අපගේ මනස හා හදවත් සූදානම් කරමු (ලූක් 3: 6).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මාර්ක්ගේ සුවිශේෂය
මාර්ක් යනු කවුද?
සුවිශේෂවල කතුවරුන් අතර, මාර්ක් ගැන අපි දන්නේ අවම වශයෙනි. ඔහු පාවුල්, පේත්‍රැස් සහ තවත් ධර්මදූතයින් කිහිපදෙනෙකුගේ ධර්මදූත සහායකයෙක් බව අපි දනිමු. බොහෝ බයිබලානුකූල විශාරදයින් විශ්වාසකරන්නේ ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ සිදුවීම් වාර්තා කරන ලෙස පේත්‍රැස් මාර්ක්ට උපදෙස් දුන් බවයි. මාර්ක්ගේ සුවිශේෂය අනෙක් තිදෙනාට පෙර ලියා තිබෙන්නට ඇත.
තවත් බලන්න Bible Dictionary, “Mark.”
මතෙව් 3:1–12; මාර්ක් 1:1–8; ලූක් 3:2–18
පසුතැවීම යනු මනසේ හා හදවතේ විශාල වෙනසකි.
යොහාන් බව්තීස්තගේ මෙහෙවර වූයේ ගැලවුම්කරුවාණන් පිළිගැනීමට හා වඩ වඩාත් උන්වහන්සේ හා සමානවීමට ජනතාවගේ හදවත් සූදානම් කිරීමයි. ඔහු එය කළේ කෙසේද? “පසුතැවිලිවෙයල්ලා” ඔහු ප්‍රකාශ කළේය (මතෙව් 3:2). ක්‍රිස්තුස්වහන්සේව ලබාගැනීම සඳහා පසුතැවිලිවීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා ඔහු පළතුරු සහ තිරිඟු වැනි රූප භාවිතා කළේය (ලූක් 3:9, 17 බලන්න).
යොහාන් බව්තීස්තගේ දේවසේවයේ සඳහන් ඔබ සොයාගන්නා වෙනත් රූප මොනවාද? ඒවා ඔබේ ශුද්ධලියවිලි වල සලකුණු කිරීම හෝ අධ්‍යයන පොතක ඒ හා සම්බන්ධ පින්තූර ඇඳීම සලකා බලන්න. පසුතැවිලිවීමේ මූලධර්මය හා අවශ්‍යතාවය ගැන මෙම රූප වලින් උගන්වන්නේ මොනවාද?
සැබෑ පසුතැවීම යනු “මනසේ වෙනසක් ඇතිකරගැනීම, දෙවියන්වහන්සේ ගැන, තමා ගැන සහ ලෝකය ගැන නැවුම් දෘෂ්ටියක් ලබාගැනීමයි. … [එයින් අදහස් කරන්නේ] හදවත හා කැමැත්ත දෙවියන්වහන්සේ වෙත හැරවීමයි” (Bible Dictionary, “Repentance”). ලූක් 3:7–14 හි, ක්‍රිස්තුස්වහන්සේව පිළිගැනීමට සූදානම් වන ලෙස කුමන වෙනස්කම් කිරීමට යොහාන් ජනතාවට ආරාධනා කළේද? මෙම උපදෙස් ඔබට අදාළ වන්නේ කෙසේද? ඔබ සැබවින්ම පසුතැවිලි වූ බව ඔබට පෙන්විය හැක්කේ කෙසේද? (ලූක් 3:8 බලන්න).
තවත් බලන්න Joseph Smith Translation, Luke 3:4–11 (in the Bible appendix); Bible Dictionary, “John the Baptist”; D. Todd Christofferson, “The Divine Gift of Repentance,” Ensign or Liahona, Nov. 2011, 38–41.
මතෙව් 3:7; ලූක් 3:7
පරිසිවරුන් සහ සද්දුසිවරුන් යනු කවුද?
පරිසිවරුන් යුදෙව් ආගමික කොට්ටාශයක සාමාජිකයන් වූ අතර මොසෙස්ගේ නීතිය තදින් පිළිපැදීම ගැන ආඩම්බර වූහ. බොහෝ චාරිත්‍රානුකූල හැසිරීම් පිළිපැදීම සඳහා ආගම අඩු කිරීමට ඔවුහු නැඹුරු වූහ. සද්දුසිවරුන් සැලකිය යුතු ආගමික හා දේශපාලන බලපෑමක් ඇති ධනවත් යුදෙව් පංතියකි. ඔවුන් මරණයෙන් නැවත නැගිටීමේ මූලධර්මය විශ්වාස කළේ නැත. කණ්ඩායම් දෙකම දෙවියන්වහන්සේගේ නීතිවල මුල් අභිප්‍රායයෙන් ඉවත්වී සිටි අතර, ඔවුන්ගේ සාමාජිකයන් බොහෝදෙනෙක් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ, යොහාන් බව්තීස්තගේ පණිවිඩය පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ.
තවත් බලන්න මතෙව් 23:27; යොහාන් 1:19–24; Bible Dictionary, “Pharisees” and “Sadducees.”
මතෙව් 3:13–17; මාර්ක් 1:9–11; ලූක් 3:15–16, 21–22
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව්තීස්ම වූයේ “සියලු ධර්මිෂ්ටකම සම්පූර්ණ කිරීමටය.”
ඔබ බව්තීස්ම වූ විට, ඔබ ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කළේය. ගැලවුම්කරුවාණන්ගේ බව්තීස්මය පිළිබඳ මෙම වාර්තා වලින් ඔබ ඉගෙනගන්නා දේ ඔබගේ බව්තීස්මයේදී සිදුවූ දේ සමග සසඳන්න.
|
යේසුස්වහන්සේව බව්තීස්ම කළේ කවුද, සහ ඔහු දැරූ අධිකාරීත්වය කුමක්ද? |
ඔබව බව්තීස්ම කළේ කවුද, සහ ඔහු දැරූ අධිකාරීත්වය කුමක්ද? |
|
යේසුස්වහන්සේ බව්තීස්ම වූයේ කොහේද? |
ඔබ බව්තීස්ම වූයේ කොහේද? |
|
යේසුස්වහන්සේ බව්තීස්ම වූයේ කෙසේද? |
ඔබ බව්තීස්ම වූයේ කෙසේද? |
|
යේසුස්වහන්සේ බව්තීස්ම වූයේ ඇයි? |
ඔබ බව්තීස්ම වූයේ ඇයි? |
|
ස්වර්ගික පියාණන්වහන්සේ යේසුස්වහන්සේ ගැන සතුටු වූ බව පෙන්වූයේ කෙසේද? |
ඔබ බව්තීස්ම වූ විට ස්වර්ගික පියාණන්වහන්සේ ඔබ ගැන සතුටු වූ බව පෙන්වූයේ කෙසේද? එතැන් සිට උන්වහන්සේගේ අනුමැතිය උන්වහන්සේ පෙන්වූයේ කෙසේද? |
ගැලවුම්කරුවාණන්ගේ බව්තීස්මය ගැන නෙපි වැදගත් ඉගැන්වීම් කිහිපයක් වාර්තා කළේය. 2 නෙපි 31 හි ඔහුගේ වචන ඔබට උගන්වන්නේ මොනවාද? ඔබේ බව්තීස්ම අත්දැකීම දින පොතක සටහන් කිරීම සලකා බලන්න.
තවත් බලන්න යොහාන් 1:32–33; මොසායා 18:8–11; දහම සහ ගිවිසුම 13:1; 20:37, 68–74; “The Baptism of Jesus” (video, ChurchofJesusChrist.org).
මතෙව් 3:16–17; මාර්ක් 1:9–11; ලූක් 3:21–22
දේවශීර්ෂයේ සාමාජිකයන් වෙනම පුද්ගලයන් තිදෙනෙකු බව බයිබලය උගන්වයිද?
දේවශීර්ෂය සාමාජිකයන් වෙනම ජීවීන් තිදෙනෙකු බවට බයිබලයේ බොහෝ සාක්ෂි තිබේ. නිදසුනක් වශයෙන්, ගැලවුම්කරුවාණන්ගේ බව්තීස්මය පිළිබඳ වාර්තාව පියාණන් වන දෙවියන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ වෙනම ජීවීන් තිදෙනෙකු යන මූලධර්මයට අනුබල දෙයි. පියාණන් වන දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට කථාකළ අතර, ශුද්ධාත්මයාණන්වහන්සේ (පරෙවියෙකුගේ ආකාරයෙන්) ගැලවුම්කරුවාණන් බව්තීස්ම වන විට උන්වහන්සේ වෙතට පැමිණි සේක. මෙම සත්‍යයම උගන්වන තවත් ශුද්ධලියවිලි පද කිහිපයක් මෙන්න: උත්පත්ති 1:26–27; මතෙව් 17:1–5; යොහාන් 17:20–23; ක්‍රියා 7:55–56; සහ දහම සහ ගිවිසුම 130:22.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
මතෙව් 3
යොහාන් බව්තීස්ත ආරෝනික පූජකත්වය දැරීය. ඔහු ගැන අප ඉගෙනගන්නා විට අපට ආරෝනික පූජකත්වය පිළිබඳ ඉගෙනගතහැක්කේ මොනවාද? ආරොනික පූජකත්වය දරන්නන්ට තම රාජකාරිය ඉටුකිරීමට යොහාන්ගේ ආදර්ශය උපකාර කරන්නේ කෙසේද? (දහම සහ ගිවිසුම 13:1; 20:46–60 ද බලන්න.)
මතෙව් 3:11–17; මාර්ක් 1:9–11; ලූක් 3:21–22
බව්තීස්මය සහ ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය පිළිබඳව පවුලේ සාමාජිකයින්ට ඉගැන්වීම සඳහා, අපිරිසිඳු වස්තුවක් ප්‍රදර්ශනය කිරීම සහ පවුලේ සාමාජිකයින්ට එය වතුරෙන් සේදීමට ඉඩදීම ගැන සලකා බලන්න. මෙම ක්‍රියාකාරකම බව්තීස්මය නියෝජනය කරන්නේ කෙසේද? ගින්නෙහි පවිත්‍ර කිරීමේ ලක්ෂණ කිහිපයක් ගැන කතාකරන ලෙස පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්න. ශුද්ධාත්මයාණන්ගේ දීමනාව “ගින්නෙන් බව්තීස්මය” ලෙස විස්තර කරන්නේ ඇයි? (බලන්න Bible Dictionary, “Holy Ghost.”)
අප බව්තීස්ම වන විට, අපගේ පාප සෝදාහරිනු ලැබේ.
මතෙව් 3:17; මාර්ක් 1:11; ලූක් 3:22
දෙවියන්වහන්සේ අප ගැන සතුටුවූ බව අපට දැනී ඇත්තේ කවදාද? දෙවියන්වහන්සේව සතුටු කිරීමට පවුලක් ලෙස අපට කුමක් කළ හැකිද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
ස්වාමින්වහන්සේගෙන් උපකාර ඉල්ලන්න. ශුද්ධලියවිලි ලබාදී ඇත්තේ එළිදරව්වෙන් වන අතර, ඒවා සැබවින්ම තේරුම්ගැනීමට අපට පෞද්ගලික එළිදරව් අවශ්‍ය වේ. ස්වාමින්වහන්සේ මෙසේ මෙසේ පොරොන්දු වී ඇත, “ඉල්ලාපල්ලා, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයාපල්ලා, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරපල්ලා, එවිට නුඹලාට දොර හරිනු ලැබේ” (මතෙව් 7:7).