“ජනවාරි 11–17. මතෙව් 2; ලූක් 2: උන්වහන්සේට නමස්කාර කරන පිණිස අපි ආවෙමු” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“ජනවාරි 11–17. මතෙව් 2; ලූක් 2: “එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021
ඩානා මාරියෝ වුඩ් විසින්, අපි උන්වහන්සේට නමස්කාර කරමු
ජනවාරි 11–17
මතෙව් 2; ලූක් 2
උන්වහන්සේට නමස්කාර කරන පිණිස අපි ආවෙමු
මතෙව් 2 සහ ලූක්2, කියවීමෙන් ආරම්භ කර ඔබට ලැබෙන ඕනෑම ආත්මික පෙළඹවීමකට අවධානය යොමුකරන්න. මෙම ආකෘතියෙහි ඇති අධ්‍යයන අදහස් මෙම පරිච්ඡේදවල වඩාත්ම වැදගත් හා අදාළ මූලධර්ම හඳුනාගැනීමට ඔබට උපකාරී වේ.
ඔබේ හැඟීම් සටහන් කරන්න
උන්වහන්සේ ඉපදුන දා පටන්ම, යේසුස්වහන්සේ සාමාන්‍ය දරුවෙකු නොවන බව පැහදිලි විය. යේසුස්වහන්සේගේ ළදරු අවධිය අද්විතීය කළේ, අහසේ නව තාරකාව හෝ ප්‍රීතිමත් දේවදූත ප්‍රකාශය පමණක් නොවේ. විවිධ ජාතීන්, වෘත්තීන් සහ පසුබිම් වලින් පැමිණි විශ්වාසවන්ත පුද්ගලයින්—වහාම උන්වහන්සේ වෙතට ඇදී යන බවක් දැනීමද—ඒ සඳහා හේතු කාරණයක් විය. “එන්න, මා අනුගමනය කරන්න” කියා උන්වහන්සේගේ ආරාධනය ප්‍රකාශ කිරීමට පෙර සිටම ඔවුන් පැමිණියේය (ලූක් 18:22). සෑමකෙනෙක්ම උන්වහන්සේ වෙතට පැමිණියේ නැත, ඇත්තවශයෙන්ම—උන්වහන්සේව සැලකිල්ලට නොගත් බොහෝදෙනෙක් සිටිය අතර, ඊර්ෂ්‍යා කළ පාලකයෙක් උන්වහන්සේගේ ජීවිතය පවා සෙව්වේය. නමුත් නිහතමානී, පිරිසිඳු ධර්මිෂ්ටකම සොයන්නන් ඔවුන් සොයන දේ උන්වහන්සේ තුළ සොයාගත්හ. එඬේරුන් වෙත ගෙනඑන ලද “මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි සියලු මිනිසුන් සඳහා විය, සහ ගැළවුම්කරුවාණන් වන, ස්වාමින් වූ ක්‍රිස්තුස්වහන්සේ “එදින අප සැම වෙනුවෙන්ම උපත ලැබීය (බලන්න ලූක් 2:10–11).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
ලූක් 2:1–7
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබුවේ නිහතමානී තත්වයන් යටතේය.
“ලෝකයට පෙර සිටම” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පියාණන් වන දෙවියන්වහන්සේ සමග මහිමයට පත්වුවද (යොහාන් 17:5), උන්වහන්සේ පහළ මට්ටමක ඉපදී මිහිපිට අප අතර ජීවත්වීමට කැමති විය. ඔබ ලූක් 2:1–7, කියවන විට, උන්වහන්සේගේ උපතේ නිහතමානී තත්වයන් ගැන ඔබ දකින්නේ කුමක්ද? ඔබ මීට පෙර නොදැන සිටි මෙම කතාවේ විස්තරයක් හෝ අවබෝධයක් හඳුනාගැනීමට උත්සාහ කරන්න. උන්වහන්සේගේ උපතේ තත්වයන් තුලින් ගැලවුම්කරුවාණන් පිළිබඳව ඔබ ඉගෙනගන්නේ කුමක්ද? මෙම අවබෝධය උන්වහන්සේ කෙරෙහි ඇති ඔබේ හැඟීම් වලට බලපාන්නේ කෙසේද?
“The Nativity” (ChurchofJesusChrist.org) වීඩියෝවද බලන්න.
මතෙව් 2:1–12; ලූක් 2:8–38
ක්‍රිස්තුස්වහන්සේගේ උපත පිළිබඳ බොහෝ සාක්ෂි තිබේ.
ක්‍රිස්තුස්වහන්සේගේ උපත හා ළදරු අවධිය විවිධ තරාතිරම්වල සාක්ෂිකරුවන් හා නමස්කාරකයන් විසින් සනිටුහන් කරන ලදි—ගවළෙන බැහැදුටු නිහතමානී එඩේරන්, උන්වහන්සේගේ නිවසට තෑගී රැගෙන ආ ශාස්තෘවරුන්, දේවමාළිගාවේ සේවය කළ වැන්දඹුවක්, සහ පැමිණෙන මෙසියස්වහන්සේ ගැන උනන්දුවෙන් බලාසිටි ඇදහිලිවන්න්ත ගෝලයෙක් ඒ අතර විය. ඔබ ඔවුන්ගේ කථා ගවේෂණය කරන විට, ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කිරීමේ හා සාක්ෂි දැරීමේ ක්‍රම ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?
|
ක්‍රිස්තුවහන්සේගේ සාක්ෂිය |
නමස්කාර කිරීම සහ සාක්ෂි දැරීම ගැන මා ඉගෙනගන්නේ කුමක්ද? |
|---|---|
ක්‍රිස්තුවහන්සේගේ සාක්ෂිය එඬේරන් (ලූක් 2:8–20) | නමස්කාර කිරීම සහ සාක්ෂි දැරීම ගැන මා ඉගෙනගන්නේ කුමක්ද? |
ක්‍රිස්තුවහන්සේගේ සාක්ෂිය සිමියොන් (ලූක් 2:25–35) | නමස්කාර කිරීම සහ සාක්ෂි දැරීම ගැන මා ඉගෙනගන්නේ කුමක්ද? |
ක්‍රිස්තුවහන්සේගේ සාක්ෂිය ආනා (ලූක් 2:36–38) | නමස්කාර කිරීම සහ සාක්ෂි දැරීම ගැන මා ඉගෙනගන්නේ කුමක්ද? |
ක්‍රිස්තුවහන්සේගේ සාක්ෂිය ශාස්තෘවරුන් (මතෙව් 2:1–12) | නමස්කාර කිරීම සහ සාක්ෂි දැරීම ගැන මා ඉගෙනගන්නේ කුමක්ද? |
තවත් බලන්න 1 නෙපි 11:13–23; 3 නෙපි 1:5–21; “Shepherds Learn of the Birth of Christ” සහ “The Christ Child Is Presented at the Temple” (videos, ChurchofJesusChrist.org).
මතෙව් 2:13–23
තම පවුල ආරක්ෂා කිරීම සඳහා දෙමාපියන්ට එළිදරව් ලබාගත හැකිය.
ස්වර්ගයේ උදව් නොමැතිව—ළමා කාලය තුළ යේසුස්වහන්සේව ආරක්ෂා කරන ලෙස—ඉල්ලාසිටි දේ යෝසප්ට කෙදිනවත් කළ නොහැකි වන්නට තිබුණි. ශාස්තෘවරුන්ට මෙන්, ඔහුටද අනතුරු ඇඟවීමක් කළ එළිදරව්වක් ලැබුණි. ඔබ යෝසෙප්ගේ අත්දැකීම් ගැන කියවන විට, අද පවුල් මුහුණදෙන ශාරීරික හා අධ්‍යාත්මික අන්තරායන් ගැන සිතන්න. ඔබ සහ ඔබගේ පවුලේ අය හෝ ආදරණීයයන් ආරක්ෂා කිරීමේදී දෙවියන්වහන්සේගේ මගපෙන්වීම ඔබට දැනුණු අත්දැකීම් මෙනෙහි කරන්න. මෙම අත්දැකීම් අන් අය සමග බෙදාගැනීම ගැන සලකා බලන්න. අනාගතයේදී එවැනි මගපෙන්වීමක් ලබාගැනීමට ඔබට කුමක් කළ හැකිද?
මීට අමතරව, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් රැකබලාගැනීමේ වගකීමට ජෝසෙප් මුහුණ දුන්විට ඔහුට හැඟෙන්නට ඇති දේ නිරූපණය කිරීම සඳහා “The First Christmas Spirit” (ChurchofJesusChrist.org) වීඩියෝව නැරඹීම ගැන ඔබට සලකාබැලිය හැකිය.
ලූක් 2:40–52
තරුණයෙකු වශයෙන් වුවද, යේසුස්වහන්සේ තම පියාගේ කැමැත්ත කිරීම කෙරෙහි අවධානය යොමුකළේය.
තරුණයෙකු ලෙස, ගැළවුම්කරුවාණන් ශුභාරංචිය කෙතරම් ප්‍රබල ලෙස ඉගැන්වූවාද යත්, දේවමාළිගාවේ ගුරුවරුන් පවා උන්වහන්සේගේ “නුවණ සහ උත්තර” පිළිබඳ මවිත විය (ලූක් 2:47). තරුණයෙකු ලෙස ගැළවුම්කරුවාණන් පිළිබඳ මෙම පද වලින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? ඔබ දන්නා තරුණයන් “[ඔවුන්ගේ] පියාගේ කටයුතු වල යෙදී සිටීමට” උත්සාහ කරන්නේ කෙසේද?? (ලූ)(ක් 2:49). ශුභාරංචිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට තරුණ තරුණියන් හා දරුවන් ඔබට උපකාර කර ඇත්තේ කෙසේද? ලූක් 2:40–52 සහ ජෝසෆ් ස්මිත් පරිවර්තනයේ, මතෙව් 3:24–26 (in the Bible appendix) හි යේසුස්වහන්සේගේ ළමා කාලයේ ආදර්ශයෙන් ඔබට තව ඉගෙනගත හැක්කේ මොනවාද?
“මාගේ පියාණන්වහන්සේගේ කටයුතු වල යෙදීසිටීමට ඕනෑ බව නුඹලා දැනසිටියේ නැතිද?” (ලූක් 2:49).
ජෝසෆ් ස්මිත් පරිවර්තනය යනු කුමක්ද?
ශතවර්ෂ ගණනාවක් පුරා බයිබලයෙන් “බොහෝ පැහැදිලි සහ අනර්ඝ” සත්‍යයන් බොහොමයක් නැතිවී ඇති හෙයින් (1 නෙපි 13:28; තවත් බලන්න මෝසෙස් 1:41), ස්වාමින්වහන්සේ බයිබලය දේවානුභාවයෙන් සංශෝධනය කරන ලෙස ජෝසෆ් ස්මිත්ට අණ කළේය, එය ජෝසෆ් ස්මිත් පරිවර්තනය ලෙස හැඳින්වේ. දිවැසිවරයා විසින් කරන ලද බොහෝ සංශෝධන පසු-දවස්වල ශුද්ධවන්තයන්ගේ සංස්කරණයේ ශුද්ධලියවිලි උපග්‍රන්තයේ ඇතුලත් කරඇත. බයිබලයේ ජේම්ස් රජුගේ අනුවාදයේ පසු-දවස්වල සාන්තුවරයන්ගේ සංස්කරණයේ දිවැසිවරයාගේ සංශෝධන සමග පාද සටහන්ද අඩංගු වේ. ජෝසෆ් ස්මිත්—මතෙව් ලෙස හැඳින්වෙන ජොසෆ් ස්මිත්ගේ මතෙව් 24 හි පරිවර්තනය අනගි මුතු ඇටයයෙහි සොයාගත හැකිය. වැඩි විස්තර සඳහා බයිබල් ශබ්දකෝෂයේ “Joseph Smith Translation”; “Bible, Inerrancy off,” Gospel Topics, topics.ChurchofJesusChrist.org බලන්න.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
ලූක් 2
ලූක් 2 හි විස්තර කර ඇති පුද්ගලයෙකු තෝරාගෙන, එම පුද්ගලයා ගැළවුම්කරුවාණන් සමග තිබූ සම්බන්ධකම් ගැන පද කිහිපයක් කියවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල වැඩිකරන ඔවුන් ඉගෙනගත් දෙයක් බෙදාගැනීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න. “Mary’s Lullaby” හෝ “The Nativity Song,” Children’s Songbook, 44–45, 52–53 එකට එක්ව ගායනා කරන්න. ගැලවුම්කරුවාණන්ගේ උපත ගැන මෙම ගීත වලින් අප ඉගෙනගන්නේ මොනවාද?
ලූක් 2:49
“පියාණන්වහන්සේගේ කටයුතු” මොනවාද? (බලන්න මෝසෙස් 1:39). මෙම කතාවෙන් සහ යේසුස්වහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලය පුරාම කළ හා ඉගැන්වූ වෙනත් දේවලින් අපි එම කටයුත්ත ගැන ඉගෙනගන්නේ කුමක්ද? ඔබේ පවුලට පියාගේ කටයුතු වලට සහභාගී වියහැකි ක්‍රම කිහිපයක් ලියා ඒවා බඳුනකට දමා තැබීම සලකා බලන්න. ලබන සතිය තුලදී, ඔබගේ පවුල ස්වර්ගයේ පියාණන්වහන්සේගේ කාර්‍යයන් කිරීමට ආකාර සොයන විට, බඳුන තුලින් අදහසක් තෝරාගැනීමට ඔවුන්ට හැකිය. ඔබේ අත්දැකීම් බෙදාගැනීමට වේලාවක් සැලසුම් කරගන්න.
ලූක් 2:52
යේසුස්වහන්සේ උන්වහන්සේගේ ජීවිතය තුල වර්ධනය වූ ආකාරය පිළිබඳව ලූක් 2:52 හි අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? ඔබේ පවුලේ සාමාජිකයන්ට “ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුශ්‍යයන්ගෙත් කරුණාවෙහිද” වැඩීමට හැකි ආකාර මොනවාද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
ශුද්ධලියවිලි අධ්‍යයනය උපකාරය භාවිතා කරන්න. ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට අමතර අවබෝධයක් ලබාගැනීම සඳහා, Topical Guide, Bible Dictionary, Guide to the Scriptures, සහ ChurchofJesusChrist.org වැනි අනෙකුත් අධ්‍යයන උපකරයන් සහ New Testament Student Manual (Church Educational System manual, 2014) වැනි සම්පත් භාවිතාකරන්න.