පුස්තකාලය
ජනවාරි 18–24. යොහාන් 1: අපට ගැලවුම්කරුවාණන් හමුවිය


“ජනවාරි 18–24. යොහාන් 1: අපට ගැලවුම්කරුවාණන් හමුවිය,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“ජනවාරි 18–24. යොහාන් 1,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

දුම්රිය ස්ථානයක ශුභාරංචිය බෙදාගන්නා කාන්තාවක්

ජනවාරි 18–24

යොහාන් 1

අපට ගැලවුම්කරුවාණන් හමුවිය

ඔබ යොහාන් 1 කියවා මෙනෙහි කරද්දී, ඔබට ලැබෙන හැඟීම් සටහන් කරන්න. ඔබට සහ ඔබේ පවුලේ අයට වඩාත්ම ප්‍රයෝජනවත් වන පණිවිඩ මොනවාද? ඔබේ සභාවේ පන්ති වලදී ඔබට බෙදාගත හැක්කේ මොනවාද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

උන්වහන්සේගේ ලෞකික දේවසේවය අතරතුර ඔබ ඡීවත් සිටියානම් නාසරෙත්හි යේසුස්වහන්සේව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෙස ඔබ හඳුනාගනීවිද කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? ඇන්ඩෘ, පේත්‍රැස්, පිලිප් සහ නතානියෙල් ඇතුළු විශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරුන් පොරොන්දුවූ මෙසියස්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඒ සදහා යාච්ඤා කරමින් අවුරුදු ගණනාවක් බලාසිටියහ. ඔවුන් උන්වහන්සේව මුණගැසුණු විට, ඔවුන් සොයමින් සිටි කෙනා උන්වහන්සේ බව ඔවුන් දැනගත්තේ කෙසේද? අප උදෙසා “පැමිණ බලන්න” යන ආරාධනය පිළිගැනීමෙන් ඒ ආකාරයටම අප සියල්ලන්ම ගැලවුම්කරුවාණන්ව දැන හඳුනාගනී (යොහාන් 1:39). අපි උන්වහන්සේ ගැන ශුද්ධලියවිල්ලෙහි කියවන්නෙමු. අපි උන්වහන්සේගේ දහම අසන්නෙමු. අපි උන්වහන්සේගේ ජීවන රටාව නිරීක්ෂණය කරන්නෙමු. අපිට උන්වහන්සේගේ ආත්මයාණන් දැනේ. නතානියෙල් කළාක් මෙන්, ගැළවුම්කරුවාණන් අපව දන්නා බවත්, අපට ප්‍රේම කරන බවත්, “වඩා උතුම් දේ” ලැබීමට අපව සූදානම් කිරීමට අවශ්‍ය බවත් අපි සොයාගත්තෙමු (යොහාන් 1:50).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යොහාන්ගේ ශුභාරංචිය

යොහාන් යනු කවුද?

යොහාන් යනු, යොහාන් බව්තීස්තගේ ගෝලයෙකු වූ අතර පසුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පළමු අනුගාමිකයෙකු හා උන්වහන්සේගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාගෙන් කෙනෙකු බවට පත්විය. ඔහු යොහාන්ගේ ශුභාරංචිය, ලිපි කිහිපයක් සහ එළිදරව් පොත ලිවීය. ඔහුගේ ශුභාරංචියේ ඔහු තමාව හැඳින්වූයේ “යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා” සහ “අනෙක් ගෝලයා” ලෙසයි (යොහාන් 13:23; 20:3). ශුභාරංචිය දේශනා කිරීම සඳහා යොහාන්ගේ උද්යෝගය කොතරම්දයත්, ප්‍රාණයන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමට ඔහුට හැකි වන පිණිස, ගැළවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම තෙක් පොළොවේ රැඳීසිටීමට ඉඩදෙන ලෙස ඔහු ඉල්ලාසිටියේය (දහම සහ ගිවිසුම 7:1–6 බලන්න).

තවත් බලන්න Bible Dictionary, “John” and “John, Gospel of.”

යොහාන් 1:1–5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ආරම්භයේදී දෙවියන්වහන්සේ සමග” සිටියේය.

යොහාන් සිය ශුභාරංචිය ආරම්භ කළේ ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබීමට පෙර කළ සේවය විස්තර කරමිනි: “ආරම්භයේදීම … [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] වාක්‍යාණෝ දෙවියන්වහන්සේ සමග සිටියේය.” ගැළවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ කාර්යය ගැන මෙම 1–5 පද වලින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? Joseph Smith Translation, John 1:1–5 (in the Bible appendix) හි ඔබට ප්‍රයෝජනවත් පැහැදිලි කිරීම් සොයාගත හැකිය. ඔබ ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය පිළිබඳ අධ්‍යයනය ආරම්භ කරන විට, උන්වහන්සේගේ පෙර ලෝකයේ කාර්යයන් ගැන දැනගැනීම වැදගත් වන්නේ ඇයි?

තවත් බලන්න “Jesus Christ Chosen as Savior,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.

යොහාන් 1:1–18

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් උන්වහන්සේ ගැන සාක්ෂි දරති.

ගැලවුම්කරුවාණන් සෙවීමට යොහාන්ව පෙලඹවූයේ, ඔහු “සැබෑ ආලෝකයට සාක්ෂි දැරීමට එවන ලද” බව ප්‍රකාශ කළ යොහාන් බව්තීස්තගේ සාක්ෂිය නිසාය (යොහාන් 1:8–9, 15-18). ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය හා මෙහෙවර පිළිබඳව යොහාන් විසින්ම ප්‍රබල සාක්ෂියක්ද ලබාදුන්නේය.

ක්‍රිස්තුස්වහන්සේගේ ආරම්භක සාක්ෂියට යොහාන් ඇතුළත් කළ සත්‍යයන් ලැයිස්තුවක් සැකසීම සිත්ගන්නාසුළු වියහැකිය (1–18 පද; තවත් බලන්න Joseph Smith Translation, John 1:1–19 [in the Bible appendix]). යොහාන් සිය ශුභාරංචිය මෙම සත්‍යතාවන්ගෙන් ආරම්භ කළේ ඇයි කියා ඔබ සිතන්නේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබේ සාක්ෂිය ලිවීම ගැන සලකා බලන්න—ඔබට බෙදාගැනීමට අවශ්‍ය මොනවාද? ගැලවුම්කරුවාණන්ව දැනහඳුනාගැනීමට හා අනුගමනය කිරීමට ඔබට උපකාරවත් වූ අත්දැකීම් මොනවාද? ඔබේ සාක්ෂිය ඇසීමෙන් ආශිර්වාද ලැබිය හැක්කේ කාටද?

යොහාන් 1:12

“දෙවියන්වහන්සේගේ පුත්‍රයන් බවට පත්වීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

අප සියල්ලන්ම දෙවියන්වහන්සේගේ දූ පුතුන් වුවද, අප පව් කරන විට අපිව උන්වහන්සේගෙන් වෙන්කර භේද කරයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ආපසු යා හැකි මාර්ගයක් ඉදිරිපත් කරයි. උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය හා ශුභාරංචි ගිවිසුම් වලට අප කීකරුවීම තුළින් උන්වහන්සේ නැවත වරක් “දෙවියන්වහන්සේගේ පුත්‍රයන් හා දූවරුන් බවට පත්වීමට අපට බලය ලබාදෙයි.” අප නැවත ඉපදී, උන්වහන්සේගේ සදාකාලික උරුමය හා උන්වහන්සේ සතු සියල්ලේ උරුමක්කාරයෝ වෙමින්, අපගේ පියාණන්වහන්සේ සමග සමගිවී සිටින්නෙමු (රෝම 8:14–18; යාකොබ් 4:11 බලන්න).

යොහාන් 1:18

යමෙක් දෙවියන්වහන්සේව දැක තිබේද?

දෙවියන්වහන්සේව දුටු මිනිසුන්ගේ උදාහරණ පරණ ගිවිසුමේ සඳහන් වේ (උත්පත්ති 32:30; නික්මයාම 33:11; යෙසායා 6:5 බලන්න). එසේනම් යොහාන් බව්තීස්ත “කිසිවෙකු කිසිකලෙක දෙවියන්වහන්සේව දැක නැත” කියා පවසන්නේ ඇයි? මෙම පදයෙහි ජෝසෆ් ස්මිත්ගේ පරිවර්තනය (යොහන් 1:18, පාදසටහන c බලන්න) පියාණන් වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට දර්ශනය වී, එසේ වූ විට, උන්වහන්සේ තම පුත්‍රයාණන් පිළිබඳ වාර්තාවක් දරන බව එයින් පැහැදිලි කරයි. නිදසුනක් වශයෙන්, ඔහු පූජනීය වනයෙහි ජෝසෆ් ස්මිත්ට දර්ශනය වූ විට, ඔහු ජෝසෆ්ට මෙසේ කීවේය: “මේ මාගේ ආදරණීය පුත්‍රයාය. ඔහුට සවන්දෙන්න!” (Joseph Smith—History 1:17; තවත් බලන්න දහම සහ ගිවිසුම 76:23). මනුෂ්‍යයන් පියාණන් වන දෙවියන්වහන්සේ දර්ශනයෙන් දුටු තවත් වාර්තාගත අවස්ථා කිහිපයක් ඇත (ක්‍රියා 7:55-56; එළිදරව් 4:2; 1 නෙපි 1:8; දහම සහ ගිවිසුම 137:1–3 බලන්න) නැතහොත් පුත්‍රයාණන් පිළිබඳ උන්වහන්සේගේ හඬ ඇසුණු අවස්ථා තිබේ (මතෙව් 3:17; 17:5; 3 නෙපි 11:6-7 බලන්න).

යොහාන් 1:19–23

එලියා කවුද, සහ “ඒ අනාගතවක්තෘවරයා” කවුද?

යුදෙව් නායකයන් කල්පනා කළේ යොහාන් බව්තීස්ත කවදා හෝ දවසක ජනතාව අතරට පැමිණෙන අනාගතවක්තෘවරුන් පිළිබඳ පුරාණ අනාවැකි ඉටුකරන්නේද යන්නයි. ඔවුන් ඔහුගෙන් ඇසුවේ ඔහු එලියාද, සියල්ල යථාතත්වයට පත්කරන බවට අනාවැකි පැවසූ අනාගතවක්තෘවරයාගේ නම වන ග්‍රීක ස්වරූපයක් වන (එලයිජා) එලියාද යන්නයි (මලාකි 4:5–6 බලන්න). ද්විතීය කථාව 18:15 හි සඳහන් “අනාගතවක්තෘ” ලෙස සඳහන් කර ඇති ඔහු “එම අනාගතවක්තෘවරයාද” කියාද ඔවුහු විමසූහ. තමා මේ දෙකෙන් එකක් නොවන බවත් තමන් ස්වාමින්වහන්සේගේ පැමිණීමට මාර්ගය සූදානම් කරන ලෙස යෙසායා පැවසූ අනාගතවක්තෘවරයා බවත් යොහාන් පැහැදිලි කළේය (යෙසායා 40:3 බලන්න).

තවත් බලන්න බයිබල් ශබ්දකෝෂය, “Elias.”

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

ගැහැණු ළමයෙකු ශුද්ධලියවිලි කියවමින්

අපි ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, අපගේ ජීවිත සඳහා පෙළඹවීම් අපට ලැබෙනු ඇත.

යොහාන් 1:4–10

මෙම පදවල ආලෝකය ගැන කියවන දේ දෘශ්‍යමාන කිරීමට ඔබ ඔබේ පවුලට උදව් කරන්නේ කෙසේද? අඳුරු කාමරයක ආලෝකයක් බබළවා ගැලවුම්කරුවාණන් ඔවුන්ගේ ජීවිතයේ ආලෝකය වන්නේ කෙසේද යන්න බෙදාගැනීමට පවුලේ සාමාජිකයන්ට ඔබට ඉඩදිය හැකිය. ඉන්පසු, ඔබ යොහාන් 1:4–10 කියවන විට, ලෝකයේ ආලෝකය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ යොහාන්ගේ සාක්ෂිය පිළිබඳව පවුලේ සාමාජිකයින්ට අමතර අවබෝධයක් ලැබිය හැකිය.

යොහාන් 1:35–46

36 වන පදයෙහි යොහාන් බව්තීස්තගේ සාක්ෂිය සැලකිල්ලට ගන්න. ඔහුගේ සාක්ෂියේ ප්‍රතිඵල මොනවාද? (35–46 පද බලන්න). ශුභාරංචිය බෙදාගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම පදවල විස්තර කර ඇති අයගෙන් ඔබේ පවුල ඉගෙනගන්නේ මොනවාද?

යොහාන් 1:45–51

ගැලවුම්කරුවාණන් පිළිබඳ සාක්ෂියක් ලබාගැනීමට නතානියෙල් කළේ කුමක්ද? අපි අපේ සාක්ෂි ලබාගත්තේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

භාණ්ඩ යොදාගන්නා පාඩම් බෙදාගන්න. පවුලක් ලෙස ඔබ කියවන ශුද්ධලියවිලි පදවල ඇති මූලධර්ම තේරුම්ගැනීමට ඔවුන්ට උදව් කළහැකි වස්තු සොයාගැනීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න. නිදසුනක් වශයෙන්, ඔවුන්ට ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය නිරූපණය කිරීම සඳහා ඉටිපන්දමක් භාවිතා කළ හැකිය (යොහාන් 1:4 බලන්න).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොළොව මවමින්

වෝල්ටර් රනේ විසින්, යෙහෝවා පොළොව මවමින්