“ජනවාරි 4–10. මතෙව් 1; ලූක් 1: ‘ඔබවහන්සේගේගේ වචනයට අනුව එය මට සිදුවේවා’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“ජනවාරි 4–10. මතෙව් 1; ලූක් 1,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
ජනවාරි 4–10
මතෙව් 1; ලූක් 1
“ඔබවහන්සේගේගේ වචනයට අනුව එය මට සිදුවේවා”
ඔබ මතෙව් 1 සහ ලූක් 1 කියවා මෙනෙහි කරද්දී, ඔබට ලැබෙන අධ්‍යාත්මික පෙළඹවීම් වාර්තා කරන්න. ඔබ සොයාගන්නා මූලධර්ම සත්‍යයන් මොනවාද? ඔබට සහ ඔබේ පවුලේ අයට වඩාත්ම වැදගත් වන පණිවිඩ මොනවාද? මෙම ආකෘතියෙහි ඇති අධ්‍යයන අදහස් ඔබට අමතර අවබෝධයක් සොයාගැනීමට උපකාරී වේ.
ඔබේ හැඟීම් සටහන් කරන්න
ලෞකික දෘෂ්ටි කෝණයකින්, එය කළ නොහැක්කක් විය. කන්‍යාවකට පිළිසිඳ ගැනීමට නොහැකිය. එමෙන්ම දරු ප්‍රසූතියේ වයස පසුවූ වඳ කාන්තාවකටද නොහැකිය. නමුත් දෙවියන්වහන්සේට තම පුත්‍රයාණන්ගේ සහ යොහාන් බව්තීස්තගේ උපත සඳහා සැලැස්මක් තිබිණි, එබැවින් මරියා සහ එලිසබෙත් යන දෙදෙනාම ලෞකික ගැටලු වලට එරෙහිව මව්වරුන් වූහ. අපට කළ නොහැකි දෙයකට මුහුණදෙන සෑම අවස්ථාවකම ඒවායේ ආශ්චර්යමත් අත්දැකීම් මතක තබාගැනීම ප්‍රයෝජනවත් වේ. අපට අපගේ දුර්වලතා ජයගත හැකිද? ප්‍රතිචාර නොදක්වන පවුලේ සාමාජිකයෙකුගේ හදවත ස්පර්ශ කිරීමට අපට හැකිද? “දෙවියන්වහන්සේගෙන් වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි” (ලූක් 1:37) මරියාට මතක්කළ විට ගාබ්‍රියෙල්ට පහසුවෙන්ම අපට කථාකරනවා වන්නට හැකිය. එමෙන්ම දෙවියන්වහන්සේ තම කැමැත්ත හෙළිකරන විට මරියාගේ ප්‍රතිචාරය අපගේද විය හැකිය: “ඔබගේ වචනය ලෙස මට වේවා” (ලූක් 1:38).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මතෙව් සහ ලූක්ගේ ශුභාරංචි
මතෙව් සහ ලූක් යනු කවුද?
යේසුස්වහන්සේ තම ප්‍රේරිතයන්ගෙන් කෙනෙකු ලෙස හැඳින්වූ, මතෙව් යනු යුදෙව් අයබදුකරුවෙකි, නැතහොත් බදු එකතු කරන්නෙකි (මතෙව් 10:3 බලන්න; බයිබල් ශබ්දකෝෂය, “Publicans”). මතෙව් සිය ශුභාරංචිය ප්‍රධාන වශයෙන් සෙසු යුදෙව්වන්ට ලිවීය; එමනිසා, යේසුස්වහන්සේගේ ජීවිතය හා දේවසේවය තුළින් ඉටුවූ මෙසියස් පිළිබඳව පරණ ගිවිසුමේ අනාවැකි අවධාරණය කිරීමට ඔහු තෝරාගත්තේය.
ලූක් යනු අන්‍යජාතිකයෙකි (යුදෙව් නොවන) පාවුල් සමග ගමන් කළ වෛද්‍යවරයෙකි. ගැලවුම්කරුවාණන්ගේ මරණයෙන් පසු ඔහු සිය ශුභාරංචිය ලිව්වේ මූලික වශයෙන් යුදෙව් නොවන ප්‍රේක්ෂකයන්ටය. අන්‍යජාතීන්ගේ හා යුදෙව්වන්ගේ ගැලවුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔහු සාක්ෂි දුන්නේය. ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ සිදුවීම් පිළිබඳ ඇසින් දුටු සාක්ෂි ඔහු වාර්තා කළ අතර අනෙක් ශුභාරංචියන්ට සාපේක්ෂව කාන්තාවන් සම්බන්ධ තවත් කථා ඔහු ඇතුළත් කළේය.
බයිබල් ශබ්දකෝශයද බලන්න, “Gospels,” “Matthew,” “Luke.”
මතෙව් 1:18–25; ලූක් 1:28–35
ගැලවුම්කරුවාණන්ට ලෞකික මවකගෙන් සහ අමරණීය පියෙකුගෙන් උපත ලැබීමට අවශ්‍ය වූයේ ඇයි?
සභාපති රසල් එම්. නෙල්සන් පැහැදිලි කළේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සඳහා “මරණයට පත් නොවන අමරණීය පුද්ගලයෙකුගේ පුද්ගලික පරිත්‍යාගයක් අවශ්‍ය බවයි. එහෙත් උන්වහන්සේ මියගොස් නැවත තම ශරීරය ගත යුතුය. මෙය කළ හැකි එකම තැනැත්තා ගැලවුම්කරුවාණන් පමණක් විය. උන්වහන්සේගේ මවගෙන් උන්වහන්සේට මරණයේ බලය උරුම විය. උන්වහන්සේ තම පියාණන්ගෙන් මරණය ජයගැනීමට බලය ලබාගත්තේය” (“Constancy amid Change,” Ensign, Nov. 1993, 34).
ලූක් 1:5–25, 57–80
දෙවියන්වහන්සේගේ ආශිර්වාද එන්නේ උන්වහන්සේගේ කාලයට අනුවය.
කුමන හේතුවක් නිසා හෝ දෙවියන්වහන්සේගේ වේලාවෙන් අදහස් වුණේ දරුවෙකු ලැබීමට එලිසබෙත් සහ සෙකරියස් බලාපොරොත්තු වූ ආශිර්වාදය ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා බොහෝකලකට පසුව ලැබීමය. ඔබට ආශිර්වාදයක් බලාපොරොත්තුවෙන් සිටීමට සිදුවුවහොත් හෝ දෙවියන්වහන්සේ ඔබගේ යාච්ඤා වලට සවන්නොදෙන බවක් පෙනේ නම්, එලිසබෙත් සහ සෙකරියස්ගේ කතාව උන්වහන්සේ ඔබව අමතක කර නැති බවට මතක්කිරීමක් විය හැකිය. උන්වහන්සේට ඔබ වෙනුවෙන් සැලැස්මක් ඇති අතර, උන්වහන්සේ සැමවිටම තම ධර්මිෂ්ට සාන්තුවරයන්ට දුන් පොරොන්දු ඉටුකරයි. වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් පොරොන්දු වූ ආකාරයට, “සමහර ආශිර්වාද පැමිණේ, සමහරක් ප්‍රමාද වී; සමහරක් ස්වර්ගයට යන තෙක් නොපැමිණෙයි; නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය වැලඳගන්නා අයට ඒවා පැමිණෙන්නේය” (“An High Priest of Good Things to Come,” Ensign, Nov. 1999, 38). සෙකරියස් සහ එලිසබෙත් විශ්වාසවන්තව සිටියේ කෙසේද? (ලූක් 1:5-25, 57-80 බලන්න). ඔබ ආශිර්වාදයක් බලාපොරොත්තුවෙන් සිටිනවාද? ඔබ බලාසිටින අතරතුර ස්වාමින්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක් කියා ඔබට හැඟෙනවාද?
මෙම කථාවේ ස්වාමින්වහන්සේ විසින් ඔබට ලබාදිය හැකි වෙනත් පණිවිඩ මොනවාද?
ඇදහිලිවන්තව බලාසිටීමෙන් පසු, එලිසබෙත් සහ සෙකරිය පුතෙකුගෙන් ආශිර්වාද ලැබීය.
මතෙව් 1:18–25; ලූක් 1:26–38
ඇදහිලිවන්තයන් කැමැත්තෙන්ම දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත්වේ.
මරියා මෙන්, අපගේ ජීවිතය සඳහා දෙවියන්වහන්සේගේ සැලසුම් අප සැලසුම් කළ දෙයට වඩා බෙහෙවින් වෙනස් බව සමහර අවස්ථාවන් හිදී අපට පෙනීයයි. දෙවියන්වහන්සේගේ කැමැත්ත පිළිගැනීම ගැන ඔබ මරියාගෙන් ඉගෙනගන්නේ කුමක්ද? පහත වගු වල, ඔවුන්ගේ ප්‍රකාශ වලින් ඔබට ලැබෙන පණිවිඩ සමග, දේවදූතයාගේ සහ මරියාගේ ප්‍රකාශ ලියන්න (ලූක් 1: 26-38 බලන්න):
|
දේවදූතයා මරියාට පැවසූ වචන |
මා සඳහා වූ පණිවිඩය |
|---|---|
දේවදූතයා මරියාට පැවසූ වචන “ස්වාමින්වහන්සේ නුඹ සමග සිටින සේක” (28 වන පදය). | මා සඳහා වූ පණිවිඩය ස්වාමින්වහන්සේ මාගේ තත්වය හා අරගල ගැන දනී. |
දේවදූතයා මරියාට පැවසූ වචන | මා සඳහා වූ පණිවිඩය |
දේවදූතයා මරියාට පැවසූ වචන | මා සඳහා වූ පණිවිඩය |
|
මරියාගේ ප්‍රතිචාරය |
මා සඳහා වූ පණිවිඩය |
|---|---|
මරියාගේ ප්‍රතිචාරය “මේක වෙන්නේ කෙසේදැයි?” (34 වන පදය). | මා සඳහා වූ පණිවිඩය මට නොතේරෙන විට ප්‍රශ්න ඇසීම කමක් නැත. |
මරියාගේ ප්‍රතිචාරය | මා සඳහා වූ පණිවිඩය |
මරියාගේ ප්‍රතිචාරය | මා සඳහා වූ පණිවිඩය |
මතෙව් 1:18-25 හි ජෝසෆ්ගේ ධර්මිෂ්ට ආදර්ශය ගැන කියවන විට, දෙවියන්වහන්සේගේ කැමැත්ත පිළිගැනීම ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? සෙකරියස්ගේ සහ එලිසබෙත්ගේ අත්දැකීම් වලින් ඔබට ඉගෙනගත හැක්කේ මොනවාද? (ලූක් 1 බලන්න).
තවත් බලන්න මොසායා 3:19; ලූක් 22:42; හිලමන් 10:4–5; Bible Dictionary, “Gabriel.”
ලූක් 1:46–55
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙවර ගැන මරියා සාක්ෂි දෙයි.
ලූක් 1:46–55 හි මරියාගේ වචන ගැලවුම්කරුවාණන්ගේ මෙහෙවරෙහි අංගයන් පුරෝකථනය කර ඇත. මරියාගේ ප්‍රකාශ වලින් ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගන්නේ මොනවාද? මෙම පද 1 සාමුවෙල් 2:1–10 හි හැනාගේ වචන හා මතෙව් 5:4–12 හි යේසුස්වහන්සේගේ ආකල්ප සමග සංසන්දනය කිරීමෙන් ගැළවුම්කරුවාණන් ලබාදෙන ආශිර්වාද පිළිබඳව ඔබ ලබාගන්නා අමතර අවබෝධයන් මොනවාද? ඔබ මෙම අදහස් ගැන මෙනෙහි කරන විට ආත්මයාණන් ඔබට උගන්වන්නේ මොනවාද?
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
මතෙව් 1:1–17
ඔබේ පවුලේ අය යේසුස්වහන්සේගේ පෙළපත කියවන විට, එය යෝසෙප් හරහා දාවිත් රජු දක්වා උන්වහන්සේගේ රාජකීය පෙළපත කරා දිවයන බව ඔබට පැහැදිලි කළ හැකිය. මෙසියස්වහන්සේ දාවිත්ගේ පෙළපතට පැමිණෙනු ඇතැයි පුරෝකථනය කර තිබූ නිසා මෙම පරම්පරාව වැදගත් විය (යෙරෙමියා 23:5–6 බලන්න). මෙය ඔබගේ පවුලේ ඉතිහාසය සාකච්ඡා කිරීමට සහ ඔබේ මුතුන් මිත්තන් පිළිබඳ කථා කිහිපයක් බෙදාගැනීමට හොඳ අවස්ථාවක් විය හැකිය. ඔබගේ පවුල් ඉතිහාසය ගැන දැනගැනීම ඔබේ පවුලට ආශිර්වාද කරන්නේ කෙසේද?
මතෙව් 1:20; ලූක් 1:13, 30
මෙම පදවල සිටින මිනිසුන් බිය වූයේ ඇයි? අපට බියක් දැනීමට හේතුවන්නේ මොනවාද? “බිය නොවන්න” කියා දෙවියන්වහන්සේ අපෙන් ඉල්ලාසිටින්නේ කෙසේ විය හැකිද?
ලූක් 1:37
“දෙවියන්වහන්සේ සමග කිසිම දෙයක් කළ නොහැක්කක් නොමැත” යන විශ්වාසය ගොඩනගාගැනීමට ඔබේ පවුලට උපකාර කිරීම සඳහා, ඔබට ලූක් 1 එකට සෙවිය හැකි අතර දෙවියන්වහන්සේ කළ නොහැකි දේ කළ දේවල් සොයාගත හැකිය. දෙවියන්වහන්සේ කළ නොහැකි දේ කළ—ශුද්ධලියවිල්ලෙන් හෝ තමන්ගේ ජීවිතයෙන්—ඔවුන්ට බෙදාගත හැකි වෙනත් කතන්දර මොනවාද? ශුභාරංචි කලා පොත හරහා සෙවීම ඔවුන්ට අදහස් ගැන සිතීමට උපකාරී වේ.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
ශුද්ධලියවිලි පද අපේ ජීවිත වලට අදාළ කරගන්න. ශුද්ධලියවිලි ඡේදයක් කියවීමෙන් පසු, එය ඔවුන්ගේ ජීවිත වලට අදාළ කරගැනීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න (Teaching in the Savior’s Way, 21 බලන්න). නිදසුනක් වශයෙන්, මතෙව් 1 සහ ලූක් 1 හි පුද්ගලයන්ගේ ප්‍රතිචාර වලින් ස්වාමින්වහන්සේගේ කැඳවීමට ප්‍රතිචාර දැක්වීම ගැන අප ඉගෙනගන්නා දේ අදාළ කරගන්නේ කෙසේද?