පුස්තකාලය
දෙසැම්බර් 28–ජනවාරි 3. අපගේ ඉගෙනීම සඳහා අපි වගකිව යුතුය


“දෙසැම්බර් 28–ජනවාරි 3. අපගේ ඉගෙනීම සඳහා අපි වගකිව යුතුය,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“දෙසැම්බර් 28–ජනවාරි 3. අපගේ ඉගෙනීම සඳහා අපි වගකිව යුතුය,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

පවුලේ අය ඡායාරූප ඇල්බමයක් බලමින්

දෙසැම්බර් 28–ජනවාරි 3

අපගේ ඉගෙනීම සඳහා අපි වගකිව යුතුය

එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා හි අරමුණ ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ශුභාරංචියට වඩාත් ගැඹුරින් පරිවර්තනය වීමට ඔබට උපකාර කිරීමයි. මෙම සම්පත මගින් ඔබට ශුද්ධලියවිලි තේරුම්ගැනීමට සහ ඔබට සහ ඔබේ පවුලට අවශ්‍ය අධ්‍යාත්මික ශක්තිය සොයාගැනීමට උපකාරී වේ. එවිට, ඔබේ සහාවේ පන්ති වලදී, ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඔබගේ සෙසු සාන්තුවරයන් දරන උත්සාහයන් පිළිබඳව අවබෝධය බෙදාගැනීමට සහ ධෛර්යමත් කිරීමට ඔබ සූදානම් වනු ඇත.

ඔබේ හැඟීම් සටහන් කරන්න

“නුඹලා සොයන්නේ කුමක්දැයි?” යේසුස්වහන්සේ යොහාන් බව්තීස්තගේ ගෝලයන්ගෙන් ඇසුවේය (යොහාන් 1:38). ඔබටත් එම ප්‍රශ්නයම ඇසිය හැකිය—මක්නිසාදයත්, මේ වසරේ අලුත් ගිවිසුමේ ඔබ සොයාගන්නා දේ බොහෝ සෙයින් රඳාපවතින්නේ ඔබ සොයන දේ මතය. “සොයාපල්ලා, එවිට නුඹලාට සම්බවේ” යනු ගැලවුම්කරුවාණන්ගේ පොරොන්දුවයි (මතෙව් 7:7). එබැවින් ඔබ ඉගෙනගන්නා විට ඔබේ මනසට එන ප්‍රශ්න අසන්න, ඉන්පසු පිළිතුරු සඳහා උනන්දුවෙන් සොයන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ගේ ප්‍රබල අධ්‍යාත්මික අත්දැකීම් ගැන අලුත් ගිවිසුමේ ඔබ කියවනු ඇත. ගැලවුම්කරුවාණන්ගේ විශ්වාසවන්ත ගෝලයෙකු ලෙස, “එන්න, මා අනුගමනය කරන්න” යන මෙම පරිශුද්ධ වෙළුම පුරාම දක්නට ලැබෙන, ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය පිළිගන්නා විට, ඔබේම බලවත් අධ්‍යාත්මික අත්දැකීම් ලබාගත හැකිය (ලූක් 18:22).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ගැලවුම්කරුවාණන්ගෙන් සැබවින්ම ඉගෙනගැනීමට නම්, “එන්න, මා අනුගමනය කරන්න” යන උන්වහන්සේගේ ආරාධනය මම පිළිගත යුතුය.

අප ගෝලයන්වීමේ මාවතේ අලුත් අයද නැතහොත් අපගේ ජීවිත කාලය පුරාම එහි ගමන්කර තිබේද යන්න නොසලකමින්—ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය වන, “එන්න, මා අනුගමනය කරන්න” යන්න සියල්ලන්ටම අදාළ වේ. ආඥා පිළිපැදීමට වෑයම් කළ ධනවත් තරුණයෙකුට උන්වහන්සේ කළ ආරාධනය මෙයයි (මතෙව් 19:16–22 බලන්න). ඔහු ඉගෙනගත් දෙය—හා අප සියල්ලන්ම ඉගෙනගත යුතු දෙයනම්—ශ්‍රාවකයෙකු වීම යනු අපගේ මුළු ආත්මයම ස්වර්ගික පියාණන්වහන්සේට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ලබාදීමයි. අපට නැති දේ හඳුනාගැනීමෙන්, වෙනස් කිරීමෙන් සහ ඒවා වඩාත් හොඳින් අනුගමනය කිරීමට උත්සාහ කිරීමෙන් අපි අපගේ අනුගාමිකත්වය තුළ ප්‍රගතියක් ලබන්නෙමු.

ගැලවුම්කරුවාණන්ගෙන් ඉගෙනීම ආරම්භවන්නේ උන්වහන්සේ ඉගැන්වූ දේ තේරුම්ගැනීමට අප උත්සාහ කරන විටය. නිදසුනක් වශයෙන්, ඔබ පහත සඳහන් කරුණු ගවේෂණය කරන විට සමාවදීම පිළිබඳ ඔබේ අවබෝධය ගැඹුරුවන්නේ කෙසේද?

ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් (මතෙව් 6:14–15; 18:21–35 බලන්න)

උන්වහන්සේගේ ජීවිතයෙන් උදාහරණයක් (ලූක් 23:33–34 බලන්න)

කෙසේවෙතත්, ගැලවුම්කරුවාණන් උගන්වන දේ අනුව ජීවත්වීමෙන් මිස ඉගෙනීම සම්පූර්ණ නොවේ. ඔබට වඩාත් සමාවදිය හැක්කේ කෙසේද?

ඔබට තවත් ඉගෙනගැනීමට අවශ්‍ය නම්, ආදරය හෝ නිහතමානීකම වැනි, තවත් ශුභාරංචි මූලධර්මයක් සමග මෙම ක්‍රියාකාරකම උත්සාහ කරන්න.

මගේම ඉගෙනීම සඳහා මම වගකිව යුතුය.

වැඩිහිටි ඩෙවිඩ් ඒ. බෙඩ්නර් මෙලෙස ඉගැන්වීය: “හුදෙක් ක්‍රියාත්මක කරවන අසන්නන් පමණක් නොවී, ඉගෙනගන්නන් වශයෙන්, ඔබත් මමත් ක්‍රියා කළ යුතු අතර වචනය පිළිපදින්නන් විය යුතුය. ඔබත් මමත් ඇදහිල්ලෙන් ඉගෙනීමට උත්සාහ කරන නියෝජිතයන්ද, නැත්නම් උගන්වන හා ක්‍රියාකරවන තෙක් අප බලා සිටිනවාද? … නිවැරදි මූලධර්මයන්ට අනුකූලව ක්‍රියාකිරීමෙන් ඉගෙනගන්නා අයෙක් ඔහුගේ හෝ ඇයගේ හදවත ශුද්ධාත්මයාණන් වෙත විවෘතකර උන්වහන්සේගේ ඉගැන්වීමට, සාක්ෂි දරන බලයට, සහ සනාථ කරන සාක්ෂියට ආරාධනා කරයි. ඇදහිල්ලෙන් ඉගෙනීමට අවශ්‍ය වන්නේ අධ්‍යාත්මික, මානසික සහ ශාරීරික වෙහෙසක් මිස නිෂ්ක්‍රීය පිළිගැනීමක් නොවේ” (“Seek Learning by Faith,” Ensign, Sept. 2007, 64).

ඔබේම ඉගෙනීමේ වගකීම භාරගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? වැඩිහිටි බෙඩ්නර්ගේ ප්‍රකාශයේ සහ පහත සඳහන් ශුද්ධලියවිලි පද තුලින් පිළිතුරු සොයා බලන්න: යොහාන් 7:17; 1 තෙසලෝනික 5:21; යාකොබ් 1:5–6, 22; 2:17; 1 නෙපි 10:17–19; 2 නෙපි 4:15; ඇල්මා 32:27; සහ දහම සහ ගිවිසුම 18:18; 58:26–28; 88:118. ශුභාරංචිය ඉගෙනගැනීමට වඩාත් ක්‍රියාශීලී වීමට ඔබව පොළඹවන්නේ මොනවාද?

මට මා සඳහා සත්‍යය දැනගැනීමට අවශ්‍යයි.

ඔවුන්ගේ ජීවිතයේ කුමක් සිදුවුවද, කිසිවිටෙකත් ඔවුන්ගේ ඇදහිල්ල නැති නොවන බවක් ඔබ දන්නා අය සිටිය හැකිය. ගැලවුම්කරුවාණන්ගේ උපමාවේ බුද්ධිමත් කන්‍යාවන් පස්දෙනා ගැන ඔවුන් ඔබට මතක්කරදෙනු ඇත (මතෙව් 25:1–13 බලන්න). ඔබ නොදකින දෙය නම් සත්‍යය පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි ශක්තිමත් කිරීමට ඔවුන් දරන උත්සාහයයි. මෝඩ කන්‍යාවන් ඉගෙනගත් පරිදි, අපට වෙනත් කෙනෙකුගෙන් හැරීම ණයට ගත නොහැකි නිසා, අප සියලුදෙනා අපගේ සාක්ෂි ශක්තිමත් කිරීමට උනන්දුවෙන් උත්සාහ කළ යුතුය.

අපි අපේම සාක්ෂි ලබාගෙන පෝෂණය කරන්නේ කෙසේද? පහත සඳහන් ශුද්ධලියවිලි පද ගැන මෙනෙහි කරන විට ඔබේ අදහස් ලියන්න: ලූක් 11:9–13; යොහාන් 5:39; යොහාන් 7:14–17; ක්‍රියා 17:10–12; 1 කොරින්ති 2:9–11; සහ ඇල්මා 5:45–46. (තවත් බලන්න “Testimony,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.)

තරුණියක් ගමන් මගක

අප සෑමකෙනෙකුම අප වෙනුවෙන් සාක්ෂියක් ලබාගත යුතුය.

මට ප්‍රශ්න ඇතිවිට මා කළ යුත්තේ කුමක්ද?

ඔබ අධ්‍යාත්මික දැනුම ලබාගන්නා විට, ප්‍රශ්න ඔබේ මතකයට එනු ඇත. පහත සඳහන් මූලධර්ම මගින් ඇදහිල්ල සහ සාක්ෂි ගොඩනංවන ආකාරයෙන් ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය හැකිය:

  1. දිව්‍යමය වශයෙන් පත්කරන ලද ප්‍රභවයන් තුළින් අවබෝධය ලබාගන්න. දෙවියන්වහන්සේ සියලු සත්‍යයේ උල්පත වන අතර උන්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුලින්, ශුද්ධලියවිලි තුලින් සහ උන්වහන්සේගේගේ අනාගතවක්තෘවරුන් හා ප්‍රේරිතයන් තුලින් සත්‍යය හෙළිකරයි.

  2. ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න. පිළිතුරු එකවරම නොපැමිණෙන්නේ නම්, නියමිත වේලාවට ස්වාමින්වහන්සේ පිළිතුරු හෙළිකරනු ඇතැයි විශ්වාස කරන්න. මේ අතර, ඔබ දැනටමත් දන්නා සත්‍යය අනුව ජීවත්වන්න.

  3. සදාකාලික ඉදිරි දර්ශනයක් තබාගන්න. ලෝකය දකින ආකාරයට නොව, ස්වාමින්වහන්සේ දකින ආකාරයට දේවල් දැකීමට උත්සාහ කරන්න. ඔබගේ ප්‍රශ්න අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ගැලවීමේ සැලැස්මේ සම්බන්ධය තුලින් බලන්න.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

මතෙව් 13:1–23

මේ වසරේ අලුත් ගිවිසුමෙන් ඉගෙනගැනීමට සූදානම්වීමට ඔබේ පවුලට උපකාර කළහැකි එක් හොඳ ක්‍රමයක් නම් වපුරන්නාගේ උපමාව සමාලෝචනය කිරීමයි. උපමාවේ විස්තර කර ඇති බිම් වර්ග දෘශ්‍යමාන කිරීම සඳහා ඔබේ පවුලේ අයට ඔබේ නිවස අසල විවිධ වර්ගයේ බිම් දෙස බලා විනෝද විය හැකිය. අපේ නිවසේ “හොඳ භූමියක්” අස්වැද්දීමට අපට කුමක් කළ හැකිද? (මතෙව් 13:8).

ගලාති 5:22–23; පිලිප්පි 4:8

“පවුලේ යාච්ඤාව, පවුල් නිවාස සන්ධ්‍යාව, ශුභාරංචි අධ්‍යයනය සහ උපදෙස් සහ යහපත් පවුල් ක්‍රියාකාරකම් සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස අපි දෙමාපියන්ට හා දරුවන්ට උපදෙස් දෙන්නෙමු. කෙසේවෙතත්, සුදුසු සහ සරිලන වෙනත් ඉල්ලීම් හෝ ක්‍රියාකාරකම් කුමක් වුවත්, දෙමාපියන්ට සහ පවුල් වලට පමණක් ප්‍රමාණවත් ලෙස ඉටුකළ හැකි දිව්‍යමය වශයෙන් පත්කරන ලද රාජකාරි විස්ථාපනය කිරීමට ඒවාට ඉඩනොදිය යුතුය” (“Letter from the First Presidency,” Liahona, Dec. 1999, 1).

නව වසරක ආරම්භය ඔබගේ නිවස වඩාත් ශුභාරංචි කේන්ද්‍රගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට පවුල් එකතුවක් පැවැත්වීමට හොඳ කාලයකි. ගලාති 5:22–23 සහ පිලිප්පි 4:8 හි ආශිර්වාද හා උපදෙස් කියවන විට මතකයට එන අදහස් මොනවාද? සමහරවිට ඔබට ඔබේ අරමුණු සිහිපත් කරගැනීම සඳහා නිවස වටා පෝස්ටර් සෑදිය හැකිය.

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

මූලධර්ම සොයන්න. මූලධර්මයක් යනු සදාකාලික, වෙනස් නොවන සත්‍යයකි. සභාපති බොයිඩ් කේ. පැකර් මෙලෙස ප්‍රකාශ කළේය “අවබෝධකරගත්, සැබෑ මූලධර්ම, ආකල්ප හා හැසිරීම වෙනස් කරයි” (“Little Children,” Ensign, Nov. 1986, 17). ඔබ සහ ඔබේ පවුලේ අය ශුද්ධලියවිලි අධ්‍යනය කරන විට, ගැළවුම්කරුවාණන් මෙන් ජීවත්වීමට ඔබට උපකාර කළ හැකි සත්‍යයන් සොයන්න.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

බ්‍රෙන්ට් බෝරප් විසින්, ලෝකයේ ආලෝකය