“පෙබරවාරි 1–7. මතෙව් 4; ලූක් 4–5: ‘ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ මා පිටය’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“පෙබරවාරි 1–7. මතෙව් 4; ලූක් 4–5,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
රොබර්ට් ටී. බැරට් විසින්, ක්‍රිස්තුස්වහන්සේ සාතන් ජයගනී
පෙබරවාරි 1–7
මතෙව් 4; ලූක් 4–5
“ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ මා පිටය”
මතෙව් 4 සහ ලූක් 4–5 කියවීමෙන් පටන්ගෙන ඔබට ලැබෙන ඕනෑම අවබෝධයක් කෙරෙහි අවධානය යොමුකරන්න. මෙම දළ සටහනෙහි ඇති අධ්‍යයන අදහස් මෙම පරිච්ඡේදවල වැදගත් මූලධර්ම හඳුනාගැනීමට ඔබට උපකාරී වේ.
ඔබේ හැඟීම් සටහන් කරන්න
තමාට අද්විතීය, පරිශුද්ධ මෙහෙවරක් ඇතිබව යේසුස්වහන්සේ කුඩා කල සිටම දැනසිටි බව පෙනේ. නමුත් යේසුස්වහන්සේ තම ලෞකික දේවසේවය ආරම්භ කිරීමට සූදානම් වෙද්දී, සතුරා ගැලවුම්කරුවාණන්ගේ මනසෙහි සැකයක් ඇතිකිරීමට උත්සාහ කළේය. “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් නම්,” සාතන් පැවසීය (ලූක් 4:3, ඇල අකුරු එකතු කරන ලදි). නමුත් ගැළවුම්කරුවාණන් ස්වර්ගයේ සිටින තම පියාණන් සමග කතා කළේය. උන්වහන්සේ ශුද්ධලියවිලි දැනසිටියේය, එසේම උන්වහන්සේ කව්ද යන්න උන්වහන්සේ දැනසිටියේය. උන්වහන්සේ කෙරෙහි, සාතන්ගේ ඉල්ලීම—“මේ සියලු බලය මම ඔබට දෙන්නෙමි” (ලූක් 4:6)—එය හිස් එකක් විය, ගැලවුම්කරුවාණන්ගේ ජීවිත කාලය පුරාම සූදානම්වීම නිසා උන්වහන්සේට “ආත්මයාණන්ගේ බලය” ලැබුණි (ලූක් 4:14). එමනිසා, පරීක්ෂාවන්, පීඩා සහ ප්‍රතික්ෂේප කිරීම් තිබියදීත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේව පත්කරන ලද කාර්යයෙන් කිසිවිටෙකත් වෙනස් නොවීය: “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ යහපත් ආරංචිය දේශනාකරන්ට ඕනෑය. මක්නිසාද ඒ පිණිස එවනලද්දෙමියි” (ලූක් 4:43).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මතෙව් 4:1–2
දෙවියන්වහන්සේ සමග කතාකිරීම උන්වහන්සේට සේවය කිරීමට මා සූදානම් කරයි.
තම මෙහෙවරට සූදානම්වීම සඳහා යේසුස්වහන්සේ පාළුකරයට ගියේ “දෙවියන්වහන්සේ සමග සිටීමට” (Joseph Smith Translation, Matthew 4:1 [in Matthew 4:1, footnote b]). දෙවියන්වහන්සේට සමීප වීමට ඔබ කරන්නට සිතෙන දේ ගැන සිතන්න. උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන කාර්යයට මෙය ඔබව සූදානම් කරන්නේ කෙසේද?
මතෙව් 4:1–11; ලූක් 4:1–13
පරීක්ෂාවන්ට විරුද්ධවීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට ආදර්ශයක් තැබූ සේක.
සමහරවිට මිනිසුන් පව් කිරීමට පෙළඹෙන විට වරදකාරි හැඟීමක් ඇතිවේ. නමුත් “පාපය නොමැතිව” ජීවත්වූ ගැළවුම්කරුවාණන් පවා (හෙබ්‍රෙව් 4:15) පරීක්ෂාවට ලක්විය. ක්‍රිස්තුස්වහන්සේ පරීක්ෂාවන්ට මුහුණදී ජයගත් නිසා, අප මුහුණ දෙන පරීක්ෂාවන් උන්වහන්සේ දන්නා අතර ඒවා ජයගැනීමට අපට උපකාර කළහැකි බව දැනගැනීම සැනසීමක් විය හැකිය (හෙබ්‍රෙව් 2:18; ඇල්මා 7:11–12 බලන්න).
ඔබ මතෙව් 4:1–11 සහ ලූක් 4:1–13 කියවන විට, ඔබ පරීක්ෂාවන්ට මුහුණදෙන විට ඔබ ඉගෙනගත් ඔබට උපකාරවත් වන දේවල් මොනවාද? ඔබේ සිතුවිලි මෙවැනි වගුවක සංවිධානය කළ හැකිය:
|
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ |
මම |
|---|---|
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සාතන් ක්‍රිස්තුස්වහන්සේව පරීක්ෂාවට පැමිණවූයේ කුමක් කිරීමටද? උන්වහන්සේගේ කුසගින්න තෘප්තිමත් කිරීමට උන්වහන්සේගේ බලය පාවිච්චි කිරීමටය. | මම සාතන් මාව පරීක්ෂාවට පමුණුවන්නේ කුමක් කිරීමටද? |
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පරීක්ෂාවන්ට විරුද්ධවීමට ක්‍රිස්තුස්වහන්සේ සූදානම්වී සිටියේ ඇයි? උන්වහන්සේ නිරාහාරව සිටියේය; උන්වහන්සේ දෙවියන්වහන්සේ සමග සිටීමට ගියේය; උන්වහන්සේ ශුද්ධලියවිලි දැනසිටියේය. | මම පරීක්ෂාවට එරෙහිවීමට මා සූදානම් වන්නේ කෙසේද? |
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ | මම |
මතෙව් 4 හි ජෝසෆ් ස්මිත් පරිවර්තනයෙන් ඔබ ලබාගන්නා අමතර අවබෝධයන් මොනවාද? (මතෙව් 4 පුරාම පාද සටහන් බලන්න).
තවත් බලන්න 1 කොරින්ති 10:13; ඇල්මා 13:28; මෝසෙස් 1:10–22; “Temptation,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
ලූක් 4:16–32
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු එළිදරව් කළ මෙසියස්ය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පොළොවට එව්වේ කුමක් කිරීමටද කියා විස්තර කරන්නට කියා ඔබෙන් ඇසුවොත් ඔබ කියන්නේ මොනවාද? ලූක් 4:18–19 හි ගැලවුම්කරුවාණන් මෙසියස්වහන්සේ ගැන යෙසායාගේ අනාවැකියක් උපුටා දක්වමින් තමාගේම මෙහෙවරේ අංග විස්තර කළේය (යෙසායා 61:1–2 බලන්න). මෙම පද කියවන විට උන්වහන්සේගේ මෙහෙවර ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේ මෙසියස් බව සාක්ෂි දුන්නේය.
යෙසායාගේ අනාවැකිය ඉටුවනතෙක් යුදෙව්වන් සියවස් ගණනාවක් බලාසිටියත්, “අද නුඹලා අසා සිටියදී මේ ලියවිල්ල සම්පූර්ණවීයයි” (ලූක් 4:21) ලෙස ප්‍රකාශ කළවිට වුවද යේසුස්වහන්සේ මෙසියස් බව බොහෝදෙනෙක් පිළිගත්තේ නැත. ඔබ ලූක් 4:20–30 කියවන විට (මාර්ක් 6:1–6 ද බලන්න), නාසරෙත්හි ජනයා වෙනුවට ඔබම සිටිනවායැයි සිතීමට උත්සාහ කරන්න. ක්‍රිස්තුස්වහන්සේ ඔබගේ පුද්ගලික ගැලවුම්කරුවාණන් ලෙස සම්පූර්ණව පිළිගැනීමෙන් ඔබව වළක්වාලන කිසිවක් තිබේද?
තවත් බලන්න මොසායා 3:5–12; “Jesus Declares He Is the Messiah” (video, ChurchofJesusChrist.org).
මතෙව් 4:18–22; ලූක් 5:1–11
මම ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට, මගේ දිව්‍යමය හැකියාවන් කරා ළඟාවීමට උන්වහන්සේට මට උපකාර කළ හැකිය.
සභාපති එස්‍රා ටෆ්ට් බෙන්සන් මෙසේ ඉගැන්වීය, “දෙවියන්වහන්සේ වෙතට තම ජීවිතය හරවන පුරුෂයන් හා ස්ත්‍රීන් තම ජීවිතයෙන් තමන්ට හැකි බොහෝදේටත් වඩා උන්වහන්සේට ඔවුන්ගේ ජීවිතයේ කළහැකි බව සොයාගනීවි” (Teachings of Presidents of the Church: Ezra Taft Benson [2014], 42). පේත්‍රැස්ට සහ ඔහුගේ අනෙකුත් ධීවරයන්ට සිදුවූයේ එයයි. මසුන් ඇල්ලීමට වඩා වැඩියමක් ඔවුන්ට කළහැකි බවත්—ඔවුන්ට “මිනිසුන් අල්ලන්නන්” වියහැකි බවත් තේරුම්ගැනීමට යේසුස්වහන්සේ ඔවුන්ට උපකාර කළේය (මතෙව් 4:19; ලූක් 5:10 ද බලන්න). මෙය දැකීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා, යේසුස්වහන්සේ ඔවුන්ට හුරුපුරුදු අත්දැකීම් භාවිතා කළේය.
ගැලවුම්කරුවාණන් උන්වහන්සේව අනුගමනය කරන ලෙස ඔබට ආරාධනා කරනවායැයි ඔබට දැණුනේ කවදාද? “සියල්ල අත්හැර” (ලූක් 5:11) උන්වහන්සේව අනුගමනය කිරීමට ඔබ කැමති බව ඔබට ස්වාමින්වහන්සේට පෙන්විය හැක්කේ කෙසේද? ඔබ මතෙව් 4:18–22 සහ ලූක් 5:1–11 කියවන විට මෙම ප්‍රශ්න ගැන මෙනෙහි කරන්න.
තවත් බලන්න “Come, Follow Me,” Hymns, no. 116.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
මතෙව් 4:1–2; ලූක් 4:1–2
යේසුස්වහන්සේ විරුද්ධවාදියා විසින් පරීක්ෂාවට ලක්කිරීමට පෙර නිරාහාරව සිටියේය. නිරාහාරව සිටීමේ බලය පිළිබඳව අපට මෙම වාර්තාවෙන් ලබාගතහැකි අවබෝධයන් මොනවාද? “Fasting and Fast Offerings,” Gospel Topics, topics.ChurchofJesusChrist.org හි ඇති තොරතුරු ඔබට නිරාහාරව සිටීම පිළිබඳ පවුල් සාකච්ඡාවක් මෙහෙයවීමට උපකාරීවිය හැකිය. පවුලේ සාමාජිකයින්ට නිරාහාරව සිටීමේ අත්දැකීම් බෙදාගැනීමට ඔබට ආරාධනා කළ හැකිය. නිශ්චිත අරමුණක් සඳහා එකට නිරාහාරව සිටීමට ඔබේ පවුලේ අයට යාච්ඤාශීලීව සැලසුම් කළ හැකිය.
මතෙව් 4:3–4; ලූක් 4:3–4
ගලක් පාන් බවට හැරවීමට සාතන් ක්‍රිස්තුස්ව පොළඹවන විට, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්” කියා පවසමින් ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍ය අනන්‍යතාවයට අභියෝග කළේය (මතෙව් 4:3, ඇල අකුරු එකතු කරන ලදි). අපව අපගේ දිව්‍ය අනන්‍යතාවන් සැකකරවීමට සාතන් උත්සාහ කරන්නේ ඇයි? ඔහු මෙය කිරීමට උත්සාහ කරන්නේ කෙසේද? (තවත් බලන්න මෝසෙස් 1:10–23.)
Joseph Smith Translation, Matthew 4:11
යේසුස්වහන්සේව ශාරීරිකව හා ආත්මිකව පරීක්ෂාවට ලක්කළ පසු, උන්වහන්සේගේ සිතුවිලි සිරගතව සිටි යොහාන් බව්තීස්තගේ අවශ්‍යතා වෙත යොමුවිය: “යොහාන්ව සිරගත කරනු ලැබූ බව යේසුස්වහන්සේ දැනසිටියේය, උන්වහන්සේ දේවදූතයන් යැව්වේය, එසේය, බලන්න, ඔව්හු ඇවිත් ඔහුට [යොහාන්ට] සේවය කළහ” (Joseph Smith Translation, Matthew 4:11 [මතෙව් 4:11, පාදසටහන a). අපට පෙර අන් අය ගැන සිතීමේ ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරනවිට අප ආශිර්වාද ලබන්නේ කෙසේද? උන්වහන්සේගේ ආදර්ශය අපට අනුගමනය කළ හැක්කේ කෙසේද?
ලූක් 4:16–21
බිඳුණු හදවතක් ඇති හෝ “නිදහසේ සිටිය යුතු” අයව අපි දන්නවාද? (ලූක් 4:18). ගැලවුම්කරුවාණන්ගේ සුවය සහ ගැලවීම ලබාගැනීමට අපි අන් අයට උදව් කරන්නේ කෙසේද? දේවමාළිගාවේ වත්පිළිවෙත් ක්‍රියාත්මක කිරීම “වහලුන්ට මිදීම” ගෙනඒමට උපකාර කරන්නේ කෙසේද යන්නත් ඔබට සාකච්ඡා කළ හැකිය (ලූක් 4:18).
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය අනුව ජීවත්වන්න. සමහරවිට [දෙමාපියෙක් වශයෙන් හෝ ගුරුවරයෙකු වශයෙන්] ඔබට කළහැකි වැදගත්ම දෙය වන්නේ … ඔබේ හදවතින්ම සුහාරංචිය අනුව ජීවත්වීමයි. … ශුද්ධාත්මයාණන්වහන්සේගේ මිත්‍රත්වය සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රධානම ක්‍රමය මෙයයි. ඔබ පරිපූර්ණ වියයුතු නැත, කඩිසරව උත්සාහ කරන්න—සහ ඔබ පැකිලෙන සෑම අවස්ථාවකදීම ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් සමාව සොයන්න” (Teaching in the Savior’s Way, 13).