පුස්තකාලය
පෙබරවාරි 22–28. මතෙව් 6–7: ‘අධිකාරීත්වය ඇති අයෙකු ලෙස උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වීය’


“පෙබරවාරි 22–28. මතෙව් 6–7: ‘අධිකාරීත්වය ඇති අයෙකු ලෙස උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වීය’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“පෙබරවාරි 22–28. මතෙව් 6-7,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

යේසුස්වහන්සේ මුහුදු වෙරළේ උගන්වමින්

ජේම්ස් ටිසොට් විසින්, යේසුස්වහන්සේ මිනිසුන්ට මුහුදු වෙරළේ සිට උගන්වමින්

පෙබරවාරි 22–28

මතෙව් 6–7

“අධිකාරීත්වය ඇති අයෙකු ලෙස උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වීය”

මනසේ ප්‍රශ්ණයක් තබාගෙන හා ස්වර්ගික පියාණන් අප දැනගන්නවාට කැමති දේ තේරුම්ගැනීමට අවංක ආශාවකින් අප ශුද්ධලියවිල්ලි කියවන විට, අපව පොළඹවන ලෙස ශුද්ධාත්මයාණන්ට අපි ආරාධනා කරමු. ඔබ මතෙව් 6–7 කියවන විට, මෙම හැඟීම් කෙරෙහි අවධානය යොමුකරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

කන්ද උඩ දේශනාව ක්‍රිස්තියානි දහමේ ප්‍රසිද්ධ කතිකාවකි. ගැළවුම්කරුවාණන් කඳු මුදුනක පිහිටුවා ඇති නගරයක්, කෙතේ ලිලී මල් සහ බැටළුවන් මෙන් වෙස්වළාගත් වෘකයන් වැනි පොහොසත් රූපවලින් ඉගැන්වීය. නමුත් කන්ද උඩ දේශනාව ලස්සන කතාවකට වඩා වැඩි දෙයකි. විශේෂයෙන් අප ඒ අනුව ජීවත්වන විට, උන්වහන්සේගේ අනුගාමිකයින්ට ඉගැන්වීමේ ගැලවුම්කරුවාණන්ගේ බලයට අපගේ ජීවිත වෙනස්කළ හැකිය. එවිට උන්වහන්සේගේ වචන වචන වලට වඩා වැඩි දෙයක් විය; ඒවා ඥානවන්ත මිනිසාගේ නිවස මෙන් ලෝකයේ සුළං හා ගංවතුරට ඔරොත්තු දියහැකි ජීවිතයට ස්ථිර පදනමක් බවට පත්විය (මතෙව් 7:24–25 බලන්න).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 6–7

ස්වර්ගීය දේ කෙරෙහි මම මාගේ සිත යොමුකළ යුතුය.

ලෝකයේ දේවල් වලට වඩා දෙවියන්වහන්සේගේ දේවලට ප්‍රමුඛතාවය දීම සැමවිටම පහසු නැත. ස්වර්ගීය දේවල් කෙරෙහි අවධානය යොමුකිරීමට ඔබට උපකාර වන මතෙව් 6–7 හි ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් මොනවාද? ඔබ උන්වහන්සේගේ වචන අධ්‍යයනය කරන විට ඔබට ඇතිවන සිතුවිලි හෝ හැඟීම් මොනවාද? ඔබ කුමක් කිරීමට පෙලඹී ඇත්ද? ඔබේ හැඟීම් සටහන් කිරීම සලකා බලන්න. උදාහරණයක් ලෙස:

මතෙව් 6:1–4

අන් අය සිතනවාට වඩා දෙවියන්වහන්සේ මා ගැන සිතන දේ ගැන මා සැලකිලිමත් විය යුතුය.

මතෙව් 6–7

නිහතමානී, අවංක යාච්ඤාවක් තුළින් මට දෙවියන්වහන්සේට ළංවිය හැකිය.

කන්ද උඩ දේශනාවේ බොහෝ තේමාවන් අඩංගු වන අතර, ඔබ දකින තේමාවන් ඔබගේ ජීවිතයේ වර්තමාන තත්වයන් සහ ස්වාමින්වහන්සේ ඔබට සන්නිවේදනය කිරීමට කැමති දේ මත රඳාපවතී.

මතෙව් 6–7 හි එක් තේමාවක් වන්නේ යාච්ඤාවයි. ඔබේ යාච්ඤා ඇගයීමට මොහොතක් ගතකරන්න. යාච්ඤාව තුළින් දෙවියන්වහන්සේ වෙතට ළංවීමට ඔබ දරන උත්සාහයේ ඔබ කොතැන සිටිනවා ‍යැයි ඔබට හැඟෙන්නේ කෙසේද? ඔබ යාච්ඤා කරන ආකාරය වැඩිදියුණු කිරීමට ඔබව පොළඹවන මතෙව් 6–7 හි ඇති ඉගැන්වීම් මොනවාද? ආත්මයාණන් කරණකොටගෙන ඔබට ලැබෙන හැඟීම් සටහන් කරන්න. උදාහරණයක් ලෙස:

මතෙව් 6:9

මම යාච්ඤා කරන විට, මම ස්වර්ගික පියාණන්ගේ නාමයට ගෞරවයෙන් සැලකිය යුතුය.

මතෙව් 6:10

මම යාච්ඤා කරන විට, ස්වාමින්වහන්සේගේ කැමැත්ත ඉටුකිරීමට මාගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතුය.

මේ වතාවේ ඔබට විශේෂයෙන් අදාළවන තවත් පුනරාවර්තන තේමාවක් හෝ පණිවිඩයක් සොයමින්, කන්ද උඩ දේශනාව නැවත වරක් කියවීම ගැන ඔබට සලකාබැලිය හැකිය. ඔබේ සිතුවිලි සහ හැඟීම් සමග අධ්‍යයන සඟරාවක ඔබ සොයාගත් දේ සටහන් කරන්න.

පවුලක් යාච්ඤා කරමින්

යාච්ඤාව තුළින් අපට දෙවියන්වහන්සේට ළංවිය හැකිය.

මතෙව් 6:7

යාච්ඤාවකදී “නිෂ්ඵල පුනරාවර්තන” භාවිතා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

බොහෝවිට “නිෂ්ඵල පුනරාවර්තන” යන්නෙන් අදහස් වන්නේ එකම වචන නැවත නැවතත් පුනරුච්චාරණය කිරීම බව මිනිසුන් තේරුම්ගනී. කෙසේවෙතත්, නිෂ්ඵල යන වචනය විස්තර කරන්නේ කිසිදු වටිනාකමක් නැති දෙයක් යන්නයි. යාච්ඤාවේදී “නිෂ්ඵල පුනරාවර්තන” භාවිතා කිරීම යන්නෙන් අදහස් කරන්නේ අවංක, හෘදයාංගම හැඟීමකින් තොරව යාච්ඤා කිරීමයි (ඇල්මා 31: 12–23 බලන්න).

මතෙව් 6:9–13

අපි ස්වාමින්වහන්සේගේ යාච්ඤාව කියන්නේ නැත්තේ ඇයි?

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වීය: “ස්වාමින්වහන්සේ සිය යාච්ඤාවට මුලින්ම අවතීර්ණ වූයේ ‘නිෂ්ඵල පුනරාවර්තනයන්’ වළක්වා ගැනීමට තම අනුගාමිකයින්ට කියමින් [මතෙව් 6:7] සහ ‘මේ ආකාරයට’ යාච්ඤා කරන්න කියමිනි [මතෙව් 6:9]. මේ අනුව, ස්වාමින්වහන්සේගේ යාච්ඤාව අනුගමනය කළ යුතු රටාවක් ලෙස මිස නැවත නැවත කටපාඩම් කර කීමට අවශ්‍ය කොටසක් නොවේ. ස්වාමියාට අවශ්‍ය වන්නේ අප නපුරට එරෙහිවී ධර්මිෂ්ටව ජීවත්වීමට නිරන්තරයෙන් උත්සාහ කරන විට දෙවියන්වහන්සේගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීමයි” (“Lessons from the Lord’s Prayers,” Ensign or Liahona, May 2009, 46–47).

මතෙව් 7:1–5

මම ධර්මිෂ්ටව විනිශ්චය කළ යුතුය.

මතෙව් 7:1 හි ගැලවුම්කරුවාණන් අප විනිශ්චය නොකළ යුතු යැයි පවසන බවක් පෙනෙන්නට තිබුණත්, වෙනත් ශුද්ධලියවිලි පදවල (මෙම පරිච්ඡේදයේ වෙනත් පද ඇතුළුව), විනිශ්චය කරන්නේ කෙසේද යන්න පිළිබඳව උන්වහන්සේ අපට උපදෙස් දෙයි. එය ප්‍රහේලිකාවක් ලෙස පෙනේ නම්, ජෝසෆ් ස්මිත් මෙම පදය පරිවර්තනය කිරීම ප්‍රයෝජනවත් විය හැකිය: “ඔබව විනිශ්චය නොකිරීමට නම් අධර්මිෂ්ට ලෙස විනිශ්චය නොකරන්න; නමුත් ධර්මිෂ්ටව විනිශ්චය විනිශ්චය කරන්න” (මතෙව් 7:1 හි, පාදසටහන ). මතෙව් 7:1–5 දක්වා සහ පරිච්ඡේදයේ ඉතිරි කොටසේ “ධර්මිෂ්ට විනිශ්චය විනිශ්චය කරන්නේ” කෙසේදැයි දැනගැනීමට ඔබට උපකාරවත් වන කුමක් ඔබ සොයාගන්නේද?

තවත් බලන්න “Judging Others,” True to the Faith, 90–91; Lynn G. Robbins, “The Righteous Judge,” Ensign or Liahona, Nov. 2016, 96–98.

මතෙව් 7:21–23

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනහඳුනාගන්නේ උන්වහන්සේගේ කැමැත්ත කිරීමෙන්.

මතෙව් 7:23 හි “මම ඔබව දැන නොසිටියෙමි” යන වාක්‍ය ඛණ්ඩය ජෝසෆ් ස්මිත් පරිවර්තනයේ “ඔබ මාව කවදාවත් දැනසිටියේ නැත” ලෙස වෙනස්කර ඇත (මතෙව් 7:23, පාද සටහන ). ස්වාමින්වහන්සේ තම කැමැත්ත කිරීම පිළිබඳව 21–22 පදවල ඉගැන්වූ දේ වඩාත් හොඳින් තේරුම්ගැනීමට මෙම වෙනස ඔබට උපකාර කරන්නේ කෙසේද? ඔබ කෙතරම් දුරට ස්වාමින්වහන්සේව හඳුනන බව ඔබට දැනෙන්නේද? උන්වහන්සේව වඩා හොඳින් දැනහඳුනාගැනීමට ඔබට කුමක් කළ හැකිද?

තවත් බලන්න David A. Bednar, “If Ye Had Known Me,” Ensign or Liahona, Nov. 2016, 102–5.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග කන්ද උඩ දේශනාව අධ්‍යනය කරන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

මතෙව් 6–7

පවුලක් ලෙස මතෙව් 6–7 දක්වා ඉගෙනගත හැකි එක් ක්‍රමයක් නම් “Sermon on the Mount: The Lord’s Prayer” සහ “Sermon on the Mount: Treasures in Heaven” (ChurchofJesusChrist.org) යන වීඩියෝ නැරඹීමයි. පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගේ ශුද්ධලියවිලි අනුගමනය කර සාකච්ඡා කිරීමට අවශ්‍ය යමක් ඇසෙන සෑමවිටම වීඩියෝව මදකට නැවැත්විය හැකිය. අවශ්‍ය නම් මෙම ක්‍රියාකාරකම දින කිහිපයක් පුරා පැවත්විය හැකිය.

මතෙව් 6:5–13

ගැලවුම්කරුවාණන් යාච්ඤා කළ ආකාරයෙන් අපට යාච්ඤාව ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද? අපගේ පෞද්ගලික හා පවුලේ යාච්ඤාවන් වැඩිදියුණු කිරීම සඳහා උන්වහන්සේගේ යාච්ඤාව ආදර්ශයක් ලෙස භාවිතා කරන්නේ කෙසේද? (ලූක් 11:1–13 ද බලන්න.) ඔබට කුඩා දරුවන් සිටීනම්, ඔබට එකට යාච්ඤා කිරීමට පුරුදුවිය හැකිය.

මතෙව් 6:33

“පළමුව දෙවියන්වහන්සේගේ රාජ්‍යය සෙවීම” යන්නෙහි තේරුම කුමක්ද? අපි පවුලක් ලෙස මෙය කරන්නේ කෙසේද?

මතෙව් 7:1–5

අන්‍යයන් විනිශ්චය කිරීම පිළිබඳව ගැළවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් සාකච්ඡා කරන විට ඔබට කුඩා ලී කැබැල්ලක් හා විශාල ලී කැබැල්ලක් මගින් රොඩ්ඩක් සහ කැබැල්ලක් නිරූපණය කළ හැකිය. මෙම සාකච්ඡාවේ කොටසක් ලෙස True to the Faith හි, 90–91 දක්වා “Judging Others” යන ලිපිය කියවීම සලකා බලන්න.

මතෙව් 7:24–27

ගැලවුම්කරුවාණන්ගේ ඥාණවන්ත මිනිසාගේ හා මෝඩ මිනිසාගේ උපමාව වඩා හොඳින් තේරුම්ගැනීමට ඔබේ පවුලට උදව් කිරීම සඳහා, ඔබට ඔවුන්ට වැලි සහ පසුව පර්වතයක් මත ජලය වත්කිරීමට ඉඩදිය හැකිය. අපි පර්වතයක් මත අපගේ අධ්‍යාත්මික පදනම් ගොඩනගන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

අදහස් බෙදාගන්න. ඔබේ පුද්ගලික අධ්‍යයනයෙන් ඔබ ඉගෙනගත් මූලධර්ම සාකච්ඡා කිරීම අන් අයට ඉගැන්වීමට හොඳ ක්‍රමයක් පමණක් නොව, ඔබේම අවබෝධය ශක්තිමත් කිරීමටද එය උපකාරී වේ. මෙම සතියේ කියවීමෙන් ඔබ ඉගෙනගත් මූලධර්මයක් පවුලේ සාමාජිකයෙකු සමග හෝ සභාවේ පන්තිවල බෙදාගැනීමට උත්සාහ කරන්න.

යේසුස්වහන්සේ යාච්ඤා කරමින්

ඩෙල් පාර්සන් විසින්, මම ඔබ වෙනුවෙන් යාච්ඤාකර ඇත්තෙමි