“පෙබරවාරි 8–14. යොහාන් 2–4; ‘නුඹලා අලුතින් උපදින්නට ඕනෑය’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“පෙබරවාරි 8–14. යොහාන් 2–4,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
පෙබරවාරි 8–14
යොහාන් 2–4
“නුඹලා අලුතින් උපදින්නට ඕනෑය”
ඔබ යොහාන් 2–4 කියවන විට, ආත්මයාණන්වහන්සේ ඔබේ හැරීම පිළිබඳව දේවල් ඔබට උගන්වනු ඇත. උන්වහන්සේගේ පෙළඹවීම් සටහන් කරගන්න. මෙම ආකෘතියේ අධ්‍යයන අදහස් වලින් ඔබට අමතර අධ්‍යාත්මික අවබෝධයක් සොයාගත හැකිය.
ඔබේ හැඟීම් සටහන් කරන්න
කානාහි විවාහ මංගල්‍යයකදී, ක්‍රිස්තුස්වහන්සේ වතුර වයින් බවට පත් කළේය—මෙය යොහාන් “ප්‍රාතිහාර්යයන්ගේ ආරම්භය” ලෙස හැඳින්වීය (යොහාන් 2:11). එක අර්ථයකට වඩා එය සත්‍යයකි: යේසුස්වහන්සේ ප්‍රසිද්ධියේ කළ පළමු හාස්කම එය වන අතර, එය තවත් ආශ්චර්‍යමත් ආරම්භයක් සංඛේතවත් කළ හැකිය—එනම්, අප වැඩි වැඩියෙන් ගැළවුම්කරුවාණන් මෙන් වනවිට අපගෙ හදවත් වල සිදුවන පරිවර්තනය වීමේ ක්‍රියාවලියයි. ජීවිතකාලය තුල මෙම හාස්කම ආරම්භවන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමටත්, උන්වහන්සේ තුලින් වෙනස්වී වඩාත් හොඳ ජීවිතයක් ගතකිරීමටත් ගන්නා තීරණයත් සමගයි. අවසානයේදී මෙම වෙනස කොපමන සම්පූර්ණ වියහැකිද යත් “නැවත ඉපදීම” එය හැඳින්වීමට ඇති හොඳම ක්‍රමයකි (යොහාන් 3:7). නමුත් නැවත ඉපදීම ගෝලයකු වීමේ මාවතේ ආරම්භය පමණි. ළිඳ අසල සමාරිතානු කාන්තාවට ක්‍රිස්තුස්වහන්සේ පැවසූ වචන අප මෙම මාවතේ දිගටම ගමන් කරන්නේ නම්, අවසානයේදී, සුභාරංචිය අප තුල, “සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක්” වන බව අපට මතක්කරදෙයි (යොහාන් 4:14).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
යොහාන් 2:1–11
ක්‍රිස්තුස්වහන්සේගේ බලයට මා වෙනස්කල හැකිය.
ඔබ යොහාන් 2:1–11 හි ගැලවුම්කරුවාණන් වතුර වයින් බවට හැරවීම පිළිබඳව කියවන විට, ඔබව වෙනස්කිරීමට ක්‍රිස්තුස්වහන්සේගේ බලය පිළිබඳව ඔබ ලබාගන්නා අවබෝධය කුමක්ද?
මරියා, ගෝලයන් සහ අනෙකුත් අය වැනි එහි සිටි විවිධ මිනිසුන්ගේ දෘශ්ඨිකෝණයෙන් සලකාබලන විට ඔබට අමතර අවබෝධයක් ලබාගත හැකිය. මෙම මිනිසුන් එම හාස්කම අත්දැක ඇත්තේ කෙසේද? මෙම පදවල හාස්කම් පිළිබඳව ඔබ ඉගෙනගත් දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිකදේමුස්ට (යොහාන් 3:1–8 බලන්න) සහ ළිඳ ලඟ සිටි ස්ත්‍රීයට (යොහාන් 4:3–26 බලන්න) ඉගැන්වූ දේ සමග සැසඳිය හැකිය.
යොහාන් 3:1–21
දෙවියන්වහන්සේගේ රාජධානියට ඇතුලුවීමට මම නැවත ඉපදිය යුතුවේ.
නිකදේමුස් පෞද්ගලිකව යේසුස්වහන්සේ වෙතට පැමිණි විට, ඔහු සුපරික්ෂාකාරී නිරීක්ෂකයෙක් විය. කෙසේවෙතත්, පසුව, ඔහු ප්‍රසිද්ධියේම යේසුස්වහන්සේව ආරක්ශා කෙරූ (යොහාන් 7:45–52 බලන්න) අතර ගැළවුම්කරුවාණන්ගේ භූමදානයේදී ඇදහිලිවන්තයන් සමග එක්වූවේය (යොහාන් 19:38–40 බලන්න). යොහාන් 3:1–21 නිකදේමුස්ට යේසුස්වහන්සේව අනුගමනය කර නැවත ඉපදීමට පෙළඹවීමක් ඇතිකල ඔබට සොයාගත හැකි ඉගැන්වීම් මොනවාද?
“නැවත ඉපදීම, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් විසින් වත්පිළිවෙත් තුලින් පමිණෙන බව”, දිවසිවර ජෝසෆ් ස්මිත් ඉගැන්වීය (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 95). ඔබේ බෞතිස්මය (“වතුරෙන් උපත” ලැබීම [යොහාන් 3:5]) සහ ස්ථීරකිරීම (ආත්මයෙන් උපත” ලැබීම [යොහාන් 3:5]) නැවත ඉපදීම සඳහා ඉටුකල කාර්‍යභාරය කුමක්ද? මෙම වෙනස්වීමේ ක්‍රියාවලිය දිගින්දිගටම පවත්වාගැනීම සඳහා ඔබ කුමක් කරන්නේද? (ඇල්මා 5:11–14 බලන්න).
තවත් බලන්න මොසායා 5:7; 27:25–26; “Salvation,” Gospel Topics, topics.ChurchofJesusChrist.org; David A. Bednar, “Ye Must Be Born Again,” Ensign or Liahona, May 2007, 19–22.
යොහාන් 3:16–17
ස්වර්ගික පියාණන්වහන්සේ මා හට ඇති උන්වහන්සේගේ ආදරය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලින් පෙන්වයි.
වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් ඉගැන්වූ ලෙස, මුළු සදාකාලයටම “පළමු ශ්‍රේෂ්ටතම සත්‍යය නම් දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ මුළු හදවතින්ම, බලයෙන්ම, මනසින්ම, සහ ශක්තියෙන්ම ආදරය කරන බවයි” (“Tomorrow the Lord Will Do Wonders among You,” Ensign or Liahona, May 2016, 127). දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ත්‍යාගය තුලින් ඔබට උන්වහන්සේගේ ආදරය හැඟුනේ කෙසේද?
සක්‍රමේන්තුව දෙවියන්වහන්සේගේ ආදරය සහ උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ත්‍යාගය මත මෙනෙහි කිරීමට කාලය සපයයි. මෙම ආදරය හැඟීමට ඔබට උපකාරවන ගීතිකා මොනවාද ? ටැබර්නකල් සංගීත කණ්ඩායම දේවමාළිගා චතුරශ්‍රයේදී “I Stand All Amazed” ගායනාකරන වීඩියෝව නැරඹීම සලකා බලන්න (ChurchofJesusChrist.org). සක්‍රමේන්තුව තවත් අර්ථවත් කිරීමට ඔබට කළ හැක්කේ කුමක්ද?
යොහාන් 4:24
දෙවියන්වහන්සේ ආත්මයක්ද?
දෙවියන්වහන්සේ ආත්මයක් යන යේසුස්වහන්සේගේ ප්‍රකාශයෙන් සමහරුන් ව්‍යාකූල විය හැකිය. මෙම පදයේ ජෝසෆ් ස්මිත් පරිවර්තනය වැදගත් පැහැදිළි කිරීමක් සපයයි: “එවැනි අයට දෙවියන්වහන්සේ තම ආත්මය පොරොන්දු වී ඇත” (යොහාන් 4:24 හි, පාදසටහන a). නූතන එලිදරව් කිරීම්ද මස් හා ඇට වලින් යුත් ශරීරයක් දෙවියන්වහන්සේට ඇති බව උගන්වයි (බලන්න දහම සහ ගිවිසුම 130:22–23; උත්පත්ති 5:1–3; හේබ්‍රව් 1:1–3 ද බලන්න).
යොහාන් 4:7–26
ක්‍රිස්තුස්වහන්සේ මට උන්වහන්සේගේ ජීවන ජලය පිරිනමන සේක.
උන්වහන්සේ පිරිනමන ජලය බොන කෙනෙකුට කිසිදවසක පිපාසය ඇතිනොවන බව සමාරිතානු කාන්තාවට පැවසීමෙන් යේසුස්වහන්සේ කුමක් අදහස් කරන්නට ඇත්ද? ශුභාරංචිය ජීවන ජලය මෙන් වන්නේ කෙසේද?
ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපගේ ආත්මය පෝෂණය කරනු ලබන ජීවන ජලයයි.
සමාරිතානු කාන්තාවට ගැළවුම්කරුවාණන්ගෙන් ලැබුණු එක් පණිවිඩයක් වූයේ අප නමස්කාර කරන ආකාරය අප නමස්කාර කරන ස්ථානයට වඩා වැදගත්ය යන්නයි (යොහාන් 4:21–24 බලන්න) “අත්මයෙන්ද සැබෑකමින්ද දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට” ඔබ කරන්නේ කුමක්ද? (යොහාන් 4:23).
තවත් බලන්න Guide to the Scriptures, scriptures.ChurchofJesusChrist.org, “Worship”; Dean M. Davies, “The Blessings of Worship,” Ensign or Liahona, Nov. 2016, 93–95.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
යොහාන් 2–4
මෙම සතිය තුල ඔබේ පවුල මෙම පරිච්ඡේද කියවන විට, ආත්මික සත්‍යයන් ඉගැන්වීම සඳහා ගැළවුම්කරුවාණන්—උපත, සුළඟ, ජලය, සහ ආහාර—වැනි එදිනෙදා දේවල් භාවිතා කර ඇත්තේ කෙසේද කියා විශේෂ අවධානයක් යොමුකරන්න. ආත්මික සත්‍යයන් ඉගැන්වීම සඳහා ඔබේ නිවසේ ඇති ඔබට භාවිතා කළහැකි අයිතම මොනවාද?
යොහාන් 2:13–17
ඔබේ නිවස භාහිරව සහ ආත්මිකව අපිරිසිඳු කළහැකි දේවල් ඔබ මගහැරිය විට, එය දේවමාළිගාව මෙන්—පූජනීය ස්ථානයක් විය හැකියි. ඔබේ නිවස පූජනීය ස්ථානයක් කරගැනීමට ඔබේ පවුල විසින් එයින් බැහැර කළයුතු දේවල් මොනවාද? එම දේවල් බැහැර කිරීමට ඔබට කල හැක්කේ කුමක්ද?
යොහාන් 3:1–6
ගර්භණීභාවය සහ උපත—ජීවමාන, චලනය වන, බුද්ධිමත් ජීවියෙකු නිර්මාණය කිරීමේ ආශ්චර්ය පිළිබඳව සිතීමට ඔබේ පවුලේ සාමාජිකයන්ගෙන් අසන්න. දෙවියන්වහන්සේගේ රාජධානියට ඇතුළුවීමට ප්‍රථමයෙන් අප නැවත උපත ලැබියයුතු බව ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වීය. දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීමට පෙර අප විසින් කළයුතු වෙනස සඳහා නැවත ඉපදීම හොඳ රූපකයක් වන්නේ කෙසේද? ආත්මික නැවත ඉපදීමේ ක්‍රියාවලිය අප අත්විඳ ඇත්තේ කෙසේද?
යොහාන් 3:16
මෙම පදය මිතුරෙකුට පැහැදිලි කිරීමක් මෙන් ඔවුන්ගේම වචන වලින් නැවත සඳහන් කිරීමට පවුලේ සාමාජිකයිට ආරාධනා කරන්න. අපගේ ජීවිත තුල දෙවියන්වහන්සේගේ ආදරය අත්විඳීමට ක්‍රිස්තුස්වහන්සේ උපකාර වී ඇත්තේ කෙසේද?
යොහාන් 4:5–15
ගැළවුම්කරුවාණන් උන්වහන්සේගේ ශුභාරංචිය ජීවන ජලය සමග සංසන්දනය කරීමෙන් අපට ඉගැන්වූයේ කුමක්ද? වතුර වීදුරුවක් ඔසවා එහි ඇති ජලයේ ගුණාංග පැහැදිලි කිරීමට ඔබේ පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලාසිටීමට සලකා බලන්න. සෑමදිනකම ජලය බීමට අවශ්‍ය වන්නේ ඇයි? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ශුභාරංචිය “සදාකාල ජීවනය දෙන්නාවූ ජලය උල්පතකට” සමානකර ඇත්තේ ඇයි? (යොහාන් 4:14).
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
සංඛේත සොයන්න. ආත්මික සත්‍යයන් නිරූපනය කිරීමට ශුද්ධලියවිලි බොහෝවිට වස්තූන්, සිදුවීම්, ක්‍රියාවන්, හෝ ඉගැන්වීම් භාවිතා කරයි. මෙම සංඛේතයන්ට උගන්වනු ලබන දහම පිළිබඳව ඔබගේ අවබෝධය පොහොසත් කළහැකිය. නිදසුනක් වශයෙන්, ගැලවුම්කරුවාණන් හැරීම නැවත ඉපදීමකට සමාන කළේය.