පුස්තකාලය
පෙබරවාරි 15–21. මතෙව් 5; ලූක් 6: ‘නුඹ ආශිර්වාදිතය’


“පෙබරවාරි 15–21. මතෙව් 5; ලූක් 6: ‘නුඹ ආශිර්වාදිතය’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“පෙබරවාරි 15–21. මතෙව් 5; ලූක් 6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021

කන්ද උඩ දේශනාව

ජොර්ජ් කොකෝ විසින්, කන්ද උඩ දේශනාව

පෙබරවාරි 15–21

මතෙව් 5; ලූක් 6

“නුඹ ආශිර්වාදිතය”

මතෙව් 5 සහ ලූක් 6 කියවන විට ඔබට ලැබෙන හැඟීම් කෙරෙහි අවධානය යොමුකර ඒවා අධ්‍යයන සඟරාවක සටහන් කරන්න. මෙම පරිච්ඡේදවල වඩාත්ම වැදගත් හා අදාළ වන මූලධර්ම හඳුනාගැනීමට මෙම දළ සටහන ඔබට උදව්වනු ඇත.

ඔබේ හැඟීම් සටහන් කරන්න

උන්වහන්සේගේ දේවසේවයේ මේ අවස්ථාව වන විට, යේසුස්වහන්සේගේ ඉගැන්වීම් උන්වහන්සේගේ කාලයේ සිටි මිනිසුන් ඇහුම්කන්දුන් ඒවාට වඩා වෙනස් බව පැහැදිලි විය. දුප්පතුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යය ලැබේ? නිහතමානී අයට පොළොව උරුම වේවි? පීඩා ලබන අය භාග්‍යවන්තයෝය? ලියන්නන් සහ පරිසිවරුන් එවැනි දේවල් ඉගැන්වූයේ නැත. එහෙත් දෙවියන්වහන්සේගේ නීතිය සැබවින්ම වටහා ගත් අයට, මෙම මූලධර්ම නිවැරදි යැයි හැඟුණි. “ඇසට ඇසක්” සහ “ඔබේ සතුරාට වෛර කිරීම” අඩු නීති විය (මතෙව් 5:38, 43), උසස් නීතියට අනුව ජීවත්වීමට අකමැති ජනතාවට ඒවා ලබාදී තිබිණි. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ අඩු නීතිය සම්පූර්ණ කර උසස් නීතියක් ඉගැන්වීමටය (3 නෙපි 15:2–10 බලන්න) “ස්වර්ගයේ සිටින [අපගේ] පියාණන් පරිපූර්ණව සිටින ලෙස, පරිපූර්ණ වීමට ”අපට උපකාර කිරීම සඳහා එය නිර්මාණය කර ඇත (මතෙව් 5:48).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 5:1–12; ලූක් 6:20–26

සදාකාලික සන්තෝෂය ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වූ ආකාරයට ජීවත්වීමෙනි.

සෑමකෙනෙකුම සතුටින් සිටීමට කැමති නමුත්, සෑමකෙනෙකුම එකම ස්ථානවල සතුට සොයන්නේ නැත. සමහරු ලෞකික බලය හා තත්වය තුළත්, තවත් අය ධනයෙන් හෝ ශාරීරික රුචිය තෘප්තිමත් කිරීමටත් සොයති. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ සදාකාලික සන්තෝෂයට මාර්ගය ඉගැන්වීමටත්, සැබවින්ම ආශිර්වාද ලැබීමට අදහස් කරන දේ ඉගැන්වීමටත්ය. මතෙව් 5:1–12 සහ ලූක් 6:20–26 කියවීමෙන් සදාකාලික සන්තෝෂය ලබාගැනීම ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? සතුට පිළිබඳ ලෝකයේ දෘෂ්ටියට වඩා මෙය වෙනස් වන්නේ කෙසේද?

ඔබ එම එක් එක් පදය කියවන විට ඔබේ මතකයට එන ප්‍රශ්න හෝ හැඟීම් මොනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම ගැන මෙම පද වලින් ඔබට උගන්වන්නේ මොනවාද? මෙම පදවල විස්තර කර ඇති ගුණාංග වර්ධනය කිරීම සඳහා ඔබ තුළ ඇති පෙළඹීම කුමක්ද?

තවත් බලන්න යොහාන් 13:17; 3 නෙපි 12:3–12; “Sermon on the Mount: The Beatitudes” (video, ChurchofJesusChrist.org).

මතෙව් 5:13

ගැළවුම්කරුවාණන් තම අනුගාමිකයන්ව ලුණු සමග සන්සන්දනය කළේ ඇයි?

ලුණු කල්තබා ගැනීමට, රසකිරීමට හා පවිත්‍ර කිරීමට භාවිතා කර ඇත. ලුණු සඳහා ඊශ්‍රායෙල්වරුන්ට ආගමික අර්ථයක්ද තිබුණි. එය මෝසෙස්ගේ නීතිය යටතේ පුරාණ සත්ව පූජා කිරීම හා සම්බන්ධ විය (ලෙවී කථාව 2:13; ගණන් කථාව 18:19 බලන්න). ලුණු රසයෙන් අඩුවූ විට එය අකාර්යක්ෂම වේ, නැතහොත් “කිසිදෙයකට යහපතක් නොවේ” (මතෙව් 5:13). මෙය සිදුවන්නේ එය මිශ්‍ර වූ විට හෝ වෙනත් මූලද්‍රව්‍ය නිසා දූෂිත වූ විටය. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්, අප ලෝකයෙන් අධ්‍යාත්මික දූෂණයෙන් වැළකී අපගේ “රස” තබාගනිමු. නිදසුනක් වශයෙන්, ශුභාරංචිය බෙදාගැනීම සහ ලෝකයේ යහපතට බලපෑමක් කිරීම තුළින්—පොළොවේ ලුණු මෙන් අපගේ සංරක්ෂණය හා පවිත්‍ර කිරීමේ කාර්යය ඉටුකිරීමට මෙය අපට ඉඩ සලසයි (දහම සහ ගිවිසුම 103: 9–10 බලන්න).

ලුණු

“නුඹලා පොළොවේ ලුණුය” (මතෙව් 5:13).

මතෙව් 5:17–48; ලූක් 6:27–35

ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව මෝසෙස්ගේ නීතිය අභිබවා යයි.

මෝසෙස්ගේ ව්‍යවස්ථාව කෙතරම් හොඳින් පිළිපදින්නේද යන්න ගැන ආඩම්බර වූ, ලියන්නන්ගේ හා පරිසිවරුන්ගේ ධර්මිෂ්ටකම ඉක්මවා යායුතු බව යේසුස්වහන්සේ පැවසූ විට (මතෙව් 5:20 බලන්න) ගෝලයන් පුදුමයට පත්වන්නට ඇත. නමුත් යේසුස්වහන්සේ උසස් නීතියක් ඉගැන්වූයේ, අපගේ ක්‍රියාවන් උසස් කරන්නට පමණක් නොව, ඒවාට අනුබල දෙන සිතුවිලි සහ හැඟීම්ද උසස් කරන්නටය. මෙම උසස් නීතියට තවත් බොහෝදේ අවශ්‍ය විය: හදවත, ආත්මය සහ මනස (මතෙව් 22:37 බලන්න).

ඔබ මතෙව් 5:21–48 සහ ලූක් 6:27–35 කියවන විට, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ (“නුඹ එය අසා ඇත…”) අවශ්‍ය හැසිරීම් සහ ඒවා උසස් කිරීමට යේසුස්වහන්සේ ඉගැන්වූ දේ සලකුණු කිරීම ගැන සලකා බලන්න.

නිදසුනක් වශයෙන්, අපගේ සිතුවිලි සම්බන්ධයෙන් අපගේ වගකීම පිළිබඳව යේසුස්වහන්සේ මතෙව් 5:27–28 දක්වා ඉගැන්වූයේ මොනවාද? ඔබේ මනසට සහ හදවතට එන සිතුවිලි තව තවත් පාලනය කිරීමට ඔබට හැක්කේ කෙසේද? (දහම සහ ගිවිසුම 121:45 බලන්න).

තවත් බලන්න “Sermon on the Mount: The Higher Law” (video, ChurchofJesusChrist.org).

මතෙව් 5:48

ස්වර්ගික පියාණන්වහන්සේ ඇත්තටම මා පරිපූර්ණ වනු ඇතැයි අපේක්ෂා කරනවාද?

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වීය:

පරිපූර්ණ යන වචනය පරිවර්තනය කර ඇත්තේ ග්‍රීක භාෂාවෙන් ටෙලියෝස් යන වචනයෙන් වන අතර එහි අර්ථය ‘සම්පූර්ණයි’… එම ක්‍රියාපදයේ අසීමිත ස්වරූපය වන්නේ ටෙලියෝනෝය, එහි අර්ථය වන්නේ ‘ඈත කෙළවරකට ළඟාවීම, පූර්ණ ලෙස සංවර්ධනය කිරීම, ඉටුකිරීම හෝ අවසන් කිරීම’ යන්නයි. එම වචනයේ අර්ථය ‘වැරැද්දෙන් නිදහස් වීම’ නොවන බව කරුණාවෙන් සලකන්න; එයින් ගම්‍ය වන්නේ ‘දුරස්ථ අරමුණක් සාක්ෂාත් කරගැනීම’ යන්නයි. …

“… ස්වාමින්වහන්සේ ඉගැන්වූයේ, ‘නුඹට දැන් දෙවියන්වහන්සේගේ පැමිණ සිටීම දැරිය නොහැක…; එබැවින්, නුඹ සර්වසම්පූර්ණ වන තුරු ඉවසීමෙන් සිටින්න’ [දහම සහ ගිවිසුම 67:13].

“පරිපූර්ණත්වය සඳහා අපගේ දැඩි උත්සාහය දැන් එතරම් වෙහෙසකර හා නිමක් නැති බවක් පෙනෙන්නට තිබේ නම් අපි කලබල වියයුතු නැත. පරිපූර්ණත්වය අපේක්ෂිතය. එය සම්පූර්ණයෙන් පැමිණිය හැක්කේ නැවත නැගිටීමෙන් පසුව සහ ස්වාමින්වහන්සේ තුළින්ම පමණි. එය උන්වහන්සේට ප්‍රේම කරන සහ උන්වහන්සේගේ ආඥා පිළිපදින සියල්ලන් වෙනුවෙන්ම බලාසිටියි ” (“Perfection Pending,” Ensign, Nov. 1995, 86, 88).

තවත් බලන්න පිලිප්පි 3:13–15; 2 පේත්‍රැස් 1:3–11; එළිදරව් 3:21–22; 3 නෙපි 27:27; මොරෝනි 10:32–33; දහම සහ ගිවිසුම 76:69.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබේ පවුලේ අය එකට එක්ව ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

මතෙව් 5:1–9

මතෙව් 5:1–9 හි උගන්වා ඇති මූලධර්ම වලින් ඔබේ නිවසට වඩාත් ප්‍රීතිමත් ස්ථානයක් වීමට උදව් කරන ඒවා මොනවාද? ඉදිරි සති කිහිපය තුළ ඔබ කන්ද උඩ දේශනාව අධ්‍යයනය කරන විට ඔබට එකක් හෝ දෙකක් කෙරෙහි අවධානය යොමුකළ හැකිය. නිදසුනක් වශයෙන්, ඔබේ පවුලේ සාමාජිකයින්ට සාමය ඇති කරන්නන් වීමට උපකාර කළ හැකි ඉගැන්වීම් මොනවාද? (මතෙව් 5:21–25, 38–44 බලන්න). ඔබට තැබිය හැකි ඉලක්ක මොනවාද? ඔබ පසු විපරම් කරන්නේ කෙසේද?

මතෙව් 5:14–16

“ලෝකයේ ආලෝකය” යන්නෙහි තේරුම තේරුම්ගැනීමට ඔබේ පවුලට උපකාර කිරීම සඳහා, ඔබේ නිවසේ, ඔබේ අසල්වැසි ප්‍රදේශයේ සහ ලෝකයේ ආලෝක ප්‍රභවයන් කිහිපයක් ගවේෂණය කළ හැකිය. ඔබ ආලෝකයක් සැඟවූ විට කුමක් සිදුවේද යන්න පෙන්වීම ප්‍රයෝජනවත් විය හැකිය. “නුඹ ලෝකයේ ආලෝකය” කියා යේසුස්වහන්සේ පැවසූ විට උන්වහන්සේ අදහස් කළේ කුමක්ද? (මතෙව් 05:14). අපේ පවුලට ආලෝකයක් මෙන් වී ඇත්තේ කවුද? අප අන් අයට ආලෝකයක් වන්නේ කෙසේද? (දහම සහ ගිවිසුම 103:9–10 බලන්න).

මතෙව් 5:43–44

අපට අකාරුණික වූ අය වෙනුවෙන් යාච්ඤා කිරීම ස්වාමින්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේ ඇයි? අපගේ පවුල තුළ මෙම මූලධර්මය අනුව ජීවත්වන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

නිරීක්ෂකයෙකු වන්න. ඔබේ දරුවන්ගේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ කෙරෙහි ඔබ අවධානය යොමුකරන විට, ඔබට විශිෂ්ට ඉගැන්වීමේ අවස්ථා සොයාගත හැකිය. දවස පුරා ඔබේ දරුවන්ගේ අදහස් සහ ප්‍රශ්නද ඉගැන්වීමේ අවස්ථාවන්ට මගපෑදිය හැකිය. (බලන්න Teaching in the Savior’s Way, 16.)

ඉටිපන්දම

“නුඹලා ලෝකයේ ආලෝකයය” (මතෙව් 05:14).