පුස්තකාලය
මාර්තු 1–7. මතෙව් 8–9; මාර්ක් 2–5: ‘ඔබේ ඇදහිල්ල ඔබව සම්පූර්ණ කළේය’


“මාර්තු 1–7. මතෙව් 8–9; මාර්ක් 2–5: ‘ඔබේ ඇදහිල්ල ඔබව සම්පූර්ණ කළේය”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“මාර්තු 1–7. මතෙව් 8–9; මාර්ක් 2–5,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

යේසුස්වහන්සේ කොර මිනිසෙකුව සුවකරමින්

ජෝන් මැක්නොටන් විසින්, උන්වහන්සේගේ පියාපත් මත සුවකරමින්

මාර්තු 1–7

මතෙව් 8–9; මාර්ක් 2–5

“ඔබේ ඇදහිල්ල ඔබව සම්පූර්ණ කළේය”

ඔබ මතෙව් 8–9 සහ මාර්ක් 2–5 කියවන විට, ශුද්ධාත්මයාණන්ගෙන් ඔබට ලැබෙන හැඟීම් වලට ප්‍රතිචාර දක්වන්න. ඔබට ලැබෙන පෙළඹවීම් සහ එම පෙළඹවීම් මත ක්‍රියාකිරීමට ඔබට කළ හැකිදේ ලිවීම සලකා බලන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ගැළවුම්කරුවාණන් උණ රෝගයෙන් පෙළෙන ස්ත්‍රියකගේ සිට මියගිය බව ප්‍රකාශ කළ ගැහැණු ළමයෙකු දක්වා සියල්ලන් වැනි—රෝගී සහ පීඩාවට පත්වූවන් සුවකිරීම පිළිබඳ බොහෝ වාර්තා වලින් පුදුමයට පත්නොවී අලුත් ගිවිසුම කියවීම දුෂ්කරය. ශාරීරික සුවකිරීමේ මෙම ප්‍රාතිහාර්යයන් තුළ අපට තිබිය හැකි පණිවිඩ මොනවාද? නිසැකවම එක් පැහැදිලි පණිවිඩයක් නම්, අපගේ ශාරීරික වේදනා සහ අඩුපාඩු ඇතුළු සියලු දේ අභිබවා බලය ඇති යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවය. එහෙත් සැක සහිත ලියන්නන්ට ඔහු දුන් වචන වලින් තවත් අර්ථයක් තිබේ: “නුමුත් පොළොවේදී පව් කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව නුඹලා විසින් දැනගන්නා පිණිසය” (මාර්ක් 2:10). එබැවින් අන්ධ පුද්ගලයෙකු හෝ ලාදුරු රෝගියෙකු සුවය ලැබීම ගැන කියවන විට, ඔබට ගැලවුම්කරුවාණන්ගෙන් ලැබිය හැකි සුවය, එනම් ආත්මික හා ශාරීරික සුවය ගැන ඔබට සිතිය හැකිය සහ “ඔබේ ඇදහිල්ල ඔබව සම්පූර්ණ කර ඇත” ලෙස උන්වහන්සේ ඔබට කියනවා ඇසිය හැකිය (මාර්ක් 5:34).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 8–9; මාර්ක් 25

ගැලවුම්කරුවාණන්ට දුර්වලතා සහ රෝග සුවකළ හැකිය.

මෙම පරිච්ඡේද කිහිපයෙන් ගැලවුම්කරුවාණන් විසින් සිදුකරන ලද ආශ්චර්යමත් සුවකිරීම් පිළිබඳ බොහෝ අවස්ථා වාර්තා වේ. ඔබ මෙම සුවකිරීම් අධ්‍යයනය කරන විට, ඔබ සඳහා තිබිය හැකි පණිවිඩ සොයන්න. ඔබ ඔබෙන්ම මෙසේ අසාගත හැකිය: ඇදහිල්ල පිළිබඳව මෙම කතාවෙන් උගන්වන්නේ කුමක්ද? ගැලවුම්කරුවාණන් ගැන මෙම කතාවෙන් උගන්වන්නේ කුමක්ද? මේ ප්‍රාතිහාර්යයෙන් දෙවියන්වහන්සේ මා ඉගෙනගන්නවාට කැමති කුමක්ද?

  • කුෂ්ඨරෝගකාරයෙකු (මතෙව් 8:1–4)

  • ශතාධිපතියාගේ දාසයා (මතෙව් 8:5–13)

  • පේත්‍රැස්ගේ භාර්යාවගේ මව (මතෙව් 8:14–15)

  • අන්ධයෝ දෙදෙනා (මතෙව් 9:27–31)

  • අංශභාග රෝගියෙකු (මාර්ක් 2:1–12)

  • යක්ෂාවේශවූවෙකු (මාර්ක් 5:1–20)

  • යායිරස්ගේ දුව (මාර්ක් 5:22–23, 35–43)

  • ලේ ධාරාවේ රෝගයක් ඇති ස්ත්‍රියක් (මාර්ක් 5:24–34)

තවත් බලන්න Dallin H. Oaks, “Healing the Sick,” Ensign or Liahona, May 2010, 47–50.

යේසුස්වහන්සේ ලෙඩුන්ව සුවකරමින්

හෙන්රිච් හොෆ්මන්ට පසුව ජෝශප් බ්‍රිකී විසින්, යේසුස්වහන්සේ ලෙඩුන්ව සුවකරමින්

මතෙව් 8:5–13; මාර්ක් 5:24–34

මට නුසුදුසු යැයි හැඟුනත් මට දෙවියන්වහන්සේගේ උපකාර පැතිය හැකිය.

අන්‍යජාතිකයෙකු වූ ශතාධිපතියාට ගැලවුම්කරුවාණන් තම නිවසේ තබාගැනීමට නුසුදුසු යැයි හැඟුණි. රුධිරය පිළිබඳ ගැටලුවක් ඇති කාන්තාව අපවිත්‍ර යැයි සලකනු ලැබූ අතර යුදෙව් සමාජයෙන් නෙරපා හරින ලදි. නමුත් ගැළවුම්කරුවාණන් ඔවුන් දෙදෙනාටම ආශිර්වාද කළේය. ස්වාමින්වහන්සේගෙන් උපකාර පැතීම ගැන මෙම වාර්තා දෙකෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

මතෙව් 8:18–22; මාර්ක් 3:31–35

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ මම උන්වහන්සේට මගේ ජීවිතයේ මුල්තැන දුන් බවයි.

මෙම පද වලින් යේසුස්වහන්සේ ඉගැන්වූයේ උන්වහන්සේගේ ගෝලයන් වීමට උන්වහන්සේ අපගේ ජීවිතයේ මුල්තැන දියයුතු බවයි, සමහර අවස්ථා වලදී එයින් අදහස් කරන්නේ අප අගය කරන වෙනත් දේ ඒ වෙනුවෙන් පරිත්‍යාග කළයුතු බවයි. ඔබ මෙම ඡේද අධ්‍යයනය කරන විට, ඔබේම අන්ය්ගාමිකත්වය ගැන මෙනෙහි කරන්න. ගැලවුම්කරුවාණන්ට මුල්තැන දීමට ගෝලයන් කැමතිවිය යුත්තේ ඇයි? යේසුස්වහන්සේට මුල්තැන දීම සඳහා ඔබ අත්හැරිය යුත්තේ මොනවාද? (තවත් බලන්න ලූක් 9:57–62.)

මතෙව් 8:23–27; මාර්ක් 4:35–41

ජීවිතයේ කුණාටු මධ්‍යයේ සාමය ගෙන ඒමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බලය ඇත.

මුහුදේ ඇතිවූ කුණාටුවේදී ජල රැළි බෝට්ටුව පුරවාගෙන, “ස්වාමීනි, අපි විනාශ නොවන්නැයි ඔබ සිතන්නේද?” යනුවෙන් අසමින්—යේසුස්වහන්සේගේ ගෝලයන් හැසිරුණු ආකාරය ඔබට කවදා හෝ දැනී තිබේද?

මාර්ක් 4:35–41 හි, ඔබට ප්‍රශ්න හතරක් හමුවනු ඇත. ඒ සෑම එකක්ම ලැයිස්තුගත කර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවිතයේ අභියෝගයන්ට මුහුණදීම පිළිබඳව එය ඔබට උගන්වන දේ ගැන මෙනෙහි කරන්න. ඔබගේ ජීවිතයේ කුණාටු වලට ගැලවුම්කරුවාණන් සාමය ගෙනඑන්නේ කෙසේද?

මතෙව් 9:1–13; මාර්ක් 2:15–17

සැබෑ මූලධර්ම ඉගැන්වීමෙන් මට මගේ විශ්වාසයන් ආරක්ෂා කරගත හැකිය.

මිනිසුන් අපගේ ආගමික විශ්වාසයන් හා භාවිතයන් විවේචනය කරන විට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය දැනගැනීම සමහර අවස්ථා වලදී දුෂ්කරය. ඔබ මතෙව් 9:1–13 සහ මාර්ක් 2:15–17 කියවන විට, චූදිතයන්ගේ විවේචන සහ ගැලවුම්කරුවාණන්ගේ ප්‍රතිචාර ගැන සොයා බලන්න. විවේචන සහ ප්‍රතිචාර විවිධ වර්ණ වලින් සලකුණු කිරීම හෝ ඒවා ලිවීම සලකා බලන්න. ගැළවුම්කරුවාණන් ඉගැන්වූ ආකාරය ගැන ඔබ දකින්නේ කුමක්ද? ශුභාරංචි මූලධර්මයක් හෝ සභාවේ භාවිතයක් ආරක්ෂා කිරීමට ඔබට සිදුවුවහොත් උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීම ඔබට උපකාර කරන්නේ කෙසේද?

මෙමෙ වීඩියෝවද බලන්න “Everyday Example: When Beliefs Are Questioned” (ChurchofJesusChrist.org).

මතෙව් 9:1–8

පසුතැවීම නිසා, මට හොඳ ප්‍රීතියක් ලැබිය හැකිය.

අංශභාග රෝගියෙකුව ගැලවුම්කරුවාණන් වෙත ගෙන එනවිට, ඔහු ශාරීරිකව සුවය ලැබිය යුතු බව සමූහයාට පැහැදිලිවීම සාමාන්‍ය දෙයකි. නමුත් යේසුස්වහන්සේ මුලින්ම ආමන්ත්‍රණය කළේ මිනිසාගේ වැඩි අවශ්‍යතාවක් ගැනය—එනම් ඔහුගේ පව් වලට සමාව දීමයි. මිනිසා ශාරීරිකව සුවවී නොතිබුණත්, “සතුටු සිතින් සිටින්න” යන යේසුස්වහන්සේගේ උපදෙස් අනුගමනය කිරීමට ඔහුට හැකිය (මතෙව් 9:2). ඔබට සමාව ලැබී ඇති නිසා ඔබට ප්‍රීතිය දැනුනේ කවදාද? (ඇල්මා 36:18–24 ද බලන්න.)

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ගැලවුම්කරුවාණන්ගේ මෙහෙය පිළිබඳ කියවීම කරගෙන යනවිට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

මතෙව් 8–9; මාර්ක් 25

මෙම පරිච්ඡේදවල විස්තර කර ඇති ප්‍රාතිහාර්යයන්ගේ ලැයිස්තුවක් නිර්මාණය කිරීම සහ ඒවායින් සමහරක් ඒවාහි පින්තූර සොයාගැනීම සලකා බලන්න (බලන්න the Gospel Art Book or ChurchofJesusChrist.org). එක් ප්‍රාතිහාර්යයක් ගැන (ලබාගත හැකි නම් පින්තූරයක් භාවිතා කරමින්) ඒ ගැන ඔවුන් පවුලේ සාමාජිකයන්ට කියන ලෙස ඉල්ලාසිටිය හැකි අතර එයින් ඔවුන් ඉගෙනගන්නා දේ බෙදාගැනීමට අසන්න. නූතන සභා ඉතිහාසයේ ඔබ දැක ඇති හෝ කියවා ඇති ප්‍රාතිහාර්යයන් පිළිබඳ උදාහරණ කිහිපයක් ඔබට බෙදාගත හැකිය.

මතෙව් 9:10–13

ගැලවුම්කරුවාණන් අන් අයගෙන් වෙන්වූ මහජනතාවට සහ පව්කාරයන්ට සැලකූ ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? අපි අන් අය සමග කටයුතු කරනවිට අපි උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන්නේ කෙසේද?

මතෙව් 9:36–38

ශුභාරංචිය බෙදාගැනීමට උදව් කරන ලෙස තවත් සේවකයින් සඳහා ගැලවුම්කරුවාණන්ගේ ඉල්ලීම තේරුම්ගැනීමට ඔබේ පවුලට උදව් කරන්නේ කෙසේද? රාත්‍රී ආහාරයෙන් පසු මුළුතැන්ගෙය පිරිසිඳු කිරීම වැනි එක් පුද්ගලයෙකුට බොහෝ කාලයක් ගතවන කාර්යයකදී එකට වැඩ කිරීම තරම් සරල දෙයක් ඔබට කළ හැකිය. ශුභාරංචියේ පණිවිඩය බෙදාගැනීමට අපට කුමක් කළ හැකිද?

මතෙව් 4:35–41

පවුලේ සාමාජිකයින්ට බියක් දැනෙන විට මෙම කතාවට උපකාර කළ හැකිද? සමහරවිට ඔවුන්ට 39 වන පදය කියවා, කැළඹිලි හෝ බිය ඇති අවස්ථා වලදී ගැළවුම්කරුවාණන් ඔවුන්ට සාමය දැනීමට උපකාර කළ ආකාරයේ අත්දැකීම් බෙදාගත හැකිය.

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ලබාගත හැකි සහ ලඟාවිය හැකිවන්න. “හොඳම ඉගැන්වීම් අවස්ථා සමහරක් ආරම්භවන්නේ පවුලේ සාමාජිකයන්ගේ හදවතේ ප්‍රශ්න හා ගැටලු වශයෙනි. … ඔබ ඒවා ඇසීමට උනන්දුවක් දක්වන බව ඔබේ වචන හා ක්‍රියාවෙන් පවුලේ සාමාජිකයින්ට දන්වන්න” (බලන්න Teaching in the Savior’s Way, 16).

මිනිසෙකුව ඇඳක් මත වහලක් හරහා යේසුස්වහන්සේ වෙතට පහත් කරමින්

ජේ. කර්ක් රිචඩ්ස් විසින්, ක්‍රිස්තුස්වහන්සේ සහ අංශභාගී මිනිසා