පුස්තකාලය
මාර්තු 15–21. මතෙව් 13; ලූක් 8; 13: ‘කන් ඇත්තෝ, අසත්වා’


“මාර්තු 5–21. මතෙව් 13; ලූක් 8; 13: ‘කන් ඇත්තෝ, අසත්වා’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“මාර්තු 5–21. මතෙව් 13; ලූක් 8; 13,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

අස්වැන්න නෙලීමට සූදානම් තිරිඟු

මාර්තු 15–21

මතෙව් 13; ලූක් 813

“කන් ඇත්තෝ, අසත්වා”

ඔබ මතෙව් 13 සහ ලූක් 8; 13 කියවන විට, මෙම උපමා වල ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් “ඇසීමට” සහ අගය කිරීමට ඔබ සූදානම් වන්නේ කෙසේදැයි සිතා බලන්න. මෙම ඉගැන්වීම් ඔබේ ජීවිතයට අදාළ කරගැනීමට ඔබ කරන්නේ කුමක්ද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

ගැලවුම්කරුවාණන්ගේ අමතක නොවන ඉගැන්වීම් සමහරක් උපමා ලෙස හැඳින්වෙන සරල කථා ස්වරූපයෙන් විය. මේවා සාමාන්‍ය වස්තූන් හෝ සිදුවීම් පිළිබඳ සිත්ගන්නාසුලු කථා වලට වඩා වැඩි දේවල්ය. අධ්‍යාත්මිකව සූදානම්ව සිටි අය සඳහා දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ගැඹුරු සත්‍යයන් ඒවායේ අඩංගු විය. අලුත් ගිවිසුමේ වාර්තා කර ඇති පළමු උපමා වලින් එකක් වන—වපුරන්නාගේ උපමාව (මතෙව් 13: 3–23 බලන්න)—දෙවියන්වහන්සේගේ වචනය ලැබීමට ඇති අපගේ සූදානම පරීක්ෂා කිරීමට අපට ආරාධනා කරයි. “යමෙකුට ලැබෙන්නේද, ඔහු දිය යුතුය, එවිට ඔහුට තවත් බහුල වනු ඇත” (ජෝසෆ් ස්මිත් පරිවර්තනය, මතෙව් 13:10 [මතෙව් 13:12, පාදසටහන ]). ගැලවුම්කරුවාණන්ගේ උපමා හෝ උන්වහන්සේගේගේ ඕනෑම ඉගැන්වීමක් අධ්‍යයනය කිරීමට අප සූදානම් වන විට—ආරම්භ කිරීමට හොඳ ස්ථානයක් නම්, අපගේ හදවත් සෝදිසි කර, අපටත් අපගේ පවුල් වලටත් බහුල ලෙස ආශිර්වාද කරන, වැඩීමට, මල් පිපීමට, සමෘධිමත් වීමට සහ ඵල නිපදවීමට දෙවියන්වහන්සේගේ වචනයට “හොඳ භූමියක්” ලබාදෙන්නේද යන්න තීරණය කිරීමයි (මතෙව් 13:8).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 13

මතෙව් 13 හි ක්‍රිස්තුස්වහන්සේ “ස්වර්ග රාජ්‍යය” කුමකට සමාන කළේද?

මෙම පරිච්ඡේදයේ, “ස්වර්ග රාජ්‍යය” යන්නෙන් අදහස් කරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ සභාවයි, එය මිහිපිට ස්වර්ග රාජ්‍යයයි. වැඩි විස්තර සඳහා, බයිබල් ශබ්දකෝෂයේ “Kingdom of heaven or kingdom of God” බලන්න.

මතෙව් 13:3–23; ලූක් 8:4–15

දෙවියන්වහන්සේගේ වචනය ලැබීමට මාගේ සිත අනිවාර්යයෙන්ම සූදානම් විය යුතුය.

සමහර හදවත් සත්‍යයට පිළිගන්නා අතර තවත් සමහරු එයට විරුද්ධ බව පෙනෙන්නේ ඇයි? වපුරන්නාගේ උපමාව කියවීමෙන් ඔබට ස්වාමින්වහන්සේගෙන් සත්‍යය ලැබෙන්නේ කෙසේද යන්න ගැන සිතාබැලීමට හොඳ අවස්ථාවක් ලැබේ. පළමුව මතෙව් 13 හි 3–8 පද 18–23 පදවල දක්වා ඇති අර්ථ නිරූපණයන් සමග ගැලපීම ප්‍රයෝජනවත් විය හැකිය. ඔබ තුළ “හොඳ භූමියක්” අස්වැද්දීමට ඔබට කුමක් කළ හැකිද? දෙවියන්වහන්සේගේ වචනය සැබවින්ම ඇසීමෙන් හා අනුගමනය කිරීමෙන් ඔබව වළක්වන සමහර “කටු” මොනවාද?

තවත් බලන්න ලූක් 13:34; මොසායා 2:9; 3:19; ඇල්මා 12:10–11; 32:28–43; Dallin H. Oaks, “The Parable of the Sower,” Ensign or Liahona, May 2015, 32–35.

මතෙව් 13:24–35, 44–52

යේසුස්වහන්සේගේ උපමා උන්වහන්සේගේගේ සභාවේ වර්ධනය හා ඉරණම තේරුම්ගැනීමට මට උපකාර කරයි.

ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා ඉගැන්වූයේ මතෙව් 13 හි ඇති උපමාවේ අවසාන දිනවල සභාවේ වර්ධනය හා ඉරණම විස්තර කරන බවයි (බලන්න Teachings of Presidents of the Church: Joseph Smith [2007], 293–303). ඔබ මෙම උපමා කියවන විට, ස්වාමින්වහන්සේගේ සභාව ගැන, ඒවා ඔබට උගන්වන දේ ලියන්න (මෙම උපමා සමහරක් ගැන ජෝසෆ් අනාගතවක්තෘවරයා ඉගැන්වූ දේ ගැන සඳහන් කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය):

  • තිරිඟු සහ කිරිඳි (13: 24-30, 36–43): දුෂ්ටයන් හා ධර්මිෂ්ටයන් ලෝකයේ අවසානය දක්වා එකට වැඩෙති.

  • අබ ඇටය (13:31–32):

  • මුහුන් (13:33):

  • සැඟවුණු නිධානය සහ ඉතා වටිනා මුතු ඇටය (13:44–46):

  • දැල (13:47–50):

  • ගෙදර ස්වාමියා (13:52):

මෙම උපමා ගැන මෙනෙහි කිරීමෙන් පසු, ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල සභාවේ වැඩකටයුතු වලට වඩාත් පූර්ණ ලෙස සහභාගීවීමට ඔබ තුළ ඇති පෙලඹීම කුමක්ද? මෙම උපමා අදාළ කරගැනීමට ඔබට උපකාර කළහැකි ඔබේ මනසට පැමිණෙන ප්‍රශ්න මොනවාද? නිදසුනක් වශයෙන්, “මා සභාව වෙනුවෙන් කැපකිරීමට කැමති කුමක්ද?”

බයිබල් ශබ්දකෝෂයද බලන්න, “Leaven,” “Parables.”

මුතු

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය “ඉතා අගනා මුතු ඇටයකි” (මතෙව් 13:46).

මතෙව් 13:24–30, 36–43

ධර්මිෂ්ටයින් ලෝකයේ අවසානය දක්වා දුෂ්ටයන් අතර වර්ධනය විය යුතුය.

මෙම උපමාව විශ්ලේෂණය කළ හැකි එක් ක්‍රමයක් නම්, එහි පින්තූරයක් ඇඳීම සහ මතෙව් 13:36–43 සහ දහම සහ ගිවිසුම 86:1–7 හි අර්ථ නිරූපණයන් සමග එය ලේබල් කිරීමයි. කිරිඳි යනු “විෂ සහිත වල්පැලෑටි වන අතර, එය කරල් වන තෙක් තිරිඟු වලට සමාන වේ” (බයිබල් ශබ්දකෝෂය, “tares”). ලෝකයේ ඇති දුෂ්ටකම් නොතකා විශ්වාසවන්තව සිටීමට මෙම උපමාවේ ඇති කුමන සත්‍යයන් ඔබව පොළඹවන්නේද?

ලූක් 8:1–3

“එම ස්ත්‍රීන්” ගැලවුම්කරුවාණන්ට සේවය කළේ කුමන ආකාර වලින්ද?

“ස්ත්‍රී ගෝලයන් යේසුස්වහන්සේ සහ දොළොස්දෙනා සමග ගමන් කරමින් [යේසුස්වහන්සේගෙන්] අධ්‍යාත්මිකව ඉගෙනගෙන උන්වහන්සේට තාවකාලිකව සේවය කළෝය. … යේසුස්වහන්සේගේ දේවසේවය—උන්වහන්සේගේ ශුභාරංචියේ සුභ පණිවිඩය සහ උන්වහන්සේගේ සුවකිරීමේ ශක්තියේ ආශිර්වාද ලැබීමට අමතරව—මෙම ස්ත්‍රීන් උන්වහන්සේට උපස්ථාන කොට, ඔවුන්ගේ ධනය හා භක්තිය ලබාදුන්නෝය” (Daughters in My Kingdom [2011], 4). ගැළවුම්කරුවාණන් පසුපස ගිය ස්ත්‍රීන්ද උන්වහන්සේ පිළිබඳව ප්‍රබල සාක්ෂි දරති (බලන්න Linda K. Burton, “Certain Women,” Ensign or Liahona, May 2017, 12–15).

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් අධ්‍යනය කරන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

මතෙව් 13

ඔබගේ පවුලේ සාමාජිකයන් ගැලවුම්කරුවාණන්ගේ උපමා කියවන විට, ඔවුන්ට හුරුපුරුදු වස්තූන් හෝ තත්වයන් භාවිතා කරමින් ස්වර්ග රාජ්‍යය පිළිබඳ (සභාව පිළිබඳ) එකම සත්‍යයන් උගන්වන ඔවුන්ගේම උපමා ගැන සිතීමෙන් ඔවුන් සතුටට පත්විය හැකිය.

මතෙව් 13:3–23; ලූක් 8:4–15

අපගේ හදවත් තුළ සහ අපගේ නිවසේ “හොඳ භූමියක්” අස්වැද්දීමට පවුලක් වශයෙන් අපට කුමක් කළ හැකිද? (මතෙව් 13:23). ඔබේ පවුලේ කුඩා දරුවන් සිටීනම්, දෙවියන්වහන්සේගේ වචනය ඇසීමට අපගේ හදවත් සූදානම් කිරීම සඳහා විවිධ ආකාර වලින් ක්‍රියාකරන ආකාර රඟදක්වා පවුලේ සාමාජිකයින්ට ඔවුන් කරන්නේ කුමක්දැයි අනුමාන කරන්නට ආරාධනා කිරීම විනෝදජනක විය හැකිය.

මතෙව් 13:13–16

ක්‍රිස්තුස්වහන්සේගේ වචනය කැමැත්තෙන් ලැබීමේ වැදගත්කම තේරුම්ගැනීමට ඔබ ඔබේ පවුලේ සාමාජිකයන්ට උදව් කරන්නේ කෙසේද? නිදසුනක් වශයෙන්, ඔබ නිහඬව මතෙව් 13: 13–16 කියවන අතරතුර පවුලේ සාමාජිකයෙකුගේ කන් වැසිය හැකිය. පවුලේ සාමාජිකයා එම පද වලින් තේරුම්ගත්තේ කුමක්ද? දෙවියන්වහන්සේගේ වචනය ලැබීමේදී අපගේ ඇස්, කන් සහ හදවත් ඉටුකරන කාර්යභාරය කුමක්ද? දෙවියන්වහන්සේගේ වචනයට අපගේ ඇස්, කන් සහ හදවත් වසාදැමිය හැකි ක්‍රම මොනවාද?

මතෙව් 13:44–46

මෙම උපමා වල මිනිසුන් දෙදෙනා අතර පොදුවේ ඇත්තේ මොනවාද? දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අපගේ ජීවිතයේ මුල්තැන දීම සඳහා පුද්ගලයන් වශයෙන් සහ පවුලක් වශයෙන් අප විසින් කළ යුතු අමතර දේවල් තිබේද?

ලූක් 13:11–17

අපට ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කර මිනිසුන්ව වහල්භාවයෙන් මුදවාගැනීමට හැක්කේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ශුද්ධලියවිලි පදයක් කටපාඩම් කරන්න. ඔබේ පවුලට විශේෂයෙන් අර්ථවත් වන ශුද්ධලියවිලි පදයක් තෝරාගෙන, එය මතකතබාගන්නා ලෙස පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් මෙසේ ඉගැන්වූයේය, “කටපාඩම් කළ ශුද්ධලියවිලි පදයක් කල්පවතින මිතුරෙකු බවට පත්වන අතර එය කාලයත් සමග දුර්වල නොවේ” (“The Power of Scripture,” Ensign or Liahona, Nov. 2011, 6).

මිනිසෙකු බීජ වපුරමින්

ජෝර්ජ් සෝපර් විසින්, වපුරන්නාගේ උපමාව