පුස්තකාලය
මාර්තු 22–28. මතෙව් 14–15; මාර්ක් 6–7; යොහාන් 5–6: ‘බිය නොවන්න’


“මාර්තු 22–28. මතෙව් 14–15; මාර්ක් 6–7; යොහාන් 5–6: ‘බිය නොවන්න’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“මාර්තු 22–28. මතෙව් 14–15; මාර්ක් 6–7; යොහාන් 5–6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

ක්‍රිස්තුස්වහන්සේ සමූහයා පෝෂණය කරමින්

ජෝර්ජ් කොකෝ විසින්, ඔවුන් පෝෂණය කරන්න

මාර්තු 22–28

මතෙව් 14–15; මාර්ක් 6–7; යොහාන් 5–6

“බිය නොවන්න”

ඔබ මතෙව් 14–15; මාර්ක් 6–7; සහ යොහාන් 5–6 කියවන විට; ඔබට අර්ථවත් වන සත්‍යයන් සොයන්න. “මෙම පරිච්ඡේදවල ඇති වාර්තා මට සම්බන්ධවන්නේ කෙසේද?” වැනි ප්‍රශ්න ඔබට ඔබෙන්ම අසාගත හැකිය. “මගේ ජීවිතය සඳහා මා සොයාගන්නා පණිවිඩ මොනවාද?” හෝ “මගේ පවුලේ අය සමග හෝ අන් අය සමග බෙදාගැනීමට මා කැමති මොනවාද?”

ඔබේ හැඟීම් සටහන් කරන්න

දරුණු කුණාටුවක් අතරතුර ගලීල මුහුද මැද තම බෝට්ටුවේ ආරක්ෂාව අත්හැරීමට පේත්‍රැස්ව පෙලඹවූයේ කුමක් විය හැකිද? යේසුස්වහන්සේට වතුර මත ඇවිදින්නට පුළුවන් නම් ඔහුටත් පුළුවන් කියා ඔහු විශ්වාස කිරීමට හේතු වූයේ කුමක්ද? අපට නිශ්චිතවම දැනගත නොහැකි නමුත් සමහරවිට දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පැමිණියේ මිනිසුන් වෙනුවෙන් පුදුමාකාර දේවල් කිරීමට පමණක් නොව, පේත්‍රැස් වැනි අයටද පුදුමාකාර දේවල් කිරීමට බලය ලබාදීමට බව පේත්‍රැස් තේරුම්ගත්තා වියහැකිය. සියල්ලටම පසු, යේසුස්වහන්සේගේ ආරාධනය වූයේ “එන්න, මා අනුගමනය කරන්න” යන්නයි (ලූක් 18:22). පේත්‍රැස් මෙම ආරාධනය එක් වරක් පිළිගෙන ඇති අතර, ඔහුගේ භීතියට මුහුණදීම සහ කළ නොහැකි දෙයක් කිරීම යන්නෙන් අදහස් කළත්, ඔහු එය නැවත පිළිගැනීමට කැමති විය. කුණාටුවක් මධ්‍යයේ බෝට්ටුවකින් බැසීමට හෝ දහස් ගණනක් ආහාර ගැනීමට අවශ්‍ය වූ විට අපගේ කුඩා පාන් ලබාදීමට දායක වන්නැයි ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලා නොසිටිනු ඇත, නමුත් අප ඒවා සම්පූර්ණයෙන් තේරුම්නොගත් විට පවා උපදෙස් පිළිගන්නා ලෙස උන්වහන්සේ අපෙන් ඉල්ලාසිටිය හැකිය. උන්වහන්සේ අපට කළ ආරාධනාවන් කුමක් වුවත්, ඒවා සමහරවිට පුදුම සහගත හෝ බිය උපදවන දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් පේත්‍රැස් මෙන් අපත් අපගේ බිය, සැකයන් සහ අපගේ සීමිත අවබෝධය පසෙකට දමා ඇදහිල්ලෙන් උන්වහන්සේව අනුගමනය කළහොත් හාස්කම් සිදුවිය හැකිය.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යොහාන් 5:17–47

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම පියාණන්ට ගෞරව කරයි.

ස්වර්ගික පියාණන් සහ උන්වහන්සේගේ සෑම දරුවෙකුම අතර ඇති සම්බන්ධය පරිශුද්ධ එකක් ලෙස අදහස් කෙරේ. මෙම පද වලින්, ස්වර්ගික පියාණන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය අනුගමනය කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ආනුභාවසම්පන්න ආදර්ශයක් ලබාදුන්නේය. යොහාන් 5:17–47 කියවා පියාණන් යන වචනය යෙදෙන සෑම අවස්ථාවක්ම සලකුණු කරන්න. පුත්‍රයාණන් පියාණන්ට ගෞරව කරන්නේ කෙසේද, එමෙන්ම ඔබට උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද? පියාණන්වහන්සේට පුත්‍රයාණන් ගැන හැඟෙන ආකාරය ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? ස්වර්ගික පියාණන්වහන්සේ සමග ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමෙන් උන්වහන්සේගේ කැමැත්ත සෙවීමට හා කීකරු වීමට ඇති ඔබේ කැමැත්ත වැඩිකරන්නේ කෙසේද?

තවත් බලන්න යොහාන් 17; Jeffrey R. Holland, “The Grandeur of God,” Ensign or Liahona, Nov. 2003, 70–73.

මතෙව් 14:16–21; මාර්ක් 6:33–44; යොහාන් 6:5–14

ගැලවුම්කරුවාණන්ට උන්වහන්සේගේ අරමුණු ඉටුකරගැනීම සඳහා මාගේ නිහතමානී පූජා විශාල කළ හැකිය.

ඔබේ නිවසේදී, ඔබගේ සබඳතා වලදී හෝ සමාජයේ—ඔබ අවට දකින සියලු අවශ්‍යතා සපුරාලීමට ඔබ ප්‍රමාණවත් නොවන බවක් ඔබට කවදා හෝ දැනී තිබේද? කුසගින්නෙන් පෙළෙන පන්දහසක් පමණ පෝෂණය කරන ලෙස (මතෙව් 14:21 බලන්න) යේසුස්වහන්සේ පැවසූ විට රොටි පහක් සහ මාළු දෙකක් පමණක් තිබියදී, යේසුස්වහන්සේගේ ගෝලයන් එය ප්‍රමාණවත් නැතැයි සිතෙන්නට ඇත. ඊළඟට සිදුවූ ප්‍රාතිහාර්යය ගැන ඔබ කියවන විට, ඔබ අවට සිටින අයට ආශිර්වාද කිරීම සඳහා දෙවියන්වහන්සේ ඔබගේ සේවය කිරීමේ නිහතමානී පූජා භාවිතා කරන්නේ කෙසේදැයි සිතා බලන්න. ඔබ සභාවේ සේවය කරන විට උන්වහන්සේ ඔබගේ උත්සාහය විශාල කරන්නේ කෙසේද? සභාපති ජේම්ස් ඊ. ෆවුස්ට්ගේ මෙම ප්‍රකාශය සලකා බලන්න: “රොටි පහකට හා කුඩා මසුන් දෙදෙනෙකුට සමාන දීමනා ඇති බොහෝ නම් රහිත පුද්ගලයින්, ඔවුන්ගේ කැඳවීම් විශාල කරවන අතර අවධානයක් හෝ පිළිගැනීමකින් බලාපොරොත්තුවෙන් තොරව සේවය කරති” (“Five Loaves and Two Fishes,” Ensign, May 1994, 5).

මතෙව් 14:22–33; මාර්ක් 6:45–52; යොහාන් 6:15–21

මගේ බිය හා සැකයන් දුරුකර උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන්නට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට ආරාධනා කරයි.

මතෙව් 14:22–33; මාර්ක් 6: 45–52; සහ යොහාන් 6: 15–21 දක්වා විස්තර කර ඇති දර්ශනයේ විස්තර ඔබේ මනසෙහි සිතන්න. පේත්‍රැස්ට සහ අනෙක් ගෝලයන්ට හැඟෙන්නට ඇත්තේ කෙසේදැයි සිතා බලන්න. මෙම පදවල ගැලවුම්කරුවාණන්ගේ වචන වලින් සහ ක්‍රියාවෙන් අනුගාමිකත්වය ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? පේත්‍රැස්ගේ වචන වලින් හා ක්‍රියාවෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද? (තවත් බලන්න 1 නෙපි 3:7.) බෝට්ටුවෙන් ඉවතට අඩිය තැබීමට මෙන් ස්වාමින්වහන්සේ ඔබට ආරාධනා කරන්නේ කුමක් කිරීමටද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට ධෛර්යය ලබාදෙන කුමක් මෙම පද වලින් ඔබ සොයාගන්නේද?

යොහාන් 6:22–71

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වශයෙන්, එය කිරීමට අමාරු වූ විටදි පවා, සත්‍යය විශ්වාස කිරීමට හා පිළිගැනීමට මා කැමති විය යුතුය.

පාළුකරයේ සිටි සමූහයා සඳහා යේසුස්වහන්සේ ආශ්චර්යමත් ලෙස රොටි ලබාදුන් දිනට පසුදින, උන්වහන්සේගේ අනුගාමිකයන් උන්වහන්සේ සොයාගෙන තවත් ආහාර සෙවූහ. කෙසේවෙතත්, ඔවුන් ඒ වෙනුවට “ජීවනදායක කෑම”—ලෙස ඔවුන්ට ආත්මික පෝෂණයක් ලබාදුන් විට ඔවුන් කලකිරීමට පත්වූ අතර කෝපයට පත්විය (යොහාන් 6:48). බොහෝ අය මෙය “තද කීමක්” ලෙස සැලකූහ (යොහන් 6:60).

ගැළවුම්කරුවාණන් හෝ උන්වහන්සේගේ සේවකයෙකු ඉගැන්වූ දෙයක් පිළිගැනීමට “අමාරු” හෝ දුෂ්කර මූලධර්මයක් යැයි ඔබට හැඟුණු අත්දැකීමක් ඔබට තිබේද? ඔබ මෙම වාර්තාව කියවන විට, විශේෂයෙන්ම 68–69 පදවල පේත්‍රැස්ගේ වචන ගැන කියවන විට, එවැනි අත්දැකීම් ගැන සිතන්න. ගැලවුම්කරුවාණන් අනුගමනය කිරීමට කැපවී සිටීමට ඔබට උපකාර වන “සදාකාල ජීවනයේ වචන” (යොහාන් 6:68) සමහරක් මොනවාද?

තවත් බලන්න M. Russell Ballard, “To Whom Shall We Go?” Ensign or Liahona, Nov. 2016, 90–92.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

මතෙව් 14:16–21

පන්දහසක් පෝෂණය කිරීම ගැන කියවන විට, ඔබට පාන් සහ මාළු ටිකක් අනුභව කළ හැකි අතර මිනිසුන් පන්දහසක් පෝෂණය කිරීමට කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වේ දැයි සිතාගත හැකිය. ඔබේ පවුල ක්‍රිස්තුස්වහන්සේ විසින් අධ්‍යාත්මිකව පෝෂණය කර ඇත්තේ කෙසේද? අන් අයව පෝෂණය කිරීමට උන්වහන්සේ ඔබව යොදාගෙන ඇත්තේ කෙසේද?

රොටි සහ මාළු

යේසුස්වහන්සේ මිනිසුන් 5,000 ක් රොටි පහක් හා මාළු දෙකක් සමග ආශ්චර්යමත් ලෙස පෝෂණය කළේය.

මතෙව් 14:22–33

මෙම පදවල කතාව නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ඔබේ පවුලේ අය සතුටු විය හැකිය. ගෝලයන් බියවී සිටියේ ඇයි? තම බිය දුරුකර බෝට්ටුවෙන් පිටවීමට පේත්‍රැස්ට හැකි වූයේ ඇයි? ඔහු ගිලෙන්න පටන්ගත්තත් ඔහු ඇදහිල්ල පෙන්වූයේ කෙසේද? අපි සමහර අවස්ථාවන් වල පේත්‍රැස්ට සමාන වන්නේ කෙසේද?

යොහාන් 5:1–16

මෙම පදවල “නුඹ සුවය ලැබුවෙහිය” යන වාක්‍ය ඛණ්ඩය සඳහන් වන අවස්ථා සටහන් කිරීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මිනිසුන්ව සුවපත් කළ හැක්කේ කුමන ආකාර වලින්ද? උන්වහන්සේ අපව සුවපත් කළේ කවදාද සහ කෙසේද?

යොහාන් 6:28–58

සෑම පවුලේ සාමාජිකයෙකුටම කෑමට පාන් කැබැල්ලක් ලබාදෙන්න, පාන් සහ අනෙකුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වලින් අපට ලැබෙන ප්‍රතිලාභ ගැන සාකච්ඡා කරන්න. ඉන්පසු යේසුස් ක්‍රිස්තුස්වහන්සේව “ජීවනදායක කෑම” ලෙස හැඳින්වූයේ මන්දැයි සොයාබලන්න (යොහාන් 6:35).

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබේම අධ්‍යාත්මික අවබෝධය සොයන්න. ඔබගේ පෞද්ගලික සහ පවුල් අධ්‍යයනයේදී, මෙම දළ සටහන් වල සඳහන් ශුද්ධලියවිලි පදවලට පමණක් සීමා නොවන්න. මෙහි ආවරණය නොවන මෙම පරිච්ඡේදවල ස්වාමින්වහන්සේ ඔබට පණිවිඩ ලබාදී තිබෙන්නට පුළුවන. යාච්ඤාශීලීව ඒවා සොයන්න.

යේසුස්වහන්සේ පේත්‍රැස්ව වතුරෙන් ඔසවමින්

ලිස් ලෙමන් ස්වින්ඩල් විසින්, සුළඟට එරෙහිව