පුස්තකාලය
මාර්තු 8–14. මතෙව් 10–12; මාර්ක් 2; ලූක් 7; 11: ‘යේසුස්වහන්සේ යැවූ දොළොස්දෙනා මොවුන්ය’


“මාර්තු 8–14. මතෙව් 10–12; මාර්ක් 2; ලූක් 7; 11: ‘යේසුස්වහන්සේ යැවූ දොළොස්දෙනා මොවුන්ය’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“මාර්තු 8–14. මතෙව් 10–12; මාර්ක් 2; ලූක් 7; 11,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

යේසුස්වහන්සේ පේත්‍රැස්ව නියම කරමින්

මාර්තු 8–14

මතෙව් 10–12; මාර්ක් 2; ලූක් 7; 11

“යේසුස්වහන්සේ යැවූ දොළොස්දෙනා මොවුන්ය”

ඔබ මතෙව් 10–12; මාර්ක් 2; ලූක් 7; 11 කියවන විට, ඔබට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් ලැබෙන හැඟීම් සටහන් කරගන්න. ඒවා මෙනෙහිකිරීම සහ සටහන්කිරීම සලකාබලන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුවකිරීමේ හාස්කම් පිළිබඳ වචනය ඉක්මනින් පැතිර ගියේය. ඔවුන්ගේ අසනීප වලින් මිදීමට බලාපොරොත්තුවෙන්, බහුතරයක් උන්වහන්සේ අනුගමනය කළහ. නමුත් ගැළවුම්කරුවාණන්වහන්සේ සමූහයා දෙස බැලූවිට, ඔවුන්ගේ ශාරීරික රෝගවලට වඩා යමක් උන්වහන්සේ දුටු සේක. දයානුකම්පාවෙන් පරිපූර්ණව, “එඬේරෙකු නැති බැටළුවන්” උන්වහන්සේ දුටුවේය (මතෙව් 9:36). “ගොයම නම් බොහෝය,” උන්වහන්සේ නිරීක්ෂණය කළේය, “නමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය” (මතෙව් 9:37). එනිසා උන්වහන්සේ ප්‍රේරිතවරුන් දොළොස්දෙනෙකු කැඳවා, “ඔවුන්ට බලය දී,” “ඊශ්‍රායෙල් නිවසේ නැතිවූ බැටළුවන්ට” ඉගැන්වීමට සහ දේවසේවයේ යෙදීමට යැවීය (මතෙව් 10:1, 6). අද ස්වර්ගික පියාණන්ගේ දරුවන්ට සේවය කිරීම සඳහා බොහෝ සේවකයින්ගේ අවශ්‍යතාවය එදා මෙන්ම විශාලය. ප්‍රේරිතවරුන් දොළොස්දෙනෙක් තවමත් සිටිති, නමුත් වෙන කවරදාකටත් වඩා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්—“ස්වර්ග රාජ්‍යය අත ළඟය” කියා ලොවට ප්‍රකාශ කළ හැකි මිනිසුන් සිටිති (මතෙව් 10:7).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 10

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සේවකයන්ට උන්වහන්සේගේ කාර්‍යයන් කිරීමේ බලය ලබාදේ.

මතෙව් 10 හි යේසුස්වහන්සේ උපදෙස් ලබාදුන්නේ උන්වහන්සේගේ ගෝලයන්ටය, නමුත් අප සියලුදෙනාටම කිරීමට ස්වාමින්වහන්සේගේ කාර්‍යයේ කොටසක් ඇත. තම දූතමෙහෙය ඉටුකිරීමට ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේරිතවරුන්ට ලබාදුන් බලය කුමක්ද? ඔබව කැඳවනු ලැබූ කාර්‍යයේදී උන්වහන්සේගේ බලයට ප්‍රවේශ වන්නේ කෙසේද? (2 කොරින්ති 6:1–10;දහම සහ ගිවිසුම 121:34–46) බලන්න.

දොළොස්දෙනාගේ ඝණපූර්ණය

ප්‍රේරිතවරුන් දොළොස්දෙනා අද ස්වාමින්වහන්සේගේ කාර්යය ඉටුකරති.

ඔබ ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට දුන් නියෝගය කියවන විට, ස්වාමින්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන කාර්‍යයන් පිළිබඳ හැඟීම් ඔබට ලැබෙනු ඇත. පහත ආකාරයේ වැනි වගුවක් ඔබේ සිතුවිලි සංවිධානය කිරීමට උපකාරී වේ.

මතෙව් 10

මට ලැබුණු හැඟීම්

මතෙව් 10

ගැළවුම්කරුවාණන් උන්වහන්සේගේ ගෝලයන්ට බලය ලබාදුන්නේය.

මට ලැබුණු හැඟීම්

දෙවියන්වහන්සේ මගේ කාර්‍යයන් කිරීමට අවශ්‍ය බලය මට ලබාදෙනු ඇත.

මතෙව් 10

මට ලැබුණු හැඟීම්

තවත් බලන්න Articles of Faith 1:6; Bible Dictionary, “Apostle”; “Jesus Calls Twelve Apostles to Preach and Bless Others” (video, ChurchofJesusChrist.org).

මතෙව් 10:17–20

මම ස්වාමින්වහන්සේගේ සේවයේ යෙදීසිටින විට, මම කිවයුත්තේ කුමක්ද කියා මට පෙළඹවීම් ලබාදෙනු ඇත.

තම ගෝලයන්ට පීඩා කරන බවත් ඔවුන්ගේ ඇදහිල්ල පිළිබඳව ප්‍රශ්ණ කරන බවත් ස්වාමින්වහන්සේ කලින් දුටුවේය—එය අද ගෝලයන්ට අත්විඳිය හැකි දේට සමාන දෙයකි. නමුත් ශුද්ධාත්මයාණන් තුළින් කිවයුත්තේ කුමක්ද කියා ඔවුන්ට දැනගත හැකිබව උන්වහන්සේ ගෝලයන්ට පොරොන්දු වූ සේක. සමරවිට ඔබ ඔබේ සාක්ශිය බෙදාගත් විට, ආශිර්වාදයක් ලබාදුන් විට, හෝ කෙනෙකු සමග සංවාදයකදී, මෙම දිව්‍යමය ආශිර්වාද ඔබගේ ජීවිතයේ ඉටුවූ අත්දැකීම් ඔබට තිබෙනවාද? ඔබේ අත්දැකීම් ආදරණීය කෙනෙකු සමග බෙදාගැනීමට හෝ දිනපොතක සටහන් කිරීම සලකා බලන්න.

ලූක් 12:11–12; දහම සහ ගිවිසුම 84:85 ද බලන්න.

මතෙව් 10:34–39

“මම සමාදානය නොව, කඩුවක් දෙන්නට ආවෙමි” යන්නෙන් යේසුස්වහන්සේ අදහස් කළේ කුමක්ද?

වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් ඉගැන්වූ ලෙස: “ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිගෙන උන්වහන්සේගේ ගිවිසුමට එළඹෙද්දී ඔබගෙන් බොහෝදෙනෙක් පියා සහ මව, සහෝදර සහෝදරියන් විසින් ප්‍රතික්ෂේප කොට නෙරපා හැර ඇති බව මට විශ්වාසයි. එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබගේ උසස් ප්‍රේමය ඔබට ආදරය කරන සබඳතාවල කැපකිරීම් අවශ්‍යව ඇති අතර ඔබ බොහෝ කඳුළු සලා ඇත. එහෙත් ඔබේ ප්‍රේමය හීන නොවී, ඔබ මේ කුරුසිය යට ස්ථීරව සිටිමින්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ගැන ලැජ්ජා නොවෙමින් සිටින බව පෙන්වයි” (“Finding Your Life,” Ensign, Mar. 2016, 28).

ගැළවුම්කරුවාණන් අනුගමනය කිරීම සඳහා ආදරණීය සබඳතා අහිමිකර ගැනීමට ඇති මෙම කැමැත්ත “මා නිසා තමාගේ ජීවිතය නැතිකරගන්නාට එය සම්බවේ” (මතෙව් 10:39) යන පොරොන්දුව සමග පැමිණේ.

මතෙව් 11:28–30

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම මත මම යැපෙන විට උන්වහන්සේ මට විරාමයක් දෙනු ඇත.

අප සියල්ලන්ම බර උසුලයි—සමහර ඒවා අපගේම පාප සහ වැරදි වල ප්‍රතිඵල වන අතර, සමහර ඒවා අන් අයගේ තෝරාගැනීම් නිසා ඇති වූ ඒවාය, ඒ වගේම සමහරක් ඒවා කිසිවෙකුගේ වරදක් නිසා නොවන නමුත් හුදෙක් මිහිපිට ජීවිතයේ කොටසක් වේ. අපගේ අරගලවලට හේතුව කුමක් වුවත්, යේසුස්වහන්සේ අපට ආයාචනා කරන්නේ උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙසයි, එවිට අපගේ බර දරාගැනීමට සහ සහනයක් ලබාගැනීමට උන්වහන්සේට උපකාර කළ හැකිය (මොසායා 24 ද බලන්න). වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වීය, “පරිශුද්ධ ගිවිසුම් ඇතිකරගැනීම හා ඒවා පැවැත්වීම ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා අප අතර සම්බන්ධයක් ඇති කරයි” (“Bear Up Their Burdens with Ease,” Ensign or Liahona, May 2014, 88). මෙය මතකයේ තබාගෙන, මෙම වගන්ති වල ගැළවුම්කරුවාණන්ගේ වචන වඩාත් හොඳින් තේරුම්ගැනීමට පහත දැක්වෙන ආකාරයේ ප්‍රශ්ණ මෙනෙහි කරන්න: “මාගේ ගිවිසුම් මාව ගැළවුම්කරුවාණන් හා සම්බන්ධකරන්නේ කෙසේද?” “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට මා කුමක් කළ යුතුද?” හෝ “ගැලවුම්කරුවාණන්ගේ වියගහ පහසු සහ ඔහුගේ බර සැහැල්ලුකරන්නේ කුමන අර්ථයෙන්ද?”

ඔබ කියවන විට ඔබේ මතකයට එන අනෙකුත් ප්‍රශ්ණ මොනවාද? ඒවා සටහන් කර මේ සතියේ ශුද්ධලියවිලි වල සහ අනාගතවක්තෘවරුන්ගේ වචන වල පිළිතුරු සොයන්න. ඔබේ සමහර ප්‍රශ්ණ වලට පිළිතුරු ඉහත සඳහන් වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර්ගේ පණිවිඩය තුළ සොයාගත හැකිවිය හැකිය.

ලූක් 7:36–50

මට මාගේ පව්වලට සමාව ලැබෙන විට, ගැළවුම්කරුවාණන් කෙරෙහි මාගේ ආදරය ගැඹුරු වේ.

ගැළවුම්කරුවාණන් පරිසිවරයෙකු වූ සීමොන් බැහැදුටු අවස්ථාව දැක්වෙන මෙම පදවල ඔබ ඔබව දකිනවාද? ඔබ කවදා හෝ සයිමන් වාගේ වී තිබේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ආදරය සහ යටහත්පහත් බව පෙන්වන කාන්තාවගේ ආදර්ශය අනුගමනය කිරීමට ඔබට කුමක් කළ හැකිද? ගැළවුම්කරුවාණන්වහන්සේ ස්ත්‍රීයට පෙන්වූ මෘදු මොලොක් බව සහ දයාව ඔබ අත්විඳ ඇත්තේ කවදාද? සමාවදීම ගැළවුම්කරුවාණන් කෙරෙහි අති අපගේ ආදරය ශක්තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැක්වෙන මෙම වගන්ති වලින් ඔබ ඉගෙනගත්තේ මොනවාද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

මතෙව් 10:40

වඩාත් මෑතක ප්‍රධාන ස්ම්මන්ත්‍රණයක පණිවිඩ ගැන අප සලකා බලන විට, නූතන ප්‍රේරිතවරුන්ගේ උපදෙස් පිළිපැදීම සහ අනුගමනය කිරීමේදී අප පවුලක් ලෙස කරන්නේ කෙසේද? ඔවුන්ගේ උපදෙස් වලට ඇති අපගේ කීකරුකම අපව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ලංකරන්නේ කෙසේද?

මතෙව් 11:28–30

මෙම පදවල ගැළවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් ඔබේ පවුලට දෘශ්‍යමාන කිරීමට උපකාර කිරීම පිණිස, ඔවුන්ට බර යමක් මරුවෙන් මාරුවට මුළින්ම තනි තනියෙන්ද පසුව උදවු ඇතිවද අදින්නට සැලස්විය හැකිය. අප උසුලන සමහර කරදර මොනවාද? ක්‍රිස්තුස්වහන්සේගේ වියගහ අප මතට ගැනීම තුලින් අදහස්වන්නේ කුමක්ද? මෙම ආකෘතිය සමග ඇති පිගතූරය වියගහක් යනු කුමක්දැයි පැහැදිලි කිරීමට ඔබට උපකාර වනු ඇත.

මතෙව් 12:10; මාර්ක් 2:23–28

සබත් දවස අපට “හොඳින්” ගතකල හැක්කේ කෙසේද? (මතෙව් 12:12). සබතේදී ගැළවුම්කරුවාණන්ට අපව සුවකළ හැක්කේ කුමන ආකාර වලින්ද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ආත්මයාණන්වහන්සේට ඇහුම්කන්දෙන්න. ඔබ අධ්‍යයනය කරන විට, ඔබ කියවන දෙයට අදාළ නොවනවා වූවත්, ඔබගේ සිතුවිලි සහ හැඟීම් වලට අවධානය යොමුකරන්න (දහම සහ ගිවිසුම 8:2–3 බලන්න). එම හැඟීම් දෙවියන්වහන්සේ ඔබ දැනගන්නවාට සහ කරනවාට කැමති දේ වියහැකිය.

කර්ට්ලන්ඩ් දේවමාළිගාව ඉදිකිරීම

“මාගේ වියගහ නුඹලා පිටට ගනිල්ලා” යයි ගැළවුම්කරුවාණන් පැවසූ සේක (මතෙව් 11:29).

ඩෑන් බර් විසින්, කර්ට්ලන්ඩ් සහ පළමු දේවමාළිගාව