එන්න, මා අනුගමනය කරන්න
නොවැම්බර් 23–29. ඊතර් 12–15: “ඇදහිල්ලෙන් සියලු දේ ඉටුවේ”


“නොවැම්බර් 23–29. ඊතර් 12–15: “ඇදහිල්ලෙන් සියලු දේ ඉටුවේ,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“නොවැම්බර් 23–29. ඊතර් 12–15,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

ඊතර් ගුහාවකට ඇතුලු වෙමින්

ගැරී අර්නස්ට් ස්මිත් විසින්, ඊතර් පර්වත කුහරයක සැඟවී සිටිමින්

නොවැම්බර් 23–29

ඊතර් 12–15

“ඇදහිල්ලෙන් සියලු දේ ඉටුවේ”

හැඟීම් වාර්තා කිරීමෙන් තවදුරටත් එළිදරව් සඳහා ආරාධනා කළ හැකි අතර ඔබේ සාක්ෂියද ශක්තිමත් කළ හැකිය. එය ඔබගේ හැඟීම් මතක තබාගැනීමට සහ අනාගතයේදී ඒවා අන් අය සමග බෙදාගැනීමටද උපකාරී වේ.

ඔබේ හැඟීම් සටහන් කරන්න

යාරෙද්වරුන්ට ඊතර්ගේ අනාවැකි “ශ්‍රේෂ්ඨ හා පුදුමාකාර” විය (ඊතර් 12:5). ඔහු “මනුෂ්‍යයාගේ ආරම්භයේ සිටම සියල්ල ඔවුන්ට කීවේය” (ඊතර් 13:2). ඔහු “ක්‍රිස්තුස්වහන්සේගේ දවස්” සහ පසු-දවස්වල නව යෙරුසලම දුටුවේය (ඊතර් 13:4). ඔහු “යහපත් ලෝකයක් බලාපොරොත්තුව, ඔව්, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ ස්ථානයක්” ගැන කතා කළේය (ඊතර් 12:4). නමුත් යාරෙද්වරු ඔහුගේ වචන ප්‍රතික්ෂේප කළහ, එම හේතුව නිසාම මිනිසුන් අද බොහෝ විට දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ අනාවැකි ප්‍රතික්ෂේප කරති—ඒ “ඔවුන් නොදුටු හෙයින්ය” (ඊතර් 12:5). නොඇදහිලිවන්ත ජනතාවකට “ශ්‍රේෂ්ඨ හා පුදුමාකාර දේවල්” ගැන අනාවැකි කීමට ඊතර් ඇදහිල්ල තබාගත්තා සේම, අපට නොපෙනෙන දේවල් පිළිබඳ පොරොන්දු හෝ අනතුරු ඇඟවීම් විශ්වාස කිරීමට ඇදහිල්ල අවශ්‍ය වේ. ස්වාමින්වහන්සේට ඔහුගේ “ලිවීමට වූ දුර්වලතාවය” ගෙන එය ශක්තියක් බවට පත්කළ හැකි බව විශ්වාස කිරීමට මොරෝනිට ඇදහිල්ල අවශ්‍ය විය (ඊතර් 12:23–27 බලන්න). මේ ආකාරයේ ඇදහිල්ල නිසා අපව “සහතික සහ ස්ථිර කරමින්, සෑමවිටම යහපත් ක්‍රියා වලින් පූර්ණව දෙව්යන්වහන්සේව මහිමවත් කිරීමට මගපෙන්වන්නේය” (ඊතර් 12:4). “සියල්ල සම්පූර්ණ වන්නේ” මේ ආකාරයේ ඇදහිල්ලෙනි (ඊතර් 12:3).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ඊතර් 12

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල බලවත් හාස්කම් වලට තුඩුදිය හැකිය.

ඊතර්ගේ දවසේ යාරෙද්වරුන් මෙන්, අද බොහෝ දෙනෙකුට, දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ බලය විශ්වාස කිරීමට පෙර සාක්ෂි දැකීමට අවශ්‍යය. කෙසේවෙතත්, “ඇදහිල්ල බලාපොරොත්තු වන හා නොපෙනෙන දේවල්” බවත් “නුඹලාගේ ඇදහිල්ලේ පරීක්ෂාවන් නිමවන තුරු නුඹලාට සාක්ෂියක් නොලැබෙන” බවත් මොරෝනි ඉගැන්වූයේය (ඊතර් 12:6).

ඊතර් 12 හි “ඇදහිල්ල” යන වචනය සොයාගත් සෑම අවස්ථාවක්ම සටහන් කර ඇදහිල්ල ගැන ඔබ ඉගෙනගන්නා දේ වාර්තා කරන්න. මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න: ඇදහිල්ල යනු කුමක්ද? ඇදහිල්ලෙන් පිරුණු ජීවිතයක ඵල මොනවාද? “ඔබේ ඇදහිල්ලේ පරීක්ෂාවෙන් පසුව” ඔබ ලබාගත් සාක්ෂි ගැනද ඔබේ අදහස් සටහන් කරගත හැකිය (ඊතර් 12:6).

තවත් බලන්න හේබ්‍රව් 11; ඇල්මා 32.

ඊතර් 12:1–9, 28, 32

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට “වඩා හොඳ බලාපොරොත්තුවක්” ලබාදෙයි.

ඇදහිල්ල පිළිබඳ ගැඹුරු අවබෝධයට අමතරව, බලාපොරොත්තුව ගැන ඊතර් 12 හි බොහෝ දේ ඇත—“බලාපොරොත්තුව” යන වචනය දිස්වන සෑම අවස්ථාවකම ඔබට එය සටහන් කළ හැකිය. බලාපොරොත්තුව යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? ඊතර්ට “වඩා හොඳ ලෝකයක් බලාපොරොත්තුවෙන්” සිටීමට හේතු මොනවාද? (ඊතර් 12:2–5 බලන්න). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඔබට “වඩා හොඳ බලාපොරොත්තුවක්” ලබාදී ඇත්තේ කෙසේද? (ඊතර් 12:32).

තවත් බලන්න මොරෝනි 7:40–41; Dieter F. Uchtdorf, “The Infinite Power of Hope,” Ensign or Liahona, Nov. 2008, 21–24; Preach My Gospel, 117.

ඊතර් 12:23–29

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට දුර්වල දේවල් ශක්තිමත් කළ හැකියි.

අපි මොරෝනිගේ ප්‍රබල ලියවිලි කියවන විට, ඔහුගේ “ලිවීමේ දුර්වලතාවය” ගැන ඔහු කනස්සල්ලට පත්ව සිටි බවත්, ඔහුගේ වචන මිනිසුන් සමච්චල් කරනු ඇතැයි බිය වූ බවත් අමතක කිරීම පහසුය (ඊතර් 12:23–25 බලන්න). නමුත් දෙවියන්වහන්සේ නිහතමානී අයට “දුර්වල දේ ශක්තිමත් කරන” බවට පොරොන්දු වූ අතර (27 පදය), මොරෝනිගේ ලේඛන වල ඇති අධ්‍යාත්මික බලය ස්වාමින්වහන්සේ මෙම පොරොන්දුව ඉටු කළ බවට සාක්ෂි සපයයි.

ඊතර් 12:23–29 කියවීමෙන් පසු, ඔබේ දුර්වලකම් හඳුනාගැනීමට සහ ඒවා නොතකා ඔබව ශක්තිමත් කිරීමට දෙවියන්වහන්සේ ඔබට උපකාර කර ඇති අවස්ථා ගැන මෙනෙහි කරන්න. සමහරවිට මෙය ඔබ දැනට පොරබදමින් සිටින දුර්වලතා ගැන සිතීමටද හොඳ කාලයක් විය හැකිය. ස්වාමින්වහන්සේ ඉදිරියෙහි යටහත්පහත් වී “දුර්වල දේ ශක්තිමත් වන බවට” උන්වහන්සේගේ පොරොන්දුව ලබාගැනීම සඳහා උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පෙන්වීමට ඔබ කළ යුත්තේ මොනවා දැයි ඔබට හැඟෙන්නේද? (ඊතර් 12:27).

ඔබ මෙම පද ගැන මෙනෙහි කරන විට, වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල්ගේ පහත දැක්වෙන අවබෝධය ප්‍රයෝජනවත් විය හැකිය: අපි “මිනිසාගේ ‘දුර්වලතාවය’ පිළිබඳ ශුද්ධලියවිලි කියවන විට, මෙම යෙදුමට ඇතුළත් වන්නේ… මාංශය නිසා ආත්මයට නොනවත්වා බලපාන සාමාන්‍ය මිනිස් තත්වයට ආවේනික වූ දුර්වලතාවයයි (බලන්න ඊතර් 12:28–29). කෙසේවෙතත්, දුර්වලතාවයටද අප විසින් ජයගැනීමට අපේක්ෂා කරන අපගේ විශේෂිත, පුද්ගල දුර්වලතා ඇතුළත් වේ (බලන්න දහම සහ ගිවිසුම 66:3; යාකොබ් 4:7)” (Lord, Increase Our Faith [1994], 84).

තවත් බලන්න “Grace,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.

ඊතර් 13:13–22; 14–15

අනාගතවක්තෘවරුන් ප්‍රතික්ෂේප කිරීම ආත්මික අනතුරු ගෙන එයි.

යාරෙද්වරුන්ගේ රජ වීම, ඓතිහාසික වශයෙන්, භයානක තත්වයකි. කොරියැන්තුමර් හට මෙය විශේෂයෙන්ම සත්‍යයක් විය, බොහෝ “බලවත් මනුෂ්‍යයන් … ඔහුව විනාශ කිරීමට උත්සාහ කළහ” (ඊතර් 13:15–16). ඊතර් 13:15–22 හි, කොරියැන්තුමර් තමාව ආරක්ෂා කරගැනීමට කළ දේ සහ ඒ වෙනුවට අනාගතවක්තෘ ඊතර් ඔහුට කරන්නට උපදෙස් දුන් දේ සැලකිල්ලට ගන්න. ඊතර්ගේ පොතේ ඉතිරි කොටස ඔබ කියවන විට, අනාගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිවිපාක ගැන මෙනෙහි කරන්න. “ස්වාමින්වහන්සේගේ ආත්මය ඔවුන් සමග පරිශ්‍රම දැරීම නවත්වන විට” මිනිසුන්ට සිදුවන්නේ කුමක්ද? (ඊතර් 15:19).

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

ඊතර් 12:7–22

ඔබ මෙම පද එකට එක්ව කියවන විට, මොර්මොන්ගේ පොතෙහි ඔබ කියවා ඇති ඇදහිල්ල පිළිබඳ සිත්ගන්නාසුලු උදාහරණ කිහිපයක් ඔබට සමාලෝචනය කළ හැකිය. මෙය ඔබගේ පවුල් ඉතිහාසය හෝ ඔබේම ජීවිතය පිළිබඳ ඇදහිල්ල පිළිබඳ උදාහරණ පිළිබඳ සාකච්ඡාවකට තුඩුදිය හැකිය—ඔබ දැනටමත් කර නොමැති නම් මෙම අත්දැකීම් වාර්තා කිරීම සලකා බලන්න.

ඊතර් 12:27

ස්වාමින්වහන්සේ අපට දුර්වලකම් දෙන්නේ ඇයි? “දුර්වල දේ ශක්තිමත් වීම සඳහා” අපගේ කොටස කුමක්ද? ගැලවුම්කරුවාණන්ගේ කොටස කුමක්ද?

ඊතර් 12:41

“යේසුස්වහන්සේව සොයන්න” කියා ඔබේ දරුවන්ට ඉගැන්විය හැකි විනෝදජනක ක්‍රමයක් තිබේද? එක් ක්‍රමයක් නම් යේසුස්වහන්සේගේ පින්තූරයක් සඟවා ඔබේ පවුලේ සාමාජිකයන්ට “සෙවීමට” සහ පින්තූරය සොයාගැනීමට ආරාධනා කිරීමයි. අප යේසුස්වහන්සේව සොයන්නේ කෙසේද, උන්වහන්සේව හමුවූ විට අප ආශිර්වාද ලබන්නේ කෙසේද?

ඊතර් 13:13–14; 15:19, 33–34

ඔබේ පවුලේ සාමාජිකයින්ට ඊතර්ගේ අත්දැකීම් මොර්මොන් සහ මොරෝනිගේ අත්දැකීම් සමග සන්සන්දනය කිරීම සිත්ගන්නාසුළු විය හැකිය (මොර්මොන් 6; 8:1–10 බලන්න). ඒවා සමාන වන්නේ කෙසේද? නෙපිවරුන්ගේ විනාශයේ මාවත යාරෙද්වරුන්ගේ මාර්ගයට සමාන වූයේ කෙසේද? (ඊතර් 15:19 මොරෝනි 8:28 සමග සසඳන්න). ඔවුන්ට සිදුවූ දේ අපට වළක්වා ගැනීමට උපකාරී වන අප ඉගෙනගන්නා සත්‍යයන් මොනවාද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ප්‍රශ්ණ සඳහා දිරිමත් කරන්න. දරුවන් ස්වභාවයෙන්ම කුතුහලයෙන් සිටිති. සමහරවිට ඔබ ඔවුන්ගේ ප්‍රශ්න ඔබ ඉගැන්වීමට උත්සාහ කරන දෙයට බාධාවක් ලෙස දකිනු ඇත. ඒ වෙනුවට, ප්‍රශ්න අවස්ථා ලෙස දකින්න. ඒවා ළමයින් ඉගෙනගැනීමට සූදානම් බවට ඇඟවීමකි—ඒවා ඔබේ දරුවන්ගේ අවශ්‍යතා සහ ඔවුන් ඉගෙනගන්නා දේ ගැන ඔවුන්ට හැඟෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාදෙයි (බලන්න Teaching in the Savior’s Way, 25–26).

ගුහාවක් විවෘත කිරීමේදී ඊතර් දණ ගසමින්

වෝල්ටර් රනේ විසින්, ඊතර්ගේ අනාවැකි පුදුමාකාර විය