“නොවැම්බර් 16–22. ඊතර් 6–11: ‘ඒ නපුර පහව යා හැකිය,”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“නොවැම්බර් 16–22. ඊතර් 6–11,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ජොනතන් ආතර් ක්ලාක් විසින්, ගැඹුරින් මම නුඹව නැවත ගෙන එන්නෙමි
නොවැම්බර් 16–22
ඊතර් 6–11
“ඒ නපුර පහව යා හැකිය”
යාරෙද්වරුන්ගේ වාර්තාව ගැන කතා කරමින් මොර්මොන් මෙසේ අදහස් දැක්වීය, “මෙම වාර්තාවේ ලියා ඇති දේවල් සියලු මනුශ්‍යයන් දැනගැනීමට අවශ්‍යය” (මොසායා 28:19). ඔබ ඊතර් 6–11 දක්වා කියවන විට මෙය මතකයේ තබාගන්න. ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් මේවා—අවශ්‍ය—හෝ ප්‍රයෝජනවත් වන්නේ ඇයි?
ඔබේ හැඟීම් සටහන් කරන්න
යාරෙද්වරුන් විනාශ වී වසර සිය ගණනකට පසු, නෙපිවරු ඔවුන්ගේ පුරාණ ශිෂ්ඨාචාරයේ නටඹුන් සොයාගත්හ. මෙම නටඹුන් අතර පුදුමාකාර වාර්තාවක් තිබුණි—එනම් “කැටයම් වලින් පිරී තිබූ” පිරිසිදු රන් තහඩුය (මොසායා 8:9). නෙපිවර රජු වන, ලිම්හිට, මෙම වාර්තාව වැදගත් බව වටහාගත හැකි වුණේය: “මෙම තහඩු තුළ විශාල අභිරහසක් ඇති බවට සැකයක් නැත” ඔහු කීවේය (මොසායා 8:19). අද ඔබට මෙම වාර්තාවේ සංක්ෂිප්තයක් ඇත, එය ඔබේ භාෂාවට පරිවර්තනය කර ඇති අතර එය ඊතර් පොත ලෙස හැඳින්වේ. නෙපිවරුන් කියවීමට “බොහෝ සේ ආශා වූ”, එසේම ඔවුන් එසේ කළ විට, “ඔවුන් දුකින් පිරුණු; එසේවුවත් එය ඔවුන්ට දුන් බලවත් දැනීම තුළ, ඔවුහු ප්‍රීතියට පත්වූ” එම වාර්තාවෙන්ම එය පැමිණෙන්නේය (මොසායා 28:12, 18). යාරෙද්වරුන්ගේ නැගීම හා ඛේදනීය වැටීම ගැන ඔබ කියවන විට, ඔබට බොහෝ ශෝකජනක අවස්ථා හමුවනු ඇත. නමුත් මෙම ඉතිහාසයෙන් පාඩම් ඉගෙනීමේ ප්‍රීතිය නොසලකා හරින්න එපා. සියල්ලට පසු, මොරෝනි ලියා ඇති පරිදි, “මේ දේවල් ඔබට පෙන්වීම දෙවියන්වහන්සේගේ ප්‍රඥාව වන්නේය” (ඊතර් 8:23), මක්නිසාදයත්, යාරෙද්වරුන්ගේ අසාර්ථකත්වයන් හා සාර්ථකත්වයන්ගෙන් අපට ඉගෙනගත හැකි නම්, “නපුර පහව යන්නේය, එමෙන්ම …මනුෂ්‍ය දරුවන්ගේ හදවත් මත යක්ෂයාට බලයක් නොවීමේ කාලයක් පැමිණෙන්නේය” (ඊතර් 8:26).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
ස්වාමින්වහන්සේ මාගේ පොරොන්දු දේශය දෙසට මා ගෙන යන්නේය.
සාගරය හරහා යාරෙද්වරුන්ගේ මුහුදු ගමන ඔබේ ලෞකික ගමන සමග සන්සන්දනය කළහොත් ඔබට අධ්‍යාත්මික අවබෝධයක් ලබාගත හැකිය. නිදසුනක් වශයෙන්, යාරෙද්වරුන්ගේ බත්තල් වල ඇති ගල් මෙන් ඔබේ මාර්ගය ආලෝකවත් කිරීමට ස්වාමින්වහන්සේ සපයා ඇත්තේ මොනවාද? බත්තල් වලින් හෝ “පොරොන්දු දේශය දෙසට හමන සුළං” වලින් නියෝජනය විය හැකි දේ මොනවාද? (ඊතර් 6:8). මුහුදු ගමනට පෙර, අතරතුර සහ පසු යාරෙද්වරුන්ගේ ක්‍රියාවන්ගෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබේ පොරොන්දු දේශය දෙසට ස්වාමින්වහන්සේ ඔබව ගෙන යන්නේ කෙසේද?
Minerva•K. Teichert (1888–1976), Journey of the Jaredites across Asia, 1935, oil on linen on masonite, 35 x 48 inches. බ්‍රිගම් යන්ග් විශ්වවිද්‍යාලයේ කලා කෞතුකාගාරය.
ඊතර් 6:5–18, 30; 9:28–35; 10:1–2
මම නිහතමානී වූ විට ස්වාමින්වහන්සේ මට ආශිර්වාද කරයි.
උඩඟුකම සහ අධර්මිෂ්ඨකම යාරෙද්වරුන්ගේ ඉතිහාසයේ ආධිපත්‍යය දරන බවක් පෙනෙන්නට තිබුණද, මෙම පරිච්ඡේද වල නිහතමානීකම පිළිබඳ උදාහරණද ඇත—විශේෂයෙන් ඊතර් 6:5–18, 30; 9:28–35; සහ 10:1–2. පහත සඳහන් ප්‍රශ්න ගැන මෙනෙහි කිරීමෙන් ඔබට මෙම උදාහරණ වලින් ඉගෙනගත හැකිය: මෙම යාරෙද්වරු මෙම තත්වයන් තුළ නිහතමානී වූයේ ඇයි? ඔවුන්ගේ නිහතමානීකම පෙන්වීමට ඔවුන් කළේ මොනවාද? එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ආශිර්වාද ලැබුණේ කෙසේද? සමහර අවස්ථා වල, නිහතමානීව සිටීමට මිනිසුන්ට ඔවුන්ගේ තත්වයන් හේතු වූ බව සැලකිල්ලට ගන්න. නිහතමානී වීමට බල කරනවාට වඩා “ස්වාමින්වහන්සේ ඉදිරියෙහි නිහතමානීව ගමන් කිරීමට”(ඊතර් 6:17) ඔබට කළ හැකි දේ මොනවා දැයි සලකා බලන්න (මොසායා 4:11–12; ඇල්මා 32:14–18 බලන්න).
තවත් බලන්න “Humility,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
ධර්මිෂ්ඨ නායකයින් තමන් මෙහෙයවන ජනතාවට ආශිර්වාද කරති.
ඊතර් 7–11 පරිච්ඡේද අවම වශයෙන් පරම්පරා 28 ක් ආවරණය කරයි. එතරම් කුඩා ඉඩක් තුළ වැඩි විස්තරයක් ලබාදිය නොහැකි වුවද, රටාවක් ඉක්මනින් මතුවේ: ධර්මිෂ්ඨ නායකත්වය ආශිර්වාද හා සමෘද්ධිය කරා ගෙනයන අතර, දුෂ්ඨ නායකත්වය වහල්භාවයට හා විනාශයට මග පාදයි.
පහත දැක්වෙන්නේ මෙම පරිච්ඡේද වල සඳහන් රජවරුන් කිහිපදෙනෙකු පමණි. ආශ්‍රිත පද කියවා, නායකත්වය පිළිබඳ ඔවුන්ගේ—ධනාත්මක හා සෘණාත්මක—උදාහරණ වලින් ඔබට ඉගෙනගත හැකි දේ මොනවා දැයි බලන්න. ඔබ එසේ කරන විට, ඔබේ නිවසේ, ඔබේ ප්‍රජාවේ, සභා කැඳවීමේදී සහ වෙනත් අයට නායකත්වය දීමට හෝ බලපෑම් කිරීමට ඔබට ඇති අවස්ථා ගැන සිතන්න.
-
ඕරීහා—ඊතර් 6:30–7:1
-
ෂුල්—ඊතර් 7:23–27
-
යාරෙද්—ඊතර් 8:1–7, 11–15
-
එමර් සහ කොරියැන්තුම්—ඊතර් 9:21–23
-
හෙත්—ඊතර් 9:26–30
-
ශෙස්—ඊතර් 10:1–2
-
රිප්ලාකිශ්—ඊතර් 10:5–8
-
මොරියැන්තොන්—ඊතර් 10:10–11
-
ලිබ්—ඊතර් 10:19–28
-
ඊතම්—ඊතර් 11:11–13
රහස් සම්බන්ධයක් යනු කුමක්ද?
පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් ඔවුන්ගේ දුෂ්ඨ ක්‍රියා රහසිගතව තබාගැනීමට කුමන්ත්‍රණය කරන විට, ඔවුන් රහසිගත සම්බන්ධයකට සම්බන්ධ වේ. ඔවුන් බොහෝ විට පෙලඹෙන්නේ බලය හෝ ධනය සඳහා ඇති ආශාවෙනි. ඊතර් 8:7–18 හි විස්තර කර ඇති රහස් සම්බන්ධතා වලට අමතරව, වෙනත් උදාහරණ හිලමන් 1:9–12; 2:2–11; 6:16–30; සහ මෝසෙස් 5:29–33 හි සොයාගත හැකිය. ඊතර් 8:18–26 හි, මොරෝනි රහස් සම්බන්ධතා වල ප්‍රතිවිපාක විස්තර කරයි (ඊතර් 9:4–12 ද බලන්න) එමෙන්ම ඒවාට සහාය නොදක්වන ලෙස අපට අනතුරු අඟවයි.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවා දැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
ඊතර් 6:2–12
පොරොන්දු දේශයට යාරෙද්වරුන්ගේ ගමනේ යෙදීම රඟ දැක්වීමෙන් ඔබේ පවුලේ අය සතුටු වේවිද? දිලිසෙන ගල් නිරූපණය කිරීම සඳහා ඔබට විදුලි පන්දමක් සහ බත්තල් ලෙස අඳුරු කාමරයක් භාවිතා කළ හැකිය. “මුහුදේ ගැඹුර තුළ ඔවුන්ව ගිලගනු” බව දැන සිටියද, යාරෙද්වරුන් බත්තල් තුළට නැගීමෙන් ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පෙන්වූ ආකාරය ගැන ඔබට කතා කළ හැකිය (ඊතර් 6:6). 9 වන පදය කියවීමෙන් පසු, පවුලේ සාමාජිකයින් කැමතිම ප්‍රශංසාවේ ගීතිකා බෙදාගෙන එකට ගායනා කළ හැකිය. අපේ නිවාස යාරෙද්වරුන්ගේ බත්තල් සමග සැසඳිය හැක්කේ කෙසේද? ස්වාමින්වහන්සේ අපේ පවුල ගෙන යන පොරොන්දු දේශය කුමක්ද?
ඊතර් 6:22–23
වහල්භාවය පිළිබඳ යාරෙද්ගේ සොහොයුරාගේ අනාවැකිමය අනතුරු ඇඟවීම ඉටු වූයේ කෙසේදැයි මෙම සතිය පුරාම ඔබගේ පවුලට දැකගත හැකිය. අපේ සභා නායකයන් අපට දී ඇති අනතුරු ඇඟවීම් මොනවාද? ඔවුන්ගේ උපදෙස් බැහැර කිරීමෙන් වහල්භාවයට පත්විය හැක්කේ කිනම් ආකාර වලින්ද?
ඊතර් 8:23–26
මෙම පද වලට අනුව, රහස් සම්බන්ධතා ගැන “මේ දේවල්” ලිවීමට මොරෝනිට අණ කළේ ඇයි? (ඊතර් 8:23). 26 වන පදයෙහි විස්තර කර ඇති ආශිර්වාද ලබාගැනීමට අපට උපකාර කළ හැකි ඊතර් පොතෙන් අප ඉගෙනගත් දේවල් මොනවාද?
ඊතර් 9:11
අපගේ ආශාවන් අපගේ තේරීම් වලට බලපාන්නේ කෙසේද? දෙවියන්වහන්සේගේ දේවලට අප ආශා වන බව සහතික කිරීම සඳහා පවුලක් වශයෙන් අපට කුමක් කළ හැකිද?
ඊතර් 11:8
පසුතැවිලි වන අයට ස්වාමින්වහන්සේ දක්වන දයාව ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා, ඔබට මොසායා 26:29–30; 29:18–20; ඇල්මා 34:14–16; හෝ මොරෝනි 6:8 කියවිය හැකිය. සමහරවිට පවුලේ සාමාජිකයන්ට දෙවියන්වහන්සේගේ දයාව පිළිබඳ උදාහරණ ශුද්ධලියවිලි වලින් හෝ ඔවුන්ගේම ජීවිත වලින් බෙදාගත හැකිය.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
ඔබ ඉගෙනගන්නා දේ අනුව ක්‍රියාකරන්න. ශුභාරංචිය ඉගෙනීම තුළ, කියවීම හා මෙනෙහි කිරීමට වඩා වැඩි යමක් ඇතුළත් වේ. අපි බොහෝ විට බොහෝ දේ ඉගෙනගන්නේ ශුද්ධලියවිලි වල ඇති සත්‍යතාවන් මත ක්‍රියා කිරීමෙනි (යොහාන් 7:17 බලන්න). ඊතර් 6–11 හි ඔබ කියවූ දේ අදාළ කරගැනීමට ඔබ කරන්නේ මොනවාද?
ගැරී අර්නස්ට් ස්මිත් විසින්, යාරෙද්වරුන්ගේ බත්තල්