එන්න, මා අනුගමනය කරන්න
ඔක්තෝම්බර් 26–නොවැම්බර් 1. මොර්මොන් 1–6: “පසුතැවිලි වීමට … මට සියල්ලන්ටම ඒත්තු ගැන්විය හැකි යැයි මම සිතමි”


“ඔක්තෝම්බර් 26–නොවැම්බර් 1. මොර්මොන් 1–6: ‘පසුතැවිලි වීමට … මට සියල්ලන්වම ඒත්තු ගැන්විය හැකි යැයි මම සිතමි,”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“ඔක්තෝම්බර් 26–නොවැම්බර් 1. මොර්මොන් 1–6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

මොර්මොන් රන් තහඩු මත ලියමින්

ටොම් ලොවෙල් විසින්, මොර්මොන් රන් තහඩු සංක්ෂිප්ත කරමින්

ඔක්තෝම්බර් 26–නොවැම්බර් 1

මොර්මොන් 1–6

“පසුතැවිලි වීමට … මට සියල්ලන්ටම ඒත්තු ගැන්විය හැකි යැයි මම සිතමි”

ඔබ මොර්මොන් 1–6 කියවන විට, මොර්මොන්ගේ උදාහරණයෙන් ඔබ ඉගෙනගන්නා දේ මෙනෙහි කරන්න. ඔබ පෙලඹෙනවා යැයි හැඟෙන දේ සටහන් කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

නෙපිවරුන් අතර දුටු දුෂ්ඨකම සහ ලේ වැගිරීම් පිළිබඳ “භයානක දර්ශනය” පිළිබඳ “සම්පූර්ණ විස්තරයෙන්” මොර්මොන් අපව බේරුවේය (මොර්මොන් 2:18; 5:8). නමුත් ඔහු මොර්මොන් 1–6 දක්වා වාර්තා කර ඇති දෙය ධර්මිෂ්ඨ මිනිසුන්ට කොතරම් දුරට වැටිය හැකිද යන්න අපට මතක්කර දීමට ප්‍රමාණවත්ය. මෙතරම් දුෂ්ඨකම් මධ්‍යයේ, වෙහෙසට පත්වීම හා අධෛර්යමත් වීම ගැන කිසිවෙකුට මොර්මොන්ට දොස් පැවරිය නොහැක. එහෙත්, ඔහු දුටු හා අත්විඳින ලද සෑම දෙයකින්ම, දෙවියන්වහන්සේගේ මහත් දයාව පිළිබඳ හැඟීම සහ පසුතැවීම එය ලැබිය යුතු මාර්ගය යන ඔහුගේ විශ්වාසය ඔහු කිසිදිනක අහිමි කරගත්තේ නැත. එහෙත් පසුතැවිලි වන ලෙස මොර්මොන්ගේම මිනිසුන් ඔහුගේ ආයාචනය ප්‍රතික්ෂේප කළද, ඒත්තු ගැන්වීමට ඔහුට විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටින බව ඔහු දැනසිටියේය. “බලන්න,” ඔහු කීවේය, “මම පොළොවේ සියලු කෙළවරට ලියමි.” වෙනත් වචන වලින් කිවහොත්, ඔහු ඔබට ලිවීය (මොර්මොන් 3:17–20 බලන්න). අද දින, ඔහු ඔබට දුන් පණිවිඩය, නෙපිවරුන්ගේ කාලයේදී ඔවුන්ව බේරාගැනීමට තිබූ ඒ එකම පණිවිඩයමයි: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විශ්වාස කරන්න. … පසුතැවිලි වී, තවද ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ සිටගැනීමට සූදානම් වන්න” (මොර්මොන් 3:21–22).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මොර්මොන් 1

මා වටා ඇති දුෂ්ඨකම් නොතකා මට ධර්මිෂ්ඨව ජීවත් විය හැකිය.

මොර්මොන්ගේ පළමු පරිච්ඡේදයේ සිට, මොර්මොන් සහ ඔහු වටා සිටින පුද්ගලයින් අතර විශාල වෙනස්කම් ඔබට පෙනෙනු ඇත. ඔබ මොර්මොන් 1 කියවන විට, මොර්මොන්ගේ ගුණාංග හා ආශාවන් ඔහුගේ ජනතාවගේ ගුණාංග සමග සැසඳීම සලකා බලන්න. ඔහුට සහ ඔවුන්ට ඇතිවූ ප්‍රතිවිපාක සැලකිල්ලට ගන්න (ඔබට 14–15 පද වල එක් උදාහරණයක් හමුවනු ඇත). දුෂ්ඨ ලෝකයක ධර්මිෂ්ඨව ජීවත් වීමට ඔබව පොලඹවන ඔබ ඉගෙනගන්නා දේවල් මොනවාද?

ඔබ මොර්මොන් 2–6 කියවන විට, මොර්මොන් අවට ඇති නපුරු බලපෑම් නොතකා ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පෙන්වූයේ කෙසේදැයි සොයා බලන්න.

නෙපිවරු සහ ලාමන්වරුරු එකිනෙකා සමග පොරබදති

ජොර්ජ් කොකෝ විසින්, සටන

මොර්මොන් 2:10–15

දේව ශෝකය සැබෑ හා කල්පවත්නා වෙනසකට මගපාදයි.

මොර්මොන් තම ජනතාවගේ ශෝකය දුටු විට, ඔවුන් පසුතැවිලි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. නමුත් “ඔවුන්ගේ දුක්වීම පසුතැවිල්ලට නොවූයේය” (මොර්මොන් 2:13)—එය සැබෑ වෙනසකට තුඩු දෙන දේව ශෝකය නොවේ (2 කොරින්ති 7:8–11 බලන්න). ඒ වෙනුවට, නෙපිවරුන්ට ලෞකික දුකක් දැණුනි (මොර්මොන් 2:10–11 බලන්න). දේවමය ශෝකය සහ ලෞකික ශෝකය අතර වෙනස අවබෝධ කරගැනීම සඳහා, මොර්මොන් 2:10–15 හි ඔබ ඉගෙනගන්නා දේ මෙම ශෝක වර්ග දෙක ගැන සටහන් කරගත හැකි ප්‍රස්ථාරයක් සෑදීම ගැන සලකා බලන්න. ඔබගේ ප්‍රස්ථාරය මේ වගේ දෙයක් විය හැකිය:

දේවමය ශෝකය

ලෞකික ශෝකය

දේවමය ශෝකය

යේසුස්වහන්සේ වෙත පැමිණීම (14 පදය)

ලෞකික ශෝකය

දෙවියන්වහන්සේට ශාප කිරීම (14 පදය)

දේවමය ශෝකය

ලෞකික ශෝකය

දේවමය ශෝකය

ලෞකික ශෝකය

ඔබ ඉගෙනගන්නා දේ ගැන ඔබ මෙනෙහි කරන විට, පාපය මැඩපවත්වා ගැනීමටත්, ස්වර්ගික පියාණන්වහන්සේ හා ගැළවුම්කරුවාණන්වහන්සේ හා සමාන වීමටත් ඔබ දරන උත්සාහයට එය බලපාන්නේ කෙසේදැයි සලකා බලන්න.

බලන්න Dieter F. Uchtdorf, “You Can Do It Now!Ensign or Liahona, Nov. 2013, 55–57.

මොර්මොන් 3:3, 9

මගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ හස්තය මම සැමවිටම පිළිගත යුතුය.

මොර්මොන් නෙපිවරුන් තුළ ඔහු දුටු දුර්වලකමක් වාර්තා කළේය: ස්වාමින්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළ ආකාරය පිළිගැනීමට ඔවුහු අසමත් වූහ. සභාපති හෙන්රි බී. අයිරින් අපෙන් ඉල්ලා සිටියේ “දෙවියන්වහන්සේගේ කරුණාව හඳුනාගැනීමට හා මතක තබාගැනීමට ක්‍රම සොයාගන්නා ලෙසයි. … මෙම ප්‍රශ්ණය අසමින්, යාච්ඤා කර මෙනෙහි කරන්න: දෙවියන්වහන්සේ මට පමණක්ම පණිවිඩයක් එව්වාද? උන්වහන්සේගේ හස්තය මගේ ජීවිතයේ හෝ මගේ දරුවන්ගේ ජීවිත වල මම දුටුවාද? … අප බොහෝදෙනා මෙතෙක් හඳුනාගෙන ඇති ප්‍රමාණයට වඩා, උන්වහන්සේ අපට ප්‍රේම කරන බවත් අපට ආශිර්වාද කරන බවත් මම සාක්ෂි දෙමි” (“O Remember, Remember,” Ensign or Liahona, Nov. 2007, 67, 69).

ඔබ මොර්මොන් 3:3, 9 කියවන විට, ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ බලපෑම ඔබ පිළිගන්නේ කෙසේදැයි මෙනෙහි කළ හැකිය. උන්වහන්සේගේ බලපෑම ඔබ පිළිගත් විට ලැබෙන ආශිර්වාද මොනවාද? උන්වහන්සේව නොපිළිගැනීමෙහි ප්‍රතිවිපාක මොනවාද? (මොර්මොන් 2:26 බලන්න).

මොර්මොන් 5:8–24; 6:16–22

මාව පිළිගැනීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විවෘත දෑත් සමග සිටියි.

නෙපිවරු මොර්මොන්ගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ නමුත්, ඔහුගේ වාර්තාව ඔබට බලපෑම් කරයි කියා ඔහුට බලාපොරොත්තුවක් තිබුණි. ඔබ මොර්මොන් 5:8–24 සහ 6:16–22 කියවන විට පාපයේ ප්‍රතිවිපාක ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබ පව් කරන විට පවා, ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස්වහන්සේ තුළ ඔබ කෙරෙහි ඇති හැඟීම් පිළිබඳව මෙම ඡේද වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විවෘත දෑත් සමග ඔබ ළඟට එන බව ඔබට හැඟුණේ කෙසේද? එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ කුමක් කිරීමට පෙලඹී ඇත්ද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

මොර්මොන් 1:2

“නිරීක්ෂණය කිරීමට ඉක්මන් වීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර්ගේ ලිපියෙන් ඔබට අදහස් සොයාගත හැකිය “Quick to Observe” (Ensign, Dec. 2006, 30–36). ඉක්මනින් නිරීක්ෂණය කිරීමට හැකි වීමේ ත්‍යාගය මොර්මොන්ට ආශිර්වාදයක් වූයේ කෙසේද? එය අපට ආශිර්වාදයක් වන්නේ කෙසේද?

මොර්මොන් 1:1–6, 15; 2:1–2

ඔබේ පවුලේ දරුවන් බාල වියේ සිටියත් ඔවුන්ට විශාල අධ්‍යාත්මික ගුණාංග හා බලය වර්ධනය කළ හැකි බව ඔවුන් තේරුම්ගෙන තිබේද? මොර්මොන්ගේ ආදර්ශය ඔවුන්ට උදව් විය හැකිය. මොර්මොන් 1:1–6, 15 සහ 2:1–2 දක්වා ඇති වයස් හා සිදුවීම් භාවිතා කරමින්, මොර්මොන්ගේ ළමා කාලය හා යෞවන කාලය පිළිබඳ කාල රාමුවක් සැකසීම සලකා බලන්න. ඔබ මොර්මොන්ගේ ගුණාංග සහ අත්දැකීම් සාකච්ඡා කරන විට, ඔබ සහ ඔවුන් වටා සිටින අයව දිරිගන්වන ඔබේ දරුවන්ට ඇති ගුණාංග පෙන්වා දෙන්න.

මොර්මොන් 2:18–19

ඔහු ජීවත්වූ ලෝකය විස්තර කිරීමට මොර්මොන් භාවිතා කළ වචන මොනවාද? තමා වටා ඇති දුෂ්ඨකම් නොතකා ඔහු බලාපොරොත්තුව පවත්වාගත්තේ කෙසේද? අපේ පවුලේ අයටත් එලෙසම කළ හැක්කේ කෙසේද?

මොර්මොන් 3:12

තමා අවට සිටින අය දුෂ්ඨ වුවත්, ඔහු වටා සිටින ජනයා ගැන මොර්මොන්ට හැඟුණේ කෙසේද? ඔහුට තිබූ ප්‍රේමය මෙන් ප්‍රේමයක් වර්ධනය කරගැනීමට අපට කුමක් කළ හැකිද?

මොර්මොන් 5:2

අප අරගලයක යෙදෙන විට ස්වර්ගික පියාණන්වහන්සේට හඬ ගැසීමට අප පසුබට වන්නේ ඇයි? ස්වර්ගික පියාණන්වහන්සේ කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තැබීමට අපට කළ හැක්කේ මොනවාද?

මොර්මොන් 5:16–18

“සුළඟ ඉදිරියේ බොල් මෙන් පලා යාම” (16 පදය) යන්නෙහි තේරුම ඔබේ පවුලේ අයට මවාගැනීමට උපකාර කිරීම සඳහා, කඩදාසි කැබැල්ලක් කුඩා කැබලි වලට ඉරා දමා පවුලේ සාමාජිකයින්ට ඒවා වටේට ගසාගෙන යාමට පිඹින්නට ඉඩදෙන්න. දහයියා යනු බීජයකින් එන ලෙල්ලක් බවත් එය වටේට පිඹ දැමීමට තරම් සැහැල්ලු බවත් ඔවුන්ට පැහැදිලි කරන්න. “ලෝකයේ ක්‍රිස්තුස්වහන්සේ හා දෙවියන්වහන්සේ නොමැතිව” (16 පදය) සිටීම, සුළඟේ ගසාගෙන යෑමට සමාන වන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

පැහැදිලි සහ සරල දහම උගන්වන්න. ස්වාමින්වහන්සේගේ ශුභාරංචිය එහි සරල බව නිසා අලංකාරය (බලන්න දහම සහ ගිවිසුම 133:57). අතිරික්ත පාඩම් වලින් ඔබේ පවුල විනෝද වීමට උත්සාහ කරනවා වෙනුවට, ඔබ උගන්වන දේ කේන්ද්‍රගත වී ඇත්තේ පිරිසිඳු හා සරල මූලධර්ම මත බව තහවුරු කරගන්න.

මොර්මොන් නෙපිවරුන්ගේ සහ ලාමන්වරුන්ගේ යුධ පිටිය දෙස බලා සිටිමින්

ජෝසෆ් බ්‍රිකී විසින්, මොර්මොන්ගේ ආශ්චර්යමත් පොත