ඔක්තෝම්බර් 19–25. 3 නෙපි 27–4 නෙපි: ‘මීටත් වඩා සන්තෝෂවත් ජනතාවක් සිටිය නොහැක,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
ඔක්තෝම්බර් 19–25. 3 නෙපි 27–4 නෙපි,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ඩෙරෙක් හෙග්ස්ටෙඩ් විසින්, ක්‍රිස්තුස්වහන්සේගේ යාච්ඤාව
ඔක්තෝම්බර් 19–25
3 නෙපි 27–4 නෙපි
“මීටත් වඩා සන්තෝෂවත් ජනතාවක් සිටිය නොහැක”
උන්වහන්සේගේ අනුගාමිකයන්ට ඔවුන් අත්විඳි දේ ලියන්නට ස්වාමින්වහන්සේ ආඥා කළේය (3 නෙපි 27:23–24 බලන්න). ඔබ අධ්‍යනය කරන විට, ඔබට ඇති අධ්‍යාත්මික අත්දැකීම් ලියන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් මෙනෙහි කිරීමට ඇති ලස්සන දර්ශනයක් පමණක් නොවේ. ඒවා ඊට වඩා බොහෝ සෙයින් වැඩිය—ඒවා ඇත්තේ අපේ ජීවිත වෙනස් කිරීමටය. ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචිය මගින් ජනතාවක් තරයේම වෙනස් කළ හැකි ආකාරය නිරූපණය කරමින්, 4 නෙපි පොත මේ සඳහා විශිෂ්ඨ උදාහරණයක් සපයයි. යේසුස්වහන්සේගේ කෙටි දේවසේවයෙන් පසුව, නෙපිවරුන් සහ ලාමන්වරුන් අතර ශතවර්ෂ ගණනාවක මතභේදය අවසන් විය. විසංවාදය හා උඩඟුකම සඳහා ප්‍රසිද්ධ ජාතීන් දෙකක් “එකක්ව, ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්” බවට පත්විය (4 නෙපි 1:17), එමෙන්ම ඔවුන්ට “සියලු දේවල් ඔවුන් අතර පොදුවේ” තබාගන්නට පටන් ගත්හ (4 නෙපි 1:3). “දෙවියන්වහන්සේගේ ප්‍රේමය … ජනතාවගේ හදවත් තුළ තිබිණ” තවද “එහි දෙවියන්වහන්සේගේ හස්තයෙන් මවනු ලැබුවා වූ සියලුම ජනතාව අතර වෙනත් ප්‍රීතිමත් ජනතාවක් සිටිය නොහැකිය” (4 නෙපි 1:15–16). ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් නෙපිවරුන්ව සහ ලාමන්වරුන්ව වෙනස් කළේ එලෙසයි. ඒවා ඔබව වෙනස් කරන්නේ කෙසේද?
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව හැඳින්වෙන්නේ උන්වහන්සේගේ නාමයෙනි.
ගැලවුම්කරුවාණන්ගේ අනුගාමිකයන් දේශය පුරා උන්වහන්සේගේ සභාව පිහිටුවීමට පටන්ගත් විට, සමහරුන්ට, සුළු කාරණයක් සේ පෙනෙන්නට වූ ප්‍රශ්නයක් මතු විය—සභාවේ නම කුමක් විය යුතුද? (3 නෙපි 27:1–3 බලන්න). 3 නෙපි 27:4–12 හි ගැලවුම්කරුවාණන්ගේ පිළිතුරෙන් මෙම නාමයේ වැදගත්කම ගැන ඔබ ඉගෙනගන්නේ කුමක්ද? 1838 දී ස්වාමින්වහන්සේ අද දින සඳහා උන්වහන්සේගේ සභාවේ නම හෙළි කළේය (දහම සහ ගිවිසුම 115:4 බලන්න). එම නාමයේ ඇති සෑම වචනයක්ම මෙනෙහි කරන්න. අප කවුරුන්ද, අප විශ්වාස කරන්නේ කුමක්ද, සහ අප ක්‍රියා කළ යුත්තේ කෙසේද, යන්න දැනගැනීමට මෙම වචන අපට උපකාර කරන්නේ කෙසේද?
තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “සභාවේ නිවැරදි නම,” එන්සයින් හෝ ලියහෝනා, නොවැ. 2018, 87–80; M. Russell Ballard, “The Importance of a Name,” Ensign or Liahona, Nov. 2011, 79–82.
මගේ ආශාවන් පවිත්‍ර කරන විට, මම වඩාත් විශ්වාසවන්ත ගෝලයෙකු බවට පත්වෙමි.
ගැළවුම්කරුවාණන් තම ගෝලයන්ගෙන් ඇසූ පරිදි “ඔබ මාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?” කියා ගැළවුම්කරුවාණන් ඔබෙන් ඇසුවොත් ඔබ කියන්නේ කුමක්ද? (3 නෙපි 28:1). 3 නෙපි 28:1–11 හි ඔබ ගැලවුම්කරුවාණන්ගේ ගෝලයන්ගේ අත්දැකීම් ගැන කියවන විට මේ ගැන සිතන්න. ගෝලයන්ගේ හදවත් වල ආශාවන් ගැන උන්වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? සභාපති ඩාලින් එච්. ඕක්ස් මෙලෙස ඉගැන්වීය: “අපගේ සදාකාලික ඉරණම සාක්ෂාත් කරගැනීම සඳහා, සදාකාලික ජීවියෙකු වීමට අවශ්‍ය ගුණාංග සඳහා අපි ආශා වෙමු එමෙන්ම ක්‍රියා කරමු. … [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] මෙන් වීමට අපි ආශා වෙමු.” (“Desire,” Ensign or Liahona, May 2011, 44–45). ඔබේ හදවතේ ආශාවන් වඩාත් ධර්මිෂ්ඨ කිරීමට ඔබට කුමක් කළ හැකිද? ගෝලයන් තුන්දෙනාගේ “ශරීර මත වෙනස්වීමක් ගෙන ඒම” පිළිබඳ වැඩි විස්තර සඳහා, 3 නෙපි 28:37 සහ “Translated Beings,” Guide to the Scriptures, scriptures.ChurchofJesusChrist.org බලන්න.)
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ ශුභාරංචියට හැරීම, එක්සත්කම හා සතුටට හේතු වේ.
ගැලවුම්කරුවාණන්ගේ බැහැදැකීමෙන් පසු වසර කිහිපය තුළ ජීවත්වීම කෙබඳු වේදැයි ඔබට සිතාගත හැකිද? අවුරුදු 200 කට ආසන්න—දුගු කාලයක් තිස්සේ ජනතාව මෙම දිව්‍ය සාමය පවත්වාගත්තේ කෙසේද? ඔබ 4 නෙපි 1:1–18 අධ්‍යයනය කරන විට, මෙම ආශිර්වාද ලත් ජීවිතය අත්විඳීම සඳහා මිනිසුන් විසින් ගනු ලැබූ තේරීම් සලකුණු කිරීම හෝ සටහන් කිරීම සලකා බලන්න.
නෙපි 4 හි මිනිසුන් කළාක් මෙන් ඔබේ පවුලට, කොට්ටාශයට හෝ ප්‍රජාවට වඩාත් එකමුතුව හා සතුටින් ජීවත්වීමට උපකාර කිරීමට ඔබට කළ හැකි දේ ගැන මෙනෙහි කරන්න. මෙම ඉලක්කය සපුරාගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කුමන ඉගැන්වීම් අනුව ඔබට වඩා පරිපූර්ණව ජීවත්විය හැකිද? මෙම ඉගැන්වීම් තේරුම්ගැනීමට හා ජීවත්වීමට අන් අයට උපකාර කිරීමට ඔබට කුමක් කළ හැකිද?
දුෂ්ඨකම බෙදීම් හා ශෝකයට හේතු වේ.
කණගාටුවට කරුණක් නම්, 4 නෙපි හි විස්තර කර ඇති සයොන සමාජය (මෝසෙස් 7:18 ද බලන්න) අවසානයේදී වෙන්විය. ඔබ 4 නෙපි 1:19–49 කියවන විට, මෙම සමාජය බිඳ වැටීමට හේතු වූ ආකල්ප හා හැසිරීම් සොයා බලන්න. මෙම ආකල්ප හෝ හැසිරීම් වල යම් සලකුණු ඔබට ඔබ තුළම පෙනේද?
තවත් බලන්න “Chapter 18: Beware of Pride,” Teachings of Presidents of the Church: Ezra Taft Benson (2014), 229–40.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
3 නෙපි 27:13–21
ගැලවුම්කරුවාණන් “මගේ ශුභාරංචිය” ගැන සඳහන් කළ විට උන්වහන්සේ අදහස් කළේ කුමක්ද යන්න වඩාත් හොඳින් තේරුම්ගැනීමට පවුලේ සාමාජිකයන්ට මෙම පද උපකාර කළ හැකිය. මෙම පද කියවා සාකච්ඡා කිරීමෙන් පසුව, එක් වාක්‍යයකින් ශුභාරංචිය කුමක්දැයි සාරාංශ කරන ලෙස පවුලේ සෑම සාමාජිකයෙකුගෙන්ම ඉල්ලා සිටිය හැකිය.
3 නෙපි 27:23–26
පුද්ගලිකව හෝ පවුලක් වශයෙන්—අප “දැක ඇති සහ අසා ඇති” දේවල් වාර්තා කිරීමේදී අප කරන්නේ කෙසේද? අධ්‍යාත්මික දේවල් පිළිබඳ වාර්තාවක් තබාගැනීම වැදගත් වන්නේ ඇයි?
3 නෙපි 27:30–31
මෙම පද වල ගැලවුම්කරුවාණන් විස්තර කර ඇති ප්‍රීතිය තේරුම්ගැනීමට පවුලේ සාමාජිකයින්ට උපකාර කිරීම සඳහා, ඔබට පවුලේ සාමාජිකයන් සැඟවී සිටින සහ තවත් පවුලේ සාමාජිකයෙකු ඔවුන් සොයාගැනීමට උත්සාහ කරන, සෙල්ලමක් කළ හැකිය. මෙය “ඔවුන්ගෙන් කිසිවෙකු නැති නොවන” ලෙස පවුලේ සෑම සාමාජිකයෙකුවම සොයාගැනීම වැදගත් වන්නේ ඇයිද යන්න පිළිබඳ සංවාදයකට තුඩුදිය හැකිය. අපගේ පවුලේ සාමාජිකයින්ට ශුභාරංචිය තුළ ශක්තිමත්ව සිටීමට හෝ ඔවුන් එය හැර ගොස් ඇත්නම් නැවත පැමිණීමට අප උදව් කරන්නේ කෙසේද?
3 නෙපි 28:17–18, 36–40
නෙපිවර ගෝලයන් තිදෙනාට සිදුවූ වෙනස ගැන මොර්මොන් සියල්ල තේරුම්නොගත් විට මොර්මොන්ගේ උදාහරණයෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? ශුභාරංචි මූලධර්මයක් පිළිබඳ සියල්ල අපට නොතේරෙන විට අපට කුමක් කළ හැකිද? සභාපති ඩියේටර් එෆ්. උච්ඩ්‍රොෆ් මෙසේ ඉගැන්වීය: “දෙවියන්වහන්සේ ඔබ ගැන සැලකිලිමත් වේ. උන්වහන්සේ සවන්දෙනු ඇත, තවද උන්වහන්සේ ඔබගේ පුද්ගලික ප්‍රශ්න වලට පිළිතුරු දෙනු ඇත. ඔබගේ යාච්ඤා වලට පිළිතුරු උන්වහන්සේගේම ආකාරයෙන් හා උන්වහන්සේගේ කාලයේදී පැමිණෙනු ඇත, එබැවින් උන්වහන්සේගේ හඬට සවන්දීමට ඔබ ඉගෙනගත යුතුය” (“Receiving a Testimony of Light and Truth,” Ensign or Liahona, Nov. 2014, 21).
4 නෙපි 1:15
ඔබේ නිවසේ මතභේද අවම කිරීම සඳහා, සමහරවිට පවුලේ සාමාජිකයින්ට මේ සතියේ එකිනෙකාට වඩා ආදරයෙන් කටයුතු කිරීමට ඉලක්කයක් තැබිය හැකිය. සතිය අවසන් වූ පසු, ඔබේ ප්‍රගතිය එකට එක්ව සමාලෝචනය කර වැඩි ප්‍රේමයක් පෙන්වීම ඔබේ පවුලට බලපා ඇත්තේ කෙසේද යන්න සාකච්ඡා කරන්න.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
දිනපතා එළිදරව් සොයන්න. එළිදරව් බොහෝවිට පැමිණෙන්නේ “පේළියෙන් පේළියටය” (2 නෙපි 28:30). ඔබ අධ්‍යයනය කරන පද ගැන මෙනෙහි කරන විට, දවස පුරා අදහස් හා හැඟීම් ඔබ වෙත පැමිණිය හැකිය. ශුභාරංචි අධ්‍යයනය ඔබ “කාලය මිඩංගු කරන දෙයක්” ලෙස නොව ඔබ සැමවිටම කරන දෙයක් ලෙස සිතන්න” (බලන්න Teaching in the Savior’s Way, 12).
ගැරී එල්. කැප් විසින්, යේසුස්වහන්සේ නෙපිවර ගෝලයන් තිදෙනා සමග