එන්න, මා අනුගමනය කරන්න
ඔක්තෝම්බර් 12–18. 3 නෙපි 20–26: “නුඹලා ගිවිසුමේ දරුවන්ය”


ඔක්තෝම්බර් 12–18. 3 නෙපි 20–26: ‘නුඹලා ගිවිසුමේ දරුවන්ය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“ඔක්තෝම්බර් 12–18. 3 නෙපි 20–26,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

ක්‍රිස්තුස්වහන්සේ නෙපිවරුන්ට පෙනී සිටිමින්

ඇන්ඩෘ බොස්ලි විසින් ක්‍රිස්තුස්වහන්සේ නෙපිවරුන්ට පෙනී සිටින නිදර්ශනය

ඔක්තෝම්බර් 12–18

3 නෙපි 20–26

“නුඹලා ගිවිසුමේ දරුවන්ය”

ශුද්ධලියවිලි ගැන කථා කරන විට, යේසුස්වහන්සේ බොහෝවිට සොයන්න යන වචනය භාවිතා කළේය (3 නෙපි 20:11; 23:1, 5 බලන්න). ඔබ 3 නෙපි 20–26 කියවන විට, ඔබ සොයන්නේ මොනවාද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

මිනිසුන් ඊශ්‍රායෙලයේ නිවැසියන් වැනි වචන භාවිතා කරනවා ඔබට ඇසෙන විට, ඔවුන් ඔබ ගැන කතා කරන බවක් ඔබට දැනෙනවාද? නෙපිවරුන් සහ ලාමන්වරුන් වචනානුසාරයෙන් ඊශ්‍රායෙලයෙන් පැවත එන්නෝ වූහ—ඔවුන්ගේ කතාව ආරම්භ වන්නේ යෙරුසලමේ සිටය—එහෙත් ඔවුන්ගෙන් සමහරෙකුට, යෙරුසලම “දුර ඈත, අප නොදන්නා දේශයක්” මෙන් පෙනෙන්නට තිබුණි (හිලමන් 16:20). ඔව්, ඔවුන් “ඊශ්‍රායෙල් වෘක්ෂයේ අත්තක්” වූ නමුත් ඒවා “එහි ශරීරයෙන් නැතිවී” ගියේය (ඇල්මා 26:36; 1 නෙපි 15:12 ද බලන්න). නමුත් ගැළවුම්කරුවාණන් ඔවුන්ට දර්ශනය වූ විට, උන්වහන්සේට අවශ්‍ය වූයේ ඔවුන් තමාට අහිමි නොවූ බව ඔවුන් දැනගැනීමයි. “නුඹලා ඊශ්‍රායෙල් නිවැසියන්ය,” ඔහු කීවේය, “නුඹලා ගිවිසුමට අයත්ය” (3 නෙපි 20:25). උන්වහන්සේ අද ඔබට ඒ හා සමානම දෙයක් පැවසිය හැකිය, මක්නිසාද බව්තීස්ම වී උන්වහන්සේ සමග ගිවිසුම් ඇති කරගන්නා ඕනෑම කෙනෙක්, ඔබ කවුරුන්ගෙන් පැවත ආවත් ඔබ ජීවත් වන ස්ථානය කුමක් වුවත්, “ගිවිසුම් ලත්” ඊශ්‍රායෙල් වංශයේ නිවැසියන්ය. වෙනත් වචන වලින් කිවහොත්, යේසුස්වහන්සේ ඊශ්‍රායෙල් නිවැසියන් ගැන කතා කරන විට, උන්වහන්සේ කතා කරන්නේ ඔබ ගැනයි. “පොළොවේ සියලු වර්ගයන්” ආශිර්වාද කිරීමේ උපදෙස් ඔබ වෙනුවෙන්ය (3 නෙපි 20:27). “නැවත අවදි වී, ඔබේ ශක්තිය පැළඳගන්න” යන ආරාධනය ඔබ වෙනුවෙන්ය (3 නෙපි 20:36). “මාගේ කරුණාව නුඹ කෙරෙන් පහව නොයන්නේය, මාගේ සමාදාන ගිවිසුම අහක් කරනු නොලබන්නේය” යන උන්වහන්සේගේ වටිනා පොරොන්දුව ඔබ වෙනුවෙන්ය (3 නෙපි 22:10).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

3 නෙපි 20–22

අවසාන දින වලදී, දෙවියන්වහන්සේ ශ්‍රේෂ්ඨ හා පුදුමාකාර කාර්යයක් කරනු ඇත.

ගැළවුම්කරුවාණන් සමූහයාට අපූරු පොරොන්දු කිහිපයක් ලබාදුන් අතර උන්වහන්සේගේ ගිවිසුම් ගත ජනතාවගේ අනාගතය ගැන අනාවැකි කීය—එමෙන්ම එයට ඔබත් ඇතුළත්ය. සභාපති රසල් එම්, නෙල්සන් පැවසූ පරිදි: “ස්වාමින්වහන්සේගේ ගිවිසුම් ජනතාව අතර අපිද වෙමු. මෙම පොරොන්දු ඉටුකිරීම සඳහා පෞද්ගලිකව සහභාගී වීමේ වරප්‍රසාදය අපගේය. ජීවත්වීමට මොන තරම් ප්‍රීතිමත් කාලයක්ද!” (“The Gathering of Scattered Israel,” Ensign or Liahona, Nov. 2006, 79).

3 නෙපි 20–22 දක්වා ගැලවුම්කරුවාණන්ගේ වචන වල අවසාන දින ගැන අනාවැකි සොයන්න. මෙම අනාවැකි අතුරින් ඔබට විශේෂයෙන් සිත් ඇදගන්නා සුළු ඒවා මොනවාද? මෙම පරිච්ඡේද වල අනාවැකි ඉටුකිරීමට ඔබට කුමක් කළ හැකිද?

3 නෙපි 21:1–7 ඇඟවුම් කරන්නේ මොර්මොන්ගේ පොත ඉදිරියට පැමිණීම (2 සහ 3 පද වල “මේ දේවල්”) දෙවියන්වහන්සේගේ පොරොන්දු දැනටමත් ඉටුවීමට පටන්ගෙන ඇති බවට ලකුණක් බවයි. එම පොරොන්දු මොනවාද, එමෙන්ම ඒවා ඉටුකිරීමට මොර්මොන්ගේ පොත උපකාර කරන්නේ කෙසේද?

තවත් බලන්න Russell M. Nelson, “Hope of Israel” (worldwide devotional for youth, June 3, 2018), broadcasts.ChurchofJesusChrist.org.

3 නෙපි 20:10–12; 23; 26:1–12

ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය වන්නේ මා අනාගතවක්තෘවරුන්ගේ වචන සෙවීමයි.

මෙම පරිච්ඡේදයන් පුරාම යේසුස්වහන්සේගේ වචන හා ක්‍රියාවන් මගින් ශුද්ධලියවිලි ගැන උන්වහන්සේට හැඟෙන ආකාරය හෙළිවේ. 3 නෙපි 20:10–12; 23; සහ 26:1–12 හි ශුද්ධලියවිලි ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? “මේ දේවල් උවමනාවෙන් සෙවීමට” ඔබව පොළඹවන මෙම පද වලින් ඔබ සොයාගන්නා දේවල් මොනවාද? (3 නෙපි 23:1).

3 නෙපි 2224

දෙවියන්වහන්සේ තමා වෙතට නැවත පැමිණෙන අයට දයානුකම්පිතය.

3 නෙපි 22 සහ 24 හි ගැලවුම්කරුවාණන් යෙසායා සහ මලාකිගේ විචිත්‍රවත් රූප හා සැසඳීම් වලින් පිරී ඇති, වචන උපුටා දක්වයි— ඒවා නම් වර්ණවත් අත්තිවාරම් ගල්, ගින්නෙහි ගල් අඟුරු, පිරිපහදු කළ රිදී, ස්වර්ගයේ කවුළුය. ඒවා ලැයිස්තුවක් සෑදීම සිත්ගන්නා සුළු විය හැකිය. දෙවියන්වහන්සේ තම සෙනග සමග ඇති සම්බන්ධතාවය ගැන ඒ සෑම එකක්ම ඔබට උගන්වන්නේ මොනවාද? නිදසුනක් වශයෙන්, 3 නෙපි 22:4–8 හි දෙවියන්වහන්සේ ස්වාමිපුරුෂයෙකු හා උන්වහන්සේගේ සෙනග භාර්යාවකට සමාන කරයි. මෙම රූපක ගැන කියවීමෙන් ස්වාමින්වහන්සේ සමග ඇති ඔබේ සම්බන්ධතාවය ගැන සිතා බැලීමට ඔබව පොළඹවනු ඇත. මෙම පරිච්ඡේද වල පොරොන්දු ඔබේ ජීවිතයේ ඉටුවී ඇත්තේ කෙසේද? (විශේෂයෙන් බලන්න 3 නෙපි 22:7–8, 10–17; 24:10–12, 17–18).

3 නෙපි 25:5–6

මාගේ හදවත මාගේ මුතුන්මිත්තන් වෙත හැරිය යුතුය.

එලියාගේ පොරොන්දු වූ නැවත පැමිණීම සියවස් ගණනාවක් ලොව පුරා සිටින යුදෙව්වන් උනන්දුවෙන් අපේක්ෂා කරමින් සිටියහ. 1836 දී කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී ජෝසෆ් ස්මිත්ට පෙනී සිටිමින්, එලියා නැවත පැමිණ ඇති බව පසු-දවස්වල ශුද්ධවන්තයින් දනී (දහම සහ ගිවිසුම 110:13–16 බලන්න). දේවමාළිගාව සහ පවුල් ඉතිහාස කටයුතු යන—පියවරුන් වෙත හදවත් යොමු කිරීමේ කටයුතු—හොඳින් සිදුවෙමින් පවතී. ඔබේ හදවත ඔබේ මුතුන්මිත්තන් වෙත යොමුකිරීමට උපකාරවත් වූ ඔබට ලැබී ඇති අත්දැකීම් මොනවාද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

3 නෙපි 22:2

මෙම පදය කියවීමෙන් පසු, ඔබට නිවස තුළ සෑදිය හැකි කූඩාරමක් සාදා සභාව පාළුකරයේ කූඩාරමක් මෙන් වන ආකාරය ගැන කතා කළ හැකිය. “[එහි] කඹ දිගුකර” සහ “[එහි] ස්ටේකයන් ශක්තිමත් කිරීම” යන්නෙහි අර්ථය කුමක්ද? සභාවේ “නවාතැන්” සොයාගැනීමට අප අන් අයට ආරාධනා කරන්නේ කෙසේද? (මෙම වීඩියෝව බලන්න “Welcome” on ComeuntoChrist.org).

3 නෙපි 23:6–13

ගැලවුම්කරුවාණන් අපේ පවුලේ අය තබා ඇති වාර්තා පරීක්ෂා කර බැලුවහොත්, උන්වහන්සේ අපෙන් ඇසිය හැකි ප්‍රශ්න මොනවාද? අප වාර්තා කළ යුතු වැදගත් සිදුවීම් හෝ අධ්‍යාත්මික අත්දැකීම් තිබේද? පවුලේ වාර්තාවක් සැකසීමට සහ එකතු කිරීමට මෙන්ම ඇතුළත් කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කිරීමට දැන් සුදුසු කාලයක් විය හැකිය. පවුලේ කුඩා සාමාජිකයින්ට ඔබගේ වාර්තාව ඡායාරූප හෝ චිත්‍ර වලින් සරසමින් විනෝද විය හැකිය. අපගේ පවුලේ අධ්‍යාත්මික අත්දැකීම් වාර්තා කිරීම වැදගත් වන්නේ ඇයි?

3 නෙපි 24:7–18

මෙම පද වල පොරොන්දු වූ දසයෙන් කොටස ගෙවීමේ ආශිර්වාද අප අත්විඳ ඇත්තේ කෙසේද? “The Windows of Heaven” (Ensign or Liahona, Nov. 2013, 17–20) හි ඇති වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර්ගේ පණිවිඩය, මෙම ආශිර්වාද හඳුනාගැනීමට පවුලේ සාමාජිකයන්ට උපකාරයක් විය හැකිය.

3 නෙපි 25:5–6

ඔබේ පවුලේ සාමාජිකයින්ගේ හදවත් පියවරුන් වෙත හැරවීමට ඔබ උදව් කරන්නේ කෙසේද? සමහරවිට ඔබට ඔබේ මුතුන් මිත්තන්ගෙන් කෙනෙකු ගැන ඉගෙනගෙන ඔවුන් ඉගෙනගන්නා දේ පවුලේ අනෙක් අය සමග බෙදාගැනීමට ඔබේ පවුලේ සාමාජිකයින්ට පැවරිය හැකිය (බලන්න FamilySearch.org). නැතහොත් දේවමාළිගා වත්පිළිවෙත් අවශ්‍ය මුතුන් මිත්තෙකු සොයාගැනීමටත්, එම වත්පිළිවෙත් ඉටුකිරීම සඳහා දේවමාළිගා චාරිකාවක් සැලසුම් කිරීමටත් ඔබට එකට වැඩ කළ හැකිය.

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ඔබේ සාක්ෂිය අනුව ජීවත්වන්න. “ඔබ උගන්වන්නේ ඔබ කවුද කියායි,” යනුවෙන් වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් ඉගැන්වීය. “විශේෂිත පාඩමක විශේෂිත සත්‍යයකට වඩා … ඔබේ ගති ලක්ෂණ මතකයේ රැඳෙනු ඇත” (“But a Few Days” [address to Church Educational System religious educators, Sept. 10, 1982], 2). ඔබට ශුභාරංචි මූලධර්මයක් ඉගැන්වීමට අවශ්‍ය නම්, එම මූලධර්මය අනුව ජීවත් වීමට ඔබේ උපරිමය කරන්න.

යේසුස්වහන්සේ නෙපිවරුන්ගේ වාර්තා නෙපි සමග කියවමින්

ගැරී එල්. කැප් විසින්, වාර්තාව ඉදිරියට ගෙන එන්න